Wednesday, July 30, 2014

චීන පුරවර China Town ...




චීනය ආසියාවේ බලවතාය . ඒ දේශ සීමාවෙන් හෝ ජනගහනයෙන් පමණක් නොවන බව වෙළද පොලේ  නිෂ්පාදිත භාණ්ඩ සංඛ්‍යාව දෙස බැලූ විට පෙනේ . වරක් කොරියාවේ සංචාරයකට ගිය මගේ මිතුරියක් තෑගි ලෙස පිරිනම තිබුනේ "Made in  China " බඩුවකි . " ඔය ගියේ කොරියවටද  නැත්නම් චීනයටද ?" අසමින් විහිලු කලත් බොහෝ අසියතියතික රටවල වෙළද පොලෙහි එම රටේ භාණ්ඩ වලටත් වඩා චීනයේ භාණ්ඩ දක්නට ලැබීම ස්වභාවිකය .   ලෝකයේ හැම රටකම් පහේ චීන අවන්හල් ඇත . එයින් නම් අපි චීනයටත් වැඩ ඉදිරියෙන් සිටිනවා විය යුතුය. රාජකාරි ස්ථානයේ ව්‍යාපෘතියක් සඳහා පැමිණි විදේශික කාන්තාවක්  ලංකාවේ කොපමණ චීන ජාතිකයන් ඇත්දැයි ඇසුවේ මේ හන්දියක් හන්දියක් ගානේ ඇති චීන බොජුන් හල දැක විය යුතුය.
ලංකවේ චීන් ජාතියකන් 1% ටත් වැඩ අඩු විය හැකියියි මා පැවසු විට ඈ පුදුම වූවාය . අතීතයේ චීන ජාතිකයන් සේද මවත් ඔස්සේ පැමිණ ලංකවේ රෙදි පිලි වෙළදාමේ යෙදුන බව අසා  ඇත . අපේ ගමේ (ගාල්ලේ ) නම් තවමත් චීන දත් බැදීම සිදු කරන චීන ජාතිකයන්ට අයත් ව්‍යපරිය ස්ථානයක් ඇත . කෙසේ වුවත් මේ නූතන පරම්පරාවල චීන ජාතිකයන් නම් චීනය දැකලවත් නැතිවා  විය යුතුය.  ගාල්ලේ ඇති චීන කොරටුව වැනි ග්‍රාම නාම සැදීමට එකල සමහරවිට එහි විසු චීන ජාතිකයන් හේතු වන්නටද ඇත .(මේ මට හිතෙන ලෙසය.)
කෙසේ වෙතත් බොහෝ අග්නදිග ආසියාතික රටවල ඇතුලත කුඩා චීන පුරවර (China Town ) ඇත. මැලේසියාවේ , සිංගප්පූරුවේ සහ කොරියාවේ චීන පුරවරවල සරි සැරීමට වරම් ලදිමි . චීන බොජුන් හල් , චීන අත්කම් , සම්ප්‍රදායික ඇඳුම් , අවාන් ,  සමරු තිලින අඩිය මේවයේ දක්නට ලැබේ .  හෙට්ටු කර බදු මිලදී ගැනීමටත් ඉඩ ලැබේ. ප්‍රංශ , ඉතාලි  ආදී නිර්මාණකරුවන්  නිපදවන (branded ) සපත්තු, අත්  බෑග්  අනුකාරක මිලදී ගැනීමට හොඳම ස්ථානයක් වන්නේ මැලේසියාවේ චීන පුරයි. නමුත් හෙට්ටු කල මිලද වෙළෙන්දා එකග වුව  හොත් තවත් මිල අඩු කිරීමට කතා නොකොට  එම භාණ්ඩය මිලදී නොගත යුතය . නැත්නම්  වෙළෙන්දා  කෝපයට පත්වේ.
මැලේසියාවේ බොහෝ වෙළඳන් චීන ජාතිකයන්ය. සින්ගප්පූරුවේද සැලකිය යුතු චීන ජනගහනයක්   චීන   භාෂාවෙන්ද පොදු ප්‍රවහන සේවා වල නිවේදන කිරීම් දක්නට ලැබේ . කොරියාවේ ඉන්චිඔන් නුවරට ආසන්නව ඇති චීන පුරවරය අවට චීන සංස්කෘතික කෞතුකගරයක්ද දක්නට ඇත . කෙසේ වෙතත් චීන ජාතිකයන් උත්සවන්තය . ඉංග්‍රීසි බසින් අධ්‍යාපනය ලැබීමට මැලේසියාවට ආ  බොහෝ සිසුන් ඉලෙක්ට්‍රොනික පරිවර්තක බවිත කරමින් දේශනවල වචනයක් වචනක් පාසා  තේරුම් සෙව්වා මතකය . කෙසේ වෙතත් branded දේ ගැනීමට වත්කමක් නොමැති තෑගි දීමට හිත ඇතත්  අතමිට සරු නැති අපි වැන්නන්ට නම් චීන  පුරවර  කප්රුකකි .

No comments:

Post a Comment