Wednesday, March 26, 2014

Big Match එකෙන් පසු .


..
  මාර්තු මාසය Big  Match සමයයි ..Big  Match පාසල් වල සිසුන්ට එය annual  event  එකකි ..අපේ පාසල Big  Match වලට‍  අදාල නොවුනත් එකල මහින්ද -රිච්මන්ඩ් ක්‍රිකට්  ගැටුම අපටද annual  event  එකකි....අපි මේ පිළිබඳව කොතරම් උනන්න්දුද යත් නව ගොඩනැගිල්ලේ කෙලවර වූ 11 පන්තියට අපි ගිය දිනම අපේ මිතුරියක් පැවසුවේ "නියම  පන්තිය ..ශෝක්  එකට සයිකල් පෙරඩ්  එක බලන්න පුළුවන් යනුයි " ( අපේ පැතුම් බොඳ කරමින් සයිකල් පෙරඩ් එකට පෙර  අපේ පන්තිය රිජ් ගොඩනැගිල්ල වෙත මාරු කිරීම වෙනම කතාවකි ) කෙසේ වෙතත්  දෛවෝපගත හෝ සැලසුම් සහගත ලෙස අපේ පාසලේ වාර්ෂික දානය  හා පිරිත මේ දිනවලම යෙදන හෙයින් අපිට big  match  අත්දැකීම් වැඩිපුර ලැබේ . මං   පාසල් යන කලේ නම් ඔය තරගය කවදාවත් කවුරුවත් දිනුවේ නැත. දිනුවේ නැති වුනාට  එහි  අශ්වාදයේ අඩුවක් තිබුනේ නැත . කොටු පවර උඩට වී හෝ නගරයේ සංචාරය කල  පාසල් දෙකෙහි සිසුන්ටද (ගාලු මහජන ක්‍රීඩාංගනයට  වඩා  සමහර විට ප්‍රේක්ෂකයෝ අපේ පාසල  අවට සිටි අවස්ථාද තිබිණි .)  තරගයේ ජය පැරදුම එතරම්  වැදගත් වී තිබුනේයැයි නොසිතමි .  එකල නම් ඔරලෝසු කණුවේ හෝ නගරයේ කොඩි දැමීමේදී සිදුවූ සුළු සිද්දියක් හැර ගැටුමක් දකින්නටම නොවිණි. තිබුනද ඒවා තරගයෙන් පසු කාටවත් මතක තිබුනයිද නොසිතමි . එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "ආදර සටනක් " විය  .මෑත බාගයේදී පිට පිට වසර දෙකක් ම ක්‍රීඩා පිටියට නරබන්නන් කඩ වැදී තිබුණි.  කවුදෝ කියා තිබුනේ ගාලු පෙම්වතුන්  දැන් විවාහ වී ඇති නිසා ආදරය ගිලිහී ගොස් දරුණු සටන් ඇති වූ බවයි . මෙවර විනිසුරු තීරණය අනුව රිච්මන්ඩ් විදුහල ජය ගත්තද ජයග්‍රහණය අභිමුව සිටි ඔවුන්ට වඩාත් ආශ්වාදනීය  ජයකට යාම ප්‍රේක්ෂක බාදා  නිසා අහිමි වූ බැව්  හැඟිණි .  ඒ කෙසේ වුවද big  match  එක දැන් ඉවරය . අයෙත් එන්නේ ලබන වසරේය . එතෙක් face book හා වෙනත් මාධ්‍ය මගින්   සිද්දිය නැවත නැවත හෝද හෝද  මඩේ  දැමමීමත් පහර ගැසීමත් මේ පෙම්වතුන් දෙපලටම හොඳ මදි බව අල්ලපු ගෙදර එකෙක් වන මගේ සිතිවිල්ලයි . කවුදෝ කියූ ලෙස ගාලු පෙම්වතුන් දැන් විවාහ වී වියපත් වී ඇතත් අපි නම් ඉගෙන ගෙන ඇත්තේ දෙන්න දෙමහලන්න්ගේ රණ්ඩු  බත් හැලිය  ඉදෙනකම් විතරක් කියාය ....

2 comments:

  1. බය වෙන්න එපා ගාලු පෙම්වතුන් ආයෙත් යාඏු වෙයි

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete