Friday, June 6, 2014

e - තැපැල් ..



මට මතක හැටියට මුලින්ම ඉ -තැපෑල ගැන ඉගෙන ගත්තේ ඉස්කෝලේ යනකාලේ " Infotel  Exhibition " එකට ඇවිත් . ඒ Infotel   පටන්  ගත මුල් කාලයේදී ..O /L  ප්‍රතිපල මත ලංකාවේ ඒ අවුරුද්දේ මුල් 1000 ට මේ ප්‍රදර්ශනයේ සම්මන්ත්‍රණයට එන්න අවස්ථාව ලැබුණා . ( දැන් නම් මේ අවස්ථා ගොඩක් විවෘතයි .) ගාල්ලේ ඉඳලා  අපේ පාසලේ  39 ක්ද කොහෙද  කොළඹ  ඇවිත් දේවී  බාලිකා විද්‍යාලයේ නැවතිලා BMICH තිබුණු මේ  ප්‍රදර්ශනය හා  සම්මන්ත්‍රණය බලපු අපි එකේ එක සසියදී ඉ -තැපෑල ගැන ඉගෙන ගත්තා . කලින්  මේ ගැන අහල තිබුනත් වැඩ ප්‍රයෝගිකව ඉගෙන ගත්තේ එහිදීදියි . ඒ කලේ කිව්වේ ඊ -තැපැල් කියලද කොහෙද .(ඉලෙක්ට්‍රොනික්  තැපැල් /electronic  mail  යන නම කෙටි වෙලා ඉ -තැපැල්  යන සිංහල නම බවිත වුනේ පසු කාලේදී )   මගේ පළමු ඉ -තැපැල් ගිණුම ආරම්භ වුනේ විශ්ව විද්‍යාලේ පළමු වසරේ   මුල් කාලේදී .. අන්තර්ජාලය අති සුඛෝපභෝගී වූ ඒ කාලේදී  ත් අපේ විශ්ව විද්‍යාලේ   ශිෂ්‍ය සංගමය මගින් ක්‍රියාත්මක වුන 24-hours  internet  lounge එකක් තිබුණා . ඒ කලේ හැටියට ජෙෂ්ටයන් සමග බජනය සෞඛ්‍යට හානිකර වුනත් ඒ තැනට   ඒ වෙලාවේ duty  හිටිය  ජෙෂ්ට ශිෂ්‍යයා ගේත් උදව්වෙන් yahoo  ගිණුමක් හදා  ගත්තා. හැබැයි mail  බැලුවේ මාසෙකට වරක් විතර ..(දැන් නම් දවසක් මිල් නොබැලුවොත්  mail  10ක්  වෙනවා) attachment  යැවීම් , forward  කිරීම් සුලභ වුනේ නෑ . කතා කලේ පිට රට ඉන්න යාලුවෙකුට විතරයි . දැන් නම් අල්ලපු මෙසේ කෙනාටත් mail forward  කරනවා . තිබුනේ  එකම ගිණුමක් වුනත් password  අමතක වීම් සුලබයි .  දැන් නම් yahoo , hotmail ,gmail , office mail හැමෝටම තියෙනවා . Mail group , distribution lists ,chat පහසුකම් වගේම දින පොතක් ලෙස බවිත කරන්නත් රැස්වීම් හා විශේෂ උත්සව මතක තබා ගන්නත් ඒ පිළිබඳව මතකයට නගා  ගැනීමට  කෙටි පණිවුඩ යැවීමටත්, auto reply යැවීමටත්  පහසුකම් තියෙනවා විතරක් නෙවෙයි ඒවා සුලබව බාවිතා  කරන්න පාසල් ළමයිත් දන්නවා . රාජකාරි වශයෙන් ඉ -තැපැල් පද්දතියක් පවත්වාගෙන යාමේදේ ඇතිවන පහසුව හා ප්‍රශ්නත්  දන්නවා . තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය රාජ්‍ය අංශයේ ඉ -තැපැල් සඳහා නාමකරනයේ  ක්‍රමවේදයකුත්  සකස් කර බාවිතා  වෙනවා . දැන් UCSC  තියෙන ගොඩනැගිල්ලේ පහල මාලයේදී  පළමු ඉ -තැපැල් ගිණුම හදල යවපු මම ඒ කාලයේදී යැවූ ඉ -තැපැල් ගණන ගන්න කලොත් දහස් ගනනක් වෙයි . ඒ වගේම ගොඩක් අයට ඉ -තැපැල් පහසුකම් ගන්නත් රජකරිදීත් පෞද්ගලිකවත් උදවු වෙන්නත් අවස්ථා ලැබුණා. ඉස්සර නම් අපිට ලියුම ආවා. දැන් නම් සුභ පැතුම් ආරාධනා , බිල්පත් ඔක්කොම එන්නේ ඉ - තැපෑල  හරහා . දැනටත් රාජකාරි මට්ටමේ හැර වෙනත් දෙයක් සාමාන්‍ය තැපෑලෙන් එන්නේ නැති තරම් . e -mail  කවිකරියන්ට ගීතත් ලියවුණා . සමහරවිට සාමාන්‍ය තැපෑල පිලිබඳ අත්දැකීම් ඇති අවසන් පරම්පරාව අපි තරමටම ඉ-තැපෑල අද සුලභ , පහසු,ඉක්මන්  හා ලාබදායි වෙලා .

No comments:

Post a Comment