Saturday, June 28, 2014

ජනතා බලවේගයක සංවේදී සැමරුම...


ග්වන්ග්ජු දකුණු කොරියාවේ එක්තරා නගරයක් ..එහි නගර මධයේ ඇති සුවිශේෂී ස්ථානයක් වන්නේ 1980 මැයි 18 සිදුවූ ජනතා නැගිටීම හා සංහාරය සිහිපත් කරන සුසාන භූමියයි. එකල සිටි  පාලකයෙකුට එරෙහිව වීදි බැසි  ජනතාව අමානුෂික ලෙස ඝාතනය කිරීම සිහි ගන්වනු පිණිස එහිදී අමානුෂික ලෙස ඥාතීන් වෙත ලබා නොදී මිහිදන් කල මෘත දේහ නැවත ගෞරවනීය ලෙස මේ ස්ථානයේ මිහිදන් කර තිබෙනවා . සුසන භූමියට ඇතුළු විගස ඇති සිනමා ශාලාවේ මේ සිද්දිය ගැන සැකසු චිත්‍රපටියක් ප්‍රදර්ශනය කරනවා .  සමරු ශාලාව සාදා  ඇත්තේ එහි ඇතුල්වන අයෙකුට තමා 1980 දී එම ස්ථානයේ සිටි බව සිහි ගැන්වෙන ලෙසටයි . වෙඩි හඩ , විලාප හඬ , හමුදා රථ වල හඬ ඇසෙනවා. ශාලවේ ඒ අවස්ථවේ ගන්නා ලද ජයාරූප මෙන්ම පතොරම්, තුවක්කු , මල සිරුරු එතීමට ගත බැග් , ලේ වැකුණු කොරියානු ජාතික ධජ , ඇටසැකිලි , මෙහි දක්නට ලැබෙනවා . මෙය නරබන අයට  හෝ ඥාතීන්ට තම සිතුවිලි ලියා තැන්පත් කිරීමට හැකියි . තවද සුසන් භූමියේ සංකේතය තුලින් මිය ගිය වුන් ගේ නැවත නැගී සිටීම දක්වනවා . පැමිනේනමන්  කොරියානු කර්මයට සුවඳ කුඩු ගිනි මැලයකට දමා ආචාර කරනවා . එහිදී වදන්ය වන සංගීතය සැබවින් අනුවෙදීයි . යම් ශෝකයක් රට පිලිබඳ හැංගීමක් මේ සිද්දිය ගැන කිසිම හැගීමක්  නැති සම්බන්දයක් නැති අයටත් ඇතිවෙනවා . මේ ඝාතනයට නකත්වය් දුන් අයගේ පදක්කම් අහිමි කර සිර දඬුවම් පසු කාලයේදී ලබදී  තියෙනවා . මේ සිද්දියේ දේශපාලන පසුබිම කොහොම වුනත් මේ ස්ථානය නිර්මණය  කර ඇති ආකාරය , එහි ඉදරිපත් කිරීම් මේ ජනතාව වෙත දක්වන ගෞරවය අති විශිෂ්ටයි . දුක දිනා  ජයගත් කොරියානුවන් තම අතීතය අමතක නොකොට තාක්ෂනය බාවිතයෙන් ඒ අයට ගෞරව  ආකාරය නම් අපූරුයි .

No comments:

Post a Comment