Thursday, May 8, 2014

It is a matter of time ...........


කාලය යනු සැමට සාධාරණ එකම දෙයයි . ඕනෑම කෙනෙකුගේ දිනකට පැය 24 කි . ගැටලුව ඇත්තේ එය යොදා  ගන්නා  ආකාරයයි .  ගෙවීගිය කාලය නැවත ලබාගත නොහැකි සම්පතකි . පස් මහා බැලුම් වල පළවෙනි  බැලුමද  කාලයයි . යමක් ආරම්භයට සුදුසු කාලය පැමිණිය යුතුය. වැරදි කාලයේදී නිවැරදි දේ කිරීමත් සුදුසු කාලයේදී නිවැරදි දේ නොකිරීමත් පලදායි නොවේ . සමහර කාලවල අගය දැනෙන්නේ එය නිමවූ පසුවය . පාසල් කාලය , විශ්ව විද්‍යාල සමය  එසේ අමාරුවෙන්  ගෙවී ගිය  නමුත් අද  ආපසු හැරී බලද්දී නැවත යාමට සිතෙන අවධීන්ය . සමහර දේ කිරීමට ඉක්මන් වුණා  යයි පසු තැවෙන  අපි  ඒ කාලයේ යම් යම් දේ කිරීමට නොහැකි වීම ගැනද පසුතැවිලි වෙමු . සමහර විට එක දවසක , පැයක , මිනිත්තුවක වෙනස ජීවිතයටම බලපායි . යුද්ධය ඇති කාලයේ පැයක  ප්‍රමාදයකින් හෝ කලින් පැමිණීමෙන් බෝම්බයකින් බේරුණු අය  හමුවී ඇත. මමද දිනක වෙනසකින් එසේ  බෝම්බයකින් ගැලවී ඇත . එසේම  ඉතාමත් සුළු ප්‍රමාදයක් නිසා බෙහෙවින් පසු තැවිල්ලට  පත් වීමට සිදු වූ අවස්ථා එමටය . සමහර දේ කොතරම් උත්සහ කලත් අප වෙත ලග වෙන්නේ නියමිත කාලයේයි සමහරු කියති . සමහර කාලවල ඉතා වැදගත් වූ දේ කාලය ගෙවී යාමත් සමග නොවැදගත් වේ . කාලය  විසදුම් දෙන යතුරු බලා  ඉදින්නේ ගැළුවක් විසදීමට බැරිම වූ විටය .  කාලය බොහෝ තුවාල සුව කරන ඔසුවක්ද වන අවස්ථා තිබේ . ඔරලෝසුව , දින දර්ශනය කාලය ගතවීම ගැනඅපිට හඟවයි . අතීතයෙන් පාඩම් ඉගෙන ගත හොත් වර්තමානය සාර්ථක බව පැරැන්නෝ පැවසූහ . එහෙත් අතීතය වර්තමානයේදී ප්‍රතිනිර්මාණය වන අවස්ථාද ඇත . කාලය රන් හා සමාන වුවත් නපුරු කාලයට මිනිසුන්ට එන ගහට පව් පලදී මිස නිම නොවන බවද කියති .    අපි ඉන්න තිබුනේ ඒ කාලයේ නැත්නම් තව ටිකක් පහු වෙලා උපන්න නම් මොකද ? යනු මෙකල ඇත්තන්ගේ කලේ ඇති වචනයකි . මේ සටහනටද කාලය හරස් වීම නිසා මෙතනින් නවතිමි .

No comments:

Post a Comment