අද උදේ office යන්න ලෑස්ති වෙද්දීම ආවේ අසුබ ආරංචියක් ..ගුවන් හමුදාවට අයත් යානයක් හෝකන්දර දී කඩා වැටුන කියල කියවුණා . නියමුවන් ඇතුළු 4 දෙනෙක් මිය ගිහින් එක් අයෙක් තුවාල ලබා රෝහල් ගත කරනවා . ඒ පැත්තේ ගෙවල් වල මිනිස්සුන්ටත් කරදර ද දන්නේ නෑ . මට හිතෙනවා . අමුතු පිළිස්සුම් ගදක් අපි ඉන්න ප්‍රදේශය වෙතත් දැනෙද්දී මම office යනවා . දන්නා අදුරනගුවන් නියමුවන්ට කතා කරලා අනතුරට පත් යානයේ ඔවුන් සිටියේ නැති බව තහවුරු කරගන්නවා .
අනතුරට හේතුව කුමක් වුනත් මම පුදගලිකව දන්නේ නැති ගුවන් නියමුවා යානය ජන ශුන්‍ය ප්‍රදේශයකට යොමු කිරීමට උත්සාහ කිරීම තුලින් අධික ජීවිත හානියක් වැළකීම ගැන ප්‍රවෘත්ති බලද්දී හා මූණු පොතේ කියවෙනවා .ගුවන් යානා හැසිරවීමට අදාල තාක්ෂණික පැත්ත ගැන මගේ දැනුම ඍණ අගයක් ගන්නවා . ගුවන් යානයෙන් eject වෙන්න හරි සාමාන්‍ය ජනතාවගේ භාෂාවෙන් කියනවනම් පනින්න හරි ක්‍රමයක් තිබුනද කියන්න මම දන්නේ නෑ .එත් හෝකන්දර කියන්නේ residential area එකක් .. නිවාස තියෙන පැත්තකට යානය කඩා වැටුණා නම් එය මීරියබැද්ද නාය යාමටත් වඩා ඛේදවාචකයක් වෙන්න ඉඩ තිබුණා . පුවත් වෙබ් අඩවි වල වාර්තා වන විදියට ගුවන් නියමුවා විවාහ වී මාස 2ක් වත් නැතිලු . කොහොමවුනත් තමන් දැවෙද්දී අනිකුත් සාමාන්‍ය ජනයා ගැන හිතලා ගත්තු තීරණය අති විශිෂ්ටයි .
මන් මේ සටහන් පෙලේ "තත්පරයකදී ජීවිතය දැවීයාම " ලෙස ෆිල් හියුස් සිද්ධිය ඇසුරෙන් ලියා තියෙනවා. එත් සමහරු දැවීගියත් අනෙක් අයගේ ජීවිත ආලෝකවත් කරනවා . එහෙම අය හැමදාමත් මිනිස් හදවත් තුල නොදැවී ඉතිරි වෙනවා . යුද්ධයකදී වීරයෝ බිහිවෙනවා .සිහිවටන ඉදිවෙනවා . එත් යුද්දයක් නැති විටත් සමහර වීරයෝ ජනතා සිත්වල සිහිවටන තියෙනවා . ඒ විතරක් නෙවයි ගිනි නිවන හමුදාව එනතෙක් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ගිනි ගන්න යානය නිවලා ජීවිත බෙර ගන්න හදපු ප්‍රදේශවාසි බාල , තරුණ , මහලු හැම දෙනාමත් පොත් වල නොලියවුණු වීරයෝ වෙනවා .
මේ පිලිබඳ පළවූ ජායාරූප අතරින් සංවේදීම ජායාරූපය මේ සටහනට එකතු කලා . ජායාරූපයේ අයිතිය දසුන් වානගුරු මහතාගේ ...
No comments:
Post a Comment