Wednesday, April 1, 2015
යාපනයේදී ..
අපේ 5 පන්තියේ සිංහල පොතේ "යාපනයේදී" කියල පාඩමක් තිබුණා . එකේ තිබුනේ දකුණේ ළමයෙක් එයාගේ යාපනයේ යාලුවෙක්ගෙ ගෙදර ( යාපනයේ ඇති) ගිය කතාවක්.. ඒ කලේ නම් ඒ විදියට යාපනයේ යන්න හිතන්නත් බෑ ..ඒ ගිය විදියට යන්න යාල්දේවි වැඩ කලෙත් කොහෙද ..පස්සේ කලෙක office වැඩකට යාපනයේ ගියත් ලඟදි පවුලේ අයත් එක්ක යාපනයේ ගියාම ඒ මතකය අලුත් වුන. ඒ පාඩමේ තියෙනවා ආඩි ලිඳෙන් වතුර අදාල මිරිස් පාත්ති වලට දානවා . ආඩි ලිඳ දැක්කේ නැතත් ඒ කලේ වගේම් කම්මැලි නැති යාපනේ වැසියන් වවපු දුම්කොළ, මිරිස් , මිදී පාත්ති විතරක් නෙවෙයි කැරට් , බීට් පාත්ති පවා දැක්කා . යාපනේ හින්දු ආගමික වගේම බෞද්ධ සිදස්තනත් දැක්ක. නල්ලුර් කෝවිල, නග්ලෙස්වාර්න් කෝවිල හා කීරමලේ පොකුණ , පතුල නොපෙනන ලිඳ වගෙම සංගමිත්ත තෙරණිය ශ්‍රී මහා බෝධි අංකුරය රැගෙන පැමිණි දඹකොළ පටුන , මෙනම් දැක්කේ නැතත් කදුරුගොඩ වැනි ලංකාවේ පරමිම විහාර යාපනයේ තියෙනවා . නෛනතිව් ලෙස දෙමල බසින් හදුන්වන නාගදීපයේ බුදුන් වැඩි බව කියන නාගදීප වෙහෙර භූමියත් නගපූසානි කෝවිලත් භේදයක් නැතිව පෙන පෙන දුරින් තියෙනවා. යාපනයේ ජන ජීවිතය සරලයි. ගොඩක් ගැහැණු , පිරිමි යන්නේ පාපැදි වල.. ලොකු අලුත් ගෙවල් හදනවා වෙනුවට තමන්ගේ පරණ ගෙවල් ඒ විදියටම පවත්වා ගන්නත් ඔවුන් කටුතු කරනවා ..ඉගෙනීමට නම් මුල්තැන දෙනවා...මේ සාමය , සහජීවනය හා හිනා පූනු හැමදාම තියෙන්නත් , දකුණු වැසියන් සතුටින් පිළිගන්න සතුන් යපෙනේ නගම යන්න හැකිවීම භාගයක් . ..
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment