Friday, November 14, 2014

ගාලු පවුර ..



ඔබ ගාල්ලේ උපන් හැදී වැඩුනකු  නම්  පසෙකින් මහා සයුරත් අනෙක් පසින් ජාත්යන්තර ක්රීඩාන්ගනය අසලින්  දිවෙන පාරත් වෙන්කරමින් නැගී සිටින යෝදයකු දැකිය හැක . එය ගාලු කොටු පවුරයි . ශ්රී ලංකාව යටත් කරගත් බටහිර ජාතීන් අතරින් පෘතුගීසි හා ලන්දේසින් කොටු පවුරු බිහි කළහ . එකල බොහෝ ප්රදාන නගරවල කොටු පවුරු ඇති වුවද  පසුව එය පිටකොටුව ,  ආදී නම මාතර වලට සීමා වුවද ගාල්ල , ත්රිකුණාමලය ආදී නගර වල ඇති කොටු පවුරු  සුරක්ෂිතව ඇත . ගාල්ලේ කොටු පවුරු 2 ක් ඇත . මින් පරණ කොටු පවුර  නවීකරණය වී එය තුල  කෞතුකාගාරයද , ආසන්නව   සුපරි සාප්පු  සංකීර්ණ ඇතිවී ඇත . එකල  අධ්යපන කාර්යාලයක්ද ඒ  බවත්     වෙනත් රජයේ  කාර්යාල පවතී බවත් මතකයේ ඇත.  පන්සලමෙන්ම  මෙතෝදිස්ත , රෙපරමාදු , කතෝලික  පල්ලිද ,  ආගමික ස්ථානද , පැරණි තැපැල් කාර්යාලයක්ද , පුස්තකාලයද  කොටුව තුල විය . යහ මග පාදන  පාසල් 2ක්   මෙන්ම සාගරයේ  නැව් වලට මග කියාදෙන   ප්රදීපාගාරය  කින්ද කොටුව සමන්විත වේ . ඔබ සමහර විට කොටුව මා  මෙන්ම දිනපතා කොටු පවුර තුලින් පිවිස එහි ඇති පාසලක ඉගෙනුම ලබා ඇතිවා විය යුතුය . නොඑසේ නම්  මහා ක්රිකට් ගැටුමක් පවතින විට ඔරලෝසු කණුවට නැග පාසල් ධජය ඔසොවන්නට ඇත . කොටු පවුර මත සිට ක්රීඩා තරඟ නරබන්නට හෝ සමනල පාලම ආශ්රිත උද්යනයේ දේශපාලන රැස්වීමක් අසන්නට ඇත . නොඑසේ නම් සන්චාරය  සඳහා පැමිණ රෑම්පාට් භූමිය දිගේ ගොස් මුහුදු රල පාගන්නට ඇත . කොටු පවුර  දහසක් ගාලු දරුවන් මෙන්ම   දේශීය විදේශීයන්  තම තුරලට ගෙන සනසන්නට ඇත . සමනල පාලම තරණය කර ධර්මපාල උද්යානයට  යන  පෙම්වතුන්ගේ  සිනා   මෙන්ම  සාගරය තරම් කඳුළුද දකින්නට ඇත . වරෙක දැඩි සුළගින් ඉහල යාමට තත් දරන කුඩය අමාරුවෙන් හසුරුවාගෙන  පාසල් නිම වී  බස් නවතුමට් යන සිසුවියන්ගේ කිචිබිචියද  පවුර මත විවිද සිත්තම සටහන් කල සිසුන්ගේ තාරුණ්‍ය ද  සමව  විදින්නට ඇත . කොටු පවුර මත තිබෙන ඔරලෝසු කණුවේ කටු කරක්වෙද්දී තම දරුවන්  වී නිවෙස් හැරදා  යනු දකින්නටද ඇත . රටම කම්පා කල සුනාමියේදී තම දරුවන් වසා ගත මහා පවුරක් වී විනාශය අවම කර ගන්නට ඇත .
  පුවත්පත් වර්තාවක දුටු පරිදි විදේශිකයාගේ ඉල්ලුම නිසා ලංකාවේ ඉඩම් මිල වැඩිම ගාලු  කොටුවෙලු . එත්ගාලු  කොටු පවුර   අපිට දුන් මතකයන්ට නම් මිලක් දිය නොහැකිය .

No comments:

Post a Comment