Wednesday, May 14, 2014

වෙසක් කූඩු ..



ඉස්සර අපි වෙසක් කූඩු හදන්න ලෑස්ති වෙන්නේ පෝයට සතියකට කලින් ..ගෙදර උණ  හෝ බට නැති නිසා ඒවා ඇති තැනකින් ගෙන්වාගෙන ටිකින් ටික සමතුරශ්‍රකාර  සැකිලි  අම්ම තාත්ත හෝ සීයා හදද්දී   මමත් නූල්  උදවු කරනවා ...වෙසක් දවසට කලින් දවසේ එහෙම හදපු අටපට්ටමට සව කොළ අලවනවා . පුංචි කලේ මේ රැලි පටි  අලවන්න උදවු වෙන අපි ඉතිරි සව කොළ වලින් කොඩි වැලක් හරි දම්වැලක් හරි හදනවා . වෙසක් කූඩුවක් හැදීම ජ්‍යාමිතික දැනුම , හසුරු කුසලතා හා යහ ආකල්ප සංවර්දනය වන ලොකු ඉගෙනුම් අවස්ථාවක් . ඒ වගේම  නිර්මශීලිත්ව, පිළිවෙල ,ඉතිරි වෙන දේ අපතේ නොයවා ප්‍රයෝජන ගැනීම  වගේ ගොඩක්  දේ  ඒ තුලින් ඉගෙන ගන්න තිබුණා . (ඒ ඒ කාලේ ) පස්සේ පස්සේ අපි වෙසක් කූඩු card board  රවුම් එකතු කරලා සෙලොෆෙන් දල හැදුවා . කොහොම වුනත් මේවා ගෘහ ආශ්‍රිතව වුන  ස්ව නිර්මාණ .  හැම ගෙදරම වගේ හදපු වෙසක් කූඩු තිබුණා . හමාර කූඩු වල සැකිලි අවුරු ගනනාවක් තිබුණා . අපි වෙසක් එකට අලුතින් කොළ අලවල ගත්තා . 
දැන් නම් ගෙවල් වල වෙසක් කූඩු හැදෙනවා අඩුයි . ළමයි වුනත් කඩෙන් ගන්න සැකිල්ලකට  කොළ අලවනවා නැත්නම් පර අයිනේ ඕනේ තරම් හැම විදියෙම වෙසක් කූඩු තියෙනවා . මෙයවේ අය කාලය වෙසක් එකත් එක්කම ඉවරයි . ඊලග වෙසක් එකටත් අලුත් කූඩුවක් ගන්න අපි ඒක ගෙදර එල්ලනවා . දැන් නිර්මානත්මක  වෙසක් කූඩු බලන්න නම් වෙසක් කලාපයකටම යන්න වෙනවා . කාර්යබහුලකම , අමු ද්‍රව්‍ය සපයා ගැනීමේ අපහසුව, පසුවෙන් වෙළද පොලෙන් නිමි වෙසක් කූඩු ගැනීමට හැකිවීම ආදිය  නිසා පුංචි කලේ අපි අසාවෙන් බල හිටි  නිදි මරාගෙන   පාප්ප  ගාගෙන  වෙසක්  කූඩු හදල ගත්ත සොදුරු මතකය අද ළමයින්ට නම් නැති තරම්. 

No comments:

Post a Comment