Tuesday, December 23, 2014

අවිනිශ්චිත තාවයේ දිනය හෙවත් සුනාමිය ..





දිනය 2004-12-26...නත්තලට පසුදා ..නැත්නම් පෝය දිනක්....ඒ වගේම සති අන්තයක් ...බොහෝ පිරිස් පාසල් නිවාඩු කලෙයත් නත්තල් නිසා ලැබෙන විරාමයත් ප්‍රයෝජනයට ගෙන සංචාර වල ..විශේෂයෙන් දකුණු වෙරල තීරයේ ... උදේ 9ය පසුවී සුළු මොහොතයි .. විශාල ශබ්දයක් ..මිනිස්සු  සිටි අන්දුමින්ම පාරේ දුවනවා .. වාහන නලා  හඬවමින් යනවා..ත්‍රස්තවාදී ප්‍රහාරයක්ද ? මූද ගොඩ ගලනවා කවුදෝ කියනවා ..නිමේෂයකින්  වක්වැල්ල පාරෙත් අඩි  2-3ක් උසට මූදු වතුර එනවා .. පර දන්නේ නැති වුනත් මිනිස්සු කන්ද නගාගෙන අපේ ගෙදරට එනවා..වතුර ආ  වේගයෙන්ම බැස යනවා .. නැවත මිනිස්සු මූද දෙසට  යනවා .. සුළු මොහොතින් පෙරටත්  වඩා  විශාල දිය දහරක් ගල එනවා.. ඉන්පසු ඔක්කොම නිසලයි.. මන් ගාල්ලේ එන්න අපු මිතුරන් පිරිසක් හරවල යවනවා .. ඔව්න් මගේ කීම විශ්වාස කරන්නෙත් නෑ ..මන් මුළු රටටම්  මේ තත්වය  ඇති බව දන්නෙත් නෑ ..එත් ඔවුන් ආපසු යනවා ...විදුලිය , ජලය , ස්ථාවර දුරකථන විසන්ධියි ...මිය ගිය ගනන ..අතුරුදහන් වූ ගණන කවුරුවත් දන්නේ නෑ ... සවස අතරු පරවල තියෙන මල සිරුරු ..ප්‍රදාන පාරට ගෙනවිත් දෙන්න කුඩාවූ කරන්න කියලා  ගාලු නගර සබාවෙන් නිවේදනය කරමින් යනවා ... බොහෝ මනුෂ්‍යන් විපතට පත් වූ වන්ට පිහිට වෙද්දී .. ඔවුන් කොල්ලකන අවස්ථාත වාර්තා වෙනවා .. මිය ගිය නෑ නොනැ .සියලු දෙන පොදු මිනි වලක් භූමාදානය  වෙනවා ..

අයෙත්  වතුර එයිද දන්නේ නෑ ..ඒ ගැන හරියට කියන්න කාටවත් බෑ ...මාධ්‍යයෙන් වෙරළාසන්න යට ඉවත් වෙන්න කියනවා ...පර අයිනේ ගෙවල්වට අය යනවා ..කන්ද උඩ  අපි කීප දෙනෙල් ඉතිරි වෙනවා ..ජීවිතය පතා  අපේ ගෙදරට අපු අයට තේ හදල රෑ වෙද්දී ගෑස් ඉවරයි ..අපි දර ලිපක් හදගෙන යන්තම් දෙයක් කාල ..අවිනිශ්චිත නිදි නැති රැයක් ගත කරනවා .. අපේ නෑ  හිත මිතුරන් විපතට පත් වෙළද දන්නේ නෑ ..අපි හොඳින් කියලා  අනෙක් යට කියන්න විදියක්  නෑ ..ලොකු කුඩා  දුප්පත් පෝසත් හැමෝම අසරණයි ..මිනිස්සු රාශියක් එක්ක දුම්රියක් තෙල්වත්තේදී අනතුරට ලක් වෙනවා ..යකඩ යකා වත් කුඩා ගිනි පෙට්ටියක් වගේ විසි කර දමන්න රල පහරට හැකි වෙනවා ..

 පස්සෙන්දා  උදේ පාරේ බෝට්ටු.. ගෙවල් වලින් පාවී අ දේ ..මල සිරුරු තියෙනවා.. විශාල මහරුවර තුන් බිය ගැන ලියවුන් කවි සිහියට එනවා ...විද්‍යාලෝක විද්‍යාලය ..ලග light  කණුවක් උඩ මෝටර් රථයක් ..දවස 2කට පස්සේ නගරයට ගියාම එක කානත්රයක්... දිගම බස් නැවතුම්පොළ තිබුණු තැන තියෙන්නේ නටබුන් සහිත සමතල පිටියක් ..ක්‍රීඩාන්ගන්යේ වැට නෑ ..ඇතුලේ සුන් බුන් ...ඉතිරි වූ light  කණු තාප්ප බිත්ති වල  නැතිව ය සය දෙන්න ..තොරතුරු දෙන්න කියලා නිවේදන අලවල .. දුහුවිල්ල් , ගද හැම තැනම ..ගොඩනගිලි නැති නිසා ඉර අව්වුව ඉතාම සැරයි .. නගරයේ ඇති බුදු පිළිම හා සිද්ධස්ථාන විතරක් අශ්චර්යවත් ලෙස ඉතිරි වෙලා ..අපි දන්නා අදුනන බොහෝ අය  මිය ගිහින් ..නැත්නම් සදහටම් අතුරු දහන් ..අපි බදු ගත්ත කඩ නෑ ..බදු ගන්න ඈත කඩේකට යන්න වෙනවා ..අකුරල පාලම කැඩිලා ගාලු පාරේ වාහන ධාවනය නැවතිලා ගාල්ල කොලම්බෙන් හුදකලා වී වෙන් වෙනවා..මුදල් වල කිසිම වටිනාකමක් නැති වෙනවා ..
ටිකෙන් ටික   හම දේම යතා  තත්වයට පත් වෙනවා ..ගොඩනැගිලි තිබුනට වඩා  හොඳට හැදෙනවා ..මිනිස්සු නවත් තමගේ සුපුරු සටහන වල පදිංචියට යනවා ..රැකියා වලට යනවා ...තෙල්වත්තේදී කෝච්චිය පෙරලුනු තැන මියගිය අයගේ නැ හිතවතුන් ස්මාරකයක් හදනවා ..පසුව භාමියන් බුදු පිළිමයක් එතන ඉදි වෙනවා ..මිය ගිය වුවන් ගැන  සිදු වූ දේ ගැන මතකය පමනක් ඉතිරි වෙනවා .. මිනිසුන්ට බොහෝ පාඩම් කියාදුන් ඒ අවිනිශ්චීත බාවයේ දවස එනම් සුනාමිය උදාවී මේ දෙසැම්බර් 26 දට හරියටම වසර දහයයි ......

Friday, December 12, 2014

දිවි දැවී නොදැවීම ....



අද උදේ  office යන්න ලෑස්ති වෙද්දීම ආවේ  අසුබ ආරංචියක් ..ගුවන් හමුදාවට අයත්  යානයක් හෝකන්දර දී කඩා වැටුන කියල කියවුණා . නියමුවන් ඇතුළු 4 දෙනෙක් මිය ගිහින්  එක් අයෙක් තුවාල ලබා රෝහල් ගත කරනවා .  ඒ පැත්තේ ගෙවල් වල මිනිස්සුන්ටත් කරදර ද දන්නේ නෑ . මට හිතෙනවා . අමුතු පිළිස්සුම් ගදක් අපි ඉන්න ප්‍රදේශය වෙතත් දැනෙද්දී මම office යනවා .  දන්නා අදුරනගුවන් නියමුවන්ට  කතා කරලා අනතුරට පත්  යානයේ ඔවුන් සිටියේ නැති බව තහවුරු කරගන්නවා  .

 අනතුරට හේතුව කුමක් වුනත්  මම පුදගලිකව දන්නේ නැති ගුවන් නියමුවා  යානය ජන ශුන්‍ය ප්‍රදේශයකට යොමු කිරීමට උත්සාහ  කිරීම තුලින් අධික ජීවිත හානියක් වැළකීම ගැන ප්‍රවෘත්ති බලද්දී හා මූණු පොතේ කියවෙනවා .ගුවන් යානා  හැසිරවීමට අදාල තාක්ෂණික පැත්ත ගැන මගේ දැනුම ඍණ  අගයක් ගන්නවා . ගුවන් යානයෙන් eject වෙන්න හරි සාමාන්‍ය ජනතාවගේ භාෂාවෙන් කියනවනම් පනින්න හරි ක්‍රමයක් තිබුනද කියන්න මම දන්නේ නෑ .එත් හෝකන්දර කියන්නේ residential  area එකක් .. නිවාස තියෙන පැත්තකට යානය කඩා වැටුණා නම් එය මීරියබැද්ද නාය යාමටත් වඩා ඛේදවාචකයක්  වෙන්න ඉඩ තිබුණා . පුවත් වෙබ් අඩවි වල වාර්තා වන විදියට ගුවන් නියමුවා විවාහ වී මාස  2ක් වත් නැතිලු . කොහොමවුනත් තමන් දැවෙද්දී  අනිකුත් සාමාන්‍ය ජනයා ගැන හිතලා ගත්තු තීරණය අති විශිෂ්ටයි .
මන් මේ සටහන් පෙලේ "තත්පරයකදී ජීවිතය දැවීයාම " ලෙස ෆිල් හියුස් සිද්ධිය ඇසුරෙන් ලියා  තියෙනවා. එත් සමහරු දැවීගියත්  අනෙක් අයගේ ජීවිත ආලෝකවත් කරනවා . එහෙම අය හැමදාමත් මිනිස් හදවත් තුල නොදැවී ඉතිරි වෙනවා . යුද්ධයකදී වීරයෝ බිහිවෙනවා .සිහිවටන ඉදිවෙනවා . එත් යුද්දයක් නැති විටත්  සමහර වීරයෝ ජනතා සිත්වල සිහිවටන තියෙනවා . ඒ විතරක් නෙවයි ගිනි නිවන හමුදාව එනතෙක් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ගිනි ගන්න යානය  නිවලා  ජීවිත බෙර ගන්න හදපු ප්‍රදේශවාසි බාල , තරුණ , මහලු හැම දෙනාමත් පොත් වල නොලියවුණු වීරයෝ වෙනවා .

මේ පිලිබඳ පළවූ ජායාරූප අතරින් සංවේදීම ජායාරූපය මේ සටහනට එකතු කලා . ජායාරූපයේ  අයිතිය දසුන් වානගුරු මහතාගේ ...

Tuesday, December 9, 2014

ක්‍රීඩා ...



මා  පාසලේදී බොහෝ බාහිර වැඩ සඳහා සම්බන්ද වී ඇතත් ක්‍රීඩා කර නැත . ප්‍රථමික පන්ති වලින් පසු drill display  එකක් සඳහා වත් සහභාගී වී නැත . නෙට් බෝල් , බාස්කට් බෝල් මෙන්ම  කවපෙත්ත, යගුලිය විසි කිරීම සඳහාද මා යොදා ගැනීමට එවකට සිටි බොහෝ ක්‍රීඩා භාර ගුරු භවතුන්ටත් ,ක්‍රීඩා  නයිකවන්ටත් අවශ්‍ය වුවත් මා  නිතරම් උපක්‍රමශීලිව මගහැර ගියෙමි . මා කරන ලද  එකම outdoor ක්‍රීඩාව ගස් මාරුවීම හෝ 1 23 Bumble Bee . එහි ජාතික වර්ණ පරිසාදන මටටමටම ලං වීමට හැකි වුයේ අම්ම පාසල නිම වී එන තෙක් වෙනත් ගුරුවරුන්ගේ දරුවන් සමග මේ දිනපතා practice කිරීමෙනි. ඊට අමතරව ගැහැණු පිරිමි මල් පලතුරු නම් ගෘහස්ත ක්‍රීඩාවෙන් නම් ඔලිම්පික් මට්ටමට ලං වේ සිටි කාලයක්ද විය .
කෙසේ වෙතත් මේ අපේ හැකියා  සදහටම සඟවා ගිය ඒවා වූ අතර මට ඒවාට සහතික නැත . මගේ පාසල් කාර්ය දර්ෂක යේද ඇත්තේ ක්‍රීඩා සඳහා කෙටි ඉරකි. පාසල් කාලයේ දී නොකළ මේ ක්‍රීඩා විශ්ව විද්‍යාලයේද කිරීමට සිතුවත් හැකි වූ යේ නැත .  ඉතින් ලබන ආත්මයේ දී වත් තරග ලෙස ගණන් ගන්න ක්‍රීඩා කරමි .

Friday, December 5, 2014

නොගොස් එන්නට බැරිය ............




අපි ගාල්ලේ සිටියදී නම් සිටියේ මහ ගෙදරය . පාසල් ගියේද එහි සිටිය . නමුත් කොළඹ පැමිණි පසු මම නවතන් දුසිමක පමණ සිටියෙමි . මුලින්  පිට කෝට්ටේ මාමලාගේ නිවසේද , පසුව ගංගාරාමය සමීපයේ වූ මුත්තයියා පාර නෙවසිකගරයේද විසුවෙමි . පසුව M .Sc  කරන කල පුංචි බොරැල්ලේ නවාතැන්  2 ක විසු මම කොළඹ රැකියාව ලත් පසු කලක් මාලඹේ ද රට ගොස් ආ  පසු  තල්වතුගොඩ ද විසීමි . අම්මලා කොළඹ පැමිණි පසු ගල්කිස්සේද විසු මන් මෑතකදී පන්නිපිටියට පැමිණියෙමි . කොළඹදී පැපිලියානේ නිරෝෂි ගේ නිවෙසේද හදිසි අවස්ථා වලදී නැවතුනු කාලයක් විය . පුහුණු සඳහා ගිය විට මීපේද , SLIDA  හා SLFI ද අඩු වැඩි වශයෙන් නැවතී ඇත්තෙමි . සේවා අවශ්‍යතා මත කොළඹින් පිට යාමේදී බොහෝ නවතන් විය .  කාලයක් BUKIT JALEEL  හි Vista හීද විසීමි.  සමහර පිටරට පුහුණු , සංචාර වලදී හෝටල් කාමර සති ගණන් වාස භූමිය විය . නිතර නැවත මාරු කිරීමට හුරු වූ පසු අසල්වැසි සම්බන්දතා හීන වූ අතර නිවාස ගැනද භෞතික දේ ගැනද ඇල්ම අඩු විය .උපේක්ෂාවද  හුරු වීමි . ඉතින් නොගොස් එන්නට බැරිය ..නෑවිත් යන්නට බැරිය ..ජීවිතයේ ඇත්තේ යම් ඊම් පමණි .

Friday, November 28, 2014

තත්පරයක දී ජීවිතය දැවීයාම ........


.
තත්පරයකින් ලොව බොහෝ දේ වෙනස් විය හැක . ඔලිම්පික් පදක්කමක් අහිමිවීම , රටක ඉතිහාසය වෙනස් වීම , යුද්දයක් ඇතිවීම  මේවට ගත වන්නේ තත්පරයකටත් අඩු කාලයකි . 1987 දී තත්පරයක් වෙනසකින් විජිත රෝහණ විජයමුණි ගේ නාවික හමුදා දිවිය වෙනස් මගකට ගේනවා. හිර ගෙදරට , ඊට පස්සේ නිදහස , දේශපාලනයට ගේනවා . පිරිසකට ඔහු ද්‍රෝහියෙකුත් පිරිසකට ඔහු වීරයෙකුත් වෙනවා . තත්පරයකදී ඉවතට පැන  තුවක්කු බදින එල්ලවන ප්‍රහාරය වලක්වා ගන්නා ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මැතිතුමා නිසා ජාත්‍යන්තර අර්බුදයකුත් රටවල් 2 අතර ගැටළුවකුත්, ලංකාවට එන බලපෑමත්  වැළකෙනවා . ඒ අවස්ථාව තත්පරයකදී  ජයරුපයට නගන්න සමත් වෙන්නේ එකම ජායාරුප ශිල්පියායි . ඔහු තත්පරයකදී ලෝක ප්‍රසිද්ද වෙනවා . රොයිටර් , ප්‍රංශ පුවත් සේවා හැම එකම තම ප්‍රවෘත්ති සඳහා මේ ජායාරුප ගන්නවා . මේක පරණ කතාවක් . මතක් වුනේ අද සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණ page එකේ මේ ගැන තිබුණ නිසයි . එත් post එකේ ප්‍රස්තුතය වෙනස් හේතුවක් .
තත්පරයකදී ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් වංශ කතාව වෙනස් වෙනවා . තත්පරයක පමාවකින්  ෆිල් හියුස් ට බවුන්සර් පන්දුවක් හිසේ වැදෙනවා . නොදැවී 63 ලෙස ලකුණු පුවරුවේ සදහටම සටහන් වී තිබියදී ඔහු ජීවිතයෙන් දැවී යනවා. මේ කිසිම දෙයක් නොසිතා ක්‍රීඩාව  සඳහා පන්දු යැවූ ෂෝන් ඇබොට් තත්පරයකදී දැඩි මානසික ආතතියෙන් රෝගියෙකු වෙනවා . ඕස්ට්‍රේලියාවට  දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්  සදහටම අහිමි වෙන අතරේ තවත් ක්‍රීඩකයෙක්ගේ අනාගතය ඉදිරියෙන් ලොකු ප්‍රශ්නාර්ථයක් වැටෙනවා . ලංකාවෙත් D . S . හිටපු විදුහල්පති R .I .T  අලස් මහතාගේ පුත්‍රයෙකු වූ මලික් අලස් පාසල් ක්‍රීඩකයෙක් ලෙස සිටියදී පන්දුවක් හිසේ වැදී මිය ගියාලු . සිද්ධිය ගැන  වැඩි තොරතුරු දන්නේ නැතත් ඔහුත් ජීවත්ව සිටය නම් ජාතික කණ්ඩායමට එක්විය හැකි ක්‍රීඩකයෙක් ව සිටියාලු .

මෙය සමහරෙකුට කර්මය , ගෙන ආයුෂ  හෝ දෛවය ලෙස ඇරත් දැක්විය හැකියි .කොහොම වුනත් තත්පරයකින් ඉතිහාසය නැවත ලියවිය හැකියි . අනාගතය මුලුමුනිම්ම වෙනස් කල හැකියි . ජීවිතයේ තත්පරයක පමාව හෝ ඉක්මන් ඔබ මරණයෙන් ගලවා ගෙන ඇති .තත්පරයකදී ගන්න වැරදි තීරණයක් නිසා ජීවිතයම අඳුරු වීමට හැකියි . කොයිතරම් සැලකිලිමත් වුණත් ඒ තීරණාත්මක තත්පරය එන්නේ පෙර දැනුම් දීමකින් තොරවයි . ජීවිතය මෙතරම් සංකීර්ණ හෝ සමහරවිට සුන්දර හෝ අපූර්ව වී ඇත්තේ ඒ නිසයි.

Wednesday, November 26, 2014

සමනෙ , රොමී සහ ඉරානය ...



ඉරානය කියා රටක් ඇති බව මා  දැනගත්තේ ඉස්කෝලේ 2 පන්තියේදීය . ඒ 5 ශිෂ්‍යත්වය පාස්  වී  අපේ   ටික දිනක් නැවතී සිට රිච්මන්ඩ් එකට ගිය ලොකු අය්යා  නිසාය . ඒ අපේ ලොකු අම්මගේ ලොකු පුතාය . ඔහු ඉරාන ඉරක යුද්ධය පරිදි සෙල්ලමක් කිරීමට මා එක්කර  ගත්  බැවිනි . මේ වෙඩි තබාගැනීමේ සෙල්ල්මෙදී මා අන්ත පරාජයට ලක් විය. ඒ තරඟ නීති රීති තීරකයාද  එක පසෙක ක්‍රීඩකයෙක්ද ලෙස dual role ලොකු අය්යා කිරිමද  නොඑසේ නම් සහෝදරයන් නැති මට යුද  ක්‍රීඩා නුහුරු වීමද නොදනිමි . එහෙත්  එකල ඉරානය සිතියම් පොතේ තිබෙන තැන වත් නොදත් මට ඉරාන ජාතික තරුණියන් සිටින නිවසක අවුරුද්දක් වාසය කරන්නට සිදුවේ යයි නොසිතීමි. අපි මැලේසියාවේ ඉගෙන ගනිද්දී නැවතුනු apartment එකේ  සිද්ධි විහාරිකයා  හෝ ඒ වනවිට තනි උරුමකරුවා රෝමක්ය . නොහොත් අපි අපේ දිව උළුක්කු නොවීම පිණිස පසුව ආමන්ත්‍රණය කල පරදී රොමී ය . පළමු දිනයේ  මා  suitcase අස්  කර  කාමරයේ දොර අරින විට ඉදිරි කාමරයේ දොර ඇර  අතු පතු ගාන රූමත් තරුණියක් දුටිමි . ඇගෙන් කොස්ස ඉල්ලුවද ඇය මට ආකර්ශනීය සිනාවක් පා දොර වසාගත්තීය. පොත්ත රතු නිසා මේකිගේ තියෙන ගණන් ..මට කොස්ස ටිකක් දුන්නනම් ගෙවෙනවද ? මට එදා සිතුනේ එලෙසිනි . එත් රොමි   එසේ කලේ ඇගේ ඉංග්‍රීසි දැනුම දුර්වල නිසා ම ඉල්ලුවේ කුමක්ද යන්න නොතේරුණු නිසා බව මට තේරුණි මද කලක් ගිය පසුය . " Oh Very good , Very bad " ඇ  නිතරම භාවිත කළ ඉංග්‍රීසි වචනය . ඇ එය කීවේද තාලයකට ය . සිංහල කියා බසක් ඇති බවා හෝ ලංකාව තිබෙන තැනවත් නොදන්නා එමෙන්ම ඉංග්‍රීසි යන්තම් හැකි රොමී ටත් පර්සියන් මල පොත අකුර වත් නොදන්නා උදාරා අක්කටත් මටත් එක හැලියේ මාරුවෙන් මාරුවට ලාංකික ක්‍රමයට හා ඉරාන ක්‍රමයට බත් උය ගෙන කෑමට භ‍ෂාව  ප්‍රශ්නයක් නොවිණි . අපි 2නා රොමී ගේ නිල නොවන translators ල වූ අතර carrfore එකේ බඩු  ගැනීමටත් , china town වල bargain කිරීමටත් අපි මේ ඉරාන මිතුරිය වෙනුවෙන් ඉදිරියට ගියෙමු.


සමනේ ආවේ අපිට පසු batch එකේ M .Sc  කරන්නටය . සුමනෙල මිස සමනේ ලා පුරුදු නැති අපි  මේ නම් වරද්ද වරද්දා  උච්චාරය කළෙමු . සමනේ ජේෂ්ට  සිසුවියක ලෙස ම දැඩිව විශ්වාස කළාය ." I have a problem " ඇ නිතරම අවුත් මගෙන් උදවු ඉල්ලන්නේ පාඩම් වැඩ  සඳහාය . අපි ඔවුන්ට ඔසරි  දෙකක්ද අන්දවීමු . B Sc සිසුවියක් වූ  රොමි ඉක්මනිනි මවු රට ගියාය . සමනෙත් සමග නම් අපි පීනැන් (Penang ) ද සංචාරය කළෙමු . M .Sc  සම්පූර්ණ කළ සමනේ මැලේසියාවේ රැකියාවකට ගියාය . රොමි ලඟදි විවාහ විය .
මේ සටහන සමනෙට හෝ රොමිට කියවන්නට බැරිය . ඉංග්‍රීසියෙන් ලියුවොත් මට මගේ අදහස් මේ විදියටම ලියන්නත් එය ඒ විදියටම තේරුම් ගන්න ඔවුන්ටත් බැරිය . ඔවුන්ගේ සිතට දැනෙන ලෙස ඔවුන්ගේ මවු  බස වූ පර්සියන් වලින් ලියන්නත් මට නොහැක . නමුත්  මේ දෙදෙනාම අකුරු වලට සීමා නොවූ මිනිසත් කමේ විශ්ව භෂාව හදුනන බැව් නම් මම දනිමි . උදාරා අක්කත්, සමනෙ , රොමි හා මමත් යලි කවදාවත් එක වහලක් යට හමු නොවනු ඇත . සම්නෙල , රොමිලා ඊළඟ ආත්මයක් ගැන විශ්වාස නොකරන නිසා මත බවයකවත් හමු නොවනු ඇත . එත් ඉස්සර  ඉරානය කි විට  අයතුල්ලා කුමෙනි , මතකයට ආ මට අද නම් ඉරානය යනු රොමි හා සමනේමය .

Friday, November 14, 2014

ගාලු පවුර ..



ඔබ ගාල්ලේ උපන් හැදී වැඩුනකු  නම්  පසෙකින් මහා සයුරත් අනෙක් පසින් ජාත්යන්තර ක්රීඩාන්ගනය අසලින්  දිවෙන පාරත් වෙන්කරමින් නැගී සිටින යෝදයකු දැකිය හැක . එය ගාලු කොටු පවුරයි . ශ්රී ලංකාව යටත් කරගත් බටහිර ජාතීන් අතරින් පෘතුගීසි හා ලන්දේසින් කොටු පවුරු බිහි කළහ . එකල බොහෝ ප්රදාන නගරවල කොටු පවුරු ඇති වුවද  පසුව එය පිටකොටුව ,  ආදී නම මාතර වලට සීමා වුවද ගාල්ල , ත්රිකුණාමලය ආදී නගර වල ඇති කොටු පවුරු  සුරක්ෂිතව ඇත . ගාල්ලේ කොටු පවුරු 2 ක් ඇත . මින් පරණ කොටු පවුර  නවීකරණය වී එය තුල  කෞතුකාගාරයද , ආසන්නව   සුපරි සාප්පු  සංකීර්ණ ඇතිවී ඇත . එකල  අධ්යපන කාර්යාලයක්ද ඒ  බවත්     වෙනත් රජයේ  කාර්යාල පවතී බවත් මතකයේ ඇත.  පන්සලමෙන්ම  මෙතෝදිස්ත , රෙපරමාදු , කතෝලික  පල්ලිද ,  ආගමික ස්ථානද , පැරණි තැපැල් කාර්යාලයක්ද , පුස්තකාලයද  කොටුව තුල විය . යහ මග පාදන  පාසල් 2ක්   මෙන්ම සාගරයේ  නැව් වලට මග කියාදෙන   ප්රදීපාගාරය  කින්ද කොටුව සමන්විත වේ . ඔබ සමහර විට කොටුව මා  මෙන්ම දිනපතා කොටු පවුර තුලින් පිවිස එහි ඇති පාසලක ඉගෙනුම ලබා ඇතිවා විය යුතුය . නොඑසේ නම්  මහා ක්රිකට් ගැටුමක් පවතින විට ඔරලෝසු කණුවට නැග පාසල් ධජය ඔසොවන්නට ඇත . කොටු පවුර මත සිට ක්රීඩා තරඟ නරබන්නට හෝ සමනල පාලම ආශ්රිත උද්යනයේ දේශපාලන රැස්වීමක් අසන්නට ඇත . නොඑසේ නම් සන්චාරය  සඳහා පැමිණ රෑම්පාට් භූමිය දිගේ ගොස් මුහුදු රල පාගන්නට ඇත . කොටු පවුර  දහසක් ගාලු දරුවන් මෙන්ම   දේශීය විදේශීයන්  තම තුරලට ගෙන සනසන්නට ඇත . සමනල පාලම තරණය කර ධර්මපාල උද්යානයට  යන  පෙම්වතුන්ගේ  සිනා   මෙන්ම  සාගරය තරම් කඳුළුද දකින්නට ඇත . වරෙක දැඩි සුළගින් ඉහල යාමට තත් දරන කුඩය අමාරුවෙන් හසුරුවාගෙන  පාසල් නිම වී  බස් නවතුමට් යන සිසුවියන්ගේ කිචිබිචියද  පවුර මත විවිද සිත්තම සටහන් කල සිසුන්ගේ තාරුණ්‍ය ද  සමව  විදින්නට ඇත . කොටු පවුර මත තිබෙන ඔරලෝසු කණුවේ කටු කරක්වෙද්දී තම දරුවන්  වී නිවෙස් හැරදා  යනු දකින්නටද ඇත . රටම කම්පා කල සුනාමියේදී තම දරුවන් වසා ගත මහා පවුරක් වී විනාශය අවම කර ගන්නට ඇත .
  පුවත්පත් වර්තාවක දුටු පරිදි විදේශිකයාගේ ඉල්ලුම නිසා ලංකාවේ ඉඩම් මිල වැඩිම ගාලු  කොටුවෙලු . එත්ගාලු  කොටු පවුර   අපිට දුන් මතකයන්ට නම් මිලක් දිය නොහැකිය .

Friday, November 7, 2014

උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක ..




ශ්‍රී ලංකාවේ මගී ප්‍රවහන් සේවා අතර දුම්රියට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි .දුම්රිය හා බැදුණු නගරද , කාර්යාල දුම්රිය තුල උප සංස්කෘතියක්ද ඇතිවී ඇත . ටෙලි නාට්‍ය ( රේල් පීලි ), චිත්‍රපටි ( බදුලු කෝච්චිය ) ,නවකතා (මහව කෝච්චිය ) හා ගීත නිර්මාණ වලටද (...දුම්රිය මොහොතක් නතර වුණා .) මෙය පදනම් වී ඇත .
ලංකාවේ මුල්ම දුම්රිය කොළඹ සිට අඹේපුස්ස දක්වා 1864 දී ධාවනය විය . පහසුව, අඩු කාලයක් ගතවීම , ලාභදායි බව නිසා නිසා දුම්රිය ජනප්‍රිය  මගී සේවාවක් විය .  රාජ්‍ය සේවකයන්ට දෙන නිදහස් දුම්රිය බලපත්‍ර යොදා ගමන් බිමන් යාම එකල බහුලව සිදුවිය . ඒ පිලිබඳ මගේ ළමා කල මතකය තවමත් අවර්ජන්ය කල හැකි ලෙස සොඳුරුය. යුද්ධය ලංකාවේ ජන ජීවිතයට සේම දුම්රිය ගමන් කෙරෙහිද බල පෑවේය . යාල්  දේවිය අතරමග නතර වූ සේම බෝම්බ පිප්රීම්මෙන් දුම්රිය මගීන්ට අනතුරු වීම නිසා දුම්රිය ගමන් යාම ගෙන 2 වරක් සිතීමට පෙළඹිණි . කෙසේ වෙත්තත් සාමය සමගම දුම්රිය ගමන් යලි ජනප්‍රිය වෙමින් පවතින අතර සුඛෝපභෝගී දනවා අංග දුම්රිය සේවයට එකතු විය .

මුලින්ම දුම්රිය සේවා ඇරඹි උඩරට දුම්රිය මාර්ගය අදටත් ඉතා දැකුම්කලු දුම්රිය මග බව බොහෝ දෙනාගේ හැන්ගීමයි .මේ මාර්ගයේ යන දුම්රිය අතර වඩා ප්‍රචලිත උඩරට මැණිකේ දුම්රියයි .කොළඹ සිට හැටන් දක්වා ශීග්‍රගාමී වන  බොහෝ  උඩරට දුම්රිය ඉන්පසු  සෑම  දුම්රිය ස්ත්නයකම නතර වී මැණිකේ කෙනෙකුටම හිමි ලැසි ගමනින් ගමන් කරයි.   කුඹුරු , තේ වතු , නගර, ගම් , එළවලු හා මල් වගා පසුකර යන මේ දුරිය මගේ සුවිශේෂී ලක්ෂණ නම් බින් ගෙවල් රාශියක් දක්නට ලැබීමයි . ගණනින් 44 ක්වූ මෙම බින් ගේ අතරින් දිගම සින්ගිමලේ බින් ගෙයයි .


හෝර්ටන් තැන්නට , නානු ඔයෙන් බස නුවර එලියට යන්නන් මේ දුම්රියට ගොඩවන අතර  ඉහල කොත්මලේ විදුලි බලාගාරය , දෙමෝදර ආරුක්කු නවයේ පාලම ,  ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල  මෙම උඩරට -බදුලු දුම්රිය මගේ හමුවන සුවිශේෂී ස්ථාන වේ .
දැනට උඩරට දුම්රිය මගේනැරඹුම්  මැදිරි මෙන්ම , වායු සමනය කල දුම්රිය මැදිරිද , රාත්‍රී නිදන් මැදිරි සහිත දුම්රියද දක්නට ඇත.
බොහෝ කලෙකින් දුම්රියේ විශේෂයෙන්ම උඩරට  දුම්රිය මගේ දියත්ලාවට යාමටද නැවත උඩරට මැණිකේ දුම්රියෙන් කොළඹ  ඒමට ද පසුගියදා හැකිවීම මේ සටහනට නිමිත්ත වුනි . ගමන සංවිදානය කල , ගමන් මගේ විද්ව දුරු කළ ගමන් සගයන්ට පින් ...

Wednesday, October 8, 2014

ජීවිතය හා බැඳුණු රුක් ..


පසුගිය posts  2-3 ම වෙන් වුනේ ගස් ගැන ලියන්න . අපේ ජීවිතයට සෙවණ දුන් අතීතය හා බැඳුනු ගස් ගොඩක් තියෙනවා . බුදු රජාණන්වහන්සේත් බෝධි වෘක්ෂයට අනිමිස ලෝචන පූජාවෙන් කළගුණ සලකල තියෙනවනේ ..එහෙම කරන්න පෘථග්ජන අපිට  බැරි වුනත් ඒ වගේම  ජීවිතයේ විවිධ කාල වලදී සමීප වූ , සෙවන දුන් ගස් ගොඩක් තියෙනවා. අපේ ගෙදර තිබුණු මහ කොස්ගස ..එකේ ගෙඩි කැඩුවම අහල පහල ගෙවල් 3-4ටම ඇති ..මුලින්ම ගහක කියල නැන්ග කරු සහිත දෙල් ගහ ...අපි ලිස්සන ලෑල්ලක් විදියට පාවිච්චි කල ඇදවුණු පොල්ගහ ..ඈත ඉදන් දුවගෙන් ගියාම ඒ පොගහේ මගක් දුරට යන්න පුළුවන් ..ඒ ගහ ඇලේට තිබුණු නිසා ..එතෙන්ට ගියාම මූදත් එකේ යන නැවුත් ..ඇතින් එත් හොඳට පේනවා...සීයා අපි තුවාල වෙයි කියල කොයිතරම් කෑගැහුවත් අපි ඒ ගහ දිගේ  නගින එක නැවැත්තුවේ නෑ ..
ඊට පස්සේ අපේ පාසලේ ප්‍රධාන  ගේට්ටුව ළඟ තියෙන මැයි ගහ ..පල්ලිය ඉස්සරහ තියෙන අරලිය ගහ ..සුදු අරලිය මලුයි ..රතු මැයි මලුයි  එකට වැටුනම  සුදු uniform ඇදල  රතු tie  දාපු අපි වගේමයි කියලයි ඒ කාලෙත් මට හිතුනේ.. අපි වැන්  එනකම්  හවසට යට  හිටිය කොටුවේ දෙල්ගහ .. ජ්‍යතයන්තර  ක්‍රීඩාංගනයක්   වෙන්න කලින් අපි ක්‍රීඩා උත්සව තියපු ගාලු මහජන  ක්‍රීඩාංගනය වටේ තිබුණු  කස ගස් පෙළ ...මේ හැම දෙයක්ම පාසල් කාලේ   මතක ...

ඊට පස්සේ කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨය ඉදිරිපස තියෙන මහා නුග රුක ..උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපස තියෙන සල් ගස් ..අපි ඇතුළු විශ්ව විද්‍යාල සිසුන් කීදෙනෙකුට සෙවණ  දෙන්න ඇත්ද ?..

දැන් එතරම් අගයක් නැතත් ඉසුරුපාය ඉස්සරහ තියෙන පුංචි පුංචි කොළ හැලෙන මහා ගස් පෙළත් රස්සාවෙන් විශ්‍රාම ගිය කලක සොඳුරු මතකයක් වෙයි ...දැන් සෙනසුරාදට කිසිම හැගීමක්  නැතිව බලා හිටියත්  KDU  එක පිටිපස ගේට්ටුවට  මුහුණලා තියෙන 4 වෙනි තට්ටුවට පේන  හැමදාම කපුටු කූඩුවක් තියෙන නම නොදන්නා ගහෙත් අගය දැනෙන්නේ  එක මතකයක් විතරක් වුන දාට ..
ගස් ගැන ගොඩක් දේ ගොඩක් දවස්  ලිව්වා ..කොඉත්රම් රසවත් දෙයක් වුනත් නැවතීමක් නැති වෙනකොට එක එපා වෙන්ව ..හරියට සිංහල හඬ කැවූ  ඉන්දීය මෙගා නාට්‍යයක් හරි වර්ෂා නවකතාව වගේ හරි වෙනවා ..ඉතින් ජීවිතය හා බැඳුණු රුක්  ගැන සටසන් පෙළ මෙතනින් නවත්තන්න  හිතුවා ..

Saturday, October 4, 2014

මේ මැයි ගහ යට දවසක්දා ....



මේ මැයි ගහ යට සින්දුව කියන්නේ මිල්ටන් මල්ලවආරච්චි මහතා ..එත් අපි නම් මැයි ගහ යට දවස් ගණනාවක් අවුවට වැස්සට ඉඳල තියෙනවා ..ඒ අපේ පාසලේ ප්‍රධාන ගේට්ටුව ඉස්සරහ තියෙන මැයි ගහේ ...අපි සමහරවිට හවසට පාසලෙන් පිට වුනේ මේ ගේට්ටුවෙන් ..හවස පන්ති , practices , guiding ඉවරවෙලා දෙමාපියන් එනකන් හිටියේ මැයි ගහ යට .( හවසට ඉස්කෝලේ ළඟටම වාහන  වලට එන්න දෙනවා.)  ගහ වටේ තියෙන කොන්කීට් බැම්මේ අපි වාඩි වෙලා ඉන්නවා .නැත්නම් සෙල්ලම් කරනවා .කාලෙකට මේ ගහ අපේ ටයි පටියේ පාටම වූ රතු පාටින් මල්බර වෙනවා ..එතකොට අපි පාසල් ආවේ ගියේ මේ රතු මයි මල් පලස උඩින් ..දහස් ගණන් බාලිකාවන් මේ පලස යටින් ඇතුළු වෙලා මයි ගස් සෙවනේ ඉඳල  තමගේ ජීවිතය සාර්ථක කාගෙන පාසල් ජීවිතයට සමු දෙනවා මේ  මැයි ගහ බල ඉන්න ඇති .පාසලෙන් ඉවත් වෙද්දී සමරු පොත් වල ලියපු සටහන් අතර මයි ගසට ඇත්තේ සුවිශේෂී ස්ථානයක් .මෙතෝදිස්ත , මිෂනාරි විද්‍යාලයක් විදියට අරම්භ වෙලා පසුව දකුණේ අග්‍රගන්‍ය ජාතික පාසලක් වෙනකම් ගමන් මග ගැන නිහඩ සාක්ෂි කරුවෙක් වෙන්නේ මේ මැයි ගහ .
මැයි ගහේ සෙවන ලබපු අය ආදී ශිෂ්‍යාවන් වෙලා පාසලේ ව්ගුරුවරු, විදුහල්පති හා නිලධාරීන් ලෙසත් , විවද තලවල වෘත්තිකයන් ලෙසත් පාසලට නැවත එත්දීත් මවුවරු ලෙස තම දියණි හෝ මිත්තණියක ලෙස තම මිනිබිරියන්  නැවත පාසලට කැඳවා ගෙන එත්දීත් මේ ගස ආදරෙන් රතු මල් පෙති බිම හෙළ ආශීර්වාද කරන්න ඇති . පසු කලෙක ප්‍රදාන ගස විනාශ වීම නිසා කප්පාදුවට ලක් වුනත් එයින් හට ගත අංකුරයක් සරුවට වැවිල තිබුණා . දැන් නම් කාලෙකින් ගියේ නැති නිසා මොනව වෙලාද දන්නේ නැ .
මිනිස් ජීවිත එක්ක බැඳුනු ගස් තියෙනව . ඒවා වටා අමරණීය මතක තියෙනවා . මේ සටහනට දාන්න  මැයි ගසත් එක්ක පාසල් ද්දෝරටුවේ ජායාරූපයක් හෙව්වත් හම්බවුනේ නැ . Facebook හි තියෙන පාසල් පිටුවේ තියෙන්නෙත් මල් නැති අලුත ඇතිවූ ගහේ  පින්තුරයක් .. එත් ඒ කලේ මැයි ගහ යට අවුවට වැස්සට හිටපු අයගේ හිතේ මේ රූපය හැමදාමත් රැදී තියෙන  බව මම දන්නවා ...

Friday, October 3, 2014

නුග සෙවණ ..

.
දෙල් ගස යට සිටි අපි ඉන් පසු ආවේ නුග සෙවණටයි . ඒ රූපවාහිනියේ නුග සෙවණ වැඩසටහන නොව කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ නුග සෙවණයි. විශ්ව විද්‍යාලයේ විවෘත ආපන ශාලාව ඉදිරිපිට ඇති මෙහි ඇති බැංකුවක වැඩි වන්නන්ට පසෙකින් සත්ව විද්‍යා දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලත් , අනෙක් පසින් ක්‍රීඩාන්ගනයත් ඉදිරියෙන් තර්ස්ටන් පාරත් දිස්වේ . කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබුවකු නම් වරක් වත් නුග සෙවණේ  සිසිල ලැබුවකු විය යුතුය . ම මුලින්ම මෙහි සෙවණ  ලැබුවේ නවක වදයේ අංගයක් ලෙසිනි .( මෙය ඉතා අහිංසක නවක වදයක් වූ බවද කිව යුතුය .) කෙසේ වෙතත් දීර්ග පරශ්න කිරීම් වලින් වෙහෙසට පත් ම මිතුරිය කදුළු සැළු නිසා මට එතනින් මාරු වී යාමට හැකි විය.  පසු කලෙක තෙල බෙදීම  දීමටද  , පාඩම් සාකච්චා සඳහාද , කුඩාම ප්‍රමාණයේ කුප්පි සඳහාද  , හුදෙක් ඔප දූප කියවීමටද , වෙනත් මිතුරියක් එනතෙක් බලා  සිටීමටද මෙහි පැමිණ ඇත්තෙමි . සමහර විට නුග සෙවණේ  වීදි නාට්‍යද , ශිෂ්‍ය සංගම් රැස්වීම්ද මෙහි පැවැත්විණි .  සමහර විට welcome හෝ going down  වල විශ්ව විද්‍යාලීය කුමාර හෝ කුමරිය තේරීමත්  fire work displays ද මෙහි පැවැත්වුණි .මින් සමහරfire work  ඇත්ත ගින්දර සමගින් සිදුවූ අතර සමහරfire work සිදු වූ යේ ගල් මුගුරැ රැගෙනය .  විවෘත ආපන ශාලාව හරහා එන කපුටන් ගෙන් යම් යම් හිරිහැරද  අසල වූ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් animal house එකේ ගන්දයද විද ගෙන අපි නුග සෙවණේ  විසීමු . නුග ගස් වෙනත් ගස් මත පැළවීමෙන් ඒ ගස් වල වර්ධනයටද ජෛව විවිදත්වට වන හානි දක්වමින් මෙය කැපීමට සැරසුනත් .. මේ ෆෙතු සහසුද්දෙන්ම දන්නා උද්භිද විද්‍යාවද උගත් අපි එයට් එරෙහි වීමු .
කෙසේ වෙතත්  අවුරුදු ගනාවක් පුරා  විශ්ව විද්‍යාල සිසුන්ගේ සෝ සුසම් වේදනා  ආදරය විරහව පීඩනය අරගල විදි ලේ කදුළු දහදිය දුටු නුග ගස අපිට පෙර පරපරුට සෙවන දුන් සේ අපිටද ඉදිරියට එන පරපුර ටද සෙවණ දෙනු ඇත

Thursday, October 2, 2014

දෙල් ගහ යට ....



දෙල් වල උද්භිද විද්‍යාත්මක නාමය Artocarpus altilisය . අපේ ගෙදර මිදුලේද එවකට දෙල් ගස් තිබුණි . නමුත් අපේ පාසලේ අයට නම් චිර ප්‍රසිද්ද දෙල් ගස කොටුවේ යුධ හමුදා කඳවුර ඉදිරිපස ඇති දෙල් ගසයි . එවකට පාසල් වැන් රථ පාසල් ගේට්ටුව අසලටම යාමට ඉඩ නුදුන් අතර අද අමන්ගල්ල ලෙස හදුන්වන එවකට NOH හෝටලයඅසල  හෝ දෙල් ගස අසල වැන් රථ නවත්වනු ලැබීය . පාසලට එනවිට කෙසේ වෙතත් පාසල අවසන් වූ පසු නම් දෙල් ගස පච ගසක් බවට පත්වේ . පාසලේ ඉගෙනුම කටයුතු , විෂයය බාහිර ක්‍රියා , ගුරුවරුන්ගේ හැසිරීම්, ළමුන්ගේ ගුණ දොස් , ඕපදූප , විවේචන , මද ගැසිලි , අදහෂ්, උදහස් මෙකි නොකී දේ සන්නිවේදනය වූ පියස දෙල් ගස විය . දෙල් ගස යට තක්සලාවෙන් ලත් නොවිදිමත් ඉගෙනුම බොහෝය . සමාන්තර පන්ති වල අම්ම ඉහල පහල පන්ති වල දැනුමද  එක ක් ගුරුවරුන්ගේ ඉගෙන්වීම් ස්වභාවය මෙන්ම , එවකට ඉතා සීමිත වූ ප්‍රේම සම්බන්දත ඇති සිසුවියන් පිලිබඳ තොරතුරුද , යාබද පාසල් වල සිසුන් ගෙනද ඒවායේ ඇති දින, සම්මන්ත්‍රණ වැඩ සටහන් ගැනද දෙල් ගහ යට mates ල critically analyse කළහ . දෙල් ගහ යටදී ප්‍රගුණ කල research skills දිගටම පුරුදු වුව නං අපි phd ලැබිය යුත්තේ වයස 18 පිරීමටත් ප්‍රතමය . 

අද කොටුව ලස්සන වී ඇත . බිමට ලස්සන ගඩොල් අල්ලා  ඇත. නව සාප්පු සංකීර්ණ හෝටල් ඉදිවී ඇත . ලංකාවේ ඉඩම් මිල වැඩිම කොටුවෙලු . කෙසේ වෙතත දන්නා හැටියට තම දෙල් ගහ තිබේ . හැමදාම දෙල්ගහ එසේ සිට තවත් යට සෙවණ  සලසනුද අවිදිමත් සංවේදනයට මග පාදනුද ඇත . එදා දෙල් ගහ යට හමුවූ අය අද බුකියෙදී හමුවී  එදා කල දේම කරති . මාතෘකා ටිකක් advanced ය. එනම් දරු ප්‍රශ්න , පවුල් ප්‍රශ්න, ඉඩම් , නිවාස. වාහන , ජීවන වියදම , migration , උසස් අධ්‍යාපනය , රැකියා යනාදියයි .  එදා දෙල් ගස කල දේ අද සකර්බර්ග් කර ඇත . එත් මගේ පැතුම නම් ලබන ආත්මයේදීත් අපි දෙල් ගහයටම හමුවීමයි .
(මේ පින්තුරයේ ඇත්තේ අපේ දෙල් ගහ නොවේ . Wikipedia වෙන් උපුටා ගත්තකි .)

Friday, September 26, 2014

වතුර .............






වතුර ජලයට කියන පර්යාය පදයකි . උදක , දිය ආදියද එයට කියන වෙනත් නම් වේ . වතුර යන වදන කෙසේ ව්‍යවහාරයට පැමිණියේදැයි දන්නේ නැතත් වසර සිය ගනනකට කලින්ද අපිට " අමා  වතුර " තිබුණි . වැස්සෙන් අපිට ලැබෙන වතුර චක්‍රාකාරව සංසාරය වීම ජල චක්‍රය මගින් දැක්වේ . ජල චක්‍රය ට බද වීමෙන් වැස්ස අඩු වී වතුර නැති වීමෙන් ඇතිවන් නියගයෙන් පසු ගිය කාලයේ ලංකාවේ ප්‍රදේශ බොහොමයක් පීඩා වට පත් විය .වතුර සන්බන්ධ බොහෝ දෙයට   මෙන්ම දියර  බොහොමයකටම අපි වතුර යන්න පාවිච්චි කරමු. " තේ වතුර , වැහි වතුර , මඩ වතුර " එයින් සමහරකි .  ගිනි වතුර යනු  නයිට්රික් අම්ලයයි. සඳේ  වතුර නැතත් අපිට සඳ වතුර ඇත . "රතුවතුර " ඉදිරියට හා පසුපසට කියවීමේදී එක ලෙසම  කියවෙන වචනයකි .
වතුරට සම්බන්දයක් ඇත්ද නැත්ද නොදිනිතත් වතුර සම්බන්ද ග්‍රාම නාම සමුහයකි . "වතුර විල , අලවතුර . සීලා වතුර" ඉන් සමහරකි .  සමහරු කියන්නේ ළිං  වතුර   වතුරට වඩා  රස බවය . එත් විද්‍යාත්මකව නම් වතුරේ රසක් නැත . සමහර ළිං  වල ඇත්තේ කිවුල් වතුරය . ටැප් වලින් සමහර විට මලකඩ වතුර එයි .නියන් කාලයට නම් බවුසර වතුර හෝ බෝතල් වතුර පරිහරණයට ගැනීමට සිදුවේ .  වතුර බෝතල් හදන්නේ උල්පත් වතුර වලින් බව කියති . මුහුදේ ඇත්තේ ලුණු වතුරය. එය පානයෙන් පිපාස නොසන්සිදේ . නටවා ගත්  විට ඇල් වතුර උණු වතුර වේ.   ඇල්වතුරත් නිවා බොන අයද අප අතර සිටී . සමහර රසක් නැති කෑමද ඇල්  වතුර වගේය .අයිස් වතුර සීල වුනත් සමහරු ඒවා බාල්දි පිටින් න අනෙක් අයටද අභියෝග කරති .

වතුර පානය ශරීයට ගුණදායක වුනත් මත වතුර පානය නම් එසේ නොවේ . තැබිලි වතුර ද ගුණදායි පානයකි . පොල් වතුර ආප්ප මිශ්‍රණය සැකසීමටද , විනාකිරි නිපදවීමටද ගනී . කහ වතුර පිරිසිඳුකරකයකි . ජලභීතිකාව හැදෙන්නේ සුනකයන් වැනි සතුන් සපා කැමෙනි . නමුත් වතුරට බය අඩුවෙන් නන අයටද ජලභීතිකාව ඇත්තේයයි කියති . ගං  වතුර ඇති වන්නේ ගංගා  පීටාර  ගැලීමෙනි. ඒ අනුව බලන කල වතුර ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයකි .
 .

Wednesday, September 17, 2014

Make Up ..



ඒ දවස්වල අපි make up කලේ පාසලේ නාට්‍යකට හෝ concert එකකට සිටි විටි පමණි . එකල මූණ පුරා  රෝස් පවුඩර් උලා ,lipstick ගා , රූච් කම්මුල් දෙපස උලා (රූච්  නැති විට මෙයට lipstick පාවිච්චි කල නිසා බොහෝ විට කම්මුල් දෙපස රතු ලොකු රවුම් 2ක් ලෙස මෙය සටහන්ව පැවතිනි .) සකසා  ගත මුහුණු අතිශය අස්වාභාවික විය . නමුත් මා මෙන්ම මගේ බොහෝ යෙහෙලියෝද මේ අත්දැකීම ප්‍රිය කලේ එකල සම උදයකම රූපවාහිනියෙන් make up කරන අයුරු පෙන්වීම හෝ හන්දියක් ගානේ saloon නොතිබුණු නිසා විය යුතුය . මගුල් ගෙදරක යනවිට අම්මලා make up කරන අයුරු බල සිටීමටද එකල අපේ විනෝදාංශයක් විය . රැකියාවට ගිය පසු make up සඳහා අවශ්‍ය අඩුම කුඩුම ගත්තේ එය ඒ වන විට නිතරම වුවමන වූ බැවිනි .එකල make up පිලිබඳ රූපවාහිනි වැඩසටහන් ඉතා උනන්දුවෙන් නැරබුවත් ඒවා සුලබ වී හැම චැනලෙය්න්ම විකාශය වීමත් සමග professional make up artist කෙනෙක් තරමටම  දැනුම ලැබූ පසු ඒවා බැලීම නැවත දැමීමි . තනියමmake up කිරීමට වැඩ උත්සව අවස්ථා සඳහා saloon එකක් මගින් make up කිරීම වැඩ පිරිමැසුම්දායි  වන්න ඇත්තේ 2000 දෙවන දශකය අරම්බයත් සමගම විය යුතුය. බහිරව පමණක් කල සත්කාර  අභ්‍යන්තරයටද  එනම් පෙති , සැත්කම් , plastic සැත්කම් එන්නත් පසු කලෙක ආ  අතර  එය ප්‍රසිද්දියේ ප්‍රචාරණය  විය .ඒ ආශ්‍රිත මරණද වාර්තා විය . කෙසේ වෙතත් පාසලේ නාට්‍යකට හෝ concert එකකට අපි එකල දාන  annual  make up තරම් පසු කලෙක දිනපතා handbag එකේ make up කට්ටල දම ගෙන ගොස් දැමු make up වත් හොඳම saloon  එකෙන් දන make up  එක වත් පෙනුම වැඩිදියුණු කිරීම කෙසේ වෙතත් සිතේ  සතුට වැඩි දියුණු කිරීම සඳහා හේතු නොවූ බව දනිමි .

Sunday, September 14, 2014

Book Fair එකේදී ..........


අද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලන්න ගියා . වාහන park කරන්න අමාරු නිසා බස් එකෙන් ගිහින් halt 2ක් විතර එහායින් බැහැල පයින් ආවත් අතුල්වෙන්නත් පෝලිමේ පය බාගයක් විතර ඉන්නන වුණා . ගිනි අව්වේ දාඩිය දාගෙන ඇවිදින එක තමයි ලොකුම අමාරුව . ගොඩක් ප්‍රසිද්ද පොත් කුටි වලට ඇතුල් වෙන්න  බිල් ගෙවන්න විතරක් නෙමෙයි පිට වෙන්නත් පෝලිම . පොත් තෝරන්න ඕනෙත් කගේ හරි අතක් උරහිසක් අස්සෙන් එබිලා....සති අන්තය නිසා සෙනග තවත් වැඩයි ...වෙඩි පුර හිටියේ පොත් බලල පෙරලා යන අය ..ජීවන වියදමත් එක්ක හෙමොටම පොත් සඳහා මුදල් යොමු කරන්න නම් බෑ තමයි . එත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලන්න යාම මෝස්තරයක්  විතරක් වෙළද කියල හිතුවා . අපේ පශ්චාත් උපාධි දේශනයකදී නවකතා කියවන හිටියේ මත තව එක්කෙනුකුත් විතරයි ..ඇත්තටම ලංකාවේ මිනිස්සු මෙතරම් පොත් කියවනවානේ, පොත් වලට ලැදියි නේ කියන ගේට්ටුව ලඟදි අපු සිතුවිල්ල පස්සේ නැති වුන . විවිද විෂයන්ට අදාල පොත් ගන්න අපු විශ්ව විද්‍යාල සිසුන්,  විභාග ප්‍රශ්න පත්‍ර , අමතර පොත් , ලිපි ද්‍රව්‍ය ගන්න ගන්න දරුවෝ එක්ක අපු දෙමවුපියෝ....කලේ මරන්න අපු පෙම්වතුන් , පුස්තකාල වලට පොත් ගන්න අපු ය වගේම ,  මරන්න අපු අයත් හිටිය . පොතක් ගෙන තොරතුරක් අහන්නවත් සමහර තන්වල් කෙනෙක් නෑ .. දැනුමක් හෝ වෙලාවක් නෑ ..කොහොම වුනත් ගන්න ඕනේ පොත් හා යන්න ඕනේ පොත් ප්‍රකාශයන් තීරණය කරගෙන අපු නිසා පැය  2හමාරකින් වගේ පොත් ටිකක් අරන් පිට වෙන්න පුළුවන් වුණා . හැබැයි BMICH එකේ කාර්ය මණ්ඩලයට නම් පිරිසිදු කරන්න සසේන වෙහෙසක් වෙන්න වේවි ..පරිසරය ගැන කොයි  තරම් නිවේදනය කරත් , මොන තරම් dustbin තිබුනත් බිම කොළ , ice cream දවටන් කෝටූ දල තියෙනව වගේම ලස්සනට landscaping කල ස්ථාන මල් පැල පාගාගෙන ගිහිල්ලත් තියෙනව දැක්ක ..අපි  ප්‍රදර්ශනය බලන්න එන්නේ පොත් බලන්නද ඒ පොත් කවදාවත් කියවල දැනුම ගන්නේ නැද්ද කියලත් හිතුණා ...

Sunday, September 7, 2014

කොණ්ඩය ...



පාසල් යන කාලයේ මට තිබුනේ ඉතා කෙටිව කැපු කොන්ඩයකි .  ප්‍රාථමික  පන්තිවලදී අම්ම හෝ තාත්තා  මැදින් බෙදා පීරා සකස් කල පසු කලකදී මම එය පස්සට පීරිමට පුරුදු වුනෙමි . පාසල් වියයට පෙර කෙටි කැළැල් මට pig tails දැමිය  කොණ්ඩයක් තිබුණු බවට ජයාරූප ඇතත් මට එය මතක නැත . ම කොණ්ඩය වැවුවේ  උසස් පෙළ විභාගය කලටත් පසුය . මා  කොණ්ඩය  ගොත ගෙන පාසල් යාමට දැඩි ආශාවක් දැක්වූවද මට එයට ඉඩක් නොවිණි . විශ්ව විද්‍යාලයට කොණ්ඩය  ගොත ගෙන ගිය එකම දිනයේදී එය හදිසියේ වසා දැමු  මගේ යෙහෙළියන්ගේ බලවත් ඉල්ලීම උඩ ඉන් පසු මම කොණ්ඩය  ගොත ගෙන නොගියෙමි . (මගේ කොණ්ඩය ගොතා ගෙන යාම හා විශ්ව විද්‍යාලය වැසීම අතර correlation එකක් ඇති බවට සමීක්ෂණයකින් තොරවම ඔවුන් නිගමනය කිරීම නිසා.)
කවදත් කීකරු  කොණ්ඩය පාලනයට මුලින්ම ගුරු වෘත්තියට ගිය පසුද පසුව අද සිටින රැකියාවට පැමිණි පසුද බලවත් වෙහෙසක් දැරීමට  සිදුවිය . මුලින්ම පාසල් අධීක්ෂනයක් සඳහා  පුහුණුවේ සිටි අපි ගිය දින මගේ වෘත්තික සගයන්ට මගේ කොණ්ඩය බැඳීම සඳහා විශාල මෙහෙයුමක් කිරීමට  සිදුවිය . බෝඩිමේ සිටි මිතුරියන් සමහර අවස්ථා සඳහා මගේ කොණ්ඩයට කෘතීම කොණ්ඩ තබා කොණ්ඩය බැන්දද කටු 100ක් පමණ  රැඳවු ඒ කොණ්ඩය නිසා සවස් වන විට මට හිසරදය සැදීම නොවැළක්විය  හැකි විය . මා යම් තරමකට කොන්දය් කෙටි කර කැපීමට පුරුදු වුයේද එයින් pony tail මගින් කොණ්ඩය රඳවා ගත හැකි වූ නිසාය .
පෙර දනහිස ලඟට කොණ්ඩය තිබු මගේ යෙහෙළියන්ගේ කොණ්ඩය දැන් ඇත්තේ බෙල්ල ළඟය . අක්බමරු කොණ්ඩ බොහොමයක් straight වීද සමහර ඉත්තෑකූරු කොණ්ඩ රැලි වීද ඇත . බොහෝ විට පහසුවත් රැකියාවේ ස්වාභයත් වාසය කරන රටේ සංස්කෘතියත් නවීන් විලසිතාත් මෙයට හේතු වන්නට ඇත . කලාතුරකින් කෙටි කොණ්ඩ බෙහෙවින් දික්වූ අයත් ඇත . මගේ කෙටි කොන්දය් එතරම් දික නොවුවත් මා තවමත් මගේ ස්වාභවික කොණ්ඩය පවත්වාගෙන් යන්නේ රැලි ඇතිත් නැති නැතිත් නැති straight ඇතිත් නැති නැතිත් නැති මේ අකීකරු කොණ්ඩයට තවමත් ම ඇලුම් කරන නිසාවෙනි.

Friday, August 22, 2014

විභාග මාසය ..


අගොස්තුව විභාග මාසයකි . අගොස්තුව ඇරබෙන්නේ  පාසල් ජීවිතයේ අවසාන කඩයිම  වන අ .පො .ස .(උසස් පෙළ ) විභාගය සමගය . අපේ කාලයේදී නම් 1 ලකුනකින්ද දැන් කාලයේ නම් 0.00... කින්ද ජීවිතයේ ඉරණම තීරණය කිරීමට මේ විභාගයට හැකිය . අවරුදු 2ක් පුරා  වෙහෙස , නිදි වරීම, tution , practicals , theory , revision  සියල්ල පවා 2-3 කදී සම්පින්ඩනය කර ගැනීමට බොහෝ යට නුපුළුවන . නැත්නම් එසේ කලද විභාගයේ තරගකාරිත්ව නිසා එහි ප්‍රයෝජනයක් නැතිව යයි . වසර 13ක පාසල් කාලය නිම වන්නේද මෙයින් පසුව නිසා බොහෝ දෙන විභාගය අවසන් ද හඬා සමු ගනිති . අපේ කාලයේ නම් ප්‍රතිපල බලන්නටද පාසලට ය යු තුම නිසා නැවත වරක් ඇඩීමට (ප්‍රතිපල නරක වීම හෝ පාසැල හැර යාම නිසා ) අවස්ථාව  හිමිවේ . දැන් නම් ප්‍රතිපල internet  එකෙන් බලන නිසා පාසල් යායුතු නැත . එසේම Facebook , google , e -mail , mobile මේකී නොකී උපාංග ඇති නිසා පාසලින් වෙන් වූවාය කියා මිතුරු මිතුරියන් ගෙන් දුරස් වන්නේද නැත .
අගොස්තුවේ ඊළඟට  පැවැත්වෙන්නේ මවුවර්න්ගේ විභාගය වන ශිෂ්‍යත්ව විභාගයයි . ජනප්‍රිය යයි සම්මත පාසලකට 1 වසරේ සිට ගිය නිසා  ශිෂ්‍යත්වය අපිට එතරම් වැදගත් වූ යේ  නැත . එත් pass  වුන බව මතකය . ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව පාසලට එන සිසුන්ගෙන් සමන්විත පන්තිය හා අපි අවත මුසු වූ යේ 9 වසරේදීය . සැබෑ  බ්‍රයිටන් වූ මොවුන්ගේ දක්ෂතා අවතක්සේරු කල නිසාම හැමදාම 5න්  ඉහල ස්ථානයක් ගත මා  15 ස්ථානය වෙත විසිවී ගියෙත් මේ 9 වසරේදීය . ශිෂ්‍යත්වයෙන් සමත් වූවන බොහෝ දෙනෙක් O /L  , A /L දීත් මේ තත්වය තබා ගත්තාද හැලුනොද බොහෝය . කෙසේ වුවත් විභාග මාසය අවසන් වීම සිසුන්ට නම් සහනයකි ..

Tuesday, August 12, 2014

තරු !!!



 තරු තියෙන්නේ රෑ අහසේය .  එනමුත් "  තරු තියෙන්නේ රෑ  විතරද ?" යි දීපිකා ප්‍රියදර්ශනියන් අසයි . දවාලේ තරු දකින්නට නම් හදිසි කරදයක් හෝ වේදනාවක්  ඕනෑය . අහසේ  දිස් වන නිවී නිවී දැල්වෙන වස්තු ලෙස තරු ග්‍රහ ලෝක  වලින් වෙන් කර හඳුනා ගත හැක ."Twinkle Twinkle little star " යන ළමා ගීතයේද තරු වල මේ ස්වභාවය කියවේ .

තරු මල් යායම පොදි  කර  අහස්  ගැබේ , සඳ තරු නිසලයි , තරුද නිදන මහා රෑ , තරුක පෙලින් එහා , තරු කඩා  වෙතේ අහසේ ලෙස තරු ගැන කියවෙන ගීත රැසකි . නමුත් තරු කඩා  වැටෙන ලෙස දිස්වන්නේ උල්කාෂ්ම බව විද්‍යාවේදී උගන්වා ඇත . ප්‍රේමකීර්ති ද අල්විස්  ශූරීන්ගේ සංකල්පනාවක් ලෙස වික්ටර් රත්නායකයන් ගයන " තනි තරුවේ " ගීතය විශිෂ්ට නිර්මාණයකි . පහන්  තරුව,  මෙන්ම කළුවර අහසට පුර හඩක් වන ඉරබටු තරුවද ගීතයට වස්තු විෂයය වී ඇත .

" තාරේ සමින් පර් " යනු මහා  ඇති තරු යන තේමාවෙන් සැදී හින්දි සිනමා සිත්තමකි . එනම් විවිද දක්ෂතා ඇති විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ය . අපේ දරුවන් අතර නම්  වඩා ජනප්‍රිය තරු අතර යුද්ධ ගැන කියවෙන "Star Wars " චිත්‍රපට මාලාව  හා ඒ නමින් ඇති  පරිගණක ක්‍රීඩාවය . වල්ගා තරු  දැකීම දුෂ්කරය .හේලි ගේ තරුව , හේල්  බොබ් වැනි වල්ග තරු පෑයු කල නම් ජන මාධ්‍යට නිවනක් නොවිණි .

තරුව වෙසක් පහන් කූඩු වල ජනප්‍රිය හැඩයකි . හින්දූහු තරු දෙස බල අනාවැකි කියති .   ඉස්ලාම් ආගමේ සංකේතය අඩ  සඳ හා තරුවයි . කිතුනුවන් නත්තල් ගසේ මුදුනේම තරුවක් යොදන්නේ ජේසුස් වහන්සේ ගේ උපතේදී පයු තරුව සිහි කිරීමට විය යුතුය . ඒ අනුව බලන කල තරුව  වලට වැදගත් වේ .

තරු රටා වලට මහා වලසා , කුඩා වලසා , දඩයක්කාරයා ලෙස නම් ඇත . දකුණු කුරුසිය තරු රටාව දිස් වන්නේ දක්ෂිනර්ද ගෝලයේ රටවලට පමණි . මේ තරු රටාව ඒ රටවල  වලද ඇත . තරු සටහන සහිත ජාතික ධ්ජය් ඇති වෙනත් රටවල්ද රැසකි . හත්දින්න තරු රටාවේ තරු 7 පියවි ඇසින් ගණන්  අසීරුය . ඒ නිසම දෝ මේ තරු 7 ගණන්  අසුභ යයිද මතයක් ඇත ."හත්දින්නත් තරු " ලෙස පැරණි  චිත්‍රපටයක්ද විය ."හත්දින්නත් තරු " ලෙස අද කලේ නම් ඇත්තේ රූපවාහිනී වැඩසටහනකි . එහි එන තරු නම් ජනප්‍රසාදයට පත් කල ලොවේ හෝ වෙනත් ක්ෂේත්‍රවල බැබලෙන පුද්ගලයන්ය .

කුඩා කල අම්ම අපිට බත් කැවුවේද රාත්‍රී අහසේ තරු දක්වමින් කවි, ගීත කියමින්ය. එකල සිට රාත්‍රී අහස නිරීක්ෂනයට ආසාවක් දැක්වූ මම විශ්ව විද්‍යාලයේ ද තාරකා විද්‍යා සංගමයේ සාමාජිකාවක් වීමි . අද නම් විසල් ගොඩනැගිලි වලින් වැසුණු කොළඹ අහසේ රාත්‍රියට තරු දැකීම දුර්ලබය . එහෙත් බල කලට වැඩ නිතරම අකරතැබ්බ හා වේදනාවන්ට ලක්වෙන හෙයින් දවල් තරු නම් අඩුවක් නැතිවම දකිමු.


Wednesday, July 30, 2014

චීන පුරවර China Town ...




චීනය ආසියාවේ බලවතාය . ඒ දේශ සීමාවෙන් හෝ ජනගහනයෙන් පමණක් නොවන බව වෙළද පොලේ  නිෂ්පාදිත භාණ්ඩ සංඛ්‍යාව දෙස බැලූ විට පෙනේ . වරක් කොරියාවේ සංචාරයකට ගිය මගේ මිතුරියක් තෑගි ලෙස පිරිනම තිබුනේ "Made in  China " බඩුවකි . " ඔය ගියේ කොරියවටද  නැත්නම් චීනයටද ?" අසමින් විහිලු කලත් බොහෝ අසියතියතික රටවල වෙළද පොලෙහි එම රටේ භාණ්ඩ වලටත් වඩා චීනයේ භාණ්ඩ දක්නට ලැබීම ස්වභාවිකය .   ලෝකයේ හැම රටකම් පහේ චීන අවන්හල් ඇත . එයින් නම් අපි චීනයටත් වැඩ ඉදිරියෙන් සිටිනවා විය යුතුය. රාජකාරි ස්ථානයේ ව්‍යාපෘතියක් සඳහා පැමිණි විදේශික කාන්තාවක්  ලංකාවේ කොපමණ චීන ජාතිකයන් ඇත්දැයි ඇසුවේ මේ හන්දියක් හන්දියක් ගානේ ඇති චීන බොජුන් හල දැක විය යුතුය.
ලංකවේ චීන් ජාතියකන් 1% ටත් වැඩ අඩු විය හැකියියි මා පැවසු විට ඈ පුදුම වූවාය . අතීතයේ චීන ජාතිකයන් සේද මවත් ඔස්සේ පැමිණ ලංකවේ රෙදි පිලි වෙළදාමේ යෙදුන බව අසා  ඇත . අපේ ගමේ (ගාල්ලේ ) නම් තවමත් චීන දත් බැදීම සිදු කරන චීන ජාතිකයන්ට අයත් ව්‍යපරිය ස්ථානයක් ඇත . කෙසේ වුවත් මේ නූතන පරම්පරාවල චීන ජාතිකයන් නම් චීනය දැකලවත් නැතිවා  විය යුතුය.  ගාල්ලේ ඇති චීන කොරටුව වැනි ග්‍රාම නාම සැදීමට එකල සමහරවිට එහි විසු චීන ජාතිකයන් හේතු වන්නටද ඇත .(මේ මට හිතෙන ලෙසය.)
කෙසේ වෙතත් බොහෝ අග්නදිග ආසියාතික රටවල ඇතුලත කුඩා චීන පුරවර (China Town ) ඇත. මැලේසියාවේ , සිංගප්පූරුවේ සහ කොරියාවේ චීන පුරවරවල සරි සැරීමට වරම් ලදිමි . චීන බොජුන් හල් , චීන අත්කම් , සම්ප්‍රදායික ඇඳුම් , අවාන් ,  සමරු තිලින අඩිය මේවයේ දක්නට ලැබේ .  හෙට්ටු කර බදු මිලදී ගැනීමටත් ඉඩ ලැබේ. ප්‍රංශ , ඉතාලි  ආදී නිර්මාණකරුවන්  නිපදවන (branded ) සපත්තු, අත්  බෑග්  අනුකාරක මිලදී ගැනීමට හොඳම ස්ථානයක් වන්නේ මැලේසියාවේ චීන පුරයි. නමුත් හෙට්ටු කල මිලද වෙළෙන්දා එකග වුව  හොත් තවත් මිල අඩු කිරීමට කතා නොකොට  එම භාණ්ඩය මිලදී නොගත යුතය . නැත්නම්  වෙළෙන්දා  කෝපයට පත්වේ.
මැලේසියාවේ බොහෝ වෙළඳන් චීන ජාතිකයන්ය. සින්ගප්පූරුවේද සැලකිය යුතු චීන ජනගහනයක්   චීන   භාෂාවෙන්ද පොදු ප්‍රවහන සේවා වල නිවේදන කිරීම් දක්නට ලැබේ . කොරියාවේ ඉන්චිඔන් නුවරට ආසන්නව ඇති චීන පුරවරය අවට චීන සංස්කෘතික කෞතුකගරයක්ද දක්නට ඇත . කෙසේ වෙතත් චීන ජාතිකයන් උත්සවන්තය . ඉංග්‍රීසි බසින් අධ්‍යාපනය ලැබීමට මැලේසියාවට ආ  බොහෝ සිසුන් ඉලෙක්ට්‍රොනික පරිවර්තක බවිත කරමින් දේශනවල වචනයක් වචනක් පාසා  තේරුම් සෙව්වා මතකය . කෙසේ වෙතත් branded දේ ගැනීමට වත්කමක් නොමැති තෑගි දීමට හිත ඇතත්  අතමිට සරු නැති අපි වැන්නන්ට නම් චීන  පුරවර  කප්රුකකි .

Saturday, July 19, 2014

අල..


අල  යනු අර්තාපල් යන්නට පර්යාය පදයක් ලෙස යෙදතත් භූගත කදක් හෝ භූගත පලයක් ඇති බොහෝ දේ අල ලෙස හදුන්වයි . ඉන්නල , කුකුල්ල, රජාල, හබරල, බතල  ලෙස අල යන්නෙන්ම අවසන් වෙන අලද බීට්රූට් , කැරට්  අඩි ලෙස අල යන්නෙන් අවසන් නොවන අලද ඇත. පාසලේදී ඉගෙන ගත දේ මෙසේ වුවත් "අල " යන්නට වෙනත්තේරුම්ද ඇති බව වටහා ගත්තේ විශ්ව විද්‍යාලේ පළමු වසරේදී අලයන් සමග වැඩි බජනයට නොයන ලෙස අපේ ගමේ අය්යා කෙනෙකු මට open canteen එක අසලදී තර්ජනාත්මකව පැවසීම සමගය . කොළඹවිශ්ව  විද්‍යාලයට කොළඹ සිසුන් අලයන් වන බවත් බෙන්තර ගගින් එහා අපි වන්නන් එසේ නොවන බවත් පසුව වටහා  ගතිමි . අපිට අලයන් වීමට අවසථාව ලැබෙන්නේ රුහුණු විශ්ව  විද්‍යාලයට  පමණය . දෙවුන්දර දෙසට යනවිට ඇදහැලෙන වැස්සටවත් එයට  ගොස්  නැති නිසා කවදාවත් අලයකු නොවීමි . හපුගල ඉන්ජිනේරුපීඨයේ  උගත් අපේ නංගි  නම් එකල අලියක් වූවාය . කොළඹවිශ්ව  විද්‍යාලයේ  ශිෂ්‍ය සංගම් නිලවරණයෙන් අලයන් දිනුවිට ( මා සිටි අවුරුදු 3ට නම් දින්නෙම අලයන්ය .) open canteen එකේ බත් පතට තම්බන ලද ලොකු  අල බාගයක් වරදින්නේ නැත.

නිකරුනේ කාලය කා දැමීම අල වීමක් ලෙස හදුන්වන් බැවින් අප සියල්ලෝම වරක් දෙකක් හෝ අලයන් වී ඇත. අල වල වැඩිපුර පිෂ්ටය ඇති බැවින් අල වැඩි පුර කෑමෙන්   අල ගෙඩියක් මෙන්ම විය හැක . "අල වගේද ගෝවා ?" යයි සමහරු ඇසුවත් මට නම් ගෝවා අල ලගින් වත් යන්නේ නැත . "අල බහිනකම් ඉවසුවත් අල පැසෙන කම් ඉවසිය නොහැකි" යයි කියන්නේ යම් කරයක අවසාන අදියරේදී නොඉවසිලිමත් වන විටය . කිරට, මිරිසට, තෙලට  මෙන්ම තම්බද  අපි අල කන අපි chips කනවනම් ටිකක් වැඩිපුර වියදම් කල යුතුය . potato chips  යුරොපියන්ගේ ප්‍රියතම කමක් වෙද්දී ඉන්දියනුවන්ද අල බොන්ඩ  මෙන්ම වෙනස් අරසති අල කරි සදයි . එසේම දිළින්දෙකු වේලක් පිරිමස ගැනීමටද බතල, මයියොක්කා ( ලියන හැටි දැන සිටියත් නිවැරදි වචනය google transliteration වලින් වදින්නේ නැත .) වැනි අල වර්ග හේතුවේ . අල හොදි පාන් සමග බෝඩිම් ජීවිතය හා බැදුණු ආහාරයකි . අල සමග අල වීමට කාලය මදි නිසා අල ගැන සටහන  නවතමි .

Friday, July 18, 2014

MH 17


නැවතත් මැලේසියානු ගුවන් සේවයේ යානාවක් සම්බන්ධ ඛේධාන්තයක් ගැන ලිවීමට සිදුවීම අභාග්‍යකි . MH 370 වුණ  තවමත් හරියට සොයා ගෙන නැති තත්වයදී අම්ස්ටර්ඩ්ම්  සිට ක්වාලා ලම්පූර් දක්වා පැමිණෙන ගුවන් යානයක් යුකෙරන්යට ඉහල අහසේදී කඩ වැටී තිබේ . ගුවන් යානයේ සහ මගීන්ගේ ඉරණම පැහැදිලි වුවත් සිදු වූ දේ තවම අවිනිශ්චිතය . සමහරු පවසන්නේ යානය පහලින් ගමන් කිරීමේදී මිසයිල ප්‍රහාරයට ලක් වූ බවයි .සමහරු පවසන්නේ රුසියානු මිස්සයිල වලට ඉතා ඉහල අහසේ ඉලක්ක වෙත ලගා  විය හැකි බවයි .  රජයට මෙන්ම කැරලි කරුවන්  වෙතද චෝදනා ගල එයි . මැලේසියාව එහි ජනයා  අපිට අවුරුද්දක් වෙනසක් නොකර සැලකූහ . මැලේසියානු ගුවන් සේවයේ කිහිප වරක්ම ගමන් කරද ඇත්තෙමි . පිට පිට ගුවන් යන දෙකක් ක්ද වැටීමෙන් ගුවන් සේවය වන හානිය ගැන ඇත්තේ දුකකි . බජු කුරාන් (මැලේසියානු ජාතික ඇඳුම ) හැඳ  කොණ්ඩය කරකවා බැඳ අයහපත් කාලගුණය නිසා නිතරම තේ , කොපි වැනි උණු පාන  වෙනුවට guava juice  වැනි සිසිල් පාන සංග්‍රහ කරන ගුවන් සේවිකන්ගේ සංග්‍රහ මැද පරංගියා කෝට්ටේ ගිය සේ   වැනි වූ ලංකාවට එහා තිබෙන මාලදිවයිනට පැමිණ එහි පැයක් නවතා රෑ මැදියමේ ලංකාවට ආවේ   සාක්කුවට වාසි  නිසාමය.  දුක ඉරණම දන්නා MH  17 හා ඉරණම නො දන්නා MH 370 වේ  ජීවිත ගැනය . යුද්දයක් පවතින රටක සිවිල් ජනයට අනතුරු සිදු වීම නොවැලක්විය හැකිය . යුද්දයකදී වීරයන් බිහිවීමත් ඔවුන් වෙනුවෙන් සිහිවටන බිහිවීමත් සාමාන්‍යය . නමුත් තමන් හතර මායිම වත් නොදන්නා රටක නොදන්නා අරගලයක් වෙනුවෙන් සිවිල් ගුවන් සේවා කලාපයක් තුලදීම  දිවි පිදීමට සිදුවූ නිරායුද වැසියන් වෙනුවෙන් සැබෑ  මානව හදවත් තුල කඳුලින් සිහිවටන බිහි වෙනු ඇත .

Tuesday, July 1, 2014

තේ බීම

..
තේ ගැන මීට පෙරත් ලිය තිබේ . එත් තේ යනු එසේ එක වරකින් පමණක් සැහීමකට පත් විය නොහැකි පානයකි . තේ සෑදීම අපිට නම් මහා කජ්ජක් නොවේ . තේ බීමටද අපි රුසියෝය . අපේ ආගන්තුක සත්කාර්යයට තේ අත්‍යවශ්‍යය . නමුත් තේ පානයේ  හා තේ පිළිගැන්වීමේ ආචාර ධර්ම දැන ගත්තේ කොරියාවේ සම්ප්‍රදායික ගමකට ගිය විටය. සුද්දාගේ Table manners මිස අසියතිකයන්ගේ Tea manners නොදන්නා අපිට මෙය අමුතුය . ඔවුන්ගේ තේ කට්ටලද අමුතුය . pieces ගණන වැඩිය . කේතලයෙන් උණු තේ වත් කර නිවෙන්න තබන්නට තේ කොළ දැමීමට මෙන්ම  තේ පෝච්චියේ මූඩිය තැබීමටද  වෙනම පිගන් මැටි භාජන ඇත. තේ භාජනය අල්ලෙමට , වත් කිරීමට පිළිගැන්වීමට පමණක් නොව , භාජන සේදීමටද වෙනම පිළිවෙත් ඇත . තේ බොන කෝප්ප නම් ඉතා කුඩය . අපේ එක කටකටත් නොසහේ . එත් තේ කෝප්පය අවසන් වන  නැවත නැවත පිරවීමේ සිරිතක් ඇත . මේ කාර්යය නිසි ලෙස කිරීමට නම් අපි දිවා  ආහාරය ගන්නවටත් වඩා වෙලාව යනවාය .ඒත් මේ තුලින් සංයමය ඇති කිරීමට බලාපොරාත්තු වන බවත් පිළිවෙලකට විනයානුකූලව දිවි ගෙවීමට හුරු කරවන බවත් පැවසුණා . තේ භාජන ටිකටත් ඒ තුලින් දිවෙන පිළිවෙත් වලටවත් හිත ගියත් TV බල බල , FB  ඉදන් ,පොත් බලන ගමන් විතරක් නෙවයි වැසිකිලියේ ඉදන් තේ බොන අපේ අයට නම් මේ පිළිවෙත අල්ලන එකක් නෑ

Saturday, June 28, 2014

ජනතා බලවේගයක සංවේදී සැමරුම...


ග්වන්ග්ජු දකුණු කොරියාවේ එක්තරා නගරයක් ..එහි නගර මධයේ ඇති සුවිශේෂී ස්ථානයක් වන්නේ 1980 මැයි 18 සිදුවූ ජනතා නැගිටීම හා සංහාරය සිහිපත් කරන සුසාන භූමියයි. එකල සිටි  පාලකයෙකුට එරෙහිව වීදි බැසි  ජනතාව අමානුෂික ලෙස ඝාතනය කිරීම සිහි ගන්වනු පිණිස එහිදී අමානුෂික ලෙස ඥාතීන් වෙත ලබා නොදී මිහිදන් කල මෘත දේහ නැවත ගෞරවනීය ලෙස මේ ස්ථානයේ මිහිදන් කර තිබෙනවා . සුසන භූමියට ඇතුළු විගස ඇති සිනමා ශාලාවේ මේ සිද්දිය ගැන සැකසු චිත්‍රපටියක් ප්‍රදර්ශනය කරනවා .  සමරු ශාලාව සාදා  ඇත්තේ එහි ඇතුල්වන අයෙකුට තමා 1980 දී එම ස්ථානයේ සිටි බව සිහි ගැන්වෙන ලෙසටයි . වෙඩි හඩ , විලාප හඬ , හමුදා රථ වල හඬ ඇසෙනවා. ශාලවේ ඒ අවස්ථවේ ගන්නා ලද ජයාරූප මෙන්ම පතොරම්, තුවක්කු , මල සිරුරු එතීමට ගත බැග් , ලේ වැකුණු කොරියානු ජාතික ධජ , ඇටසැකිලි , මෙහි දක්නට ලැබෙනවා . මෙය නරබන අයට  හෝ ඥාතීන්ට තම සිතුවිලි ලියා තැන්පත් කිරීමට හැකියි . තවද සුසන් භූමියේ සංකේතය තුලින් මිය ගිය වුන් ගේ නැවත නැගී සිටීම දක්වනවා . පැමිනේනමන්  කොරියානු කර්මයට සුවඳ කුඩු ගිනි මැලයකට දමා ආචාර කරනවා . එහිදී වදන්ය වන සංගීතය සැබවින් අනුවෙදීයි . යම් ශෝකයක් රට පිලිබඳ හැංගීමක් මේ සිද්දිය ගැන කිසිම හැගීමක්  නැති සම්බන්දයක් නැති අයටත් ඇතිවෙනවා . මේ ඝාතනයට නකත්වය් දුන් අයගේ පදක්කම් අහිමි කර සිර දඬුවම් පසු කාලයේදී ලබදී  තියෙනවා . මේ සිද්දියේ දේශපාලන පසුබිම කොහොම වුනත් මේ ස්ථානය නිර්මණය  කර ඇති ආකාරය , එහි ඉදරිපත් කිරීම් මේ ජනතාව වෙත දක්වන ගෞරවය අති විශිෂ්ටයි . දුක දිනා  ජයගත් කොරියානුවන් තම අතීතය අමතක නොකොට තාක්ෂනය බාවිතයෙන් ඒ අයට ගෞරව  ආකාරය නම් අපූරුයි .

Friday, June 6, 2014

e - තැපැල් ..



මට මතක හැටියට මුලින්ම ඉ -තැපෑල ගැන ඉගෙන ගත්තේ ඉස්කෝලේ යනකාලේ " Infotel  Exhibition " එකට ඇවිත් . ඒ Infotel   පටන්  ගත මුල් කාලයේදී ..O /L  ප්‍රතිපල මත ලංකාවේ ඒ අවුරුද්දේ මුල් 1000 ට මේ ප්‍රදර්ශනයේ සම්මන්ත්‍රණයට එන්න අවස්ථාව ලැබුණා . ( දැන් නම් මේ අවස්ථා ගොඩක් විවෘතයි .) ගාල්ලේ ඉඳලා  අපේ පාසලේ  39 ක්ද කොහෙද  කොළඹ  ඇවිත් දේවී  බාලිකා විද්‍යාලයේ නැවතිලා BMICH තිබුණු මේ  ප්‍රදර්ශනය හා  සම්මන්ත්‍රණය බලපු අපි එකේ එක සසියදී ඉ -තැපෑල ගැන ඉගෙන ගත්තා . කලින්  මේ ගැන අහල තිබුනත් වැඩ ප්‍රයෝගිකව ඉගෙන ගත්තේ එහිදීදියි . ඒ කලේ කිව්වේ ඊ -තැපැල් කියලද කොහෙද .(ඉලෙක්ට්‍රොනික්  තැපැල් /electronic  mail  යන නම කෙටි වෙලා ඉ -තැපැල්  යන සිංහල නම බවිත වුනේ පසු කාලේදී )   මගේ පළමු ඉ -තැපැල් ගිණුම ආරම්භ වුනේ විශ්ව විද්‍යාලේ පළමු වසරේ   මුල් කාලේදී .. අන්තර්ජාලය අති සුඛෝපභෝගී වූ ඒ කාලේදී  ත් අපේ විශ්ව විද්‍යාලේ   ශිෂ්‍ය සංගමය මගින් ක්‍රියාත්මක වුන 24-hours  internet  lounge එකක් තිබුණා . ඒ කලේ හැටියට ජෙෂ්ටයන් සමග බජනය සෞඛ්‍යට හානිකර වුනත් ඒ තැනට   ඒ වෙලාවේ duty  හිටිය  ජෙෂ්ට ශිෂ්‍යයා ගේත් උදව්වෙන් yahoo  ගිණුමක් හදා  ගත්තා. හැබැයි mail  බැලුවේ මාසෙකට වරක් විතර ..(දැන් නම් දවසක් මිල් නොබැලුවොත්  mail  10ක්  වෙනවා) attachment  යැවීම් , forward  කිරීම් සුලභ වුනේ නෑ . කතා කලේ පිට රට ඉන්න යාලුවෙකුට විතරයි . දැන් නම් අල්ලපු මෙසේ කෙනාටත් mail forward  කරනවා . තිබුනේ  එකම ගිණුමක් වුනත් password  අමතක වීම් සුලබයි .  දැන් නම් yahoo , hotmail ,gmail , office mail හැමෝටම තියෙනවා . Mail group , distribution lists ,chat පහසුකම් වගේම දින පොතක් ලෙස බවිත කරන්නත් රැස්වීම් හා විශේෂ උත්සව මතක තබා ගන්නත් ඒ පිළිබඳව මතකයට නගා  ගැනීමට  කෙටි පණිවුඩ යැවීමටත්, auto reply යැවීමටත්  පහසුකම් තියෙනවා විතරක් නෙවෙයි ඒවා සුලබව බාවිතා  කරන්න පාසල් ළමයිත් දන්නවා . රාජකාරි වශයෙන් ඉ -තැපැල් පද්දතියක් පවත්වාගෙන යාමේදේ ඇතිවන පහසුව හා ප්‍රශ්නත්  දන්නවා . තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය රාජ්‍ය අංශයේ ඉ -තැපැල් සඳහා නාමකරනයේ  ක්‍රමවේදයකුත්  සකස් කර බාවිතා  වෙනවා . දැන් UCSC  තියෙන ගොඩනැගිල්ලේ පහල මාලයේදී  පළමු ඉ -තැපැල් ගිණුම හදල යවපු මම ඒ කාලයේදී යැවූ ඉ -තැපැල් ගණන ගන්න කලොත් දහස් ගනනක් වෙයි . ඒ වගේම ගොඩක් අයට ඉ -තැපැල් පහසුකම් ගන්නත් රජකරිදීත් පෞද්ගලිකවත් උදවු වෙන්නත් අවස්ථා ලැබුණා. ඉස්සර නම් අපිට ලියුම ආවා. දැන් නම් සුභ පැතුම් ආරාධනා , බිල්පත් ඔක්කොම එන්නේ ඉ - තැපෑල  හරහා . දැනටත් රාජකාරි මට්ටමේ හැර වෙනත් දෙයක් සාමාන්‍ය තැපෑලෙන් එන්නේ නැති තරම් . e -mail  කවිකරියන්ට ගීතත් ලියවුණා . සමහරවිට සාමාන්‍ය තැපෑල පිලිබඳ අත්දැකීම් ඇති අවසන් පරම්පරාව අපි තරමටම ඉ-තැපෑල අද සුලභ , පහසු,ඉක්මන්  හා ලාබදායි වෙලා .

Wednesday, May 28, 2014

කඳු ..




සමාජ අධ්‍යයනය පාඩමට මධ්‍යම කඳුකරය හා ශේෂ කඳු ගැන ඉගෙන ගත්තේ 8 පන්තියේදී . රාජධානි බොහොමයක් පිහිට තිබුනේ කඳු ආශ්‍රිතව . සෙන්කඩගල රාජධානිය ඉංග්‍රීසින්ට යටත් කර ගන්න  අපහසු වෙන්නත් කදු සහිත භූ විෂමතා ලක්ෂණ හේතු වෙන්න ඇති .  සිතියම් ලකුණු කරද්දී කඳු ලකුණු  කරන්නේ දුඹුරු පාටින් ත්‍රිකෝණකරව. ශ්‍රීපාදය , වැඩහිටි කන්ද  කඳු ප්‍රසිද්ධ ඒවායේ ආගමික වටිනාකම් නිසයි . ලෝකයේ උසම කන්ද එවරස්ට් වුනාට ලංකාවේ උසම කන්ද පිදුරුතලාගල.  ලංකාවේ ගිනි කඳු , හිම කඳු නෑ . එත් කුණු කඳු තියෙනවා . වැලි කඳු තියෙන්නේ කාන්තාර ආශ්‍රිතවයි .

අපේ නිර්මාණ සාහිත්‍යටත් කඳු වස්තු විෂයය  වෙලා තියෙනවා. " හපුතලේ කන්ද දැකලා  බඩ  දනවා " කියල කරත්ත කවියක් තියෙද්දී " කන්දේ ලන්දේ .. කියල  ගැමි සිරියාව මවන්නේ රෝහණ බැද්දගේ ශූරින් . " කන්ද උඩින් " එන අය වගේම " කන්ද කපා  පායන හදත් " අපේ ගීත සාහිතයේ හමු වෙනවා .
 " කන්දේ වීදිය " කෘතියට පදනම් වෙන්නේ සෙන්කඩගල පුරවරයලු( තාම කියවලා  නම් නෑ ). "කන්දක් ගිනි ඇවිලෙන්නේ " කියල කවියකුත් සාහිත්‍ය සම්මාන ලබපු පොතකුත් තියෙනවා . ඇත්ත කන්දක් නොවුනත් සාහිත්‍යයේ නම් "චුම්බන කන්ද" ත් හමු වෙනවා.

කන්ද නාමය ගම්  නගර වලටත් ඇවිත් ඇත්තේ ඒ ආශ්‍රිතව කඳු තිබුණු නිසා වෙන්න ඇති . මහනුවර හදුන්වන "Kandy " කියන ඉංග්‍රීසි වචනය බිදෙන්න ඇත්තෙත් "කන්ද" කියන වචනයෙන් වෙන්න ඇති කියල සමහරු විස්තර කරනවා . " දොළු කන්ද " , " කන්දේ වත්ත ", " පින් කන්ද " , "වැලිකන්ද  " ඒ වගේ නම් කිහිපයක් .

 යම් ද්‍රව්‍යක විශාල සංඛ්‍යාවක  එකතුවටත් සිංහලයා  කන්ද කියනවා . " පොත් කන්ද ", " රෙදි  කන්ද " එහෙම යෙදෙන අවස්ථා කිහිපයක්. " පහන් කන්ද පාමුල අඳුරයි " කියල කියන්නේ ලෝකයටම වැඩ සලසන  එලිය දෙන කෙනාගේ ජීවිතය , ගෙදර ඇතුලත් ප්‍රශ්න හරි දුක් හරි තියෙන කොටයි .   දැන් මම මේ සටහන නැවැත්තුවේ නැත්නම් මම "කෙන්ද කන්ද කරනවා" කියල ඔයාලට හිතෙයි .

Friday, May 16, 2014

අඩ දශකයක් ගෙවී ගිය පසු ...



 පස් වන විජයග්‍රහණයේ සමරුවත් ඇවිල්ලා . දැන් නම් යුද්දේ තිබුණද  කියලත් බොහෝ දෙනෙක්ට අමතක වෙලා . කොළඹ  පාරවල් ගණනාවක් වහලා  තියෙද්දී විකල්ප මාර්ග භාවිතා  කරපු, සමහර ගොඩනැගිලි වලට යන්න කලින්ම වාහන අංක කලින් දෙන්න වුණු , නිතර නිතර check  point  වල නැවතී නැවති ගිය අයට සමරුව නිසා විකල්ප මාර්ගයක් භාවිත කරන්න කිව්වත්, පැය  කිහිපයකට පාරක් වැහුවත්  එකත්  කරදරයක් වෙලා කියල පහුගිය කලේ දැනුනා  . යුද්දයට මගේ ළඟ නෑදෑයෙක් ගිහින් නෑ . සමහර යාලුවෝ හමුදා වල හිටියත් ඒ කලේ  වැඩිය FB  ජනප්‍රිය නැති නිසා ඒ ගැන දන ගත්තෙත් පස්සේ.( ඔවුන්ට ඒ කාලේ FBතිබුනත් එන්න විදියක් තිබෙන්න නැතුවත් ඇති ) ඒත්  සටන් බිමට පුතෙක් යවපු අම්මලාගේ හිතේ ඇතිවෙන ගින්දරම දුවල 3 දෙනෙක් විතරක් හිටියත් ඒ තුන්දෙනාම  කොළඹ   රස්සාවල් කරපු , ජීවත් වෙච්ච ,ඉගෙන ගත්ත අපේ අම්මගේ හිතෙත් ඇවිලෙන්න ඇති . බෝම්බය සුලභ අත්දැකීමක් වුනු ඒ කාලේ  කොහේ හරි බෝම්බයක් පිපිරුණු ගමන් ගපි 3දෙන කතා කරලා අපි හොදින් බව දැන  ගන්නත් ගෙදරට කතා කරලා කියන්නත් පෙළඹුණා . සමහර විට උදේ ගෙදරින් පිට වුනම් හවස ගෙදර එනකම් විස්වාස නැති නිසා සමහර දෙමව්පියෝ වෙන් වෙන්ව ගමන් බිමන් ගියේ. ඒ බෝම්බයකින් එක කෙනෙක් නැති වුනත් දරුවන්ට ආරක්ෂාව දෙන්න  ජීවත් විය යුතු නිසා .  අපේ බාලවිය , පාසල් කාලය , විශ්ව විද්‍යාල සමය, තාරුණ්‍යය  අවුරුදු 30කටත් එහා ගිය යුද්ධයක් එක්කමයි . පිටත පේන  බෑග්  වල පොත් අරන් ගිය අපි , කොළඹින් intercity  bus  එකක නැග්ගම පානදුරට  එනකම් check point  4 ක විතර  බැහැ  බැහැ  කොළොඹ  ඉදන් ගෙදර ගිය අපි , හදුනා  නොගත් ගුවන් යානා කොළඹ අහසේ සැරිසරද්දී කරුවලේ හිටි අපි , කොයිතරම් බර බැග්  එකක් අතේ තිබුනත්  වුනත් බෝම්බයට බයෙන් බස් එකට  නැගී කෙනෙක්ගේ බැග් එක ඉල්ලගන්න අකමැති වන තරමටම තත්වයකට පත්වුණා.  ඒ අත්දැකීම විදලා  තමගේ  තාරුණ්‍යය ,ජීවිතය, අවයව පරිත්‍යාගයෙන් අපෙන් පස්සේ  එන හැම ජාතියකම , ආගමකම පරම්පරාවට  ඉතා සොදුරු  ළමා වියක් යොවුන් වියක් ලබාදුන්  අයට නම්  ඉපදෙන්න ඉන්න පරම්පරාවත් ණය ගැතියි . ඉස්සර අපි කිව්වේ "හදවතින් අපි යුදබිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ "කියලා ...දැන් හදවතින් යුද බිමට යන්න ඕනේ නැතත් ඒ  අඳුරු අතීතය   මතක පරම්පරාවගේ හිතට තට්ටු කරලා බැලුවොත් සාමය උදා  කල  විරුවන් කිසි දිනක තනි කරන්න නම් හිතෙන එකක් නෑ ..

Wednesday, May 14, 2014

වෙසක් කූඩු ..



ඉස්සර අපි වෙසක් කූඩු හදන්න ලෑස්ති වෙන්නේ පෝයට සතියකට කලින් ..ගෙදර උණ  හෝ බට නැති නිසා ඒවා ඇති තැනකින් ගෙන්වාගෙන ටිකින් ටික සමතුරශ්‍රකාර  සැකිලි  අම්ම තාත්ත හෝ සීයා හදද්දී   මමත් නූල්  උදවු කරනවා ...වෙසක් දවසට කලින් දවසේ එහෙම හදපු අටපට්ටමට සව කොළ අලවනවා . පුංචි කලේ මේ රැලි පටි  අලවන්න උදවු වෙන අපි ඉතිරි සව කොළ වලින් කොඩි වැලක් හරි දම්වැලක් හරි හදනවා . වෙසක් කූඩුවක් හැදීම ජ්‍යාමිතික දැනුම , හසුරු කුසලතා හා යහ ආකල්ප සංවර්දනය වන ලොකු ඉගෙනුම් අවස්ථාවක් . ඒ වගේම  නිර්මශීලිත්ව, පිළිවෙල ,ඉතිරි වෙන දේ අපතේ නොයවා ප්‍රයෝජන ගැනීම  වගේ ගොඩක්  දේ  ඒ තුලින් ඉගෙන ගන්න තිබුණා . (ඒ ඒ කාලේ ) පස්සේ පස්සේ අපි වෙසක් කූඩු card board  රවුම් එකතු කරලා සෙලොෆෙන් දල හැදුවා . කොහොම වුනත් මේවා ගෘහ ආශ්‍රිතව වුන  ස්ව නිර්මාණ .  හැම ගෙදරම වගේ හදපු වෙසක් කූඩු තිබුණා . හමාර කූඩු වල සැකිලි අවුරු ගනනාවක් තිබුණා . අපි වෙසක් එකට අලුතින් කොළ අලවල ගත්තා . 
දැන් නම් ගෙවල් වල වෙසක් කූඩු හැදෙනවා අඩුයි . ළමයි වුනත් කඩෙන් ගන්න සැකිල්ලකට  කොළ අලවනවා නැත්නම් පර අයිනේ ඕනේ තරම් හැම විදියෙම වෙසක් කූඩු තියෙනවා . මෙයවේ අය කාලය වෙසක් එකත් එක්කම ඉවරයි . ඊලග වෙසක් එකටත් අලුත් කූඩුවක් ගන්න අපි ඒක ගෙදර එල්ලනවා . දැන් නිර්මානත්මක  වෙසක් කූඩු බලන්න නම් වෙසක් කලාපයකටම යන්න වෙනවා . කාර්යබහුලකම , අමු ද්‍රව්‍ය සපයා ගැනීමේ අපහසුව, පසුවෙන් වෙළද පොලෙන් නිමි වෙසක් කූඩු ගැනීමට හැකිවීම ආදිය  නිසා පුංචි කලේ අපි අසාවෙන් බල හිටි  නිදි මරාගෙන   පාප්ප  ගාගෙන  වෙසක්  කූඩු හදල ගත්ත සොදුරු මතකය අද ළමයින්ට නම් නැති තරම්. 

Thursday, May 8, 2014

It is a matter of time ...........


කාලය යනු සැමට සාධාරණ එකම දෙයයි . ඕනෑම කෙනෙකුගේ දිනකට පැය 24 කි . ගැටලුව ඇත්තේ එය යොදා  ගන්නා  ආකාරයයි .  ගෙවීගිය කාලය නැවත ලබාගත නොහැකි සම්පතකි . පස් මහා බැලුම් වල පළවෙනි  බැලුමද  කාලයයි . යමක් ආරම්භයට සුදුසු කාලය පැමිණිය යුතුය. වැරදි කාලයේදී නිවැරදි දේ කිරීමත් සුදුසු කාලයේදී නිවැරදි දේ නොකිරීමත් පලදායි නොවේ . සමහර කාලවල අගය දැනෙන්නේ එය නිමවූ පසුවය . පාසල් කාලය , විශ්ව විද්‍යාල සමය  එසේ අමාරුවෙන්  ගෙවී ගිය  නමුත් අද  ආපසු හැරී බලද්දී නැවත යාමට සිතෙන අවධීන්ය . සමහර දේ කිරීමට ඉක්මන් වුණා  යයි පසු තැවෙන  අපි  ඒ කාලයේ යම් යම් දේ කිරීමට නොහැකි වීම ගැනද පසුතැවිලි වෙමු . සමහර විට එක දවසක , පැයක , මිනිත්තුවක වෙනස ජීවිතයටම බලපායි . යුද්ධය ඇති කාලයේ පැයක  ප්‍රමාදයකින් හෝ කලින් පැමිණීමෙන් බෝම්බයකින් බේරුණු අය  හමුවී ඇත. මමද දිනක වෙනසකින් එසේ  බෝම්බයකින් ගැලවී ඇත . එසේම  ඉතාමත් සුළු ප්‍රමාදයක් නිසා බෙහෙවින් පසු තැවිල්ලට  පත් වීමට සිදු වූ අවස්ථා එමටය . සමහර දේ කොතරම් උත්සහ කලත් අප වෙත ලග වෙන්නේ නියමිත කාලයේයි සමහරු කියති . සමහර කාලවල ඉතා වැදගත් වූ දේ කාලය ගෙවී යාමත් සමග නොවැදගත් වේ . කාලය  විසදුම් දෙන යතුරු බලා  ඉදින්නේ ගැළුවක් විසදීමට බැරිම වූ විටය .  කාලය බොහෝ තුවාල සුව කරන ඔසුවක්ද වන අවස්ථා තිබේ . ඔරලෝසුව , දින දර්ශනය කාලය ගතවීම ගැනඅපිට හඟවයි . අතීතයෙන් පාඩම් ඉගෙන ගත හොත් වර්තමානය සාර්ථක බව පැරැන්නෝ පැවසූහ . එහෙත් අතීතය වර්තමානයේදී ප්‍රතිනිර්මාණය වන අවස්ථාද ඇත . කාලය රන් හා සමාන වුවත් නපුරු කාලයට මිනිසුන්ට එන ගහට පව් පලදී මිස නිම නොවන බවද කියති .    අපි ඉන්න තිබුනේ ඒ කාලයේ නැත්නම් තව ටිකක් පහු වෙලා උපන්න නම් මොකද ? යනු මෙකල ඇත්තන්ගේ කලේ ඇති වචනයකි . මේ සටහනටද කාලය හරස් වීම නිසා මෙතනින් නවතිමි .

Wednesday, April 30, 2014

මෙහෙත් හරි වැස්ස ..



මේ දවස්වල හැමදාම හැමතැනම වැස්ස ..පොඩි කාලේ  කඩදාසි ඔරු පා  කරන්න වහිනකම්  ඉන්නවා . ඉස්සර වැසි දවස්වල ඉස්කෝලේ යන්න තෙමෙන්න ආසයි . දෙපැත්තෙන්  ලොකු ජනේල  තියෙන පන්ති වලින් හිරිකඩ එනවා එතකොට ඩෙස්ක් පේලි අතර ඉඩ නැති වෙන විදියට එකතු කරලා අපි පන්තිය මැදට ගුලි වෙනවා .  දැන් නම් වහිනකොට එලිය බහින්න එපා වෙනවා . වැස්සත් එක්ක  කණු අවහිර වෙලා පාරවල් යටවීම වාහන තදබදය මෙයට හේතු වෙන්න ඇති . ( නැත්නම් වැඩිහිටියන් විදියට වැස්සේ සෞන්දර්යය දකින්න විදින්න බැරි තරම් අපි busy  හෝ matured වෙලා ඇති .) වැස්ස  පදනම් කරගත් කවි කතා නාට්‍ය  ගීත දෙබස් බොහොමයි.  පුංචි කාලේ  කිව්වේ "Rain  Rain  go  away " කියලා ." එහෙත්  හරි වැස්ස ..මෙහෙත් හරි වැස්ස " දයානන්ද ගුණවර්ධන ශූරින් ගේ නරි බෑනා  නාට්‍යයේ එහෙම දෙබසක් තියෙනවා . "අපි සමුගත් පසු වසින්න"  කියල වැසි වලාකුලෙන් ඉල්ලන කාලෙකින් පෙම්වතිය හමුවන පෙම්වතකු ගේ සංකල්පනාවක් වික්ටර් රත්නායක මහතා ගයනවා .  "මුතුකුඩ ඉහලන මල් වරුසාවේ" අතීත මතක අතර ට යන්නේ රෝහණ වීරසිංහයන් .  තමා හැර  ගිය පෙම්වතා  නැවත පැමිණිම  "අකලට වට  මහ වරුසාවකට"  සමාන කරමින්    ගීයක් ගයනවා . "වැහි දිය මහා බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරද? "කියලා   විශාරද දීපිකා  ප්‍රියදර්ශනී  පීරිස්  අහනවා .   එක  කුඩේ යටින් පෙරදා ගිය දැන් වැස්සේ මුවාවක් හොයන ස්වාමි පුරුෂයාට " මේ වහින්නේ එදා මල් වරුසාවමයි"  කියන්නෙත් ඇයමයි . " වැසි වසී  සුළන්  සැරයි -ඔබ තෙම්යි කියා බයයි"එඩ්වඩ් ජයකොඩි ශූරීන්ගේ ගීයක තිබෙන සංකල්පනාවක් .නොක්කඩුවකට පසුව කාන්තාවකගේ මුහුණ සම කරලා තියෙන්නේ ' මහ වරුසාවට පසුව නැගෙන හඳට ' . වචන හරඹයක පසු මුනිවත රකින කාන්තාවක කියන්නේ " මහ වැස්සක් බිමට හෙලා  නිදහස වූ අහසක් සේ " නිසොල්මනේ ඉන්න එපා කියලා .

වැස්සේ රූගත කල ගීතයක් හින්දි චිත්‍රපටි වල නම් අනිවාර්ය  අංගයක් . වර්ෂා  කියලා  නමුත් තියෙනවා . ඒ නමින් කියන නවකතාව මුලදී පොද වැස්සක් වගේ සෞම්‍ය  නිසා කියවන්න ආස  හිතුණත්  පස්සේ මුරුගසන් වරුසාවක් වගේ ඉවරයක් නැති නිසා කියවන්න තිබුණු ආසාව  නැති වුණා . කොහොම වුනත් වැස්ස එදා වගේම අදත් හෙටත් නිර්මාණකරුවන්ගේ සංකල්පනා වලට වස්තු විෂය වේවි .

Sunday, April 27, 2014

සියලු සයන්ස්කාරයෝ ..


මම සයන්ස්කාරයෙක්මි . ඒ A /L  bio  කළ  නිසාය . උසස් පෙළ විද්‍යා විෂයය ධාරා  හදරූවන් සයන්ස්කාරයෝ විය යුතු වුවත්  ජීව විද්‍යා විෂයය ධාරාව හැදෑරු  අය සයන්ස්කාරයෝවෙද්දී භෞතික විද්‍යා  විෂයය ධාරාව හදරූ අය  මැත්ස්කාරයෝ වූහ . ඒ කටවහරේ පහසුවටය . මේ සියලු  සයන්ස්කාරයෝ (සංස්කාරයෝ  නොවේ) A /L  පන්තියට එද්දී වෛද්‍යවරයෙක් වෙන්නට බලපොරොත්තු  වන්නට  ඇත . එත්  ඒ සිහිනය යථාර්තයක් වන්නට ඇත්තේ සුලුතරයෙක් සඳහා පමණි . සිහිනය ලකුණු 8කින් අහිමි වූ මා  විශ්ව විද්‍යලයේදී  vet , agri  අතහැර  bio කළෙමි . දැන් මෙන් නොව එකල bio   cut  off  එක තිබුණේ vet , agri වලට පහලය . මගේ පාරේ ම ගොස් ලකුමු වලට හිමි හෝ ඊට  පහල  වුවත් කැමැත්ත ඇති විශ්ව විද්‍යාල course  තෝරා  ගත්  යහළු  යෙහෙළියෝ බොහෝය . විශ්ව  විද්‍යාල  ප්‍රවේශයට ලකුණු මැදිවූ හෝ කැමති පාඨමාලා  හිමි නොවූ අය අංශක 90 කින් කරකැවී  Law  Entrance  කර නීතිඥයෝ වූහ . එසේ වී පසුව මහේස්ත්‍රාත්වරුන්   අයද මට මුණ ගැසී තිබේ . සමහරු CIMA /Charted  කර ගණකාධිකාරිවරු වුහ . වෛද්‍ය සිහිනය බිද දැමීමට අකමැතිම වුවෝ විදේශ වෛද්‍ය විද්‍යාල වලට  ගියහ ගියහ . සමහරු වෙනත් පාඨමාලා  සඳහා විදේශ ගත වූහ .  A /L  ප්‍රතිපල නිසා bio /සයන්ස්  එපාවූ සමහරු   අංශක 180 භ්‍රමණය වී Arts /Commerce  කර විශ්ව විද්‍යාලයටද ගියහ. අංශක  360 කින්ම  කරකැවී ත්‍රිවිධ හමුදාවට හෝ ඒ සම්බන්ද පාඨමාලා  වලට ගිය සහෝදර වරුද බෙහිවී .  (මින්  බොහෝ දෙනෙක් දැන් ඉහල නිලවල සිටිති )පාසලින් පසු විවද රැකියා මෙන්ම business  සඳහා ගිය අයද සිටී . සිහිනය බොඳ කර   

විශ්ව විද්‍යාල අදයපංයෙන් පසු තරඟ  විභාග සමත් වී ම මෙන් පරිපාලන සේවා හෝ දීප ව්‍යාප්ත සේවා ගිය අය  රැසකි . අපිට කලින් ගිය අය  රටේ මෙන්මන් විදේශ වලද ඉතා  ඉහල තැන්වල සිටිනු දැකීම සතුටකි .  උසස් පෙළ  ප්‍රතිපල මත වෛද්‍ය විද්‍යාලයට පිවිසීම අතිශය දුෂ්කරය . එය මම 
අත්දැකීමෙන්ම දනිමි . ඒ කදිම තරණය කර අද ඊටත්  ඉහල  විභාග සමත්ව රෝගී ජීවිත රැක ගන්නා  සහෝදර සහෝදරියන්ට ආචාර කරමි. නො පසුබට  උත්සාහයෙන්   නුහුරු රටකදී   දුක් විද තම  සිහිනය සැබෑ  කරගෙන  මෙරට හෝ පිටරට සේවය කරන වෛදවරුන්ගේද ධෛර්යය අගයමි . එහෙත් තමා  උසස්  පෙලට  හෝ විශ්ව විද්‍යාලේ උගත් දෙයට සපුරා වෙනස්  රැකියාවල සාර්ථකව නියෙලෙමින් මගේ නොවන මගේම සිහිනයක ඔටුනු පලන් සයන්ස්කාරයන්  ගැන නම් ඇත්තේ  සැබෑ  ආඩම්බරයකි .



Wednesday, April 16, 2014

ගම ගාල්ලේ....




මගේ ගම ගාල්ලේය .  වැඩ බැරි වුනත් ගම ගාල්ලේ කියා කතාවක් ඇත .  යම් කිසිවකට මන් ඉතින් ගාල්ලේ නේ යි කී විට   තරමක් තරහ ගිය මගේ මිතුරෙක් කීවේ  ඔහුට ගමක් නැති බවයි . මව හා පියා වෙනස් ගම වල ඉපිද පියාගේ රැකියාව නිසා වෙනස්ම ප්‍රදේශයක ඉපිද කොළඹ  හැදී වැඩී  රැකියාව නිසා ලංකාවේ හැම තැනම ජීවත් වූ ඔහු කියන්නේ ලංකාවම තමාගේ ගම බවය . මා  දන්නා හැටියට  හැමෝටම ගමක් ඇත . එය උපන් ගම හෝ දිගු කලක් හැදුනු වැඩුණු ප්‍රදේශය විය හැක .  මා  මෙන්ම මගේ පියාද පියාගේ පියාගේ පියාද ගාල්ලේ ඉපදී හැදුනු වැඩුණු  පාරම්පරිකවම  මගේ ගම ගාල්ල  වී ඇත .  මගේ උප්පැන්න සහතිකයේ , හැදුනුම්පතේ මෙන්ම විදේශ ගමන් බලපත්රයේද උපන් ස්ථානය ගාල්ල ලෙසත් ගාල්ලේ මගේ නිවසේ ලිපිනයත් සදහන් වී ඇත . මා  ගාල්ල ජන්ද බල ප්‍රදේශයේ චන්ද දායකයෙකු නිසා ශ්‍රී ලංකා ප්‍රජන්තන්ත්‍රවාදී  ජනරජය ද මගේ ගම ගාල්ල ලෙස සලකයි . ඒ නිසා මම ගාල්ල මගේ ගම ලෙස සැලකීමට නීත්‍යානුකූල බාධාවක්ද නැත .
 මගේ සටහනේ  ගාල්ල ගැන  ලියවෙන්නේ මා  වැඩිපුර දන්නේ ඒ ගැන නිසාය . උදාහරණයක් ලෙස මහින්ද රිච්මන්ඩ් ක්‍රිකට් ගැටුම වෙනුවට රෝයල්  තෝමියන් ක්‍රිකට් ගැටුම ගැන ලියන්න මා  දන්නේ නැත .  මගේ ගමේ පාසල් කාලයේ  තොරතුරු ලිව්වත් ඒවා බේදයකින් තොරව වෙනත් ගම්  වල අයද  සියල්ලෝ රස විඳි බව මා  සමහර ප්‍රතිචාර වලින් දනිමි . ඒ ඔවුන්ගේ පාසල් වල අත්දක්කීම් හා බද්ද  කරගනිමිනි.  මා  ලියු  "take me  home  - country roads " සටහන ගමින් පිටවී ගම ගැන මෙනෙහි කරමින් වෙසෙන සියල්ලන්ම ගැන  සඳහන් කරමින් ලිවීමි . මා  ලියන්නේ මගේ සිතුවිලි නිසා එය ගම පැත්තට බරවීම ස්වාබවිකය .
මා  ජීවත් වී තිබෙන්නේ ගාල්ලේ හා කොළඹ පමණය . ගාල්ලේ ඉපදී හැදී වැඩුණු  මා  දෙපයින් සිට ගත හැකි කෙනෙක් කලේ කොළඹ ගෙන්දගම් පොලවයි .  ගාල්ලේ ඉන්න කාලයේ ගමේ යනවයි අපි අවුරුද්දට ගියේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් මගේ මවගේ මහා ගෙදරටයි .මා  පාසල් කාලයේ සිට ජීවත් වීම අසා  කල නගරය නුවරයි . වඩාම  චමත්කාරයක් ජනිත කල නගරය නම් ත්‍රිකුනමලයයි . නැවත නැවත යාමට ආස හිතෙන්නේ යාපනයේය . දිස්ත්‍රික්ක විසි පහේම මගේ හිතවතුන් දන්නා අදුනන අය  සිටිති .

මාර්ටින් වික්‍රමසිංහ ශූරින් කොග්ගල පදනම කරගෙන් ලියු කතා ලංකාව පුරා  ප්‍රචලිත වූ අතර  මගේ  ප්‍රියතම නව කතා රචිකාවක්  වන සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ බොහෝ නවකතා රත්නපුරය ප්‍රමුඛ සබරගමු පළාත පදනම් වී ඇත . නිර්මාණයක රචිත ප්‍රදේශයේ හතර මායිම් බලනු වෙනුවට නිර්මාණය කියවා  රස විදින්නන්ට  ගාල්ලගැන තොරතුරු මේ සටහනේ අඩංගු වීම   එහි රසයට බාදාවක් නොවුණු ඇති බව මගේ විස්වාසයයි .(photo courtesy - Wikipedia)

Sunday, April 13, 2014

Shopping .....................




අවුරුද්දත් එක්ක ගාල්ලේ මහා වීදියේ වාහන ගමනාගමනයට බාදා  පාර  දිගටම ඇඳුම් ගොඩ ගහලා ... අවුරුද්දට   පෝලිමේ ඉඳලා කොළඹ සාප්පු වලින් ඇඳුම් අරගෙන ගෙදර ආවත්   මන් අවුරුද්ද   දවසට කලින් දවසෙත් රෑ වෙනකම්  අම්මත් එක්ක shopping  යනවා ..අම්මා  එක එක අයට  තෑගි ගන්නවා ..ඒ මන් විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ .......

Sale  ...15% වට්ටම්  තියෙනවලු ..office  එකේ යාලුවෙක් කියනවා ..මන් එතනට ගිහින් පෙට්ටි වල දාල තියෙන සපත්තු ඇද  ඇද  බලනවා ...අවුරුද්දට sale තියෙන බව පාරේ දැන්වීම් ගහලා තියෙන  garment  එකක්  අපි වැඩට යන පාරේ තියෙනවා . වැන්  එකේ ය හෙමෝම හවස ගෙදර එන ගමන් එතනටත් ගොඩ වෙනවා ... මගේ ළඟ තියෙන credit  card  වලට discount  දෙන  shop එකකට ගිහින්   ඇදුම් ගන්නවා ...ටිකක් ගණන් වුනත්  ලොකු ලාබයක් වුන නේද කියල හිත හිත ගෙදර යනවා ........ මාර්තු මාසේ පඩියත්  අවුරුදු නිසා මාසේ මුල ලැබෙන  අප්‍රේල් වැටුපත්  උත්සව අත්තිකරමත් දන්නෙම නැතිව ඉවර වෙනවා ...office  එකේ වැටුප්  දවසට තියෙන පොලෙත්  ලස්සන සාරී  තිබුනම ගන්න හිතෙනවා ..

මස්ජිඩ් ඉන්දියා  දුම්රිය ස්ථානයෙන් බැහැලා  පාර  මාරුවුනම තියෙන සාප්පු ටික ඉන්දියාව ක්වාලාලම්පූර්  වලට ගෙන්වා වගෙයි ..ඉන්දියන් සාරී , විලවුන් , ආලේපන , විසිතුරු මාල  පාර දෙපත්තේම තියෙනව ..මගේ ඇස්  වහන්න මං  උදාරා  අක්කට කියනවා ..එත් යනකොට දෙන්නම බරට බරේ මලු දෙකක් උස්සන් කෝච්චියට නගිනවා ..China  Town  වල බඩු  කියන ගානට වඩා  දෙගුණයක් අඩු කරලා ඉල්ලන්න ...හැබැයි ඒ ගානට අවොත් නොගන ඉන්න එපා ...ඒ අයට තරහ  යනවා විශ්ව විද්‍යාලයේ  මිතුරියක් කියනවා ...හවස් වෙනකොට තවත් ගාන  අඩුයි ඉමේශා  කියනවා ..අපි branded  name  තියෙන  ඒ විදියටම  හදපු බැග් china town  වලින් අරගෙන  එනවා ..අවුරුද්දකින් පස්සේ ලංකාවට එනකොට මැලේසියන්  එයාර්  ලයින් එකෙන් ගහන දඩය ගෙව්වම අතේ රිංගිට් සොච්චමක් ඉතිරි වෙනවා .... " මේ සැරෙත් දඩ නම් sure "convocation  එකට දවස් 2-3ට අවමත්  අපි දෙන්න ගන්න  බඩු  දැකලා   මැලේසියාවේ ඉන්න ශ්‍රී ලාංකික මිතුරෙකු වන  රුවන් කියනවා ..

සිංගප්පූරුවේ orchard  street එකේ LV , Dior  වගේ branded name  තියෙන සාප්පුවලට ගිහින් window  shopping  කරලා Mustapha එකෙන් තොග මිලට තියෙන බඩු  ගන්නවා ..

සරෝජිනී නගර් එකෙන් ලාබෙට සාරී  ගන්න පුළුවන් යාලුවෝ ඉන්දියාවේ යන මට කියනවා ..සම්මන්ත්රණය  සංවිධානය කල අයම  ඒකට එන අයට shopping  යන්න වාහනයක් දෙනවා .. පැයකදී මාගේ මගේ අතේ ඉන්දියන් රුපියල් ඉවර වෙලා සාරී  පිරෙනවා ..dollar මාරු කරන කඩයකින් සල්ලි මාරු කරන් අයෙත් ශෝප්පින්ග් කරනවා .. T  -shirt  එකක් විතරක් ගත්තු මගේ  මාලදිවයින් යෙහෙළිය ඇස්  උඩ  තියල බලනවා ..

මෙහෙන් ගන්න එපා Bali  වල බඩු  ලාබයි ..සුරබයා වල අත්කම් වෙළඳ සැලකින්  තෑගී  භාණ්ඩ  ගනිද්දී ඉන්දුනීසියානු විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙක් කියනවා ... මේවයේ බඩු  quality ද  කියල කියන්න බෑ ..බාලි  දූපත් වල  වෙරළාසන්න සාප්පු වල ඇවිද යද්දී  පලස්තීන සගයෙක් කියනවා ..මන් ඒ කතා අහන්නේ නැතුව තෑගි දෙන්න තියෙන අය  හිත හිත බඩු  ගන්නවා ...ලෝකේ හොඳම shoppers ල ඉන්නේ ලංකාවේ " ඒක දැකල කෙන්යානු මිතුරියක් කියනවා ..අවරුදු නොනගතය එනකම් සාප්පු වල තියෙන පෝලිම් දැක්කම ඒක ඇත්ත කියල හිතෙනවා ..පිටරටක ගිහින් ලංකාවට ආවම  හැමදාම තෑගී  මදිවෙනවා ...ලෝකේ හොඳම shoppers ල  වගේම ලෝකේ තෑගී දෙන්න වැඩියෙන්ම  කැමති අය ඉන්නෙත් ලංකාවේ කියල මට හිතෙනවා

Friday, April 11, 2014

කැවුම්...




අවුරුදු ලං වනවිට කැවුම් වලට ලැබෙන්නේ විශේෂ තැනකි . නිවෙස් වල කැවුම් පිසින්න්ටත් වෙලදපොලේ කැවුම් විකිනීමට තිබීමටත් අමතරව කැවුම් සිංහල හා හින්දු අවුරුද්දේ සංකේතයක් බවට පත්වී ඇත. වෙළද දැන්වීම් වලත් අවුරුදු සංකේත කරන චිත්‍ර හා උත්සව වලත් කැවුම් ඉදිරියෙන්ම සිටී . ම කුඩා කල මගේ ප්‍රියතම රස කැවිලි වර්ගය වුයේ කැවුම් ය . එකල අවුරුදු සමය  මට ප්‍රීතිමත් වීමට හේතු වූ විශේෂ කරුණ වූ යේ  ඔන්චිලි පැදීමට ලැබීමත් කැවුම් කමට ලැබීමත් නිසාය .  කීපයක් තිය අපේ ආච්චි කැවුම් බඳී .  ඒ කැවුම් ඉතා රසවත් වූ අතර නිවසෙන් පිට ලිපක් බැඳ සීරුවෙන් තෙල් හැන්ද හා කූර කරකවමින් කොන්ද කැවුම් සැදීමට ඇ ඉතා දක්ෂය . කූර ලෙස යොදා ගත්තේ පිරිසිදු පොල් ඉරටුවකි . කැවුම්  සාදා  ඒවා තෙල් බේරෙන්න තැබුවේ   එලන ලද කිරි ගොට්ට මතය . දැන් මෙන් plastic  සුලබ නොවූ එකල  කිරි ගොටු සද තිබුනේ වේවැල් පතුරු වලිනි  කේතු හැඩයටය . (ඒ  නිසාම  ගණිතය පාඩමේදී  කේතුවට සැබෑ  ජීවිතයේ උදාහරණ ලෙස කිරි ගොට්ට මතකයට නගා  ගැනීම අපහසු නොවිණි.  දැන් නම් කේතු ආකාර  කිරි ගොටු දුලබය.) සාදන විටම උණු උණු කැවුම්   තෙල් බේරුණු පසු කිරි   ගොට්ටෙන් ගෙන  මට දීම ආච්චිගේ සිරිතය . පසුව කැවුම් සියල්ල නැවුම් මුට්ටියක දම කඩදාසියකින් කට බැඳ   අවුරුදු එන තුරු තබයි .  ආච්චිගේ උකුලේ වාඩිවී  පිටි මිශ්‍රණයෙන් ටිකක්  දම පොඩි කැවුමක් තනියම සැදුව මතකය . සැදීම අමාරු කොන්ඩ කැවුම් හදන හැටි මට ඉගැන්න්වීමට සිත හිටි ආච්චි මා එතරම් ලොකු වන තෙක්  ජීවත් නොවීය . ආච්චිගේ මරණින් පසු අපේ ගෙදර කිසිවෙක් කැවුම් පිස නැත .  මුල් කාලයේදී ආච්චි මතක් වීම එසේ නොකලත් පසුව කාර්යබහුලත්වය , සැදීමේ අසීරුකම ,  වෙළද පොලෙන් කැවුම් මිලදී ගැනීමට හැකිවීම එයට හේතු වන්නට ඇත . වෙළඳ පොලෙන් ගත්තත් කාට  හෝ කියා පිස ගත්තත්  වෙනත් ස්ථානයකඩේ කෑමට  ලැබුනත් ඒ කිසිම  කැවුමක් ආච්චිගේ කැවුම් මෙන් රසවත් නැත . ආච්චි කැවුම් පිසිද්දී ඒ හා බැඳුනු කතාද කීවාය . කුස ජාතකය ගැන මට කියා දුන්නේද එබඳු අවස්ථාවකදීය .  නාට්‍යනුසරයෙන්  දක්වමින්  දෙබස් කියමින් ආච්චි කියන මේ කතා කැවුම් තරම්ම රසවත් විය . මා   තුල යම් නිර්මනශීලිත්වයක් ඇත්නම් එය පෝෂණය වන්නට ඇත්තේද ආච්චිගේ තුරුලේ මේ කතා ඇසීමෙන් විය හැක . කෙසේ වෙතත් ආච්චි  අලුත කැවුම කෑමට  ලැබෙන විට ඒවා ආච්චිගේ කැවුම් තරම් රස නැති බව අපි  සැවොම කීමු. දැනුදු සමහර විට කැවුම් කද්දී ආච්චි සිහිපත් කරන අවස්ථා වේ. කැවුම් කමට මගේ ඇති රුචිය නැතිවී ගියේ ආච්චිගේ මරණයත් සමගය . මා  දැන් කැවුම් කන්නෙම නැති තරම්ය .  කොළඹ නේවාසිකව සිටි කාලයේ මගේ කැවුම් වලට පෙර වූ රුචිය දන්නා අම්මා  කොහෙන් හෝ කැවුම් ලැබුනොත් එක කැවුමක් හෝ ම එනතෙක් සඟවා තබා ගත්තද එය කෑමට  වත් එතරම් ආසාවක් නොවිනි. බදින  විටම උණු උණු කැවුම් කෑමට  ජීවිතයේ ඉදිරියේදී අවස්ථාවක් ලැබෙයිදැයි සැකය . එසේ ලැබුණත්  ආච්චිගේ ඇකයේ සිට රස කතා අහමින් රස විදී කැවුම් නම් මතකයක් පමණය .

Wednesday, March 26, 2014

Big Match එකෙන් පසු .


..
  මාර්තු මාසය Big  Match සමයයි ..Big  Match පාසල් වල සිසුන්ට එය annual  event  එකකි ..අපේ පාසල Big  Match වලට‍  අදාල නොවුනත් එකල මහින්ද -රිච්මන්ඩ් ක්‍රිකට්  ගැටුම අපටද annual  event  එකකි....අපි මේ පිළිබඳව කොතරම් උනන්න්දුද යත් නව ගොඩනැගිල්ලේ කෙලවර වූ 11 පන්තියට අපි ගිය දිනම අපේ මිතුරියක් පැවසුවේ "නියම  පන්තිය ..ශෝක්  එකට සයිකල් පෙරඩ්  එක බලන්න පුළුවන් යනුයි " ( අපේ පැතුම් බොඳ කරමින් සයිකල් පෙරඩ් එකට පෙර  අපේ පන්තිය රිජ් ගොඩනැගිල්ල වෙත මාරු කිරීම වෙනම කතාවකි ) කෙසේ වෙතත්  දෛවෝපගත හෝ සැලසුම් සහගත ලෙස අපේ පාසලේ වාර්ෂික දානය  හා පිරිත මේ දිනවලම යෙදන හෙයින් අපිට big  match  අත්දැකීම් වැඩිපුර ලැබේ . මං   පාසල් යන කලේ නම් ඔය තරගය කවදාවත් කවුරුවත් දිනුවේ නැත. දිනුවේ නැති වුනාට  එහි  අශ්වාදයේ අඩුවක් තිබුනේ නැත . කොටු පවර උඩට වී හෝ නගරයේ සංචාරය කල  පාසල් දෙකෙහි සිසුන්ටද (ගාලු මහජන ක්‍රීඩාංගනයට  වඩා  සමහර විට ප්‍රේක්ෂකයෝ අපේ පාසල  අවට සිටි අවස්ථාද තිබිණි .)  තරගයේ ජය පැරදුම එතරම්  වැදගත් වී තිබුනේයැයි නොසිතමි .  එකල නම් ඔරලෝසු කණුවේ හෝ නගරයේ කොඩි දැමීමේදී සිදුවූ සුළු සිද්දියක් හැර ගැටුමක් දකින්නටම නොවිණි. තිබුනද ඒවා තරගයෙන් පසු කාටවත් මතක තිබුනයිද නොසිතමි . එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "ආදර සටනක් " විය  .මෑත බාගයේදී පිට පිට වසර දෙකක් ම ක්‍රීඩා පිටියට නරබන්නන් කඩ වැදී තිබුණි.  කවුදෝ කියා තිබුනේ ගාලු පෙම්වතුන්  දැන් විවාහ වී ඇති නිසා ආදරය ගිලිහී ගොස් දරුණු සටන් ඇති වූ බවයි . මෙවර විනිසුරු තීරණය අනුව රිච්මන්ඩ් විදුහල ජය ගත්තද ජයග්‍රහණය අභිමුව සිටි ඔවුන්ට වඩාත් ආශ්වාදනීය  ජයකට යාම ප්‍රේක්ෂක බාදා  නිසා අහිමි වූ බැව්  හැඟිණි .  ඒ කෙසේ වුවද big  match  එක දැන් ඉවරය . අයෙත් එන්නේ ලබන වසරේය . එතෙක් face book හා වෙනත් මාධ්‍ය මගින්   සිද්දිය නැවත නැවත හෝද හෝද  මඩේ  දැමමීමත් පහර ගැසීමත් මේ පෙම්වතුන් දෙපලටම හොඳ මදි බව අල්ලපු ගෙදර එකෙක් වන මගේ සිතිවිල්ලයි . කවුදෝ කියූ ලෙස ගාලු පෙම්වතුන් දැන් විවාහ වී වියපත් වී ඇතත් අපි නම් ඉගෙන ගෙන ඇත්තේ දෙන්න දෙමහලන්න්ගේ රණ්ඩු  බත් හැලිය  ඉදෙනකම් විතරක් කියාය ....

Friday, March 14, 2014

තේ ...

තේ ගැන මුලින්ම ඉගෙනගෙන  තියෙන්නේ ලංකාවේ ප්‍රධාන  අපනයන භෝගය ලෙස ..උඩරට , මැදරට , පහතරට කියල තේ වර්ග 3ක් ගැන ඉගැන්නුවා ..තේ වල උද්භිද විද්‍යාත්මක නාමය Camilla  thea කියල ඉගෙන ගත්තේ උසස් පෙළ පන්තියේදී ....ඒ සේරටම කලින් ඉස්කෝලේ යන්නත් කලින් තේ වල හා සුවද  ගැන දන ගෙන හිටියා ..එක එක්කෙනා තේ හදන විදියත් තේ බොන විදියත්  වෙනස් ..කොඉතරම් මෝල්ටඩ් මිල්ක් , චොක්ලට්  පවුඩර් දැම්මත් ඒ මොනවත් නැතුව  අපේ අම්ම හදන තේ එකේ රස ලගින් යන්නවත් මට තේ හදන්න බෑ ..අපේ ආච්චි ඉන්න කලේ තේ හැදුවේ හැන්දෙන් කලත කලත  හරියට තේ කඩේක තේ හදනවා වගේ ..ඒ දවස්වල අපේ ගෙදර උදව්වට හිටි ගැනු  ළමයා  උණු තේ එක  මාරුවෙන් මාරුවට භාජන 2කට වත් කරලා නිවල දෙනවා ...පෙනත් එක්ක තියෙන ඒ තේ බොන්න ඒ දවස්වල මන් හරිම ආසයි ...  මැලේසියාවේදී අපේ විශ්ව විද්‍යාල කැන්ටිමේ ඉන්න චීන ආන්ටි  දිගට ඇදපු තේ එකක් "තේ තරීක් " කියල දෙනවා ..

මගේ මිතුරියක් කිරි දාල  තේ බොන්නෙම නෑ ..ඉන්දියාවේ තේ දෙන්නේ කිරි උණු කරලා දාලයි ..චීනේ  කොරියාවේ green  tea  ජනප්‍රියයි ..චීන අවන්හල් වලදී (මේවා හැම හන්දියකම තියෙන ඒවා නෙවයි ඔරිජිනල් චයිනීස් ) green  tea  කෝප්පය බීල ඉවර වෙන විටම නැවත පුරවනවා ...කසකස්ථානයේ ය බොන්න කැමති ice tea ..

ඉස්සර මන් plain tea  බොන්නේ  නෑ ..සැර  කෑමක්   කාල උණු උණුවේ ඉගුරු දාපු  plain tea එකක් බිව්වම තියෙන රස දැනගත්තේ රස්සාවට ආවම ...campus  හොස්ටල්  ඉන්න කාලේ පාඩම් කරරනකොට බඩගින්න නිවාගන්නත් නිදි මත නැති කරගන්නත් අපි තේ බිව්වා ..දැන්නම් රෑට  බොන්නේ Green Tea ..ඒ ශරීරයේ බර අඩු කර ගන්න ...

ලෝකේ පුරාම ඉස්තරම්ම් තේ ලෙස ලංකවේ තේ ජනප්‍රියයි ..වතාවක් පිටරටකදී මගේ ඊජිප්තු  මිතුරියක් මාව  චීන මිතුරියකට අදුන්ව දුන්නේ "ශී  ඉස්  ෆ්‍රොම්  සිරි  ලංකා ..යු නෝ සිරිලන්කන්  ටී " කියලයි . මුලින්ම විදේශ  රටකට ගිය වෙලාවේ hotel  room  එකේදී පාලුවෙන් වටපිට බලද්දී .මේසයක් උඩ  හොඳට දන්නා කෙනෙක් .." Pure  Sri  Lankan Tea "...ලෝකේ  හිටියත් තේ කොප්ප්යත් එක්ක අපි අපිට සුපුරුදු රස , සුවද , උණුසුම විදින්නේ එහෙමයි ..

ඉස්සර නම් තේ වලට  වැනිලා , ඉගුරු වගේ දේ විතරයි ...එත් දැන් විවිද පලතුරු රසිනුත් තේ එනවා ..විශේෂයෙන්ම දෙහි දාල  හදන ice lemon tea තියෙනවා ..ඒ වගේම සමහර තේ වලට පිච්ච ආදී මල් වේලලත් මුසු කරනවා ..කොහොම වුනත් විඩාපත් දවසක අවසානයේ තේ කෝප්පයකින් ලැබෙන ප්රෝබදමත් බව නම් කියලා  නිම කරන්න බෑ .. මම යනවා තේ එකක් බොන්න ...



Monday, March 10, 2014

MH 370



මැලේසියානු ගුවන් සේවයට අයත් MH 370 ගුවන් යානය  සෙනසුරාදා අතුරුදහන්  වුණා . තවමත් යානයට වූ දෙය ගැන නිසි තොරතුරක් නෑ . විදේශගතවූ  අවස්තාවන්හීදී  වැඩිම වාර  ගණනක් Malaysian  Hospitality (MH ) වින්ද කෙනෙක් විදියටත් වැඩිම කාලයක් ලංකාවෙන් පිට ජීවත් වූ රට ලෙස මැලේසියාවට ඇති කැමැත්තත් නිසා මේ සිද්දිය මගේ සිත  සසල කරන්න ඇති . අපි මැලේසියානු ගුවන් සේවය බොහෝ  බාවිතා  කලේ එය සාපේක්ෂව ලාබදායි  වූ නිසා . Air  Asia  එයට වඩා බෙහෙවින්  ලාබදායි වුනත් ටිකට්පත්  අවලංගු කිරීමට   මිස ගමන් වාරය  වෙනස් කිරීමට නොහැකි වීමත් budget airline  පිලිබඳ  එතරම් විස්වාසයක් හෝ අත්දැකීම් නොමැති වීමත් අපේ තේරීමට හේතු වෙන්න ඇති . බොහෝ විට අපි ලංකාවට මාලේ  හරහා මාලේ ගුවන් තොටුපලේ  නවතා  තිබෙන පැයක  කාලයේදී ශ්‍රී ලංකාව   බලා  යන මගීන්ට එලියට යන්න  දෙන්නේ නෑ . එත් මාලදිවයින් ජාතිකයන් යානය පිරිසිදු  කිරීමේ කටයුතු වල නිරත වෙනවා . පරංගියා  කෝට්ටේ  ගියා වගේ  ලංකාවට  රවුම් පාරකින් එන මේ ගමනේ ක්ගුවන් කාලය දීර්ග වුනත් දූපත් ගොඩකින් සමන්විත මාලදිවයිනට රාත්‍රී කාලයේ ගොඩ බසින  විට දක්නට ලැබෙන දර්ශනය නම් ඉතාමත් අලංකාරයි . රාත්‍රී විදුලි ආලෝකය යටතේ ගුවන් යානයේ සිට මෙය ජායාරූප ගත කිරීමට බොහෝ වරක් ගත්  උත්සහය අසාර්ථක වුණා .  කලෙක ඉන්දුනීසියාවේ සිට මලයාසියාව හරහා ලංකාවට පැමිණීමේදී මේ route  වෙනස් වී කෙලින්ම කොළඹ බලා  ආවා මතකයි .
කොහොම වුනත් ඉතාම දුකින් පවුලේ අයගෙන් වෙන්වී  පැමිණ ඊටත් වඩා දුකින් සහෘදයන් ගෙන් වෙන්වී පැමිණි ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අතුරුදහන වූ ගුවන් යානයේ මගීන්ගේ නෑ  හිත මිතුරන් රැදී සිටිනු දැකීම අතිශය දුක්බරයි.  ආරක්ෂාව අතින් ඉතා ඉහල තැනක  තිබෙන ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ  එක ස්ථානයකින් එහාට  දියර වර ගෙනයන්නත් බෑ . අපි ගෙනයන චූටි වතුර බෝතලෙත් එතනදී බීල ඉවර කරලා flight  එකේ drinks  දෙනකන් තිබහින් ඉන්නවා. ඒ වගේ තැනක අනුන්ගේ passport  එකකින් වෙනත් 2කු  ගුවන් යානයේ යාම සිත ගන්නවත් අසීරුයි .කොහොම වුණත්  මේ අසීරු මොහොතේ එකිනෙකට චෝදනා නොකර ගනිමින් ජාතියක් ලෙස එකට සිටින මලෙසියා නුවන් ගෙන තිබෙන්නේ පහන් හැගීමක් .  සර්ව ආගමික නායකයුනුත් මෙයට එක්  වී සිටියා . කොහොම වු නත් තවමත්  බලා  සිටින්නන්ගේ හදේ  ගිනි නිවාලන සැනසුම් සහගත ආරංචියක්  MH  370 ගැන  ලැබේවායි මාත්  ප්‍රර්ථනා කරනවා.