Friday, September 26, 2014

වතුර .............






වතුර ජලයට කියන පර්යාය පදයකි . උදක , දිය ආදියද එයට කියන වෙනත් නම් වේ . වතුර යන වදන කෙසේ ව්‍යවහාරයට පැමිණියේදැයි දන්නේ නැතත් වසර සිය ගනනකට කලින්ද අපිට " අමා  වතුර " තිබුණි . වැස්සෙන් අපිට ලැබෙන වතුර චක්‍රාකාරව සංසාරය වීම ජල චක්‍රය මගින් දැක්වේ . ජල චක්‍රය ට බද වීමෙන් වැස්ස අඩු වී වතුර නැති වීමෙන් ඇතිවන් නියගයෙන් පසු ගිය කාලයේ ලංකාවේ ප්‍රදේශ බොහොමයක් පීඩා වට පත් විය .වතුර සන්බන්ධ බොහෝ දෙයට   මෙන්ම දියර  බොහොමයකටම අපි වතුර යන්න පාවිච්චි කරමු. " තේ වතුර , වැහි වතුර , මඩ වතුර " එයින් සමහරකි .  ගිනි වතුර යනු  නයිට්රික් අම්ලයයි. සඳේ  වතුර නැතත් අපිට සඳ වතුර ඇත . "රතුවතුර " ඉදිරියට හා පසුපසට කියවීමේදී එක ලෙසම  කියවෙන වචනයකි .
වතුරට සම්බන්දයක් ඇත්ද නැත්ද නොදිනිතත් වතුර සම්බන්ද ග්‍රාම නාම සමුහයකි . "වතුර විල , අලවතුර . සීලා වතුර" ඉන් සමහරකි .  සමහරු කියන්නේ ළිං  වතුර   වතුරට වඩා  රස බවය . එත් විද්‍යාත්මකව නම් වතුරේ රසක් නැත . සමහර ළිං  වල ඇත්තේ කිවුල් වතුරය . ටැප් වලින් සමහර විට මලකඩ වතුර එයි .නියන් කාලයට නම් බවුසර වතුර හෝ බෝතල් වතුර පරිහරණයට ගැනීමට සිදුවේ .  වතුර බෝතල් හදන්නේ උල්පත් වතුර වලින් බව කියති . මුහුදේ ඇත්තේ ලුණු වතුරය. එය පානයෙන් පිපාස නොසන්සිදේ . නටවා ගත්  විට ඇල් වතුර උණු වතුර වේ.   ඇල්වතුරත් නිවා බොන අයද අප අතර සිටී . සමහර රසක් නැති කෑමද ඇල්  වතුර වගේය .අයිස් වතුර සීල වුනත් සමහරු ඒවා බාල්දි පිටින් න අනෙක් අයටද අභියෝග කරති .

වතුර පානය ශරීයට ගුණදායක වුනත් මත වතුර පානය නම් එසේ නොවේ . තැබිලි වතුර ද ගුණදායි පානයකි . පොල් වතුර ආප්ප මිශ්‍රණය සැකසීමටද , විනාකිරි නිපදවීමටද ගනී . කහ වතුර පිරිසිඳුකරකයකි . ජලභීතිකාව හැදෙන්නේ සුනකයන් වැනි සතුන් සපා කැමෙනි . නමුත් වතුරට බය අඩුවෙන් නන අයටද ජලභීතිකාව ඇත්තේයයි කියති . ගං  වතුර ඇති වන්නේ ගංගා  පීටාර  ගැලීමෙනි. ඒ අනුව බලන කල වතුර ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයකි .
 .

No comments:

Post a Comment