Friday, December 5, 2014

නොගොස් එන්නට බැරිය ............




අපි ගාල්ලේ සිටියදී නම් සිටියේ මහ ගෙදරය . පාසල් ගියේද එහි සිටිය . නමුත් කොළඹ පැමිණි පසු මම නවතන් දුසිමක පමණ සිටියෙමි . මුලින්  පිට කෝට්ටේ මාමලාගේ නිවසේද , පසුව ගංගාරාමය සමීපයේ වූ මුත්තයියා පාර නෙවසිකගරයේද විසුවෙමි . පසුව M .Sc  කරන කල පුංචි බොරැල්ලේ නවාතැන්  2 ක විසු මම කොළඹ රැකියාව ලත් පසු කලක් මාලඹේ ද රට ගොස් ආ  පසු  තල්වතුගොඩ ද විසීමි . අම්මලා කොළඹ පැමිණි පසු ගල්කිස්සේද විසු මන් මෑතකදී පන්නිපිටියට පැමිණියෙමි . කොළඹදී පැපිලියානේ නිරෝෂි ගේ නිවෙසේද හදිසි අවස්ථා වලදී නැවතුනු කාලයක් විය . පුහුණු සඳහා ගිය විට මීපේද , SLIDA  හා SLFI ද අඩු වැඩි වශයෙන් නැවතී ඇත්තෙමි . සේවා අවශ්‍යතා මත කොළඹින් පිට යාමේදී බොහෝ නවතන් විය .  කාලයක් BUKIT JALEEL  හි Vista හීද විසීමි.  සමහර පිටරට පුහුණු , සංචාර වලදී හෝටල් කාමර සති ගණන් වාස භූමිය විය . නිතර නැවත මාරු කිරීමට හුරු වූ පසු අසල්වැසි සම්බන්දතා හීන වූ අතර නිවාස ගැනද භෞතික දේ ගැනද ඇල්ම අඩු විය .උපේක්ෂාවද  හුරු වීමි . ඉතින් නොගොස් එන්නට බැරිය ..නෑවිත් යන්නට බැරිය ..ජීවිතයේ ඇත්තේ යම් ඊම් පමණි .

No comments:

Post a Comment