Monday, March 10, 2014

MH 370



මැලේසියානු ගුවන් සේවයට අයත් MH 370 ගුවන් යානය  සෙනසුරාදා අතුරුදහන්  වුණා . තවමත් යානයට වූ දෙය ගැන නිසි තොරතුරක් නෑ . විදේශගතවූ  අවස්තාවන්හීදී  වැඩිම වාර  ගණනක් Malaysian  Hospitality (MH ) වින්ද කෙනෙක් විදියටත් වැඩිම කාලයක් ලංකාවෙන් පිට ජීවත් වූ රට ලෙස මැලේසියාවට ඇති කැමැත්තත් නිසා මේ සිද්දිය මගේ සිත  සසල කරන්න ඇති . අපි මැලේසියානු ගුවන් සේවය බොහෝ  බාවිතා  කලේ එය සාපේක්ෂව ලාබදායි  වූ නිසා . Air  Asia  එයට වඩා බෙහෙවින්  ලාබදායි වුනත් ටිකට්පත්  අවලංගු කිරීමට   මිස ගමන් වාරය  වෙනස් කිරීමට නොහැකි වීමත් budget airline  පිලිබඳ  එතරම් විස්වාසයක් හෝ අත්දැකීම් නොමැති වීමත් අපේ තේරීමට හේතු වෙන්න ඇති . බොහෝ විට අපි ලංකාවට මාලේ  හරහා මාලේ ගුවන් තොටුපලේ  නවතා  තිබෙන පැයක  කාලයේදී ශ්‍රී ලංකාව   බලා  යන මගීන්ට එලියට යන්න  දෙන්නේ නෑ . එත් මාලදිවයින් ජාතිකයන් යානය පිරිසිදු  කිරීමේ කටයුතු වල නිරත වෙනවා . පරංගියා  කෝට්ටේ  ගියා වගේ  ලංකාවට  රවුම් පාරකින් එන මේ ගමනේ ක්ගුවන් කාලය දීර්ග වුනත් දූපත් ගොඩකින් සමන්විත මාලදිවයිනට රාත්‍රී කාලයේ ගොඩ බසින  විට දක්නට ලැබෙන දර්ශනය නම් ඉතාමත් අලංකාරයි . රාත්‍රී විදුලි ආලෝකය යටතේ ගුවන් යානයේ සිට මෙය ජායාරූප ගත කිරීමට බොහෝ වරක් ගත්  උත්සහය අසාර්ථක වුණා .  කලෙක ඉන්දුනීසියාවේ සිට මලයාසියාව හරහා ලංකාවට පැමිණීමේදී මේ route  වෙනස් වී කෙලින්ම කොළඹ බලා  ආවා මතකයි .
කොහොම වුනත් ඉතාම දුකින් පවුලේ අයගෙන් වෙන්වී  පැමිණ ඊටත් වඩා දුකින් සහෘදයන් ගෙන් වෙන්වී පැමිණි ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අතුරුදහන වූ ගුවන් යානයේ මගීන්ගේ නෑ  හිත මිතුරන් රැදී සිටිනු දැකීම අතිශය දුක්බරයි.  ආරක්ෂාව අතින් ඉතා ඉහල තැනක  තිබෙන ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ  එක ස්ථානයකින් එහාට  දියර වර ගෙනයන්නත් බෑ . අපි ගෙනයන චූටි වතුර බෝතලෙත් එතනදී බීල ඉවර කරලා flight  එකේ drinks  දෙනකන් තිබහින් ඉන්නවා. ඒ වගේ තැනක අනුන්ගේ passport  එකකින් වෙනත් 2කු  ගුවන් යානයේ යාම සිත ගන්නවත් අසීරුයි .කොහොම වුණත්  මේ අසීරු මොහොතේ එකිනෙකට චෝදනා නොකර ගනිමින් ජාතියක් ලෙස එකට සිටින මලෙසියා නුවන් ගෙන තිබෙන්නේ පහන් හැගීමක් .  සර්ව ආගමික නායකයුනුත් මෙයට එක්  වී සිටියා . කොහොම වු නත් තවමත්  බලා  සිටින්නන්ගේ හදේ  ගිනි නිවාලන සැනසුම් සහගත ආරංචියක්  MH  370 ගැන  ලැබේවායි මාත්  ප්‍රර්ථනා කරනවා.

No comments:

Post a Comment