Friday, September 18, 2015

උදුම්බරා පින්ගුත්තරට (නො ) කී කව ...

ඈත නුවරක රකින්නට තම මවුපියන් ඉන්නට ඇති
දීග අතරුනු කඳුළු වියලුනු නැගණි  සිහිවන්නට ඇති
කැඩුණු ලනු ඇඳ කුලී ගෙදරක සුසම් රඳවා ගන්නැති
සකල ශිල්පය පනම් අටකට තුලාවට සරි වෙන්නැති 



දිව බොජුන් සළු පිළි විලවුන් නැතත් මට කම් නැති
රාජ මාළිග , උයන් කෙලි දැසි දසුන් පිරිවර උරුමැති
මියැදී සිහිනය සි මැදුරු කවුළුවෙන් සුළඟට මුසුවෙති
මගේ කඳුලක් සිරි යහන ගැබ රහසේ සැඟවෙන්නැති

ගසේ පාමුල අතුල විසකටු වලට නවතනු බැරිවැති
මුදු වදන් රජ සිරිත් හමුවේ වුවත් අමතක වෙන්නැති
අතැර දා ඔබ ඉතිරි කර ගිය සන්තකය වූ අරුමැති
හදේ ඇමිනුණු එකම කටුවක් සදා තවමත්එහි  ඇති

No comments:

Post a Comment