Friday, August 22, 2014

විභාග මාසය ..


අගොස්තුව විභාග මාසයකි . අගොස්තුව ඇරබෙන්නේ  පාසල් ජීවිතයේ අවසාන කඩයිම  වන අ .පො .ස .(උසස් පෙළ ) විභාගය සමගය . අපේ කාලයේදී නම් 1 ලකුනකින්ද දැන් කාලයේ නම් 0.00... කින්ද ජීවිතයේ ඉරණම තීරණය කිරීමට මේ විභාගයට හැකිය . අවරුදු 2ක් පුරා  වෙහෙස , නිදි වරීම, tution , practicals , theory , revision  සියල්ල පවා 2-3 කදී සම්පින්ඩනය කර ගැනීමට බොහෝ යට නුපුළුවන . නැත්නම් එසේ කලද විභාගයේ තරගකාරිත්ව නිසා එහි ප්‍රයෝජනයක් නැතිව යයි . වසර 13ක පාසල් කාලය නිම වන්නේද මෙයින් පසුව නිසා බොහෝ දෙන විභාගය අවසන් ද හඬා සමු ගනිති . අපේ කාලයේ නම් ප්‍රතිපල බලන්නටද පාසලට ය යු තුම නිසා නැවත වරක් ඇඩීමට (ප්‍රතිපල නරක වීම හෝ පාසැල හැර යාම නිසා ) අවස්ථාව  හිමිවේ . දැන් නම් ප්‍රතිපල internet  එකෙන් බලන නිසා පාසල් යායුතු නැත . එසේම Facebook , google , e -mail , mobile මේකී නොකී උපාංග ඇති නිසා පාසලින් වෙන් වූවාය කියා මිතුරු මිතුරියන් ගෙන් දුරස් වන්නේද නැත .
අගොස්තුවේ ඊළඟට  පැවැත්වෙන්නේ මවුවර්න්ගේ විභාගය වන ශිෂ්‍යත්ව විභාගයයි . ජනප්‍රිය යයි සම්මත පාසලකට 1 වසරේ සිට ගිය නිසා  ශිෂ්‍යත්වය අපිට එතරම් වැදගත් වූ යේ  නැත . එත් pass  වුන බව මතකය . ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව පාසලට එන සිසුන්ගෙන් සමන්විත පන්තිය හා අපි අවත මුසු වූ යේ 9 වසරේදීය . සැබෑ  බ්‍රයිටන් වූ මොවුන්ගේ දක්ෂතා අවතක්සේරු කල නිසාම හැමදාම 5න්  ඉහල ස්ථානයක් ගත මා  15 ස්ථානය වෙත විසිවී ගියෙත් මේ 9 වසරේදීය . ශිෂ්‍යත්වයෙන් සමත් වූවන බොහෝ දෙනෙක් O /L  , A /L දීත් මේ තත්වය තබා ගත්තාද හැලුනොද බොහෝය . කෙසේ වුවත් විභාග මාසය අවසන් වීම සිසුන්ට නම් සහනයකි ..

No comments:

Post a Comment