Friday, November 13, 2015

නොආ ආකාශ වස්තුව


අපි කවුරුත් ආකාශ වස්තුව එනතෙක් මග බල සිටියෙමු. ධීවර නාවික කටයුතු 11 සිට 1 තෙක් නතර කිරීමටද උපදෙස් දී පණිවුඩ පැමිණිනි. නාසා  මොන මොන දේ කලත් අන්තිමේ artificial අකෂ වස්තුවේ කොටස  ගමන් මග ලෙස අපේ ගම පළාතම තෝර ගත්තේය .(එකෙත් හැටි ..සුනාමි නොදන්වාම අවෙත් එහෙටය.)   තාරකා  විද්‍යාඥයන් , වියතුන් පමණක් නොව ජෝතිෂ්‍ය වියතුන්ද විවිද මත  පළකළහ . ගොඩබිමට වැටුනොත් මොකද වෙන්නේ? මුහුද වැටුනොත් මොකද වෙන්නේ ? නොදැවී  වායුගෝලයට අවොත් මොකද වෙන්නේ ප්‍රශ්න ගොඩකි. මේ දවස්වල දැවෙන ප්‍රශ්නය ආකාශ වස්තුවය . සමහරු වැඩට යාමටද , දරුවන් පාසල් යැවීමටද මැලි වූහ . සමහර රූපවාහිනී සේවා නම් සජීව විකාශ සූදනම්  කරගෙන් දකුණු වෙරළබඩ තම ආයතනයේ ධජ ඔසවා camera  සූදානම් කරන ඉන්නටද ඇත. ආකාශ  වස්තුවේ ලෝහ හෝ වෙනත් නොදැවුණු කොටස් ඉතා වටිනා විය යුතු බව සමාහු මත පල කලහ . අකුණු සන්නායක , වාලම්පුරි , සුදු කැස්බෑවන් , වල්ලපට්ට්  මතු නොව කබර හූනන්ටද මිලක් නියම කල ඇත්තන් මේ කොටස් අවුල මිල කිරීමටද සිහින දකින්නට ඇත . ආකාශ  වස්තුව පුද්ගලික ඉඩමකට වැටුනානම් ඉඩමේ මිල  20 ගුණයක් වත් ඉහල යවා  ගන්නට තිබිණි. වෙරළබඩ නිසා " space debris beach  hotel " හෝ "space  cottage " වැනි නමක් දමා හෝටලය අරබන්නට හෝ එය බලන්නට එන්නට තේ , අහර , සමරු තිලින විකුන්නට මගක් හද ගන්නට තිබිණි.  සති අන්ත පත්තර පිටුවල් තබා තිබු ඉඩ වලට වෙන මොකක් හෝ දමන්නට වෙන්න ඇතිය. කෙසේ වෙතත් ආකාශ වස්තුව ලොවක් රවටා හොරෙන් අළුවී ගියේය .අදෝමැයි ...

Thursday, September 24, 2015

නිලි වැස්සට තෙමීම ...


කත්‍යනා අමරසිංහගේ නිලි වැස්ස කියවුයෙමි . නිලි වැස්ස යන්න මට ආගන්තුක වචනයකි . එහෙත් පොතේ පිටුවන් පිටුව ඉතිහාසික , දේශපාලනමය අරගයක් තුල දිවෙන් රන් මැණිකා  නම් සම්මතයට අභියෝග කල  කතාව දිව යයි .  කත්‍යනා මේ  පොත පුද කරන්නේද මානව සංහතිය වර්ණවත් කල අසම්මත ගැහැණුන්ටය . අසම්මතය  යනු අයහපත් හෝ පිළිගත නොහැකි දේ ලෙස බොහෝ අය සිතතත් මා  එය දකින්නේ සම්මත රාමුවට අභියෝග  ලෙසය .ලෝකය වෙනස් කර ඇත්තෙත් ,  විච්ත්රවත් කර ඇත්තෙත් සම්මතයට අභියෝග කල ගැහැණුය. සර්වජන චන්ද බලය ලබගනීමේදීත් , ලොව ප්‍රථම අගමැතිනිය පත් කර ගැනීමේදීත් ශ්‍රී  ලාංකිකයන් සම්මතයෙන් බැහර  වුහ . කෙසේ වෙතත් සම්මතයෙන් සමපූර්ණයෙන්ම බැහැර වූ  ( වාරියපොළ තරුණිය , මාලඹේ කාන්තාව ) අදද සාකච්චාවට විචිත්‍ර මාතෘකා සපයයි . මොවුන්  100% නිවැරදි හෝ වැරදි යයි කීමට නොහැකි වුවත් මෙම සිදුවීම්  අන්තර්ජලයෙද  තවමත් පුවත් මවන්නේ ඒ සම්මතයෙන් ඔබ්බට වූ දේ නිසයි. ඉදින්  රන් මැණිකා  සුදු බණ්ඩාට කම්මුලට නොගැසූවානම් , ආගන්තුකයෙකු ගෙට කැන්දා  නොඅවානම් , ඒ තරුණය සමග කන්ද උඩරටට නොපැමිනියානම් , රජුට නොබියව කතා නොකලානම් , ගාලු ලන්දේසි කොටුවට රජුගේ රහස් පණිවුඩය ගෙන යාමට එඩිතර නොවුනානම් , සිංහලේ රජු අමතක කර තම හිතට ඉඩදී ඕලන්ද කපිතාන් හා සෙනෙහින් නොබැදුනා නම්  කතව මෙසේ විචිත්‍රවත් වන්නේ නැත . එහෙයින් කත්‍යනා මෙන්ම මමද ඇතිකිරිගල   රන් මැණිකා නම්වූ මේ අසම්මත ගැහැණියට ඇලුම් කරමින නිලි වැස්සට තෙමෙමි .

Friday, September 18, 2015

උදුම්බරා පින්ගුත්තරට (නො ) කී කව ...

ඈත නුවරක රකින්නට තම මවුපියන් ඉන්නට ඇති
දීග අතරුනු කඳුළු වියලුනු නැගණි  සිහිවන්නට ඇති
කැඩුණු ලනු ඇඳ කුලී ගෙදරක සුසම් රඳවා ගන්නැති
සකල ශිල්පය පනම් අටකට තුලාවට සරි වෙන්නැති 



දිව බොජුන් සළු පිළි විලවුන් නැතත් මට කම් නැති
රාජ මාළිග , උයන් කෙලි දැසි දසුන් පිරිවර උරුමැති
මියැදී සිහිනය සි මැදුරු කවුළුවෙන් සුළඟට මුසුවෙති
මගේ කඳුලක් සිරි යහන ගැබ රහසේ සැඟවෙන්නැති

ගසේ පාමුල අතුල විසකටු වලට නවතනු බැරිවැති
මුදු වදන් රජ සිරිත් හමුවේ වුවත් අමතක වෙන්නැති
අතැර දා ඔබ ඉතිරි කර ගිය සන්තකය වූ අරුමැති
හදේ ඇමිනුණු එකම කටුවක් සදා තවමත්එහි  ඇති

Thursday, September 17, 2015

අච්චාරු..



අපි පුංචි ඉස්කෝලේ එනකොට යාලුවෝ එක එක පලතුරු වාරෙට අච්චාරු අරන් එනව.. බිලින්, ජම්බු, පේර , ඇඹරැල්ල , වෙරළු ඒ අතරින් ප්‍රදානයි. ඒ දවස්වල 2-3 පන්තියේ ළමයෙකුටත් පලතුරු කපල හෝ තම්බල ලුණු, මිරිස්, ගම්මිරිස් දාල අච්චාරු හදන්න දැනුම තිබුණා . පසු කලෙක ගෙවල් වල මැලේ  අච්චාරු සිංහල අච්චාරු  හැදුවත් ඒවා පඩි පලතු කඩේ සිට තරු 5 හෝටල් දක්වා ගිහින් කෑවත්  පන්තියේ කපු අච්චාරු රස අමතක නෑ .අදත් අමු වෙරළු දැක්කම  ඒවා තමබ්බන , ජම්බු අච්චාරු හඳන්න හිතෙනවා. එත් ලඟදි දවසක් මම මේ ඕනෙම අච්චාරු වර්ගයක් විකුණන කඩයක් දැක්ක . ප්ලස්ටික් බජන හරි පොලිතීන් බැග් වල අහරි අච්චාරු දල දෙනවා . රසයි ..එත් ඒ දේවල් ඒ තරම් සුලභ නැති කලේ පන්තියේ තියාගෙන interval එකට කලිනුත් හොරෙන් කපු අච්චාරු රස තාම මතකයි

Saturday, August 1, 2015

අද වගේ දවසක..


 කාලෙකට ඉස්සර අද වගේ දවසක තරුණ තරුණියෝ 62 ක් අලුත් පත්වීම් ගත්තා . විභාග 2ක් විතර තිබිල interview එක කල් ගිහින් කොහොම හරි නොහිතුවක වෙලාවක කැඳවීමක් ... පස්සෙන්ද ඉදන්ම මීගොඩ පුහුනුවක්ලු... නවතින්න දේ අරන්  අවේ නැති මම අම්මා ගාල්ලේ යවල පස්සෙන්දට තත අතේ මීගොඩට බඩු  එවන්න කිව්වා .. ලංකාවේ වටේම අය ..campus වල , ගමේ අඳුරන ය කීපදෙනකුත් හිටිය .....ඔක්කොම අම්පාර  වගේ දුෂ්කර සේවා ස්ථාන වලට යවනවා කිව්ව් නිසා මුල් training එකේ සතුට නම් අඩුයි.. placement  වලින් පස්සේ මීපේ, SLIDA  මාස තුනේ පුහුණුව නම් රසවත්....පස්සේ තව කීප දෙනකම කණ්ඩායමට එකතු වුණා ......
තනතුරු නාමය නම් මුලදී ටිකක් සැර හා බර වැඩියි වගේ..ඒ නිසා විදුහල්පති පත්වීම් ගන්න ගිය අයගෙන්  උසස් පෙළ ළමයෙක්ද කියලත් ..පාසල් අධීක්ෂණයට ගිය සහකාර අධ්‍යක්ෂවරයෙක්ගෙන්  අලුත් විද්‍යා පීඨ ගුරුවර්යේක්ද කියලත් අහල තිබුන ..අමත්‍යන්ශයේ  සහකාර අධ්‍යක්ෂවරුන්ට  නම්  නම් අලුත් සංවර්ධන සහකාර වරුන්  කියලත් පටලාගත් ය හිටිය ...
කොහොම වුනත්  වදෙන් පොරෙන් කට්ටිය අද යම් තැනක් ඉන්නව.. ප්‍රධාන ජාතික පාසල්  වල විදුහල්පති , උප විදුහල්පති ලෙස පළාත් කලාප , අමාත්‍යංශය , දෙපාර්තමේන්තු  වල  තැනක් තිය ගත්තු අය  colours  පෙන්නපු අය ඉන්නවා .. ඉඳ හිට .ප්‍රශ්න, අභියෝග   නොතිබුණා නොවෙයි ..එත් එහෙම නොතිබුන නම් මේ ගමන ඒකාකාරියි ..දැන් නම් අපි ටිකක් mature වෙලාලු ...අනේ මන්ද එත් අයෙත් මීගොඩ වගේ chit pass කරන්න ..SLIDA  එකේ වගේ නම board එක්ක ගහල ඉස්සරහින් තියාගෙන ඉන්න ...ගිනිබෝල සෙල්ලම කරන්න...( 99% හොස්ටල් එක ගිනි තියපු හනුමන්ත batch එක වීමෙන් බේරුණු) නටන්න , සින්දු කියන්න, චීන අඩි සංදර්ශන තියන්න , face wash එකෙන් bath room හෝදන්න නම් කාලයක් එන එකක් නෑ ,අමාත්‍යංශයේ හිටි නිසා බොහෝ දෙනෙක් එහි එන වෙලාවට හෝ පළාත්, කලාප , පාසල් වලට යාමේදී හමු වුනත් එයින් පසු දැක්කේ වත් නැති අය ඉන්නවා ...සමහරු විදේශ ගතවුණා , සමහරු වෙන සේවා වලට ගියා ..(හොඳ වෙලාවට දන්නා හැටියට වැඩ තහනම් අය නම් නෑ )..ඉතින් හැමෝටම සුභ සංවත්සරයක් ..Happy Anniversary  to all my SLEAS batch mates ..and  Many more to Come ...

Wednesday, July 29, 2015

ශ්‍රී ලංකාවේ බලකොටු- ලන්දේසී සහ ඉංග්‍රීසි යුගයේ බලකොටු


 

 

ලන්දේසීන් විසින් සාදන ලද කොටු පවුරු අතර හම්බන්තොට දිස්ත්‍රිකයේ කටුවන, පුත්තලම් දිස්ත්‍රික්කයේ කල්පිටිය බලකොටුව සහ මාතර තාරකා කොටුව ප්‍රධාන ස්ථානයක් උසුලයි. මින් කල්පිටිය බලකොටුව පසු කලෙක බ්‍රිතානයන් විසින් අත්පත් කරගෙන හමුදා කටයුතු සඳහා යොදා ගන්නා ලදි. කාලයක් අත්හැර තිබූ මෙම බල කොටුව පසුව යුද්ධ සමයේ දී නාවික හමුදා කඳවුරක් ලෙස භාවිතයට ගන්නා ලදි.
නිල්වලා ගඟ අසබඩ ඇති මාතර තාරකා කොටුවට ඒ නම ලැබී ඇත්තේ මුළු හයකින් යුත් තරුවක හැඩයෙන් යුතු සුවිශේෂී සැලැස්ම හේතුවෙනි. මෙය ලන්දේසින් විසින් සාදන ලද අවසාන ප්‍රධාන බල කොටුව වන අතර පසුව ඉංග්‍රීසින් විසින් පරිපාලන කාර්යාලයක් ලෙස භාවිත කරන ලදි.

මුළු දිවයින ම 1815 දී යටත්කර ගත් ඉංග්‍රීසින් පෘතුගීසින් හා ලන්ද්සීන් විසින් සාදන ලද බලකොටු අත්පත් කරගෙන භාවිත කළ මුත් ඉතා විශාල බලකොටු වැඩිපුර තැනවීම සිදු නොකරන ලදි. කෙසේ වෙතත් හම්බන්තොට මර්ටේලෝ කුලුණ මාතලේ මැක්ඩොවාල් බලකොටුව යනාදිය ඉංග්‍රීසින් ගොඩ නංවන ලද බලකොටු වේ. හම්බන්තොට කුලුණ පසුව රජයේ කාර්යාලය සහ කෞතුකාගාරය සඳහා යොදා ගන්නා ලදි .

කන්ද උඩරට රාජ්‍ය සමයේ සටන්වල දී ආරක්ෂාව සඳහා ගොඩ නංවන ලද මෙය ඉංග්‍රීසි හමුදාවේ අණදෙන නිලධාරී,මේජර් ජනරාල් හෝ මැක් ඩොවෙල් නමින් ද නම් කරන ලදි. 1848 මාතලේ කැරැල්ලේදී වීරපුරන් අප්පු ප්‍රමුඛ කැරලිකරුවන් මෙම කොටුපවුර අල්ලා ගන්නා ලද අතර නැවත ඉංග්‍රීසින් විසින් මෙය අත්පත් කරගන්නා ලදි. වර්තමානයේ මෙහි නටඹුන් පමණක් දක්නට ලැබේ. මෙම කොටුව තුළ විරු ස්මාරකයක් සහිතවඉදිකර ඇති අතර මාතලේ සුසාන භූමියක් ලෙස භාවිත කරයි.

ශ්‍රී ලංකාවේ පෙර රජ දවස පමණක් නොව පසු කලෙක යටත් විජිත යුගයේ ද අමරණීය සිහිවටන ලෙස ඉදි කළ මෙම බලකොටු දිවයින පුරා විසිරී ඇති අතර අද ද සංචාරක ආකර්ෂණය දිනා ගනිමින් විරාජමාන ව පවති. මේවා බොහොමයක් පුරාවිද්‍යා දෙපාරතමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල වැනි ආයතන මගින් සංරක්ෂණය කර පවත්වා ගෙන යයි. ශ්‍රී ලංකාවේ ඉතිහාසය මතු පරපුරට රැගෙන යනු වස් මෙම පෞරාණික බලකොටු ආරක්ෂා කරගැනීම සැමගේ වගකීමකි.

 

ශ්‍රී ලංකාවේ බලකොටු-.පෘතුගීසි යුගයේ බලකොටු


 


 

රජ සමයෙන් පසු ග්‍රී ලංකාව යටත් කරගත් බටහිර ජාතීහු ද දේශීය රජවරුන්ගෙන් සහ තරඟකාරී වීම පිණිස විදේශීය බටහිර ජාතීන්ගෙන් ආරක්ෂාවීම පිණිස බලකොටු තැනවූහ.පෘතුගීසි යුගයේ බලකොටු  මේ අතරින් පෘතුගීසි යුගයේදී කොළඹ කොටුව,ත්‍රිකුණාමල කොටුව  ,අරිප්පු බල කොටුව සහ මුල් ගාලු කොටුව ඉදිකෙරිණි. කොළඹ කොටුව 1965 දී ලන්දේසීන් විසින් අත්පත් කර ගන්නා ලදි. මේ වන විට එහි කොටු පවුර විනාශ වී ඇතත් කොළඹ ප්‍රදේශ නාම අතර කොටුව, පිටකොටුව යනාදිය අදටත් භාවිත වේ .මෙම ප්‍රෙද්ශ අදටද දිවයිනේ ප්‍රධාන කාර්යාල සහ වෙළඳ ප්‍රෙද්ශ ලෙස ක්‍රියාත්මක වේ .

ත්‍රිකුණාමලයේ කෝනේෂ්වරම් කෝවිල අසල අද ද දක්නට ඇති බලකොටුව පෘතුග්‍රීසින් විසින් ගොඩ නඟන ලදු ව පසු ව ලන්දේසීන් විසින් අත්පත්කරගෙන ෆෙඩ්රික් බල කොටුව ලෙස නම් කරන ලද්දකි. පෘතුගිසින් විසින් ස්ථාපිත කරන ලද මඩකලපුවේ බල කොටුවෙහි වර්තමානයේ මඩකලපු දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය පිහිටා ඇත. මෙම බලකොටු දෙකම වර්තමානයේදී ද කාලතුවක්කු ,කුළුණ අගල් යන ආදිය දක්නට ලැබේ.
 

මන්නාරම ආසන්නයේ ඇති අරිප්පු බල කොටුව පසු කලෙක බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ෆෙඩ්රික් නෝර්ත් විසින් තම නිල නිවස කර ගත් අතර එය වර්තමානයේ ඩොරික් බංගලාව ලෙස හඳුන්වයි. සමුද්‍ර ඛාදනය නිසා මෙම බල කොටුවේ කොටස් හානි වී ඇති නමුත් වර්තමානයේ ද පුත්තලම-මන්නාරම මාර්ගයේ දක්නට ලැබේ.පෘතුගීසින් විසින්  ඉදිකරනු ලදුව පසු කලෙක ලන්දේසීන් විසින් අත්කර ගැනීමෙන් පසු හැමන්හිල් ලෙස නම් කළ බල කොටුව පසුව බන්ධනාගාරයක් ලෙස භාවිත කරන ලදි. 1971 කැරැල්ල අවධියේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඇතුළු පිරිසක් මෙම බන්ධනාගාරයේ සිටියේ යැයි ප්‍රකට ය. මේ වන විට  ග්‍රී ලංකා නාවික හමුදා පාලනය යටතේ මෙහි සංචාරක නිවසක්  පවත්වා ගෙන යන අතර පැරණි බන්ධනාගාර සිර මැදිරි තවමත් දැකිය හැකි ය.  යාපනය කොටුව  ග්‍රී ලංකාවේ යුධ සමයේ දී යුධ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වූ අතර එහි මුදා ගැනිමේ මේහෙයුම් ද ක්‍රියාත්මක විය.
වර්තමානයේ දි ඉතා පෞඪ ලෙසින් දිස්වන ගාලු කොටු පවුර මුලින් ම ගාලු වරායෙන් ලංකාවට පැමිණි පෘතුග්‍රීසීන් විසින් ඉදිකර පසුව ලන්දේසීන් විසින් අත්පත් කර වැඩි දියුණු කරවන ලද්දකි. කොරල් සහ කළු ගල්වලින් නිර්මිත මෙයින් ලන්දේසි පාලන ප්‍රදේශයට ආරක්ෂාව සැලසුණු අතර  පසු ව බ්‍රිතානයන් විසින් අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ පාලන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක විය. මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් වන අතර ගාලු කොටුව තුළ ඉදිකිරිම් සිදු කළ යුත්තේ ද එහි පෞරාණික භාවයට හානියක් නොවන සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමතිය සහිතව ය. කලකට පෙර ගාලු දිස්ත්‍රික්කයේ පරිපාලන  කටයුතු මෙහෙය වූ කච්චේරි ගොඩනැගිල්ල, අධ්‍යාපන දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය කාර්යාල බොහොමයක් කොටුව ප්‍රදේශයේ පිහිටා තිබිණි

ශ්‍රී ලංකවේ බලකොටු- පැරණි රාජධානිවල බලකොටු


 

ග්‍රී ලංකාවේ බලකොටු පිළිබඳ ඉතිහාසය පෙර රජ දරුවන්ගේ සමයට දිව යයි. බොහෝ බලකොටු; රාජධානි සඳහා ආරක්ෂක මෙහෙයක් ඉටු කර ඇත. සතුරු බලමුළුවල පැමිණීම කපොලු තුළින් ඈත සිට නිරීක්ෂණය කර පහර දිය හැකි වීම, දිය අගල් වැනි උපක්‍රම යොදා තිබීම නිසා  පහසුවෙන් ප්‍රවිශ්ඨ වීමට නොහැකි වීම ආදී කරුණු හේතුවෙන් රාජ්‍යයේ ආරක්ෂාව සැලසුණි .

 

අනුරාධපුර යුගයේ විජිතපුර බලකොටුව පිළිබඳ මහාවංශය, දීප වංශය, ථූප වංශය සහ රාජාවලිය යන ග්‍රන්ථවල සඳහන් වේ. එළාර රජු විසින් මෙම බලකොටුව ශක්තිමත් කර පවත්වාගෙන ගිය අතර  දුටුගැමුණු රජු විජිතපුර සටනින් මෙම බලකොටුව  ජය ගැනීමෙන් ම දුටුගැමුණු රජුට අනුරාධපුර රාජ්‍යය අත්පත් කරගැනීමට ඉඩ සැලසුණු බැව් සඳහන් ය.

සීගිරිය අනුරාධපුර යුගයේ ම තවත් බලකොටුවක් ලෙස සැලකේ. ධාතුසේන රජුගේ පුත් වූ කාශ්‍යප කුමරු රජවීමෙන් පසු තම රාජ්‍යය සීගිරිය වෙත ගෙන ගියේ පීතෘ ඝාතනයට පළිගැනීමක් ලෙස සටනට පැමිණිය හැකි මුගලන් කුමරුගෙන් ආරක්ෂා වීම සඳහාය.  දිය අගල්, පොකුණු ආදි ජල කර්මාන්ත, ගලින් කළ සිංහ පාද සහ සීගිරි බිතු සිතුවම් හේතුවෙන් අදටත් ලොව අටවැනි පුදුමය ලෙස දනන් මවිත කරවන සීගිරිය එදා හෙළ දරුවන්ගේ දස්කම් විස්කම් ලෙවට හඬඟා පවසයි.එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන,විද්‍යා හා සංස්කෘතික සංවිධානයේ (යුනේස්කෝ) ලෝක උරුමයක් ලෙස ද මෙය නම් කර ආරක්ෂාව සලසා ඇත.

සෙංකඩගල රාජධානි යුගයේ දී බලන කපොල්ලෙහි  බල කොටුවක් තිබූ බැව් සඳහන් අතර සීතාවක බලකොටුවේ නටඹුන් අද ද අවිස්සාවේල්ල-පනාවල මාර්ගයේ දැකිය හැකි ය.

Saturday, July 4, 2015

ජුලි 4..



ජුලි 4. අද මගේ උපන් දිනය .මගේ phone  එක බැටරි බැහැල උදේ off  වෙලා. මගේ සමහර යාලුවෝ අම්මගේ phone  එකටත් කතා කරලා සුබ පතල තිබුන. ෆොනේ එක ඕනේ කරද්දී msg  5-6ක්. FB  එද්දිදීත් විශ් කරපු අය ගොඩක් හිටිය. මගේ යාලුවෝ ගොඩක් රටවල පදිංචි නිසාත් , ගොඩක් රටවල මට යාලුවෝ ඉන්න නිසාත් මට අද දවස උද වෙන්න කලිනුත් සුබ පැතුම් ලැබුණා . වෙලාවේ වෙනස නිසා  පසුදාට පහන් වන තුරුත් ඒවා තිබුණා . මගේ වලල් එකේ තිබුණු  සුබ පැතුම් එකසිය විසි ගනනටමයි, මගේ ෆොටෝ  එකට විශ් කරපු හැමෝටමයි , private msg  දාපු හැමෝටමයි reply කලා .  මගේ phone එකට කතා කල යාලුවෝ , සමහර නිලදාරීන් මගේ උපන් දිනය දන්නේ කොහොමද? එකට ව්සුබ පතන්න වෙලාවක් වෙන් කර ගත්තද කියල හිත ගන්නවත් බෑ . FB  එකට පසුව ලොග් වුනු ය තව දවස් 3-4ක් සුබ පැතුම් එවනවා . ලෝකය පුංචි වෙලා. සම්බන්දතා පවත්වාගෙන යන්න පහසු වෙලා . ඉතින්  හැමෝටම ස්තුතියි .  cake  ඉල්ලපු අයටයි මේ.. හැබැයි ඉටිපන්දම් ගණන ගණන් කරන්න තහනම් ..

Friday, June 12, 2015

සෙනෙහසේ කතාවක් ..




 .


ඇය  ගැන මා  මීට පෙරද ලිය ඇත. Necto බෝතලයක් තුලින් මැලේසියාවේ විශ්ව විද්යාල කැන්ටිමක  ඇරඹි අප මිතු දම අප ලංකවට පැමිණි පසුත් ඇය විවාහ වී ඩුබායි ගිය පසුත් නොබිදී පැවතිනිලකුණු කිහිපයකින් ලංකාවේ සරසවි  වූ ඇය පිටරට සරසවිකට ගියේ දැනුම් පිපාසය නිසා මිස දෙමාපියන්ට විසි කිරීමට මුදල් තිබු නිසා නොවේ . දෙමාපියන්ට සහනයක් වීමට  අර්ධ කාලීනව විශ්ව විද්යාල පුස්තකාලයේද සේවය කලායදයාබර සොහොයුරියක් වූ ඇය  නිතරම තම නැඟී සහ මල්ලි ගේ අධ්යාපනය ගෙන වෙහෙසුනාය .  රසිඳි  ඇගේ කුලුදුල් දියණියයි . දරු ප්රසූතියට මාස කීපයකට පෙර ලංකාවට ඒමට බලාපොරොත්තුවෙන් සිටියදී ඇති වූ හදිසි රෝගී තත්වය මත රසිඳි  තම මවු කුස හැර බොහෝ වේලසනිනින් මෙලොවට  මට සිදුවූවාය . ඇය  ගේ ජීවිතය රැකීමට  ඩුබායි හි පෞද්ගලික රෝහලක ගත කල යුතු කාලය සඳහා අවශ් මුදල් සෙවීමට  ඉමේෂා  හා ඇගේ  ස්වාමි පුරුෂයා සමීර නොගත් වෙහෙසක් නැත . ඔවුන්ගේ කතාව දෙස් විදෙස් පුවත්පත් වලින් නොනැවතී , face book  අන්තර්ජාලය හරහා ලෝක ප්රසිද්ද විය . ලඟින් සිටි මිතුරියක් වුවද අගේ තොරතුරු දැන  ගන්නේ  face book හරහා පමණි .  මේ කතාව දැනගත් විට අගේ මව ඇමතු විට දුරකතනය හරහා ගලා   තමා  අවැසි මොහාතේ එනම් ටහම දියණිය මවක් වූ මොහොතේ තම අසනීප තත්ත්ව මත ඇය  ළඟ රැඳීමට නොහැකි වූ මවකගේ වේදනාව අස තව දුරටත්  වෙහෙසට පත් කරනු නොමන බව හැගීමෙනිඉමේෂා  සිය සැමියා සමග ඩුබායි ගියේ යස ඉසුරු පත නොව ජීවිතයට සවිමත්  ගැනීමට බව මම හොදාකාරවම දනිමි.( මා එලෙස  කියන්නේ සම හරක් ඔවුන්ගේ කඳුළු දෙස බලා  දැමු කෲර  comments  හේතුවෙනි .) කෙසේවුවත් ඉමේෂා නංගි දුක තුලින් වුවත් ඔබට සතුටු විය හැකි කරුණු රාශියක් ඇත . ඔබ නිතරම් පවසන් ඔබේ පිය මෙන්ම දරුවන් වෙනුවෙන් කැපවූ ඔබට ආදරය කරන ස්වාමි පුරුෂයෙකු ඔබට ලැබී ඇත . ඔබේ මව මෙන්ම ඔබත් ඉතා දයාබර මවකි . ඉපදී දවස ගණනකින් ඔබේ දියණිය ලොව පුර සැමගේ අදරයට ලක් වූවාය . ඉතින් අගේ වර්තමා තත්වය හෝ රෝහල් බිල පිලිබඳ මගේ දැනුම අල්පයකෙසේ වුවත් තුනුරුවන් සරණින් රසිඳි දුව නිරෝගීව ඔබ ඇකයට  පැමිණෙනු ඇතඇයට  ආදරය කරන නැන්දලා මාමලා  ඔබගේ බර පැනට  උර දෙනු ඇත .ඉතින්  දිනෙක ඔබේ දියණිය වැඩිහිටි වූ විට ඇයට  මේ සටහන පෙන්වන්න . ඔබ  සෙනෙහසේ    කැපවීමේ සහ දිරියේ කතාව සහ ඉපදුනද සිටම ලොවක් ඇය  දෙස ආදරයෙන් හා ආශීර්වාදයෙන් බලා  සිටි බව  ඇය  දැනගනු ඇත.


Monday, May 25, 2015

Spot test


විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යාව හා උද්භිද විද්‍යාව හදාරන්නට Spot test  කියා වර්ගයක් ප්‍රයෝගික පරීක්ෂණයේදී ලැබේ . එහිදී සීමිත කාලයක් තුල දක්වා ඇති නිදර්ශකයක්  ගැනීම හෝ ඒ පිලිබඳ අස ඇති ප්‍රශ්න  වලට පිළිතුරු ලිවීමට සිදුවේ. කාලය අවසන් වූ පසු සෙනුවක් නද කිරීම මගින් අනිත් spot එක වෙත යාමට යොමු කෙරේ .සමහර demonstrator අක්කල නම් microscope එක සෑම සිසුවාගෙන් සිසුවටම  adjust  කරන්නේ slide එකේ ඇති දේ රහසේ කීමෙන් පසුවය . එසේ විදේශාධාර නොලැබුනත් practical හොඳට කලොත් නම් Spot test ගොඩයාම sure ය.එත් එක්   practical දිනකට ඉවර කෙරීමට නොහැකි තරම් නිදර්ශක ඇති නිසා අපි බොහෝ විට පුළු පුළුවන් දේ ඇඳ ගෙන අනික හොස්ටල් එකේ seniors ලගේ පොත් වලින් copy  කළෙමු . සමහර slides මේ කාලය තුලදී බිඳී යාම නිසා අපි නොදකින ලද slides ද ඇඳ ගෙන ඇති විට පුදුම වූ සමහර කතිකචාහ්ය වරු මේවා දැක්කේ කොහෙදිදැයි අසති . කෙසෙස් වෙතත රූප සටහන් ඇඳීමේ  දුර්වල මා A 4 කොළ නාස්ති කරමින් හා venus  පන්සල් වලට පින් දෙමින් මේ ව්‍යායාමය නිම කරන්නේ practical දින මධ්‍යයම රාත්‍රියේය . අවසානයේ මේ සටහන් එකතු කර පොත bind කිරීමට open canteen  එකේ හෝ Cba එකේ පෙළ ගැසෙන්නේ submission  එකට කලින්දය . කෙසේ වෙතත් වදෙන් පොරෙන් හෝ කවුරුත් මේ practical ටෙස්ට් වලින් ගොඩ ගිය බව නම් මතකය. (Photo-http://ebytes.shorecrest.org/)

Saturday, May 16, 2015

සුදු , කළු,අළු සහ වර්ණ ..


සුදු චරිත සහ කළු චරිත සිටින්නේ හින්දි සිනමා පටවල සහ ඉන්දියානු මාලා නාට්‍යවලය . පාරේ සිටි ගැහුණු ළමයි ගෙදර කැඳවා ගෙන ගොස් කිසිම තොරතුරක් නො විමසා සහෝදරිය හෝ දුව තතුරුරේ තබගන්නන්ද , තම සොහොයුරාට අකුල් හෙලීමට මුළු කාලය කැප කරන සොහොයුරියන්ද ඒවායේ සිංග නැත . සමහර පොත් වලද මේ තත්ත්ව ඇතත්  බොහෝ කළු චරිත වල සුදු තැන්ද , සුදු චරිත වල කළු  පැල්ලම්ද  මතු කරන පොත් බෙහෙවි .බොහෝ දෙනෙක්  මතුපිටින් කිරි සුදු යයි දකින අයගේ හදවත කළුම කළු යයි අත්දැකීමෙන්ම දනිමි. තම කළු යයි ප්‍රසිද්දියේ කියන්නෝ සුසුදු හදවත් ඇත්තෝ වීමටද ඉඩ ඇත . මෙය සමහරු ජීවිත කාලය තුලම තේරුම් නොගනියි. සමහරු තේරුනත් නොතේරුන සේ සිටිති .හැමෝම ආදර්ශයට ගන්න යයි උදාහරණ ලෙස දක්වන අයගේ ඇතුලාන්තය ඉරිසියාව , කැපී පෙනීමේ උවමනාව  මෙන්ම කපා  දැමීමේ වුමනාවද  පිරි ඇති බව දන්නේ ලඟින්ම ආශ්‍රය කරන්නෝ හෝ කැපී ගිය ඇත්තෝ පමණි . කෙසේ වෙතත් සමාජය තවමත් පොත් දකින්නේ කවරය තුලිනි . චාම් ඇඳුම , අඩු හෝ සිහින් කතාබහ තුලට වැටෙන ලකුණු ටිකක් කැපී පේන්නට අදින්නන්න්ට , ශබ්ද නගා  කතා කර සිනසෙන්නනට නොලැබේ . බොහෝ දෙනෙක් කරදරේ වැටහුණු විට ඉදිරිය එන්නේද , කතා කරන්නේද ඔවුන් එදා නොසලකා හරි කළු චරිත පමණකි තේරුම් ගන්නා විට ප්‍රමාද වැඩිය . මට හිතෙන විට ලෝකය colour blind ය. පෙන්නේ සුදු කළුචිත්‍රපටයක් සේය . මිනිසුන් වර්ණවත්ය . colour blind බහුතරයකට වර්ණ හදුනා ගත නොහැක . ඒ නිසා ඔවුන් ලෝකය දකින්නේ තමගේ දෘෂ්ටියෙනි . ඒ නිසා වර්ණ දැක ගැනීමේ භාග්‍ය නැත . වර්ණ දකින්නන්ට colour blind අයට එය විස්ටර කිරීමට අපහසු එය අන්දයට ඇතුගේ සැටි කීම හා සමාන නිසාය .

Wednesday, May 6, 2015

සුන්දර රාත්‍රිය ..


නිදි වරන්නාට රාත්‍රිය දිගුය යයි කියමනක් ඇත . බොහෝ දෙනෙක් උදෑසනට ප්‍රිය කලද මා එකල සිට රාත්‍රිය ප්‍රිය කලෙමි. එකල මා පාඩම් කලේද රාත්‍රී  කලයෙයය.මැලේසියාවේ සිටියදී  පාඩම් වැඩ අවසන් කොට කොපි කෝප්පයක්  සාදාගෙන අන්තරජාලය හරහා චිත්‍රපටි බැලු දෑස් වෙහෙස වූ කල 16 වන මහලින් පෙනෙන අධිවෙගී මාර්ගයේ වාහන නැ රබු  රාත්‍රින්ද තිබුණි . සමහර රාත්‍රීන් පසන් වන තුරු සිටියේ නොඉවසිල්ලෙනි. සමහර රැය එලි නොවන්නේ නම් වඩා හොඳයි සිතු අවස්ථාද විය.සමහර රයෙක නින්නද ගියේම නැත. සමහර රැයෙක නව බලාපොරොත්තු ඇති වූ අතර ඒවා බිද වැටීමද සිදුවිය .  සමහර රාත්‍රීන් ගතකලේ කූඩාරම් තුලය . ඒවා වැස්සට බිද වැටී තෙමෙන්නට සිදුවූ  රාත්‍රිය ඇත . නේවාසිකාගාර වල , පුහුණු මද්‍යස්ථාන , සර්කිට් වල, වාහන වලින් ගමන්  කරමින්  සිටියදීද මෙන්ම නොදාන්න රටවල හෝටල හෝ නේවාසිකාගාර වල, ගුවන් යානා ද රාත්‍රීන් ගෙවිනි . කඳුලින් ගෙවුණු රත්රින්ද. පසන් වනතුරු ඕපදූප කියමින්, හෝ ගී ගයමින් ගතකල් සොඳුරු රාත්‍රින්ද  මතක පොත තුල ඇත. අන් අයගේ දුක් අසමින්ද , දුකින් තවෙමින්ද, ප්‍රශං කල්පනා කරමින්ද ගෙවූ රත්රීන්ද අඩු නොවේ . රෝහලක පුටුවක් මත නිවසියෙකුට තනි රකිමින් නිදි වැරු  රාත්‍රීන් පිරිත් අසමින් හෝ මල ගෙදරක නිදි මරමනි ගෙවූ රාත්‍රීන් ට සපුරා වෙනස් ය . එක රජයකින් ජ්විතයේ තීරණ වෙනස වූ මාර්ග වෙනස් වූ තීරණාත්මක රාත්‍රීන් වෙති.
 රාත්‍රිය වෙහෙස වන්නාගේ විද නිවයි. ප්‍රශ්න එළිවෙන විට විසදා ලයි. මිතුරන් හතුරන් කරයි . හතුරන්  මිතුරන් කරයි. මිනිසුන් ගේ ජීවිත බිලිගනී . නව ජීවිත ලොවට දෙයි. ජීවිතයට මුහුණ දීමට නව දවසකට අඩිතාලම දමයි. එසේනම් රාත්‍රිය අදත් හෙටත් සමද සුන්දරය..

Wednesday, April 22, 2015

රාජකාරිය හා star points ..


රාජ කාරිය යනුවෙන් එකල කීවේ රජු වෙනුවෙන් කරන සේවවාය. පසුව මෙය රජයේ සේවාව වී පසුව ඕනෑම duty එකක් සඳහා පර්යාය පදයක් විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ ආයතන සංග්‍රහයේ කුමන නිර්වචන තිබුනද රජයට සම්බන්ද ආයතන වල සේවයේ නියුතු හා මහජන මුදලින් වැටුප් ලබන බොහෝ දෙන රජයේ සේවකයෝ ලෙස සමහරු සලකති . නමුත් ආයතන සංග්‍රහයට අධිකරණ නිලධාරීන් රාජ්‍ය සේවකයෝ නොවෙති .හමුදා ද මෙයට අයත් නැත . කොහොම වුනත් මේ සියලු සේවා ඉස්සර නම් බොහෝම බලගතු තනතුරුය . ඒ කාලයේ ගමේ ප්‍රධානියා ගමේ පාසලේ විදුහල්පතිය. ඉස්කෝලේ හාමිනේලා, දිසාපති හාමුදුරුවරු, නඩුකාර හාමුදුරුවරු හිට්යේ එකලය . දැන් එහෙම කියන්නේ නැත . එහෙම කිව්වේ නැතිවට කම් නැත . නමුත් බහුතරයක් කියන්නේ මේ සේවා පිරිහිලා කියාය. කෙසේ වෙතත් සිසුවෙක් විදුහල්පති වරයෙකුට පහර දුන්නා  කියා හෝ විනිසුරුවරයෙකු ගේ නිවසට ගල් ගැසුවා කියා හෝ දිසාපති වරයෙකුට තර්ජනය කලා කියා හෝ කියන්නේ එම සේවා වල පිරිහීම නොව ඒවා කල අයගේ පිරිහීම්ය .  සම පුරවැසියෙක්ම තම ජීවිත කාලයේ එක වරක් වත් රජයට අයත් ආයතන වලින් සේවා ලබා ඇත . කොයිතරම් බැන්නද කරන්නම් දෙයක් නැතිවූ යන්නේ රජයේ රෝහලටය . ගංවතුර සුලිසුලන් ආ විට විපටට පත් වුවන්ට ආධාර සියල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සංවිධානය  වේ .රාජ්‍ය සේවා විශ්වාස  නැතිනම් රජයේ පාසල් වලට ඇතුළු වීමට මේ තරම් තරගයක් තිබෙන්නටද බැරිය. අධිකරනය ගැන විස්වාස නැත්නම් මිනිස්සු අත කන කර උගස් කර හෝ සාධාරනය පතා  නඩු යන්නේ නැත . ත්‍රිවිද හමුදාව හෝ පොලිසිය විස්වාස නැත්නම් යුද්දය ඇති කල ඔවුන්ට සෙත් පතා රට පුර බෝධි පූජා පවත්වන්නේ නැත . දීපව්‍යාප්ත හෝ අධිකරණ නිලද්රි තනතුරු සඳහා විභාග හෝ උසස්වීම මේ තරම් තරගකාරී වන්නේද නැත .
කලක් ලක් රජයට එරෙහිව වේනම් රටක් පත යුධ වැදුණු ප්‍රභාකරන් පවා සිය දරුවන් රජයේ ආයතනයක් වූ විභාග  දෙපාර්තමේන්තුව මගින් පැවැත්වූ අ.පො. ස. ( සාමාන්‍ය පෙළ ) විභාගයට වාඩි කළේයැයි එකල පුවත්පතක  විය..
ඉතින් ඔබ තනතුරු නාමය උසස්  වුවත් ඔබේ පන්තියේ හෝ විශ්ව විද්‍යාලයේ සගයන් පෞද්ගලික අංශයේ ලබන වැටුප සාපේක්ෂව අඩු යැයි  කියා දුක් විය යුතු නැත . ඔබ මහජන මුදලින් වැටුප් ලබමින් අවංකව , සාධාරණව සේවය කරයි නම් මුදලින් ගන්න වැටුපට අමතරව ඔබට star points ලැබේ . දුරකතන හෝ credit card සඳහා මේ star points ලැබෙන්නේ ඔබ ඇමතුම් ගන්නා තරමට හෝ මුදල් වය කරන තරමටය. අපට star points  ලැබෙන්නේ මහජන් සේවය කොතරම් හොදින් ඉටු කරනවද යන්නටය . වෙනස ඇත්තේ මේ star points වල expiry date නැති වීමයි .මේවා ඕනෑම අවස්ථාවක ඕනෑම ස්ථානයක ඔබට අවශ්‍යම මොහොතේ auto  redeem විය හැක. මෙහි ප්‍රතිලාබ ඔබට මෙන්ම හෝ ඔබට නැත්තන් ඔබේ දෙමාපියන්ට , දරුවන්ට, පවුලේ අයට ලැබෙනු ඇත . බුද්ධාගමේ යට නම් කුසල් ලෙස පසු අත්මයටත් ශේෂය ඉදිරියට ගෙන් ය හැක . අනිත් අගම්වලටද ඒ ඒ ඉගැන්වීම් අනුව පල ලබාදෙනු ඇත .

Thursday, April 16, 2015

කටු ........




රෝස මල් ගැන කතා කරද්දී තහනම් වචනය නටුවේ ඇති කටුය . එත් බොහෝ ශාක කටු දරන්නේ ආරක්ෂාවටය . විශේෂයෙන්ම ශුෂ්ක කලාපයේ වැවෙන පතොක් වැනි ශාක මේ ගණයට වැටේ . නමුත් මේ කටු සහිත ශාක වල පිපෙන මල් ඉතා සුන්දරය .පැඟිරි කුලයේ ශාක වල කටු බහුලව ඇත . කටුවක් කකුලේ ඇනුණු විට එය ඉවත් කිරීමට තව කටුවක් වුවමනා වේ . සමහරු මේ කටු වලට ආය කටු කීවද දකුණු පළාතේ අපි නම් කියන්නේ " යතුරු කටු " කියාය .
කටු සහිත අනෝද කටු අනෝද වේ .කටු අල කියා අල වර්ගයක් ඇත . කටු සහිත වුවත් කොස් වහල්ල හරකුන්ගේ ප්‍රියතම ආහාරයකි. පොල් වල කටුව විවිද විසිතුරු දේ සැදීමට ගනී . එත් කටු පොල් වලින් එසේ කරන බව අසා  නැත .

කටු ගේ කියන්නේ කෞතුකගාරයටය.  එහිත් ඇට  කටු මිස වෙනත් කටු නම් නැත . කෙට්ටු වූ විට ශරීරයේ ඇට  කටු  ගනන් කිරීමට හැකි තරම් පැහැදිලිව පෙනේ .මාළු  කනවිට මාළු කටු ඉවත්කර ගත යුතුය . ඉකිරින්ගේ කටු ඇනුණු විට ඒවා ඉවත් කිරීම අපහසු බව කියයි.  වෙරළේ ඇත්තේ "සිප්පි කටු" හෝ "බෙලි කටු" ය . එහෙත් බෙලි කටු මල්ල හොලවනව කියන්නේ කටුක අසා  සිටීමට අපහසු කතා විලාසයට .කටුවට වහල්ල්ට  නැති අය ගෙන් නම් ප්‍රයෝජනයක් නැත . කටු කන බල්ලන් වඩා  සැර බවද කියති .ඉගෙනුම කටු අත්තකි .එහි පලය මල් ඉත්තකි කියා කීවද ඉගෙන කටු ඔටුනු ප්ලදීමට වූ අයද නැතිව නොවේ .

මල් ගැන මෙන්ම කටු ගැනද ගීත ලියවී ඇත . " කටු අකුලේ මල් ඇහැලේ ..", " නුබේ හද මඬල කටු යහනකි ප්‍රභාවතී ..", " කටු වලට දෙතොල් තිය මලක් නැති  ගසේ ..", " මේ විස කටු ගස මුල ඉපදී .." ඉන් සමහරකි . කටුනායක , කටු කැලේ , කටුගස්තොට , කටු නෙරිය ආදී ග්‍රාම නාම  කටු වලට සම්බන්දයක් ඇත්දැයි නොදනිමි . කටු රොද  ගම්මානය නම් පිහිටියේ කේයස් ගේ  " සුදු සුදු " කවි පොතේය .

පැරණි ශ්‍රී ලංකික ගල් වඩුවෝ ගල් කටුවෙන් කල අසමාන නිර්මාණ දකිද්දී " මේ තරම් සියුමැලිද  කළු ගල්" කියා සිතේ .අල්පෙන්ති කටු , ඉඳි කටු මගින්ද සියුම් මල් මෝස්තර කල් හැක . සමහරු "කට්ට " කන්නේ දියුණු වීමටය .එහෙත් කට වත් කටුව ගැසීම නම් යහපත් නොවේ . කෙසේ වෙතත් කටු මාවත් දිගේ ආ ය බොහෝ දෙනෙක් පසුව මල් මවත් කරා  අවතීර්ණ වුහ.

Sunday, April 12, 2015

නාගදීපය ..


ලංකාවේ උතුරු ප්‍රදේශයේ තිබෙන දූපත් සමුහයෙන් නාගදීපය ඉතා වැදගත් වෙන්නේ එහි පෞරාණික ඉතිහාසයත් , එහි ඇති ආගමික සිධස්තනත් නිසා . නයිනතිව් යනුවෙන් දෙමල බසින් හැදින්වෙන මෙහි ඉතිහාසය බුද්ධ කාලය දක්වා ඇදෙනවා. විජයාගමනයටත් පෙර ශ්‍රී ලංකාවේ යක්ෂ නාග ගෝත්‍රිකයන් හිටි බවට යම් පුරාවෘත්ත වල දැක්වෙනවා . නාගදීපය හා කැලණිය මෙවැනි නාග ගෝත්‍රිකයන් හිටි ස්ථාන ලෙසයි දැක්වෙන්නේ.  බුදු රජාණන් වහන්සේ දෙවැනි වර ලංකාවට අවේ මැණික් පුටුවක් අරබයා චූලෝදර හා මහෝදර නම් නා  රජවරු අතර ( මේ දෙන්න මාමා බෑනලු) ගැටුම සතයකට පත් කරන්නයි . ඒ බක් පොහොය දිනක.බුදු බණ අස ගැටුම සමතයක පත් කරගත් මේ නා  රජවරු ඒ බුදුන්ට පිදු ඒ මිණි  පුටුව නිදන් කොට නාග දීප  දාගැබ සැදු බව සදහන් .  කොහොම වුනත් මෙහි ඇති කෝවිලත් හැදීන්  වෙන්නේ නාග පූසනි කෝවිල නමින් ... අදටත්  නාගදීපයට  මුහුදෙන් යායුත්යි. ඒ මගී ප්‍රවාහන හෝ නවීක හමුදාවට අයත් බෝට්ටු මගින්...යුද්දය කාලෙදිත් නගදීපයේ  ස්වාමීන් වහන්සේලා වැඩ හිටි බවත් නාගදීපයේ සිට හින්දු බැතිමතුන් වගේම නාවික හමුදාව දනය සැපයු බවත් සඳහන් ..


කොහො ම වුනත්  ජාතක කතා වල වන්සැහැ කතාවල පටන් නාගයන් ගැන සඳහන් ,,විදුර ජාතකයේ විදුර පණ්ඩිතයන් ගෙන බන ඇසීමේ ආසාව නා   ලොව  රජුගේ බිසවට ඇති වූ බවත් , දුටු ගැමුණු රජුගේ මරණයට හේතුව නාග කන්‍යාවක් බවත් සදහන් ..හින්දි හා දෙමල චිත්‍රපට වල නම්  න ලොව හා නාග කන්‍යාවියන් ගැන සඳහන්...නාග චම්පා කියල පැරණි චිත්‍රපටයක් ( මෙය සිංහල හඩ කව හෝ සිංහල නිපැයුමක් ලෙසත් ප්රදශ්නය වුනාලු.) හා නගිනා  කියල අලුත් හින්දි චිත්‍රපටය කුත් ගියා  .බුලත් ලැබුනෙත් නාග ලොවින්ලු ..එත් දැන් නම් අපේ අලුත් අවුරුද්ද වගේ දේශීය උත්සව වලට වගේම සාම්ප්‍රදායක  පිළිගැනීම්  සඳහාත් බුලත් නම් නැතිවම බැහැ .නයි නම් ඔය දැනුත් ඕන තරම් ඉන්නේ.. නයි ඇරීම අහල පුරුදු අය  නම් මට කියාවි  ..

Wednesday, April 1, 2015

යාපනයේදී ..




අපේ 5 පන්තියේ සිංහල පොතේ "යාපනයේදී" කියල පාඩමක් තිබුණා . එකේ තිබුනේ දකුණේ ළමයෙක් එයාගේ යාපනයේ යාලුවෙක්ගෙ ගෙදර ( යාපනයේ ඇති) ගිය කතාවක්.. ඒ කලේ නම් ඒ විදියට යාපනයේ යන්න හිතන්නත් බෑ ..ඒ ගිය විදියට යන්න යාල්දේවි වැඩ කලෙත් කොහෙද ..පස්සේ කලෙක office  වැඩකට යාපනයේ ගියත් ලඟදි පවුලේ අයත් එක්ක යාපනයේ ගියාම ඒ මතකය අලුත් වුන. ඒ පාඩමේ තියෙනවා ආඩි ලිඳෙන් වතුර අදාල මිරිස් පාත්ති වලට දානවා . ආඩි ලිඳ දැක්කේ නැතත්  ඒ කලේ වගේම් කම්මැලි නැති යාපනේ වැසියන් වවපු දුම්කොළ, මිරිස් , මිදී පාත්ති  විතරක් නෙවෙයි කැරට්  , බීට් පාත්ති  පවා දැක්කා . යාපනේ හින්දු ආගමික  වගේම බෞද්ධ සිදස්තනත් දැක්ක.  නල්ලුර් කෝවිල, නග්ලෙස්වාර්න් කෝවිල හා කීරමලේ පොකුණ , පතුල නොපෙනන ලිඳ  වගෙම සංගමිත්ත තෙරණිය ශ්‍රී මහා බෝධි අංකුරය රැගෙන පැමිණි දඹකොළ පටුන , මෙනම් දැක්කේ නැතත් කදුරුගොඩ වැනි ලංකාවේ පරමිම විහාර යාපනයේ තියෙනවා .  නෛනතිව්  ලෙස දෙමල බසින්  හදුන්වන නාගදීපයේ බුදුන් වැඩි බව කියන නාගදීප වෙහෙර භූමියත් නගපූසානි කෝවිලත් භේදයක් නැතිව පෙන පෙන දුරින් තියෙනවා. යාපනයේ ජන ජීවිතය සරලයි. ගොඩක් ගැහැණු , පිරිමි  යන්නේ පාපැදි වල.. ලොකු අලුත් ගෙවල් හදනවා වෙනුවට තමන්ගේ පරණ ගෙවල් ඒ විදියටම පවත්වා ගන්නත් ඔවුන් කටුතු කරනවා ..ඉගෙනීමට නම් මුල්තැන දෙනවා...මේ සාමය , සහජීවනය හා හිනා පූනු හැමදාම  තියෙන්නත් , දකුණු වැසියන් සතුටින් පිළිගන්න සතුන් යපෙනේ නගම යන්න හැකිවීම භාගයක් . ..

Tuesday, March 24, 2015

සිංහපුරයේ සිංහයා ..



සිංගප්පුරුව ට සිංහ පුර කියාද කියයි.. එහි සන්කෙත්යද Merlion ලෙස හදුන්වන සිංහ හිසක් හා මත්ස්‍ය ඇඟක් ඇති මනංකල්පිත සත්වයය.  ලී ක්වාන් යු - සිංගප්පුරුවේ ප්‍රථම ජනධිපතිගේ අභාවය සිදුවුයේ මෑතකදීය .එයට පෙරද එතුමා මිය ගිය බවට කතාවක් පැතිරිණි. එහෙත් සිංගප්පුරුව අද තිබෙන තැනට ගෙනාවේ මෙතුමාගේ දේශපාලන නායකත්වය නිසායයි කියයි. ලී ක්වාන් යු ලංකාවට එද්දී අපේ රටේ බදු තට්ටු ගොඩනැගිලි එරට තිබුනේ නැත. සිංගප්පුරුවේ ගොඩනැගිලි හදන්නට ලංකාවේ ගොඩනැගිලි වලින් අභාෂය ගත්තලු.මේ කතා ඇත්තද බොරුද දන්නේ නැතත් ලංකාවට සිංගප්පුරුව විශේෂ සැලකිලි දක්වයි . අපේ passport එකෙන් විසා නැතිව යන්නට හැකි රටවල් අතලොස්සෙන් සිංගප්පුරුව ඉදිරියෙන්ම සිටි . සිංගප්පුරු ගුවන් තොට හරහා කිහිප වරක් transist කර ඇති අතර රට ගියේ නම් මැලේසියාවේ සිට ගොඩබිම හරහාය . දියුණුව අතින් ඉදිරියෙන් සිටින එහි විනිමය ඒකකය අපේ ඇරේ මුදලින් රු .100ක් පමණ විය .  රටේ ප්‍රවාහන පදතිය අතිශයෙන් දියුණුය . ගුවන් තොටුපොල වැනි ස්ථාන වලට ලගා  වීමට ගතවන කාලය මාරගයේ තිර වල දිස්වෙයි . එක්  pass එකක් මිලදී ගත විට බසයේ හෝ දුම්රියේ ගමන් කල හැක . එහි code read කිරීම මගියා විසින්ම සිදු කර ගත යුතුය. පස්සට යන්නට කියන්නට, දෙපැත්තට වී මැදින් ඉඩ දෙන්න හෝ ෆූට්බෝර්ඩ්  එකෙන් ඇතුලට යන්න කියන්න කොන්දොස්තවරු නැත . අබ්ධිත මගීටද බසයට පොදු ප්‍රවාහන සේවා වල යාමට පහසුය. උදවු අවශ්‍ය අයෙක් වෙතොත් රියදුරු බසය නවත්ත්ව බැසීමට හෝ නැගීමට උපකාර කරයි. දුම්රියෙදී ඊලඟ නැවතුම එරට බවිත වන භාෂා වන මැලේ , දෙමල , චීන හා ඉංග්‍රීසි බසින් නිවේදනය කරයි.
නගරයේ තැන තැන කුණු  නැත , චුවින්ගම් හපා  තැන තැන ඇලවීම තහනම්ය . ලංකාවේ තැන , තැන කුණු දමන්නොද සින්ගප්පුරුවෙ දී මේ නීති නිකන්ම අනුගමනය කරයි .  සෙන්තොස වැනි විනෝද නගර මෙන්ම විසිතුරු  ගොඩනැගිලි, සත්වෝද්‍යාන , branded ඇදුම් , පාවහන් ඇති සාප්පු බොහෝය. අපේ අතේ ඇති මුදලට නම් මුස්තාපා එක වැනි තොග කඩයකින් සැනසෙන්නට සිදුවේ . කෙසේ වෙතත් අපේ රට දිහා බල හෝ නොබලා   සිංගප්පුරුව  අද දියුණුවේ හිනිපෙත්තට නැගී තිබේ . එම දියුණුවේ පියා  තම ආරම්භ කල ගමනේ සාර්ථකත්වය දැක  සාමකාමීව රටක් හඬවා  මිය ගියේය. අපි තවම සිංගප්පුරුව ක් වන්නට සිහින දකිමු ...

Saturday, March 7, 2015

පත්තරේ විස්තරේ..................




මං පත්තර කියවන්න පටන් ගත්තේ කවදද දන්නේ නැතත් මුල් කාලයේ රන්කැටි කියා පුවත්පතක්ද පසුව සතිපත විජය පත්තරයද ගත් බව මතකය. මිහිරද සමහර විට මිලදී ගනු ලැබීය . සිළුමිණ පත්තරේ නම් මා කියවුයේ 3 පන්තියේ සිටය . අද මෙන් නානාප්‍රකාර ඉරිදා පත්තර සුලභ නොවූ එකල අපේ ගෙදර සෙනසුරාදට ඉරිදා පුවත්පත් වූ සිළුමිණ, ලංකාදීප පුවත්පත් මිලද්දේ ගත අතර ඒවා ඉරිදා හවසට උද ගෙදර සමග මාරු කරගෙන ඔවුන් මිලදී ගත් රිවිරැස හා දිවයින කියවීමු . පසුව අපි ගන්නා පුවත්පත රිවිර, ලක්බිම , මවුබිම, සිළුමිණ , ලංකාදීප ආදී ලෙස වරින් වර වෙනස් විය .මේ වනවිට ටැබ්ලොයිඩ් අතිරේක පැමින්නේටද පටන් ගත නිසා එක එක පුවත්පතේ අතිරේකයට කියන නම වෙන්කර හදුනා ගැනීමටද අපහසු විය .
කාලයක් ලක්මිණ , යුක්තිය , හිරු ආදී විකල්ප පත්තරද ජනප්‍රිය විය . රාවය අවේද විකල්ප පත්තරයක් ලෙස බව මතකයක් තිබේ. 10 ශ්‍රේණියේදී ඉංග්‍රීසි පුවත්පත් කියවන්නට පාසලේදී කියූ නිසා " Sunday Times " එක ගෙන්වා ගතිමු . එත් අපි නම් කියවුයේ "Mirror " අතිරේකය පමණි . A /L කාලයේදී නම් එම අතිරේකයේ " Hello Out There " නොවරදව කියවුයේ අපේ පනත්වල අයගේද රහස් පණිවිඩ එහි සමහර විට සටහන් වූ බැවිනි
.
සරසවිය , සරසි, තිරතරු වැනි සිනමා පත්තර. සිරිකත , තරුණි කාන්තා පත්තර නම් මා කියවුයේ අපේ ගෙදර වැඩට සිටි රානි ගෙනි . මල් පත්තර ලෙස හදුන්වන කුමාරි , යුවති වැනි පත්තර ම මුලින්ම කියවද්දී වයස 10ක් වත් වන්නට නැත . ඒ ද කොහෙන් හෝ රානි ගෙන ආ ඒවාය . තේරුනත් නොතේරුණත් මම ඒ කතා කියවීමි . අපේ පුංචි අම්මගේ නිවසට ගිය විට එහි ඇති චිත්‍ර කතා පත්තර කියවීමෙන් නොනැවතී පුංචි අපේ ගෙදර අ විට එම කතා වල ඉතිරි කොටස් මුලින්ම අහන්නට උනන්දු වීමි .කෙසේ වෙතත් 6-7 පන්තියට එනවිට මගේ රටේ තොටේ තොරතුරු පිලිබඳ සාමාන්‍ය දැනීම මෙන්ම ප්‍රසිද්ධ රහස් , ඕපදූප දන ගැනීමටද මේ සීනි පමණක් නොව දුගද නොසලකා කරවල ඔතා ගෙන එන පත්තරය වුව කියවීමේ පුරුද්ද හේතු විය .
කියවීම පමණක් නොව අපි පත්තර එකතු කළෙමු. වැඩියෙන්ම එකතු කලේ ක්‍රිකට් ක්‍රීඩකයන් පිලිබඳ තොරතුරුය . ඩෙන්සිල් කොබ්බැකඩුව මැතිතුමා ඇතුළු රණවිරුවන්ගේ අභාවය වෙනුවෙන් නිකුත් කල පත්තර අතිරේකයක්ද මතක් වෙනතුරු මා සතුව තිබුණි .පුවත්පත් වල දූවිලි රැදීමෙන් අපි ලෙඩවෙ යයි සිතු අම්මලා අපිට වැඩිපුර පත්තර ගොඩ ගහ ගන්න දුන්නේ නැත . එත් අපේ එඅතු කල පත්ටර වල සුරක්ෂිතාගාරය වුයේ අපේ පරණ මේසයේ ලාච්චුවේය . එහි ලාච්චු 3 වෙන්වූයේ රානිටත්, මටත් , ලොකු නන්ගිටත්ය.
තිත්තපත්තර කියා ගමක් ඇති බව දැනගත්තේ කොළඹට ආ පසුවය. දිනපතා තැපෑලත් සමග කාර්යාලයට ආ කාටදෝ ලිවූ කැලැ පත්තරයක් දකින තෙක් ඒවා ගැන අස මිස දැක නොතිබුනෙමි . දැන් නම් ඒවාද අරුමයක් නොවේ .
දැන් නම් පත්තර කියවන්නේ පුරුද්දට වගෙය . ඊළඟ ඉරිදා එනතෙක් පත්තර සිටීමක් නැත . මෑතකදී නම් එසේ බලා සිටයේ මැලේසියාවේ සිටි වසරක කාලයේදී අන්තර්ජාලයෙන් ලංකවේ පත්තර බැලීමටය . අපි කුඩා කල නම් ඉ පත්තර පමණක් නොව රූපවාහිනී හා ගුණ විදුලි සේවා වල උදැසන පත්තර විස්තර කියවන වැඩසටහන්ද තිබුනේ නැත .එහි අපේ විශ්ව විද්‍යාලයේ දොඅර්ටුව අභියස දී නොමිලේ පුවත් පතාක් දුනි . එය " Star ' හෝ " Sun " වැනි නම්ක ගත එකකි . එත් අපි එය කියවුයේ එහි H 1N 1 පැතිරුණු කාලයේ ලෙඩේ පතිරීමේ දරුණුකම් දන ගැනීමට පමණි . කෙසේ වෙතත් අන්තර්ජාලය නැතිවවැඩුණුඅපේ පරම්පරාවේ google , wikipedia , wiki leaks මතු නොව gossip ලංකා වුයේද පත්තරමය .

Tuesday, February 17, 2015

Exercise .....


මම මහත ගණයට වැටෙන්නියකි . මා පාසල් යන කාලයේ සිටම එසේය. මා කෙට්ටුවට සිටින්නට ඇත්නම් ඒ මා විශ්ව විද්‍යාලයේ සිටි අවුරුදු 3 පමණය .ඒ කන්ටිමාට පින්සිදු වන්නටය. එත් එබදු හපන්කමක් කිරීමට මගේ ඔෆ්සියේ පසුගිය කාලය තුල සිටි කිසිම කැන්ටින් කරුවකුට තබා කොළ කැද ඖශධිය පාන වෙළඳ සැලට වත් හැකිවුයේ නැත . වතාවක් නේවාසිකව සිටියදී නිවස හිමි අක්කාත් නේවාසික නංගි කෙනෙකුත් සමග මම මේ අපේ පොදු සතුරා මෙල්ල කිරීමට gym ගියෙමු . කලෙක එය සාර්ථක වුවද පවුලේ අය කොළඹට පැමිණි පසු පදිංචිය මාරු වීමත් සමග එය දිගටම කරගෙන යාමට නොහැකි විය . මේ අතර මගේ පාසල් කල මිතුරෙකු ඉතා හොදින් මහත මෙන්ම බඩ ද මට්ටු කිරීමට සමත් වී ඇති හැටි මූණු පොතින් දුටිමි . වැඩේ සාර්ථක කර ගැනීමට අත්දැකීම් තුලින්ම උපදෙස් බලාපොරොත්තු වුනිමි . එය එසේ මෙසේ වැඩක් නොවන බවත් ලොකු ඉවසීමක් , කැපවීමක් හා අධිෂ්ටනයක් අවශ්‍ය බවත් පැවසු ඔහු gym රුවන් වැකි කිහිපයක්ද ම වෙත ඉදිරිපත් කරන ලද අතර fitness page එකක්ද නිර්ලෝභීව share කරන ලදී . කෙසේ වෙතත් මට අවශ්‍ය fitness page එකේ මෙන් අයෝමය කාන්තාවක් වීමට නොව margin එකේ තිබෙන BMI එක බර එය තුලට රිංගවා ගැනීමත් ඒ සඳහා moral support එකකුත් බැව් පැවසු විට fitness සඳහා ඉවසීම තිබුනත් අන් මත ඉවසීමට නොහැකි මිත්‍රයා chat එකෙන් බර අඩු නොකළ හැකි බව පවසා ලොකු argument එකක් කෙලවර ඒක පාර්ශ්විකව මා මූණු පොත් මිතුරන්ගෙන්ද කපා දමා ඇත . මිත්‍රත්වය බොහෝ විට පැවතුනේ මූණු පොත හරහාම බැවින් මිතුරා නැත්තටම නැතිවූ බව දැනේ . ඉතින් fitness advice සොයන මගේ මිතුරියනට කීමට ඇත්තේ සමහරවිට එයින් මිතුරත් මුදලත් 2ම නැතිවිය හැකි බවය .කෑමේදී කතාවෙදීද කට control කිරීමට නොහැකි මට model like figure සිහිනයකි . ඉතින් මා මහත් වන බව පවසන office mates ලාට පවසන්නේ කෙට්ටු වීමට කල උත්සයක් අතක් පයක් නොකැඩී යන්තම් කෙලවර වූ වගයි . ඉතින් මගේ මහත මට හොඳා 

Monday, February 16, 2015

Valentine දිනයේ ගුරු උපහාර දැක්වීමු ..........



ඒ අපි පාසලේ ශිෂ්‍ය නායිකා ධූරයට පත්වූ අලුතයි . අපේ අපේ පාසලේ ශිෂ්‍ය නායිකාවන් ගේ දිවුරුමේ අවසානයේ ඇපවෙමි . කැපවෙමි . කියල තියනවා . මේ නිසා සෑහෙන්න අපහසුතාවයට වගේම කට්ට කෑමට සිදුවූ අවස්ථා එමටයි . ඔන්න ඉතින් අපේ කට්ටිය හා හා පුර කියල වැඩ  බාරගෙන වැඩ  අල්ලන්න සූදානම් වුනේ ගුරු උපහාරයක් තියල. මේක ශිෂ්‍ය නායක මණ්ඩලයක් පත් වුනාම තියෙන සම්ප්‍රදායක් . පුංචි සංග්‍රහයක් එක්ක රෝස මලක් සමරු තිළිණයක් ලෙස. plan  කරලා කලද අහම්බයක්කද දන්නේ නැති වුනත් හරියටම මේ දිනය යෙදුනේ පෙබරවාරි 14 දිනක ..අද තරම්ම  වානිජ්‍යකරණය වී නැතත් ඒ කලෙත් මාධ්‍ය වලින් Valentine දිනය ගැන දුන්නු ප්‍රචාර නිසා රෝස මල් වල්ටට් ඉල්ලුම ඉහල ගියා .  කොහොම වුනත් අපේ විද්‍යාලයීය වර්ණ වන රතු පටින්ම රෝස මල් ගුරු මණ්ඩලයේ 160 පමණ වූ සියලු දෙනාටම ගන්න අපේ  අය  නම් සමත් වුණා . (Valentine දිනය සමරන්න හිටපු ගාල්ලේ පෙම්වතුන්ට මල් හිගයක් ඇති වුනද නම් දන්නේ නෑ .) Valentine දවසේ රතු රෝසමල් මේ තරම් ගණනක් කොටුව ඇතුලට town එකේ සිට ප්‍රවාහනය  කිරීම තමයි ලොකුම ප්‍රශ්නය . යුනිෆොර්ම් අන්දලා කොහොම හරි අවුලක් නැතිව මේ ටික ගෙනාවේ තුලානිද කොහෙද මට  මතක හැටියට .. ඒ මගේ වගේම අපි ගොඩක් අය මුලින්ම සමරපු Valentine  දිනය   කොහොම වුනත් අපේ Valentine දිනයේ තියුණු  උත්සවය නම් සර්වප්‍රකාරයෙන් සාර්ථක වුණා . පොඩි  පරහකට තිබුනේ මොනවහරි ත්‍රස්තවාදී ක්‍රියා ප්‍රශ්නයක් නිසා පස්සෙන්ද ඉඳන්  දින නියමයක් නැතිව ලංකවේ ඔක්කොම පසල් වැහුණු එක. කොයි තරම් ඇප වෙමි කැප වෙමි කිව්වත් උපහාර උත්සවය නිසා මට වෙනද පැවරී තිබු රාජකාරියක් එනම් ජාතික ධජය හා පාසල් ධජය පාසලින් පසු කොඩි කණු වලින් ගලවල පාසලේ කාර්යාලේ තියන්න අමතක වුණා .( මතක් වුනෙත් සතියකට විතර පස්සෙද කොහෙද..) කොහොම වුනත් නේවාසිකාගාරයේ හිටපු සොයුරියක් මගේ රාජකාරිය කරලා තිබුන.

Friday, February 6, 2015

මල්!!!

.
මල් පිපෙන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට ..මෙහෙම කිව්වේ මොන්ටිසොරියේදී ...ඒ කාලේ හවසට හැමදාම අපි ආච්චිත් එක්ක හවසට හෙන්දිරික්ක මල් කඩල බුදු හමුදුරුවොන්ට පූජා කළා . දැන් නම් මල් කඩනවා කියන එකට තියෙන්නේ වෙන අර්ථකථන ..හෝඩියේ පන්තියේදී මුලින්ම අදින්න දෙන්නෙත් පෙති 5 මලක්ද කොහෙද ...හත් පෙති මල කියන රුසියන් පරිවර්තන ළමා පොත අපේ කාලයේ නොකියවූ ළමයෙක් නැති තරම් ...ඉස්සර අපේ ගාල්ලේ ගෙදර මිදුලේ දහස්දෙති මල් වවල තිබුණ . පුෂ්පය , කුසුම මලට කියන සමාන වචන කියල සිංහල පාඩමේදී ඉගැන්නවා . "කාන්තාරයේ කුසුම" කියන්නේ Waris Dirie නම් සෝමාලි ජාතික නිරුපිකාව කාන්තාරයේ සිට ඒ තැනට ආ කතාව ."ධවල පුෂ්පය " කියල සිංහල චිත්‍රපටයක්ද කොහෙද තියෙනවා .
උසස් පෙළ උද්භිද විද්‍යා පාඩමේදී නම් මල් කපලම බැලුව . පුෂ්පයේ කොටස විතරක් නොවෙයි පුෂ්ප මංජරී ගැනත් මල් නොපිපෙන "අපුෂ්පක ශාක " ගැනත් ඉගෙන ගත්තා . මල් ගැන ගීත නම් එමටයි. " මල් පිබිදෙන එක ", " මලක සුවද සේ යොවුන් ආදරේ ", "සමනලයා , මල හා ළමයා ..", විතරක් නෙවයි මල්වල නම් වලින්ම ගීත තියෙනවා. " සේපාලිකා මලයි" , " ඕලු පිපිලා ", "රෝස මලක පෙති හැලුනා ", "පින්න මලේ සුද..", "නාමල් පිපිලා ", වගේ අපට හුරු මල් වල නම් වගේම අත්තන ( ඇත්තන මල මං දැකලා බඹර තුඩේ වෙලෙනවා ), දොබ ("දොබ මලින්.."), කඩුපුල් (" කඩුපුල් මලසේ ") , කිඩාරම් මල් (" කිදර්න් මලේ පවා සුවඳ දිග හැරේ .")ගැනත් ගීත තියෙනවා . ලංකවේ දෙකලවත් නැති ඩෑෆඩිල් මල් ගැන දයාන් විතාරණ මහතා ගීතයක් කියද්දී ඇපල් මල ගැන අමරසිරි පීරිස් මහත්තයා ගැයූ ගීතය ආන්දෝලනයකට ලක් වුණා . ඇපල් මල ලස්ස්සන්යි කියල ගීතය ලියපු කැලුම් ශ්‍රීමාල් මහතා කියද්දී ඇපල් මල් ඇත්තටම දෙකල තියෙන අය එක ලස්සන නෑ කිව්වා . එත් ලස්සන සාපේක්ෂයි කියල හිතෙන නිසාත් ගීත රචකෙයුකුට තමගේ පරිකල්පනයට අනුව සිතිවිලි මවන්න පුළුවන් නිසාත් මට නම් එක ප්‍රශ්නයක් වුනේ නෑ . ජපානයේ පිපෙන සකුර මල ගැන නම් ඒ කලේ ඉදන්ම ගීත ලියවිලා තියෙනවා . කාලයක් මල් ගීතම කියන යුගයක් ඇතිවුණා . මන් හිතන්නේ කෙහෙල් මලට ඇර අනිත් හැම මලටම ගීත ලියවුණා . හැබැයි බොහෝ ගීත නිකන්ම ඇහිලා ගිය මිස මතකයේ රැඳුනේ නෑ .මල් විතරක් නෙවයි මලට එන බඹරු, සමනලයන්ද ගීත වලට ප්‍රස්තුත වුන. බඹරු නොඑන කඩදාසි මලුත් තිබුණා . නෙලන්න බැරි නිසාම ලස්සන මල් මෙන්ම ..නෙලාගන්න ඇත ගිග නැතත් පිපෙන්න පතන මල් වගේම දෙපයට පෑගෙන පෙති නැති වනමල් ගැනත් ගීත තිබුණා . ඉතින් කාට අහිමි වුනත් සාදු මල් පිපියන් සැමදා ...

Tuesday, January 27, 2015

පිනොකියෝ ...


පිනොකියෝට කලින් ම කියවුවේ බුරතිනෝ ගේ  කතාය . රත්තරන් යතුර හා බුරතිනෝ ගේ කතා කියවූ වේ  3 වසරේදීය . දිසානායක ගොඩනැගිල්ලේ පහල මාලයේ පන්ති කාමරයකදී මේ පොත මට බලන්නට දුන්නේ කවුදැයි මට මතක නැතත් ඒ දවස්වල අපි ගෙදර ගෙනයන්නට පොත් දෙන්නට තරම් වැඩිහිටි වී නොසිටි නිසා පොත මට දුන්නේ බලා  දෙන්නටය. Scanning and Skimming ඇඟේගේම තිබු නිසාදෝ  12.30 ට පන්තිය අවසන් වීමට පොත කියවා අවසන් විය. ඊට පසු කියවූ පිනොකියෝගේ සිංහල පරිවරතනයේ නම හරියටම මතක නැත . රූකඩ පැංචා වගේ එකක්ය . මගේ ඥාති  සොහොයුරියකගේ පුස්තකාලයක තිබු එයද එක දවසින් එනම් එහි  දානයක්   සඳහා  ගිය විට කියවුයෙමි . පිනොකියෝ නාට්‍ය "fairy tale  theater" එකේ බලා ඇත්තෙමි . ඔරිජිනල් පිනොකියෝ කියවා නැත. නමුත් පිනොකියෝලා  මෙන්ම පිනොකියලියන් ද මූණටම හමුවී ඇත . පිනොකියෝට බොරුවක් කියූ විට නාසය දික්වෙන්නට පැතු සුරගනාවියගේ පැතුම අද තිබුනේ නම් කොණ්ඩය කපන saloon වෙනුවට නාසය trim කරන, layer කරන , colour කරන මෙන්ම re-bond  කරන  සැලූන්ද තිබිය යුතුය .මට හමුවූ සමහර චේතිය රජුන් රැජිනියන් ( චේතිය රජු ගැන දන්නේ නැත්නම් 10- 11 බුද්ධ ධර්මය විෂයය උගන්න කෙනෙක් ගෙන් අසන්න .) ගැන දන්නේ නම් " රාළ  මීගමුවේ - මුවෙක් මැරුවයි සබරගමුවේ " කී කවියා කියනු ඇත්තේ "රාළ දෙවුන්දර තුඩුවේ - නහය තිබුනයි පේදුරු තුඩුවේ " කියා විය යුතුය. එසේ නොවීම නිසා බය වෙන්නට හෝ ලජ්ජා වෙන්නට දෙයක් නැත . ඕන අතකට දිව හරව හරවා බොරු මෙන්ම කේලම්ද කිව හැක.දැන  ගත්තද ඔප්පු කල නොහැක . "මම නම් කවදාවත් බොරුවක් කියල නෑ . ක්වෙටවීමට කේලම් කියල නෑ ." සමහරුන් හිතනු ඇත. ඔබේ නාසයේ තිබෙන අත ඉවතට ගන්න . බොරු කීවට නාසය දික් වන්නට සාප කල සුරංගනාවිය Carlo Collodi නම් ඉතාලියානු ලේකකයාගේ සිතේ මැවී පසුව ලෝකය පුරා රචකයන් customize කල , පරිවර්තනය කල ප්‍රබන්ධයක් පමණි .

Sunday, January 25, 2015

බලය ...


බලයට ඉංග්‍රීසියෙන් කියන්නේ Force කියාය. භෞ තික  විද්‍යාවේ උගත් නිව්ටන් ගේ 2 වන නියමය  අනුව බලය ස්කන්ද්යෙත් ත්වරණයේත් ගුණිතයකි .  කෙසේවෙතත් බලය තාවකාලිකය .  එසේම බලය ලත් විට එය තව තව වැඩි කල ගැනීමට හිතෙන බව පෙනේ ." බලය ඇති විට මොලය නැත .මොලය ඇතිවිට බලය නැතැ"යි  පුවත්පතක පලවී තිබෙනු දුටිමි. බලය ඇති විට පිරිවර බොහෝය . නැති විට ඉන්නේ  හොඳම යහළුවනුත් පවුලේ අයත් පමණි . මේ දේශපාලනයට අදාල දෙයක් නොවේ . ලෝකේ සම තැනම හෝ ආයතනයක  බලවතුන් ළගින්ම සිතින්  අය  බලය නැති විට මාරු වන්නේ පැදුරටත් නොකියය .එවිට ළඟ සිටින්නේ බොහෝ විට බලය ඇතිදා ගණන් නොගත් අවංකවම වැඩ කල හා වැරදි පෙන්වා දුන් අයය. බලය තාවකාලික බව බලවතුන්ට තේරෙන්නේ බලය නැති වූ පසුය. සැමදා බලය නැති බව පසක් කර ගැනීමත් , සම දෙයට අවදාන වන්දිබට්ටයන් ගෙන් ප්‍රවේසම් වීමත් බලවතුන්ට  වෙනු ඇත . නැතිනම් එය වැටහෙන විට ප්‍රමාද වැඩි විය හැක .

Friday, January 16, 2015

ජනාධිපතිවරණයේ උගත් පාඩම් ..



ජන බලය අවි බලය , මුදල් බලය , මැර  බලයට වැඩ බලවත්ය .
චන්දදයක බුද්ධිමත් . මඩ ගැසීම්, අල්ලස , පහර ගැසීම් වලට නොරැවටේ.
සියලු ජාතින් එක්  නොවී ජනාධිපතිවරයෙක් පත් කල නොහැක .
ජෝතිෂ්‍ය  අන්ද විස්වාස කළ නොහැක .
බලය රඳවා ගැනීමට වඩා ඉන් ඉවත්වීමෙන් වැඩ මහජන ගෞරවයට පාත්‍ර  විය හැක .
බලය යනු තවකාලික දෙයකි
ඔබට වඩා වැදගත් දෙයක් කර යොමු වීමට නම් නොබියව ඇත හැරිය යුතුය.
රාජ්‍ය සේවකයෙකුට කොන්දේසි විරහිතව ස්වාධීන වීමට හැක .
එවිට ජනතව විසින් ඔහු අගයන අතර සුරකියි.
සමගිය බලය වේ .
මාධ්‍යට කල හැකි දේ බොහෝය .
නමුත් මාධ්‍ය සදාචාරය රැකීම වැදගත්ය .