Monday, February 16, 2015

Valentine දිනයේ ගුරු උපහාර දැක්වීමු ..........



ඒ අපි පාසලේ ශිෂ්‍ය නායිකා ධූරයට පත්වූ අලුතයි . අපේ අපේ පාසලේ ශිෂ්‍ය නායිකාවන් ගේ දිවුරුමේ අවසානයේ ඇපවෙමි . කැපවෙමි . කියල තියනවා . මේ නිසා සෑහෙන්න අපහසුතාවයට වගේම කට්ට කෑමට සිදුවූ අවස්ථා එමටයි . ඔන්න ඉතින් අපේ කට්ටිය හා හා පුර කියල වැඩ  බාරගෙන වැඩ  අල්ලන්න සූදානම් වුනේ ගුරු උපහාරයක් තියල. මේක ශිෂ්‍ය නායක මණ්ඩලයක් පත් වුනාම තියෙන සම්ප්‍රදායක් . පුංචි සංග්‍රහයක් එක්ක රෝස මලක් සමරු තිළිණයක් ලෙස. plan  කරලා කලද අහම්බයක්කද දන්නේ නැති වුනත් හරියටම මේ දිනය යෙදුනේ පෙබරවාරි 14 දිනක ..අද තරම්ම  වානිජ්‍යකරණය වී නැතත් ඒ කලෙත් මාධ්‍ය වලින් Valentine දිනය ගැන දුන්නු ප්‍රචාර නිසා රෝස මල් වල්ටට් ඉල්ලුම ඉහල ගියා .  කොහොම වුනත් අපේ විද්‍යාලයීය වර්ණ වන රතු පටින්ම රෝස මල් ගුරු මණ්ඩලයේ 160 පමණ වූ සියලු දෙනාටම ගන්න අපේ  අය  නම් සමත් වුණා . (Valentine දිනය සමරන්න හිටපු ගාල්ලේ පෙම්වතුන්ට මල් හිගයක් ඇති වුනද නම් දන්නේ නෑ .) Valentine දවසේ රතු රෝසමල් මේ තරම් ගණනක් කොටුව ඇතුලට town එකේ සිට ප්‍රවාහනය  කිරීම තමයි ලොකුම ප්‍රශ්නය . යුනිෆොර්ම් අන්දලා කොහොම හරි අවුලක් නැතිව මේ ටික ගෙනාවේ තුලානිද කොහෙද මට  මතක හැටියට .. ඒ මගේ වගේම අපි ගොඩක් අය මුලින්ම සමරපු Valentine  දිනය   කොහොම වුනත් අපේ Valentine දිනයේ තියුණු  උත්සවය නම් සර්වප්‍රකාරයෙන් සාර්ථක වුණා . පොඩි  පරහකට තිබුනේ මොනවහරි ත්‍රස්තවාදී ක්‍රියා ප්‍රශ්නයක් නිසා පස්සෙන්ද ඉඳන්  දින නියමයක් නැතිව ලංකවේ ඔක්කොම පසල් වැහුණු එක. කොයි තරම් ඇප වෙමි කැප වෙමි කිව්වත් උපහාර උත්සවය නිසා මට වෙනද පැවරී තිබු රාජකාරියක් එනම් ජාතික ධජය හා පාසල් ධජය පාසලින් පසු කොඩි කණු වලින් ගලවල පාසලේ කාර්යාලේ තියන්න අමතක වුණා .( මතක් වුනෙත් සතියකට විතර පස්සෙද කොහෙද..) කොහොම වුනත් නේවාසිකාගාරයේ හිටපු සොයුරියක් මගේ රාජකාරිය කරලා තිබුන.

No comments:

Post a Comment