Tuesday, December 23, 2014

අවිනිශ්චිත තාවයේ දිනය හෙවත් සුනාමිය ..





දිනය 2004-12-26...නත්තලට පසුදා ..නැත්නම් පෝය දිනක්....ඒ වගේම සති අන්තයක් ...බොහෝ පිරිස් පාසල් නිවාඩු කලෙයත් නත්තල් නිසා ලැබෙන විරාමයත් ප්‍රයෝජනයට ගෙන සංචාර වල ..විශේෂයෙන් දකුණු වෙරල තීරයේ ... උදේ 9ය පසුවී සුළු මොහොතයි .. විශාල ශබ්දයක් ..මිනිස්සු  සිටි අන්දුමින්ම පාරේ දුවනවා .. වාහන නලා  හඬවමින් යනවා..ත්‍රස්තවාදී ප්‍රහාරයක්ද ? මූද ගොඩ ගලනවා කවුදෝ කියනවා ..නිමේෂයකින්  වක්වැල්ල පාරෙත් අඩි  2-3ක් උසට මූදු වතුර එනවා .. පර දන්නේ නැති වුනත් මිනිස්සු කන්ද නගාගෙන අපේ ගෙදරට එනවා..වතුර ආ  වේගයෙන්ම බැස යනවා .. නැවත මිනිස්සු මූද දෙසට  යනවා .. සුළු මොහොතින් පෙරටත්  වඩා  විශාල දිය දහරක් ගල එනවා.. ඉන්පසු ඔක්කොම නිසලයි.. මන් ගාල්ලේ එන්න අපු මිතුරන් පිරිසක් හරවල යවනවා .. ඔව්න් මගේ කීම විශ්වාස කරන්නෙත් නෑ ..මන් මුළු රටටම්  මේ තත්වය  ඇති බව දන්නෙත් නෑ ..එත් ඔවුන් ආපසු යනවා ...විදුලිය , ජලය , ස්ථාවර දුරකථන විසන්ධියි ...මිය ගිය ගනන ..අතුරුදහන් වූ ගණන කවුරුවත් දන්නේ නෑ ... සවස අතරු පරවල තියෙන මල සිරුරු ..ප්‍රදාන පාරට ගෙනවිත් දෙන්න කුඩාවූ කරන්න කියලා  ගාලු නගර සබාවෙන් නිවේදනය කරමින් යනවා ... බොහෝ මනුෂ්‍යන් විපතට පත් වූ වන්ට පිහිට වෙද්දී .. ඔවුන් කොල්ලකන අවස්ථාත වාර්තා වෙනවා .. මිය ගිය නෑ නොනැ .සියලු දෙන පොදු මිනි වලක් භූමාදානය  වෙනවා ..

අයෙත්  වතුර එයිද දන්නේ නෑ ..ඒ ගැන හරියට කියන්න කාටවත් බෑ ...මාධ්‍යයෙන් වෙරළාසන්න යට ඉවත් වෙන්න කියනවා ...පර අයිනේ ගෙවල්වට අය යනවා ..කන්ද උඩ  අපි කීප දෙනෙල් ඉතිරි වෙනවා ..ජීවිතය පතා  අපේ ගෙදරට අපු අයට තේ හදල රෑ වෙද්දී ගෑස් ඉවරයි ..අපි දර ලිපක් හදගෙන යන්තම් දෙයක් කාල ..අවිනිශ්චිත නිදි නැති රැයක් ගත කරනවා .. අපේ නෑ  හිත මිතුරන් විපතට පත් වෙළද දන්නේ නෑ ..අපි හොඳින් කියලා  අනෙක් යට කියන්න විදියක්  නෑ ..ලොකු කුඩා  දුප්පත් පෝසත් හැමෝම අසරණයි ..මිනිස්සු රාශියක් එක්ක දුම්රියක් තෙල්වත්තේදී අනතුරට ලක් වෙනවා ..යකඩ යකා වත් කුඩා ගිනි පෙට්ටියක් වගේ විසි කර දමන්න රල පහරට හැකි වෙනවා ..

 පස්සෙන්දා  උදේ පාරේ බෝට්ටු.. ගෙවල් වලින් පාවී අ දේ ..මල සිරුරු තියෙනවා.. විශාල මහරුවර තුන් බිය ගැන ලියවුන් කවි සිහියට එනවා ...විද්‍යාලෝක විද්‍යාලය ..ලග light  කණුවක් උඩ මෝටර් රථයක් ..දවස 2කට පස්සේ නගරයට ගියාම එක කානත්රයක්... දිගම බස් නැවතුම්පොළ තිබුණු තැන තියෙන්නේ නටබුන් සහිත සමතල පිටියක් ..ක්‍රීඩාන්ගන්යේ වැට නෑ ..ඇතුලේ සුන් බුන් ...ඉතිරි වූ light  කණු තාප්ප බිත්ති වල  නැතිව ය සය දෙන්න ..තොරතුරු දෙන්න කියලා නිවේදන අලවල .. දුහුවිල්ල් , ගද හැම තැනම ..ගොඩනගිලි නැති නිසා ඉර අව්වුව ඉතාම සැරයි .. නගරයේ ඇති බුදු පිළිම හා සිද්ධස්ථාන විතරක් අශ්චර්යවත් ලෙස ඉතිරි වෙලා ..අපි දන්නා අදුනන බොහෝ අය  මිය ගිහින් ..නැත්නම් සදහටම් අතුරු දහන් ..අපි බදු ගත්ත කඩ නෑ ..බදු ගන්න ඈත කඩේකට යන්න වෙනවා ..අකුරල පාලම කැඩිලා ගාලු පාරේ වාහන ධාවනය නැවතිලා ගාල්ල කොලම්බෙන් හුදකලා වී වෙන් වෙනවා..මුදල් වල කිසිම වටිනාකමක් නැති වෙනවා ..
ටිකෙන් ටික   හම දේම යතා  තත්වයට පත් වෙනවා ..ගොඩනැගිලි තිබුනට වඩා  හොඳට හැදෙනවා ..මිනිස්සු නවත් තමගේ සුපුරු සටහන වල පදිංචියට යනවා ..රැකියා වලට යනවා ...තෙල්වත්තේදී කෝච්චිය පෙරලුනු තැන මියගිය අයගේ නැ හිතවතුන් ස්මාරකයක් හදනවා ..පසුව භාමියන් බුදු පිළිමයක් එතන ඉදි වෙනවා ..මිය ගිය වුවන් ගැන  සිදු වූ දේ ගැන මතකය පමනක් ඉතිරි වෙනවා .. මිනිසුන්ට බොහෝ පාඩම් කියාදුන් ඒ අවිනිශ්චීත බාවයේ දවස එනම් සුනාමිය උදාවී මේ දෙසැම්බර් 26 දට හරියටම වසර දහයයි ......

No comments:

Post a Comment