පස් වන විජයග්‍රහණයේ සමරුවත් ඇවිල්ලා . දැන් නම් යුද්දේ තිබුණද කියලත් බොහෝ දෙනෙක්ට අමතක වෙලා . කොළඹ පාරවල් ගණනාවක් වහලා තියෙද්දී විකල්ප මාර්ග භාවිතා කරපු, සමහර ගොඩනැගිලි වලට යන්න කලින්ම වාහන අංක කලින් දෙන්න වුණු , නිතර නිතර check point වල නැවතී නැවති ගිය අයට සමරුව නිසා විකල්ප මාර්ගයක් භාවිත කරන්න කිව්වත්, පැය කිහිපයකට පාරක් වැහුවත් එකත් කරදරයක් වෙලා කියල පහුගිය කලේ දැනුනා . යුද්දයට මගේ ළඟ නෑදෑයෙක් ගිහින් නෑ . සමහර යාලුවෝ හමුදා වල හිටියත් ඒ කලේ වැඩිය FB ජනප්‍රිය නැති නිසා ඒ ගැන දන ගත්තෙත් පස්සේ.( ඔවුන්ට ඒ කාලේ FBතිබුනත් එන්න විදියක් තිබෙන්න නැතුවත් ඇති ) ඒත් සටන් බිමට පුතෙක් යවපු අම්මලාගේ හිතේ ඇතිවෙන ගින්දරම දුවල 3 දෙනෙක් විතරක් හිටියත් ඒ තුන්දෙනාම කොළඹ රස්සාවල් කරපු , ජීවත් වෙච්ච ,ඉගෙන ගත්ත අපේ අම්මගේ හිතෙත් ඇවිලෙන්න ඇති . බෝම්බය සුලභ අත්දැකීමක් වුනු ඒ කාලේ කොහේ හරි බෝම්බයක් පිපිරුණු ගමන් ගපි 3දෙන කතා කරලා අපි හොදින් බව දැන ගන්නත් ගෙදරට කතා කරලා කියන්නත් පෙළඹුණා . සමහර විට උදේ ගෙදරින් පිට වුනම් හවස ගෙදර එනකම් විස්වාස නැති නිසා සමහර දෙමව්පියෝ වෙන් වෙන්ව ගමන් බිමන් ගියේ. ඒ බෝම්බයකින් එක කෙනෙක් නැති වුනත් දරුවන්ට ආරක්ෂාව දෙන්න ජීවත් විය යුතු නිසා . අපේ බාලවිය , පාසල් කාලය , විශ්ව විද්‍යාල සමය, තාරුණ්‍යය අවුරුදු 30කටත් එහා ගිය යුද්ධයක් එක්කමයි . පිටත පේන බෑග් වල පොත් අරන් ගිය අපි , කොළඹින් intercity bus එකක නැග්ගම පානදුරට එනකම් check point 4 ක විතර බැහැ බැහැ කොළොඹ ඉදන් ගෙදර ගිය අපි , හදුනා නොගත් ගුවන් යානා කොළඹ අහසේ සැරිසරද්දී කරුවලේ හිටි අපි , කොයිතරම් බර බැග් එකක් අතේ තිබුනත් වුනත් බෝම්බයට බයෙන් බස් එකට නැගී කෙනෙක්ගේ බැග් එක ඉල්ලගන්න අකමැති වන තරමටම තත්වයකට පත්වුණා. ඒ අත්දැකීම විදලා තමගේ තාරුණ්‍යය ,ජීවිතය, අවයව පරිත්‍යාගයෙන් අපෙන් පස්සේ එන හැම ජාතියකම , ආගමකම පරම්පරාවට ඉතා සොදුරු ළමා වියක් යොවුන් වියක් ලබාදුන් අයට නම් ඉපදෙන්න ඉන්න පරම්පරාවත් ණය ගැතියි . ඉස්සර අපි කිව්වේ "හදවතින් අපි යුදබිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ "කියලා ...දැන් හදවතින් යුද බිමට යන්න ඕනේ නැතත් ඒ අඳුරු අතීතය මතක පරම්පරාවගේ හිතට තට්ටු කරලා බැලුවොත් සාමය උදා කල විරුවන් කිසි දිනක තනි කරන්න නම් හිතෙන එකක් නෑ ..
Friday, May 16, 2014
අඩ දශකයක් ගෙවී ගිය පසු ...

Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment