Wednesday, July 29, 2015

ශ්‍රී ලංකාවේ බලකොටු-.පෘතුගීසි යුගයේ බලකොටු


 


 

රජ සමයෙන් පසු ග්‍රී ලංකාව යටත් කරගත් බටහිර ජාතීහු ද දේශීය රජවරුන්ගෙන් සහ තරඟකාරී වීම පිණිස විදේශීය බටහිර ජාතීන්ගෙන් ආරක්ෂාවීම පිණිස බලකොටු තැනවූහ.පෘතුගීසි යුගයේ බලකොටු  මේ අතරින් පෘතුගීසි යුගයේදී කොළඹ කොටුව,ත්‍රිකුණාමල කොටුව  ,අරිප්පු බල කොටුව සහ මුල් ගාලු කොටුව ඉදිකෙරිණි. කොළඹ කොටුව 1965 දී ලන්දේසීන් විසින් අත්පත් කර ගන්නා ලදි. මේ වන විට එහි කොටු පවුර විනාශ වී ඇතත් කොළඹ ප්‍රදේශ නාම අතර කොටුව, පිටකොටුව යනාදිය අදටත් භාවිත වේ .මෙම ප්‍රෙද්ශ අදටද දිවයිනේ ප්‍රධාන කාර්යාල සහ වෙළඳ ප්‍රෙද්ශ ලෙස ක්‍රියාත්මක වේ .

ත්‍රිකුණාමලයේ කෝනේෂ්වරම් කෝවිල අසල අද ද දක්නට ඇති බලකොටුව පෘතුග්‍රීසින් විසින් ගොඩ නඟන ලදු ව පසු ව ලන්දේසීන් විසින් අත්පත්කරගෙන ෆෙඩ්රික් බල කොටුව ලෙස නම් කරන ලද්දකි. පෘතුගිසින් විසින් ස්ථාපිත කරන ලද මඩකලපුවේ බල කොටුවෙහි වර්තමානයේ මඩකලපු දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය පිහිටා ඇත. මෙම බලකොටු දෙකම වර්තමානයේදී ද කාලතුවක්කු ,කුළුණ අගල් යන ආදිය දක්නට ලැබේ.
 

මන්නාරම ආසන්නයේ ඇති අරිප්පු බල කොටුව පසු කලෙක බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ෆෙඩ්රික් නෝර්ත් විසින් තම නිල නිවස කර ගත් අතර එය වර්තමානයේ ඩොරික් බංගලාව ලෙස හඳුන්වයි. සමුද්‍ර ඛාදනය නිසා මෙම බල කොටුවේ කොටස් හානි වී ඇති නමුත් වර්තමානයේ ද පුත්තලම-මන්නාරම මාර්ගයේ දක්නට ලැබේ.පෘතුගීසින් විසින්  ඉදිකරනු ලදුව පසු කලෙක ලන්දේසීන් විසින් අත්කර ගැනීමෙන් පසු හැමන්හිල් ලෙස නම් කළ බල කොටුව පසුව බන්ධනාගාරයක් ලෙස භාවිත කරන ලදි. 1971 කැරැල්ල අවධියේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඇතුළු පිරිසක් මෙම බන්ධනාගාරයේ සිටියේ යැයි ප්‍රකට ය. මේ වන විට  ග්‍රී ලංකා නාවික හමුදා පාලනය යටතේ මෙහි සංචාරක නිවසක්  පවත්වා ගෙන යන අතර පැරණි බන්ධනාගාර සිර මැදිරි තවමත් දැකිය හැකි ය.  යාපනය කොටුව  ග්‍රී ලංකාවේ යුධ සමයේ දී යුධ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වූ අතර එහි මුදා ගැනිමේ මේහෙයුම් ද ක්‍රියාත්මක විය.
වර්තමානයේ දි ඉතා පෞඪ ලෙසින් දිස්වන ගාලු කොටු පවුර මුලින් ම ගාලු වරායෙන් ලංකාවට පැමිණි පෘතුග්‍රීසීන් විසින් ඉදිකර පසුව ලන්දේසීන් විසින් අත්පත් කර වැඩි දියුණු කරවන ලද්දකි. කොරල් සහ කළු ගල්වලින් නිර්මිත මෙයින් ලන්දේසි පාලන ප්‍රදේශයට ආරක්ෂාව සැලසුණු අතර  පසු ව බ්‍රිතානයන් විසින් අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ පාලන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක විය. මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් වන අතර ගාලු කොටුව තුළ ඉදිකිරිම් සිදු කළ යුත්තේ ද එහි පෞරාණික භාවයට හානියක් නොවන සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමතිය සහිතව ය. කලකට පෙර ගාලු දිස්ත්‍රික්කයේ පරිපාලන  කටයුතු මෙහෙය වූ කච්චේරි ගොඩනැගිල්ල, අධ්‍යාපන දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය කාර්යාල බොහොමයක් කොටුව ප්‍රදේශයේ පිහිටා තිබිණි

No comments:

Post a Comment