Tuesday, January 27, 2015

පිනොකියෝ ...


පිනොකියෝට කලින් ම කියවුවේ බුරතිනෝ ගේ  කතාය . රත්තරන් යතුර හා බුරතිනෝ ගේ කතා කියවූ වේ  3 වසරේදීය . දිසානායක ගොඩනැගිල්ලේ පහල මාලයේ පන්ති කාමරයකදී මේ පොත මට බලන්නට දුන්නේ කවුදැයි මට මතක නැතත් ඒ දවස්වල අපි ගෙදර ගෙනයන්නට පොත් දෙන්නට තරම් වැඩිහිටි වී නොසිටි නිසා පොත මට දුන්නේ බලා  දෙන්නටය. Scanning and Skimming ඇඟේගේම තිබු නිසාදෝ  12.30 ට පන්තිය අවසන් වීමට පොත කියවා අවසන් විය. ඊට පසු කියවූ පිනොකියෝගේ සිංහල පරිවරතනයේ නම හරියටම මතක නැත . රූකඩ පැංචා වගේ එකක්ය . මගේ ඥාති  සොහොයුරියකගේ පුස්තකාලයක තිබු එයද එක දවසින් එනම් එහි  දානයක්   සඳහා  ගිය විට කියවුයෙමි . පිනොකියෝ නාට්‍ය "fairy tale  theater" එකේ බලා ඇත්තෙමි . ඔරිජිනල් පිනොකියෝ කියවා නැත. නමුත් පිනොකියෝලා  මෙන්ම පිනොකියලියන් ද මූණටම හමුවී ඇත . පිනොකියෝට බොරුවක් කියූ විට නාසය දික්වෙන්නට පැතු සුරගනාවියගේ පැතුම අද තිබුනේ නම් කොණ්ඩය කපන saloon වෙනුවට නාසය trim කරන, layer කරන , colour කරන මෙන්ම re-bond  කරන  සැලූන්ද තිබිය යුතුය .මට හමුවූ සමහර චේතිය රජුන් රැජිනියන් ( චේතිය රජු ගැන දන්නේ නැත්නම් 10- 11 බුද්ධ ධර්මය විෂයය උගන්න කෙනෙක් ගෙන් අසන්න .) ගැන දන්නේ නම් " රාළ  මීගමුවේ - මුවෙක් මැරුවයි සබරගමුවේ " කී කවියා කියනු ඇත්තේ "රාළ දෙවුන්දර තුඩුවේ - නහය තිබුනයි පේදුරු තුඩුවේ " කියා විය යුතුය. එසේ නොවීම නිසා බය වෙන්නට හෝ ලජ්ජා වෙන්නට දෙයක් නැත . ඕන අතකට දිව හරව හරවා බොරු මෙන්ම කේලම්ද කිව හැක.දැන  ගත්තද ඔප්පු කල නොහැක . "මම නම් කවදාවත් බොරුවක් කියල නෑ . ක්වෙටවීමට කේලම් කියල නෑ ." සමහරුන් හිතනු ඇත. ඔබේ නාසයේ තිබෙන අත ඉවතට ගන්න . බොරු කීවට නාසය දික් වන්නට සාප කල සුරංගනාවිය Carlo Collodi නම් ඉතාලියානු ලේකකයාගේ සිතේ මැවී පසුව ලෝකය පුරා රචකයන් customize කල , පරිවර්තනය කල ප්‍රබන්ධයක් පමණි .

No comments:

Post a Comment