Wednesday, July 29, 2015

ශ්‍රී ලංකවේ බලකොටු- පැරණි රාජධානිවල බලකොටු


 

ග්‍රී ලංකාවේ බලකොටු පිළිබඳ ඉතිහාසය පෙර රජ දරුවන්ගේ සමයට දිව යයි. බොහෝ බලකොටු; රාජධානි සඳහා ආරක්ෂක මෙහෙයක් ඉටු කර ඇත. සතුරු බලමුළුවල පැමිණීම කපොලු තුළින් ඈත සිට නිරීක්ෂණය කර පහර දිය හැකි වීම, දිය අගල් වැනි උපක්‍රම යොදා තිබීම නිසා  පහසුවෙන් ප්‍රවිශ්ඨ වීමට නොහැකි වීම ආදී කරුණු හේතුවෙන් රාජ්‍යයේ ආරක්ෂාව සැලසුණි .

 

අනුරාධපුර යුගයේ විජිතපුර බලකොටුව පිළිබඳ මහාවංශය, දීප වංශය, ථූප වංශය සහ රාජාවලිය යන ග්‍රන්ථවල සඳහන් වේ. එළාර රජු විසින් මෙම බලකොටුව ශක්තිමත් කර පවත්වාගෙන ගිය අතර  දුටුගැමුණු රජු විජිතපුර සටනින් මෙම බලකොටුව  ජය ගැනීමෙන් ම දුටුගැමුණු රජුට අනුරාධපුර රාජ්‍යය අත්පත් කරගැනීමට ඉඩ සැලසුණු බැව් සඳහන් ය.

සීගිරිය අනුරාධපුර යුගයේ ම තවත් බලකොටුවක් ලෙස සැලකේ. ධාතුසේන රජුගේ පුත් වූ කාශ්‍යප කුමරු රජවීමෙන් පසු තම රාජ්‍යය සීගිරිය වෙත ගෙන ගියේ පීතෘ ඝාතනයට පළිගැනීමක් ලෙස සටනට පැමිණිය හැකි මුගලන් කුමරුගෙන් ආරක්ෂා වීම සඳහාය.  දිය අගල්, පොකුණු ආදි ජල කර්මාන්ත, ගලින් කළ සිංහ පාද සහ සීගිරි බිතු සිතුවම් හේතුවෙන් අදටත් ලොව අටවැනි පුදුමය ලෙස දනන් මවිත කරවන සීගිරිය එදා හෙළ දරුවන්ගේ දස්කම් විස්කම් ලෙවට හඬඟා පවසයි.එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන,විද්‍යා හා සංස්කෘතික සංවිධානයේ (යුනේස්කෝ) ලෝක උරුමයක් ලෙස ද මෙය නම් කර ආරක්ෂාව සලසා ඇත.

සෙංකඩගල රාජධානි යුගයේ දී බලන කපොල්ලෙහි  බල කොටුවක් තිබූ බැව් සඳහන් අතර සීතාවක බලකොටුවේ නටඹුන් අද ද අවිස්සාවේල්ල-පනාවල මාර්ගයේ දැකිය හැකි ය.

No comments:

Post a Comment