Wednesday, July 29, 2015

ශ්‍රී ලංකාවේ බලකොටු- ලන්දේසී සහ ඉංග්‍රීසි යුගයේ බලකොටු


 

 

ලන්දේසීන් විසින් සාදන ලද කොටු පවුරු අතර හම්බන්තොට දිස්ත්‍රිකයේ කටුවන, පුත්තලම් දිස්ත්‍රික්කයේ කල්පිටිය බලකොටුව සහ මාතර තාරකා කොටුව ප්‍රධාන ස්ථානයක් උසුලයි. මින් කල්පිටිය බලකොටුව පසු කලෙක බ්‍රිතානයන් විසින් අත්පත් කරගෙන හමුදා කටයුතු සඳහා යොදා ගන්නා ලදි. කාලයක් අත්හැර තිබූ මෙම බල කොටුව පසුව යුද්ධ සමයේ දී නාවික හමුදා කඳවුරක් ලෙස භාවිතයට ගන්නා ලදි.
නිල්වලා ගඟ අසබඩ ඇති මාතර තාරකා කොටුවට ඒ නම ලැබී ඇත්තේ මුළු හයකින් යුත් තරුවක හැඩයෙන් යුතු සුවිශේෂී සැලැස්ම හේතුවෙනි. මෙය ලන්දේසින් විසින් සාදන ලද අවසාන ප්‍රධාන බල කොටුව වන අතර පසුව ඉංග්‍රීසින් විසින් පරිපාලන කාර්යාලයක් ලෙස භාවිත කරන ලදි.

මුළු දිවයින ම 1815 දී යටත්කර ගත් ඉංග්‍රීසින් පෘතුගීසින් හා ලන්ද්සීන් විසින් සාදන ලද බලකොටු අත්පත් කරගෙන භාවිත කළ මුත් ඉතා විශාල බලකොටු වැඩිපුර තැනවීම සිදු නොකරන ලදි. කෙසේ වෙතත් හම්බන්තොට මර්ටේලෝ කුලුණ මාතලේ මැක්ඩොවාල් බලකොටුව යනාදිය ඉංග්‍රීසින් ගොඩ නංවන ලද බලකොටු වේ. හම්බන්තොට කුලුණ පසුව රජයේ කාර්යාලය සහ කෞතුකාගාරය සඳහා යොදා ගන්නා ලදි .

කන්ද උඩරට රාජ්‍ය සමයේ සටන්වල දී ආරක්ෂාව සඳහා ගොඩ නංවන ලද මෙය ඉංග්‍රීසි හමුදාවේ අණදෙන නිලධාරී,මේජර් ජනරාල් හෝ මැක් ඩොවෙල් නමින් ද නම් කරන ලදි. 1848 මාතලේ කැරැල්ලේදී වීරපුරන් අප්පු ප්‍රමුඛ කැරලිකරුවන් මෙම කොටුපවුර අල්ලා ගන්නා ලද අතර නැවත ඉංග්‍රීසින් විසින් මෙය අත්පත් කරගන්නා ලදි. වර්තමානයේ මෙහි නටඹුන් පමණක් දක්නට ලැබේ. මෙම කොටුව තුළ විරු ස්මාරකයක් සහිතවඉදිකර ඇති අතර මාතලේ සුසාන භූමියක් ලෙස භාවිත කරයි.

ශ්‍රී ලංකාවේ පෙර රජ දවස පමණක් නොව පසු කලෙක යටත් විජිත යුගයේ ද අමරණීය සිහිවටන ලෙස ඉදි කළ මෙම බලකොටු දිවයින පුරා විසිරී ඇති අතර අද ද සංචාරක ආකර්ෂණය දිනා ගනිමින් විරාජමාන ව පවති. මේවා බොහොමයක් පුරාවිද්‍යා දෙපාරතමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල වැනි ආයතන මගින් සංරක්ෂණය කර පවත්වා ගෙන යයි. ශ්‍රී ලංකාවේ ඉතිහාසය මතු පරපුරට රැගෙන යනු වස් මෙම පෞරාණික බලකොටු ආරක්ෂා කරගැනීම සැමගේ වගකීමකි.

 

2 comments:

  1. Lucky Club | Live Vegas Casino Site | Online Slots
    Lucky Club is a luckyclub.live website where you can play casino games for real money. Visit this site to play your favourite games for real money on the site.

    ReplyDelete
  2. M life Casino - MapyRO
    M life 경산 출장샵 Casino is located on 충주 출장마사지 1 계룡 출장안마 South Las Vegas 양산 출장안마 Blvd. South Las Vegas, NV 89109. Get directions, reviews and information for M 안양 출장샵 life Casino in Las

    ReplyDelete