Tuesday, December 9, 2014

ක්‍රීඩා ...



මා  පාසලේදී බොහෝ බාහිර වැඩ සඳහා සම්බන්ද වී ඇතත් ක්‍රීඩා කර නැත . ප්‍රථමික පන්ති වලින් පසු drill display  එකක් සඳහා වත් සහභාගී වී නැත . නෙට් බෝල් , බාස්කට් බෝල් මෙන්ම  කවපෙත්ත, යගුලිය විසි කිරීම සඳහාද මා යොදා ගැනීමට එවකට සිටි බොහෝ ක්‍රීඩා භාර ගුරු භවතුන්ටත් ,ක්‍රීඩා  නයිකවන්ටත් අවශ්‍ය වුවත් මා  නිතරම් උපක්‍රමශීලිව මගහැර ගියෙමි . මා කරන ලද  එකම outdoor ක්‍රීඩාව ගස් මාරුවීම හෝ 1 23 Bumble Bee . එහි ජාතික වර්ණ පරිසාදන මටටමටම ලං වීමට හැකි වුයේ අම්ම පාසල නිම වී එන තෙක් වෙනත් ගුරුවරුන්ගේ දරුවන් සමග මේ දිනපතා practice කිරීමෙනි. ඊට අමතරව ගැහැණු පිරිමි මල් පලතුරු නම් ගෘහස්ත ක්‍රීඩාවෙන් නම් ඔලිම්පික් මට්ටමට ලං වේ සිටි කාලයක්ද විය .
කෙසේ වෙතත් මේ අපේ හැකියා  සදහටම සඟවා ගිය ඒවා වූ අතර මට ඒවාට සහතික නැත . මගේ පාසල් කාර්ය දර්ෂක යේද ඇත්තේ ක්‍රීඩා සඳහා කෙටි ඉරකි. පාසල් කාලයේ දී නොකළ මේ ක්‍රීඩා විශ්ව විද්‍යාලයේද කිරීමට සිතුවත් හැකි වූ යේ නැත .  ඉතින් ලබන ආත්මයේ දී වත් තරග ලෙස ගණන් ගන්න ක්‍රීඩා කරමි .

No comments:

Post a Comment