Tuesday, July 1, 2014

තේ බීම

..
තේ ගැන මීට පෙරත් ලිය තිබේ . එත් තේ යනු එසේ එක වරකින් පමණක් සැහීමකට පත් විය නොහැකි පානයකි . තේ සෑදීම අපිට නම් මහා කජ්ජක් නොවේ . තේ බීමටද අපි රුසියෝය . අපේ ආගන්තුක සත්කාර්යයට තේ අත්‍යවශ්‍යය . නමුත් තේ පානයේ  හා තේ පිළිගැන්වීමේ ආචාර ධර්ම දැන ගත්තේ කොරියාවේ සම්ප්‍රදායික ගමකට ගිය විටය. සුද්දාගේ Table manners මිස අසියතිකයන්ගේ Tea manners නොදන්නා අපිට මෙය අමුතුය . ඔවුන්ගේ තේ කට්ටලද අමුතුය . pieces ගණන වැඩිය . කේතලයෙන් උණු තේ වත් කර නිවෙන්න තබන්නට තේ කොළ දැමීමට මෙන්ම  තේ පෝච්චියේ මූඩිය තැබීමටද  වෙනම පිගන් මැටි භාජන ඇත. තේ භාජනය අල්ලෙමට , වත් කිරීමට පිළිගැන්වීමට පමණක් නොව , භාජන සේදීමටද වෙනම පිළිවෙත් ඇත . තේ බොන කෝප්ප නම් ඉතා කුඩය . අපේ එක කටකටත් නොසහේ . එත් තේ කෝප්පය අවසන් වන  නැවත නැවත පිරවීමේ සිරිතක් ඇත . මේ කාර්යය නිසි ලෙස කිරීමට නම් අපි දිවා  ආහාරය ගන්නවටත් වඩා වෙලාව යනවාය .ඒත් මේ තුලින් සංයමය ඇති කිරීමට බලාපොරාත්තු වන බවත් පිළිවෙලකට විනයානුකූලව දිවි ගෙවීමට හුරු කරවන බවත් පැවසුණා . තේ භාජන ටිකටත් ඒ තුලින් දිවෙන පිළිවෙත් වලටවත් හිත ගියත් TV බල බල , FB  ඉදන් ,පොත් බලන ගමන් විතරක් නෙවයි වැසිකිලියේ ඉදන් තේ බොන අපේ අයට නම් මේ පිළිවෙත අල්ලන එකක් නෑ

No comments:

Post a Comment