Friday, January 31, 2020
කොරෝනා සහ protective equipment ....
Tuesday, September 24, 2019
මකරනන්දයෙන් ප්‍රඥාවට ...
විරාජිනී තෙන්නකෝන් ගේ "මකරානන්දය කියවීමි. නන්හාමි ආතා ප්‍රමුඛ රන්මැණිකා , සෝමේ , පොඩි හාමුදුරුවෝ , ලොකු හාමුදුරුවෝ, උක්කුවා , මද්දුවා , චූටියා ,කිරියා , ගුරුන්නාන්සේ ඇතුළු මසුන් මැරීමෙන් දිවි ගෙවුවද මාළුදැල හිස මත තබා නොගත් වැව් ගම් වැසියන් සමග ඒකාත්මික වීමි. බෞද්ධ නන්හාමි ඈත ඇතුළු වැව ගම් වාසීන් ගේ සහයෙන් දෙමල ඩී ආර් ඕ මහතාට ගෙන් ලද නැවුම් වෙට්ටියෙන් තිරිවානා ගල් හලා , මුස්ලිම් වෙළෙන්දෙකුගේ සහයෙන් කොත් කැරැල්ල නිමවා සකසන තඹර ස්ථුපය "සංහිඳියාව " වැනි වචනයක් භාවිතයේ නොවූ යුගයේ අප සමාජයේ තිබු සැබෑ සහජීවනය පෙන්වාලයි. වැවේ ගමින් මාළු මිලදී ගන්නා බලවතුන් දිලින්දන්ගේ ආගමික නිදහස වෙතද දෑත් දිගු කිරීමත් එදා සිට අද දක්වා නොවෙනස් ශ්‍රම, ලිංගික සූරා කෑමට ලක්වන ගැහැ නුන් ගේ ඉරණමද ඔවුන්ගේ විටෙක හැඟුම් නිසා අසරන වන සිතද විටෙක ජීවිතය දිනන අප්‍රතිහත ධෙර්යය ද කෘතිය පුරා සොදුරු සිත්තමක් මවයි. කෘතිය පුරා භාවිතා වන සංකේත බෙහෙවි. වැව,වැව් සොරොව්ව, මකර සිත්තම, රාජාලියා බඳු සංකේත පමණක් නොව පද්ම ශ්‍රී , සෝමේ, වර්ණසිංහ , අකලංක වැන්නවුන් සමාජය පුර සුලභව දක්නට ලැබේ. පද්ම ශ්‍රී සිය ජෝතිෂ්‍ය කටයුතු සදහා සිදු කරන උපක්‍රමද , නූතන ජනප්‍රිය මාධ්‍ය භාවිතයේ අඳුරු පැති කඩද මොනවට නිරූපණය වේ .
පෙරහරේ ඉදිරියෙන් යන ගිනි බෝල කරුවෙකු වැළඳ ගෙන ගින්නේ දැවෙන බවත් , පෙරහරේ ලස්සන නුදුටු බවත් සුගුනිට තම ආලය , ජීවිතය විවරණය කරමි විස්තර කරන රන් මැණිකා ඒ මතු නොව වර්තමනයේ යුවතියන්ටද වටිනා ඔවදනක් දෙයි.දේශපාලන හා මාධ්‍ය මගින් ප්‍රතිරූප සැදීමත් , ප්‍රතිරූප බිඳ දැමීමත් යන දෙකම සිදු කිරීමද ,උපන් දිනය වත් නොදන්නා පුද්ගලයෙකුගේ හඳහන හා නම මෙන්ම නිර්මාපිත අතීතයද එදා මේද අපි දැක අසා පුරුදු චරිත මෙන්ම වර්තමානයේ අත්දකින මුලාවද ; පිට රට සම්භවයක් ඇති පුද්ගලයන් ලංකාව කෙරේ දක්වන අසීමිත ලැදියවද වර්තමනයේ ජීවත් වන අප දෙසම හාස්‍ය ජනක ලෙස බැලීමට යොමු කරයි. කෙසේ වෙතත් අට ලෝ දහමේ නොගැලෙන තම තම නැණ පමණටවැටහෙන බණ දේශනා කරන තඹර වෙහෙර ලොකු හමුදුරුවන්ද , දේහ ලක්ෂණ ඇසුරින් හරියටම් ශාස්ත්‍ර කියන ගුරුන්නන්සේද තවමත් පිරිහී නැති භික්ෂුන්ද , ජනප්‍රිය මුදල් උපයන මාර්ගයක් නොවූ ජෝතිෂ්‍යය ද කතුවරිය අතින් විමසුමට ලක් වෙයි. රතු දෙපා වලට ලොබ බැඳී සෝමේ අවසන සත්‍ය වැටහා ගෙන් පොල් ගේ අවසග දෙපා ළඟ නැවතුනමුත් සිය මිණිබිරියට " නෙලුම්මලා " යයි නම් තැබීමෙන් තුරුණු වියේ කුළුදුලේ බැඳී පෙමක නොමැකෙන අතීත මතකය සනිටුහන් කරියි. අවසානයේ කිව යුත්තේ කතුවරිය "මකරානන්දය" තුලින් පාඨකයන් ප්‍රඥාව කරා ගෙන යන බවයි .
Tuesday, February 26, 2019
දානේ ගෙදර ..
අපි නම් දාන දෙද්දී කරන්නේ මෙහෙමයි ...ඔයාට කැමති විදියට කරන්න...කරුණා අක්ක හැම දේටම ඇඟිලි ගහ ගහ කියනවා. හැම ව්‍යංජනයටම හැන්දක් ඕනේ.. ගෙදර තියෙන්නේ හැඳි මෙච්චරයි ..නවීන්ට කියන්න ..චේතනා කියනවා බැරිම තැන ..ප්‍රශ්න ඇති කරගන්න එපා ..කරුණා අක්කගේ හිත රිදවන්න එපා .නවීන් කියනවා ..එතකොට මගේ හිත ..මං තනියම අහනවා...හාමුදුරුවෝ වලදල ඉවර වුණ ගමන්ම කැවිලි , පලතුරුත් රහත් වෙලා ..චේතනා අහක බලා ගන්නවා.... කිරි හට්ටිය ඉවරයි ..අලුතින් එන අයට කන්න කිරි නෑ ..චේතනා ඇතුලින් අලුත් කිරි හට්ටියක් අරගෙන එනවා ..මොකටද නංගි අර හට්ටියේ තව තියෙනවනේ ...ප්‍රියන්තා අක්කා කියනවා...මැරුණේ නවීන්ගේ වගේම එයාගෙත් අම්මා ..මේ දේවල් මිනිස්සු ගෙදරට අරන් අවේ අම්මා වෙනුවෙන් ...චේතනා ඇහුනේ නැති පාඩුවේ අලුත් කිරි හට්ටිය තියනවා ..ප්‍රියන්තා අක්කාගේ මූණ කොරහක් වගේ... ඔදවූ කරපු මිනිස්සුන්ට මොනව හරි දෙන්න නංගි ..නැත්නම් අපේ අක්කා ඔක්කොම පොඩි ගහගනියි කුමුදිනි අක්කා කියනවා..මොකටද තමුසෙට ඒ පණ්ඩිතකම ..අයි ප්‍රියන්තා අක්කගේ හිත රිද්දුවේ ..දවස් කීයක් ඒ ගැනි මෙතන වැටිලා සුමේ කරාද ..ඕක කරන්න තිබුනේ එයාගෙන් අහලා නේ.. නැත්නන් හිතයි මම දානෙට වියදම් කරන නිසා ඔය මෙහෙ ලොක්ක වෙලා කියල අපහු ඇඟට එනවා...ඊයේ හවස මම ආව ගමන්ම අපි තේ බොමු නැගී කිව්වා තමයි ..හැබයි හැමෝටම තේ හැදුවේ මම.දානේ කේටරින්..අනිත් කීම හැදුවේ අහල පහල අය ..උදේ තේ බීපු කෝප්පත් හේදුවේ මම ...චේතනා හිතේ වේදනාවත් තරහත් එක්ක එන කඳුළු පාලනය කර ගන්නවා... එතකොට මගේ මහත්තයාගේ ගෙදර කිසිම තීරණයක් ගන්න මට බැරිද? මම කියන කියන දේට ඔලුව නවා ගෙන වැඩ කරන්න ඕන රූකඩයක්ද ..හිත රිදෙන්නේ ඒ ගොල්ලන්ගේ විතරද ..චේතනා තොල් වික ගෙන ඇඩුම් පාලනය කරගෙන හිතනවා...
Thursday, January 31, 2019
දෙතොල නොකී කව .......
කාලයේ වැලි අතර සැඟවුණු
සැන්දෑවන් තව බොහෝ තිබුණා
එහෙම සවසක දෙතොලේ පැහැයට
නා දළුත් විලි වැද ව සැලුණා
එකම වහලක සෙවණ ලදදා
නුහුරු හැඟුමන් කිරුළු පළදා
ළමැද තුනුවිල කැලතී රසයක
මිහිරි රීදුමක මතක තිබුණා
දින සතිද බෝ ගතවී සපිරී
පෑල දොර පෙම් කවිය දැවුණා
පිපිරී දෙතොලක ලවණ තැවරූ
රුහිරු කොපුලත රැදී මිදුණා
සිල් ගැනීම හා සිල් රැකීම
සිල් ගැනීමට හැමෝම උන්නදුය. සමහරු 4 පෝයටම සිල් ගනිති. බෝ දෙනෙකුට සිල් ගැනීමට ඇති උනන්දුව සිල් රැකීමට නැත. සිල් ගත වෙලේ පටන් CCTV කැමරාවකටත් වඩා සමහරු ශූක්ෂ්මය . සිල් ගෙන ඇති දරුවන් දග කරන්නේද , සිල් ගත් තරුණියන් කතා කරත්ද තරුණ තරුණියන් එක ළඟ සිටින්නේද යන මෙකී , නොකී සියල්ල කැමරාවේ සටහන් වේ. කටින් කටටද සමහරවිට උක්ත තරුණ තරුණියන්ගේ දෙමාපියන්ටද , පන්සලේ හමුදුරුවන්ටද පෝය දින සිතේ සැහැල්ලුව නැතිවී යයි.
තවත් කොටසක් මාසයකම පලා මල්ල පෝ දාට දිග හරී. ඇමෙරිකාවේ සිටින පුතාගේත්, ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්නා මුනුබුරගේත් වර්නනාවය. නැතහොත් ගෙදර ඉන්න ලේලියගේ දොස්ය . අල්ලපු ගෙදර සිටින දීග නොගිය තරුණිය හෝ විවාහ වී වසර 2ක් ගියද දරුවෙක් නොලැබූ යුවලක් ගැනය. මා දන්නා හැටියට සිල් ගැනීමේදී කය වචන සිත සංවර කර ගත යුතුය. කය කෙසේ වෙතන් සිත නම් රට වටේ ලොව වටේ ඇවිදී. මේ කියමන් අසා උරණ නොවිය යුතුය. හැමෝම මෙසේ නැත. සිල් ගන්න වාර ගණන උනන්දුවෙන් කියන්නා සේම සිල් රකින වරා ගණන ගැනද ස්වයෝ විව්ච්නයක් කිරීම වටී
Sunday, January 20, 2019
රගපෑම් ඉවරයි
"ජීවිතය රගමඩලකි . අපි එහි නළුවෝ වෙමු " යයි ශේෂ්පියර් විසින් පවසන ලදි කියවේ. මේ කතාව වෘත්තීය නළු නිලියන් නොවූ ජීවිත රඟ මඩලේ රංගනයෙන් දක්ෂකම් පාන නළු නිලියන් ගැනය. මේ අය ගේ අර්න්ගනය කොතරම් තාත්විකද යත් ඔවුන් යොදා චිත්‍රපටයක්හැදුවා නම් ශ්‍රීලංකාවට ඔස්කාර් සම්මානයක් දිනා ගන්නටද තිබුණි. අවිවාදයෙන්ම ජීවිත රන්ගමඩලේ නිලියන් නළුවන්ට වඩා දක්ෂය. මේ රගපෑම් සමහර විට භාවාතිශය. සමහර විට භයන්කාරය .තතු දන්න්නන්ට විහිලු සහගතය. විනොදජනකය. බලය හා මුදල් ඇති විට මේ රංගනය "තෙසාබ්" හි මධුරි ඩික්සිත් ගේ රංගනයට වැඩ වේගවත්ය.මවගේ පියාගේ චරිතයට වුව ආවේශ වන්නට යන්නේ තත්පර ගන්නකි. නැති විට "බන්ටි ඔර් බබ්ලි" හි ඓශ්වර්යා රායි ගේ මෙන් ආරාධිතය . එක වරක් පමණක් නැටුමක් නටා යන අතර පසුව වුන දෙයක් නැත. මේ රගපෑම් එය පෙන්වන පුද්ගලයාගෙන් පුද්ගලයාටද වෙනස්ය. එකම පවුලේ බිරිඳට හා සැමියාට වෙනස් රංගන්යන්ය . බිරිඳ ඉදිරියේ " බේටා " හි අරුණා අයිරානි ගේ රගපැම්ය . සැමියාට " ලාඩ්ලා " හි ෆරීඩා ජලාල් ගේ රගපැම්ය. සමහර විට තමාගේ දරුවාටත් විශේෂයක් නොකරන බව පෙන්වයි. " Mother India " හි නර්ගීස් වගේය .එවිට මට "කභි කුෂි කබි ගම් " හි කාජල් ගේ චරිතය හෝ " කහානි " හි විද්‍යා බාලන් රගන චරිතය රග පෑමට සිතේ. ( මේ චරිත වල ස්වභාවය දන්නේ නැත්නම් You tube බලන්න )
Wednesday, January 9, 2019
වැඩට යන නෝනලා සහ ගෙදර ඉන්න නෝනලා...
සමහර නෝනලා වැඩට යන අතර සමහර නෝනලා ගෙදර සිටිති . වැඩට ගියත් ගෙදර සිටියත් නෝනලා වීම නිසාම වගකීම් රැසකි. ගෙදර සිටින නෝනලා ගේ තත්වය වඩා ශෝචනීයය . කවුරුත් කියන්නේ නෝනා නිකන් ගෙදර ඉන්නා බවකි. දරුවන්ට අනුව අම්මලා ගෙදර බත් උයති. එනමුත් වැටුප් , දීමනා හෝ නිවාඩු නොලබා ඔවුහු 365 දිනම සේවය කරති. ගෙදර දොරේ සියලු වැඩපල කර දරුවන්ගේ සැමියාගේ කටයුතුද සමහර විට කිසිදු ඇගයීමක් නොලබාම කරති.
වැඩට යන නෝනලට කාලය සමග ඇත්තේ තරගයකි . උදේ සිට වැඩ කර ළමුන් පාසල් යවා , ස්වාමි පුරුෂයන් වැඩට යවා බස් වල කෝච්චි වල තෙරපී වැඩට දුවති .පරක්කු වුන විට රැකියා ස්ථානයේ රැවුම් ගෙරවුම්ය. ගෙදර වගකීමක් අතපසු වූ විට කළ හොඳ ඔක්කොම ඉවරය.
පසුගිය දිනක වැඩට යන නෝනා කෙනෙක් ඇති වැඩට යන ස්වාමිපුරුශය්කුගේ උදානයක් මුහුණු පොතේ දුටිමි. මගේ නෝනා උදේ 4 ට නැගිටලා සියලු ගෙදර වැඩ දරුවන්ගේ වැඩ කරල් වැඩට යනවා . ආපහු අපි දෙන්න වැඩ ඇරී එන්නේ එකටයි. මන් මහන්සි නිසා එහෙමම ඉන්නවා .නෝනා ඒ ඇඳුමින්ම කුස්සියට ගිහින් තේ හදලා මගේ සපත්තු මේස් ගලවලා , රෑට කෑම උයල , මගේ හා ළමයින්ගේ රෙදි හෝඳල තමයි එයා ඇඟ සෝදන්න යන්නේ. ඒ නෝනගේ කැප වීම අගයන අතරම ඒ මහත්තයා ඕව ප්‍රසිද්ධ කර "ඔයා හරි වාසනාවන්තයි. හොඳ නෝනා කෙනෙක් ඉන්නේ " වැනි comments සඳහා පිළිතුරු සපයන කාලයෙන් නෝනාට පොල් ටිකක් ගා , ළූණු ගෙඩියක් සුද්ද කර දුන්නා නම් ඔයිට වඩා වටිනා බව වැඩට යන නෝනා කෙනෙක් ලෙස මගේ අදහසයි.
සේවා ස්ථානය අසන්න වීම, එහි මිත්‍රශීලී වටපිටාව නිසා සහ ගෙදර වැඩට මහත්තයගෙන් ලැබෙන උදවු නිසා මෙය මගේ ප්‍රශ්නයක් නොවේ. කෙසේ වෙතත් වැඩිහිටි ස්වාදීන පිරිමියෙකු ලෙස ක්‍රියා කරනු විනා අංග විකල හැසිරීමක් නොදැක් වන ස්වාමි පුරුෂයකු හා විවාහ වී ඇති බැවින් කවා , පොවා , අන්දා , සරසා මහත්තයා ගෙදරින් එලියට යැවීමට මට කවදාවත් සිදුවී නැත . කොහොම වුනත් දෙන්නා දෙමහල්ලන්ගේ එකඟත්වය මත ඕනම විදියකට ගෙදර වැඩ කර ගත හැකි නිසා මේ විවේචනයක් නොවේ.
Wednesday, January 2, 2019
සුදු සහ කළු
සමාජ සම්මතයට අනුව මට කළු සමක් ඇත. මගේ නැගිලා දෙදෙනාම සුදු වුවද මට එය ප්‍රශ්නයක් නොවුනේ මගේ දෙමාපියන් අපිට සමව සැලකීම නිසා වන්නට ඇත. මේ පිළිබඳව මට ඇති මුල්ම මතක මා 7 වසරේදී වූ සිදුවෙමකි. පාසල් සඟරාවක කවරයක් සඳහා ශිෂ්‍යාවන් තෝරන්න පැමිණි අක්කලාගේ තේරීම වූයේ සුදු ළමයින්ය. අම්මලා විවාහ යෝජනා ගෙනෙන සමයේ අනික් පසින් අසන අනිවාර්ය පැනය "සුදුද?" යන්නයි. සති අන්තයේ ගෙදර ආ විට කන්කරච්චලයක් වන මේ යෝජනා වලින් ගැලවීමට මම මෙය එකල අයුදයක්ද කර ගතිමි. සුදු කෙනෙක්නෙ හොයන්නේ ..මන් හරියන්නේ නෑ ...කියමින් excuse එකක් ගෙන විවාහ යෝජනා සැහෙන ගණනකින් ලිස්සා යාමට එකල මට හැකිවිය. මගේ විවාහය මම ම සොයා ගත් කෙනෙක් සමග වූ නිසා ත් සමාජ සම්මතයට අනුව සුදු සමක් ඇති ඔහුටත් මටත් මේ වර්ණබේදවාදය අවුලක් නොවිණි. නමුත් අපේ සමේ පැහැයන්ගේ වෙනස ප්‍රශ්නයක් කරගත් අය ඇත්තෝ දුලබ නොවිණි. මගේ රැකියාවට , විවාහයට , ඉගෙනීමට හෝ සමාජ සම්බන්ධතා වලට සමේ පැහය ප්‍රශ්නයක් නොවුනද අද ඇත්තේ සුදු යනු පැහැපත් යන්නට පර්යාය පදයක් වී ඇත. එමෙනම් ලසන්න නම් ඒ සුදු විය යුතු බවටත් මතයක් ගොදනෙමින් ඇත. රස්සාවට , නැන්දම්මා හමුවීමට මෙන්ම ජීවිතයේ සියලු ප්‍රශ්න විසදන්න fairness creme වලට හැකිය. Injection ගස ගෙන හෝ අස්වබාවික සුදක් ලබා ගන්නට උත්සහ ගන්නන් බෙහෙවි. සමහර වෘත්තීන්ට පෙනුම වැදගත් බැව සැබෑවකි. නමුත් අන්තර්ජාතිකව නම් කළු සමක් ඇති models ලටද ඉල්ලුමක් ඇත. දවස පුර සමේ පැහය ගැන කරදර වන ගැණු දරුවන්ට කියන්නට ඇත්තේ සමේ පැහය කුමක් වේවා ඉන් අහියෝග ජය ගැනීමට ඇති දායකත්වය නොගිනිය හැකි තරම් කුඩා බවය.
Monday, December 24, 2018
සින්තටික් සිහින
ගිගිරි වැයෙන තිරය ඇරෙන
නියෝන් බුබුළු දහසක් මැද
නිලංකාර දෑස රිදෙයි..
සද සිනා නිසරු තෙපුල්
කවට කතා සැණෙලි විසුල්
සිතුවම් කළ කොපුල් උපුල්
පිටාර යන කඳුළු ගඟයි ....
විද්බරවූ දිවිමන්සල
පරාජිතව හුදකලාව
වල්මත් වී තැවෙන සිතට
සිහින තවම බොහෝ දුරයි...
Wednesday, November 7, 2018
නැටුම්
නැටුම් පිළිබඳව මගේ සියලුම අත්දැකීම් ශෝචනීයය. 4 වසරේදී කුඩා මිතුරි කණ්ඩායමේ කලගෙඩි නැටුමට මටද අවස්තවක් ලැබිණි. "අහසට පිබිනා ඒ රන් කලෙයා " කියන විට මගේ දෑත පොලොව දෙසටත් " පොළොවට පිබිනා ඒ රන් කලෙයා " කියන විට මගේ දෑත අහස දෙසටත් යොමු වීම නොනැවතී සිදු විය. මගේ සුවිශේෂී දක්ෂතා නිසා මට individual trainer කෙනෙක් ලෙස අක්කා කෙනෙක් ලබා දීමටද අපේ නැටුම් ගුරුතුමියට සිදු විය.
පසු කලෙක " Social Dancing " class එකක් පිලිබදව ම සේවය කල පාසලේ දරුවෙකුගේ මවක් දැනුවත් කල අතර මම නැවත නිවසට ඇරලීමේ වගකීමද ය බර ගත්තාය. කෙසේ වෙතත් අපේ නිවසට ඉතා ආසන්නව තිබු class එක මට මග හැරුනේ class එකට එන ඇතැම් අය මෙයට පෙර අඩවූ කස්තිරම් ඇල්ලු අය බව පවසමින් මගේ දෙමාපියන් දැක්වූ විරෝධයය. සමහරවිට මා වැනි ආධුනික යෙකු එහි ගොස් ලජ්ජාවට පත්ව්ය් යයි ඔවුන් සිතන්නට ඇත.
ඊළඟ අත්ද්කීම ලැබුනේ විවාහයෙන් පසු මගේ සැමියත් සමග ගිය අවුරුදු වැඩසටහනකදීය.එහිදී අපිට නැටුමක් ඉදිරිපත් කිරීමට සිදු වූ අතර මගේ සැමියා දුන් උපදෙස වූයේ " මොනවා හරි හිතල කරන්න" යන්නයි. මා හිතා අවසන් වන විටම අපිට නැටුමට තිබු කාලයද අවසන් විය. මගේ සැමියා තනියම ඉදිරිපත් කල රංගනය නිසා හෝ සංස්කරණ ශිල්පියාගේ දක්ෂතාවය නිසා හෝ TV එකේ නැටුම එතරම් අවුලක් නොවීය. කෙසේ වෙතත් මා අත පය නොසෙල්වා මුහුණින් පමණක් හැගීම් ප්‍රකාශ කල නර්තනය පිලිබදව අවබෝදයක් නොමැති නමුත් විවාහයට පෙර දහ අට වන්නමද නටා තිබූ කාන්තවක් කීවේ නළුවෙක්ගේ බිරිඳක් අනිවාර්යෙන්ම නැටුම් උගත යුතු බවයි. මා පෙර විවිධ නැටුම් නටා නොතිබීම ගැන මගේ සැමියාගේ ඇත්තේ ප්‍රසාදයක් හෙයින් comments ගැන අවුලක් නැත. කෙසේ වෙතත් නැටු නැටුමක් නැතත් බෙරය ආරක්ෂා කර ගැනීමට ඉදිරියටත් සිතා සිටිමි.
Wednesday, October 24, 2018
Gym යාම
මම කොහොමත් මහතය. විවහෙයෙන් පසු තවත් මහතය. දිනක් අපේ නිවසේ ඇති මගේ ඡයාරුපයක් දුටු කාන්තාවක් අසවල් නිළිය වගේ යයි කීය . තරමක ස්ථුල ශරීරයකට හිමිකම් කිව්වද ඇය දක්ෂ , චරිතාංග නිලියක් වූ නිසා මට කල ගෞරවය සලසා මම "Thank you " යයි කීමි.
මගේ කිලෝ 70 ගානක් වූ ශරීරයේ බර දරා සිටින්නේ මා පමණක් නොවන බව මට ලැබෙන ප්‍රතිචාර වලින් පෙනේ. බොහෝ දෙනක් සිතන්නේ ම ඉතා දුක් මහන්සි වී මේ ශරීරය maintain කරන බවය . Diabetes, pressure ආදිය නැතත් මගේ BMI එක ඇස් නල්ලලේ රදවන සුළු බව office එකේ සෞඛ්‍ය කඳවුරට පැමිණි Dr පැවසු හෙයින් මා ශරීර සුවතාව සඳහා උදේ ඇවිදීමට වීමි. මගේ jogging companion ට සේවා අවශ්‍යතාව මත කෙටි කාලීනව gym එකකට යාමට සිදුවූ හෙයින් මගේ jogging අඩාල විය . මා අකැමති දෙයකට මා පෙලඹවීම බල්ලන් නාවන්නට යාමට සමාන හෙයින් මගේ ස්වාමි පුරුෂයා මා gym යැවීමට බලපෑම් නොකලද මට gym බලපෑම් බොහෝය. Model like figure ලබාගැනීමට මට වෘත්තීයමය හේතුවක් නැති බැවිනුත් ඒ ලබා ගත්තද උල් හා උස සපත්තු balance කිරීම නොහැකි නිසා model කෙනෙක් වීම මේ බවයෙදී සිදු නොවේ. ඉතින් තවමත් gym එකක AC එකේ හිරවී instructions වලට කරන ව්‍යයම්යට වඩා තනිවම මගේ වේගයෙන් වැව , කුඹුරු, ජලජ පක්ෂීන් දකිමින් හුලන් වැදී වැදී ඇවිදීම ප්‍රිය කරමි.
මගේ කිලෝ 70 ගානක් වූ ශරීරයේ බර දරා සිටින්නේ මා පමණක් නොවන බව මට ලැබෙන ප්‍රතිචාර වලින් පෙනේ. බොහෝ දෙනක් සිතන්නේ ම ඉතා දුක් මහන්සි වී මේ ශරීරය maintain කරන බවය . Diabetes, pressure ආදිය නැතත් මගේ BMI එක ඇස් නල්ලලේ රදවන සුළු බව office එකේ සෞඛ්‍ය කඳවුරට පැමිණි Dr පැවසු හෙයින් මා ශරීර සුවතාව සඳහා උදේ ඇවිදීමට වීමි. මගේ jogging companion ට සේවා අවශ්‍යතාව මත කෙටි කාලීනව gym එකකට යාමට සිදුවූ හෙයින් මගේ jogging අඩාල විය . මා අකැමති දෙයකට මා පෙලඹවීම බල්ලන් නාවන්නට යාමට සමාන හෙයින් මගේ ස්වාමි පුරුෂයා මා gym යැවීමට බලපෑම් නොකලද මට gym බලපෑම් බොහෝය. Model like figure ලබාගැනීමට මට වෘත්තීයමය හේතුවක් නැති බැවිනුත් ඒ ලබා ගත්තද උල් හා උස සපත්තු balance කිරීම නොහැකි නිසා model කෙනෙක් වීම මේ බවයෙදී සිදු නොවේ. ඉතින් තවමත් gym එකක AC එකේ හිරවී instructions වලට කරන ව්‍යයම්යට වඩා තනිවම මගේ වේගයෙන් වැව , කුඹුරු, ජලජ පක්ෂීන් දකිමින් හුලන් වැදී වැදී ඇවිදීම ප්‍රිය කරමි.
Wednesday, June 29, 2016
සටහන් ..
අපි ඉස්කෝලෙදි ඉහල පන්ති වලදී වැඩි පුරම කලේ සටහන් ලියපු එක.. ගණිතය හා ප්‍රයෝගික විෂයන් වලදී හැර .. සමහර පොත්වල සටහන් නොතිබුනොත් සමහර දෙමවුපියෝ අහන්නේ ඉගැන්නුවේ නැද්ද කියල..කොහොම වුනත් ඒ සටහන් ලිය ගන්න අපිට අමාර වුනේ නැ ..ප්‍රමාණවත් කාලයක් ලැබුණා...විශ්ව විද්‍යාලේ ගිහින් සටහන් ලියු අන්තිම පරම්පරාව අපි වෙන්න ඇති..ඒ සටහන් ලියාගන්න අමාරුයි ...මම 1st Year Chemistry lecture එකකදී board එක පුරා ඉකමනින් ලියු ඒ සැනින්ම මැකු සටහනක් මකන්න එපා කියල කිව්වම ඒ දේශක තුමා reference එක දුන්න පුස්තකලේදී බලන්න කියලා ..එක විෂයක lectures වල නම් අතරින් පතර වැඩි පුර තිබුනේ හිස් තැන් ඒ කථිකාචාර්ය තුමිය මුළු කාලෙම කලේ සටහන කියවන එක නිසා ... Hostel එකේ ඔක්කොම එකතු වෙලත් සටහන් ටික සම්පූර්ණ කරන්න බැරිවුණා වෙලාවල් තිබුණා ..මීට වෙනස් විදියට උගන්නපු අය ගේ lectures හොඳ වුනත් අන්තිමේදී විභාගෙට පාඩම් කරනකොට දෙයක් නැතිව අවුල් වුණා ...විභාග කාලේදී පුස්තකාලේ notes තියල canteen යන්න එපා..hostel එකේ අක්කල කිව්වා ..ඒවා සමහාරු ගන්නවලු හගනවලු ...රෑ එළිවෙනකල් මග හැරුණු සටහන් ලියපු වෙලාවල් තිබුණා ...Power point ජනප්‍රිය වුනාම slides වල printout එකම අතට ආවා ...දැන් නම් ගොඩක් අය එක්කෝ රෙචොර්ඩ් කරනවා ..නැත්නම් board එකේ ෆොටෝ ගහනවා ..පරණ පරම්පරාවේ නිසා තවමත් සමහර වෙලාවට හොන්දට් හිතල ලියන්න ඕනේ නම් අතින් ලියන්න හිතෙනවා ..වහින වෙලාවට අපි තෙමුනත් සටහන් නොතෙමි කුඩෙන් ආරක්ෂා කරගෙන..copy , paste නැතුව එක දේ නැවත නැවත ලියමින් ..ෆොන්ට් type හා style හිතේ මිම්මට වෙනස් කර කර ; පාට පෑන් වලින් font colour වෙනස් කල , භෞතිකවම highlighter , eraser හාවිතා කරමින් සටහන් ලියපු ඒ කාලය හීනයක් ..අලුත් පරම්පරාවට කවද හරි මේ දේවල් ගැන හිතා ගන්නත් බැරිවෙයි .. කොහොම වුනත් තාක්ෂනයට පින් සිදු වෙන්න සිංහල typing හුරු නැති වුනත් මම මේ සටහන ලියන්නෙත් පරිගනකයෙනමයි
Saturday, January 2, 2016
නොලියවුණු කවිය ...........
චන්දස් සපිරුණු
එළිසමය ගැලපුණු
එනමුත් නොලියවුණු
සිතේ පමණක් රැදවුණු
අරුත් සුන්වූ
සියලු රසහව් දැනවූ
අනතුරු ලකුණු දැක්වූ
පදවැලකි නිම නොවුණු ...
දෙසැම්බර් 31 සහ ජනවාරි 01..
දෙසැම්බර් 31 ..පරණ අවුරුද්දක අන්තිම දවස...ඉස්සර පොඩි කලේ නම් මේ කාලෙට නිවාඩු... අම්මල ගෙවල් ඇස කරල නව වසර පිලි ගන්න ලස්ය්ති වෙනවා ..අපි නම් අලුත් පාසල් වාරේ ළඟ නිසා එකට පොත් එහෙම ලෑස්ති කර ගනිමිනුයි ඉන්නේ...දැන් අන්ම කාලෙකින් දෙසැම්බර් 31 ජනවාරි 1 දිගට office දවස් .. 31 වෙනිදට පරණ අවුරුද්දේ වැඩ ඉවර කරන්න , accounts පියවන්න, progress දෙන්න දේවල් ගොඩයි..කලින් ඉවර කරන්න තිබුනත් හැමදාම නොවැලක්විය හැකි දේ මතු වෙන නිසා මෙහෙම වැඩ යෙදෙනවා...1 වෙනිදා මේ සේරම ඉවර කරලා නව වසරක..ප්‍රතිඥාව දීල...ආගම සිහි කරලා , කැවුම් කිරිබත් කාල වැඩ පටන් ගන්නවා..එදාට දවස හරිම නැවුම්..කවුරුත් තරහ ගන්නෙත් නැහැ ..බනින්න හිතුනත් 1 වෙනිදා නේ කියල එක කරන්නෙත් නැහැ ..උදේට හැමෝම " සුබ අලුත් අවුරුද්දක් වේවා "..කියල කට පුර හිනා වෙලා සුභ පතනවා..එදා උදේට office එකේ හැමෝම වගේ හම්බවෙනවා.. හැමදාම මෙහම් නම් හොඳයි කියල හිතෙනවා ...
අපේ ජීවිතෙත් දෙසැම්බර් 31 වගේ පරණ දේවල් ඔක්කම ඉවර කරන්න , අලුත් අවුරුද්දට නොගේනන්න අවසථාවක් /deadline එකක් එනව නම් හොඳයි හිතෙනවා..කුහකම්, නපුරුකම්, සතුකම්, සිත් රිදීම් , දුක්බර මතක් වලලා ජනවාරි 1 වගේ අලුත්ම විදියට ජීවිතේ පටන් ගන්නත් ගෙනයන්නත් ඇත්නම්...
Friday, November 13, 2015
නොආ ආකාශ වස්තුව
අපි කවුරුත් ආකාශ වස්තුව එනතෙක් මග බල සිටියෙමු. ධීවර නාවික කටයුතු 11 සිට 1 තෙක් නතර කිරීමටද උපදෙස් දී පණිවුඩ පැමිණිනි. නාසා මොන මොන දේ කලත් අන්තිමේ artificial අකෂ වස්තුවේ කොටස ගමන් මග ලෙස අපේ ගම පළාතම තෝර ගත්තේය .(එකෙත් හැටි ..සුනාමි නොදන්වාම අවෙත් එහෙටය.) තාරකා විද්‍යාඥයන් , වියතුන් පමණක් නොව ජෝතිෂ්‍ය වියතුන්ද විවිද මත පළකළහ . ගොඩබිමට වැටුනොත් මොකද වෙන්නේ? මුහුද වැටුනොත් මොකද වෙන්නේ ? නොදැවී වායුගෝලයට අවොත් මොකද වෙන්නේ ප්‍රශ්න ගොඩකි. මේ දවස්වල දැවෙන ප්‍රශ්නය ආකාශ වස්තුවය . සමහරු වැඩට යාමටද , දරුවන් පාසල් යැවීමටද මැලි වූහ . සමහර රූපවාහිනී සේවා නම් සජීව විකාශ සූදනම් කරගෙන් දකුණු වෙරළබඩ තම ආයතනයේ ධජ ඔසවා camera සූදානම් කරන ඉන්නටද ඇත. ආකාශ වස්තුවේ ලෝහ හෝ වෙනත් නොදැවුණු කොටස් ඉතා වටිනා විය යුතු බව සමාහු මත පල කලහ . අකුණු සන්නායක , වාලම්පුරි , සුදු කැස්බෑවන් , වල්ලපට්ට් මතු නොව කබර හූනන්ටද මිලක් නියම කල ඇත්තන් මේ කොටස් අවුල මිල කිරීමටද සිහින දකින්නට ඇත . ආකාශ වස්තුව පුද්ගලික ඉඩමකට වැටුනානම් ඉඩමේ මිල 20 ගුණයක් වත් ඉහල යවා ගන්නට තිබිණි. වෙරළබඩ නිසා " space debris beach hotel " හෝ "space cottage " වැනි නමක් දමා හෝටලය අරබන්නට හෝ එය බලන්නට එන්නට තේ , අහර , සමරු තිලින විකුන්නට මගක් හද ගන්නට තිබිණි. සති අන්ත පත්තර පිටුවල් තබා තිබු ඉඩ වලට වෙන මොකක් හෝ දමන්නට වෙන්න ඇතිය. කෙසේ වෙතත් ආකාශ වස්තුව ලොවක් රවටා හොරෙන් අළුවී ගියේය .අදෝමැයි ...
Thursday, September 24, 2015
නිලි වැස්සට තෙමීම ...
කත්‍යනා අමරසිංහගේ නිලි වැස්ස කියවුයෙමි . නිලි වැස්ස යන්න මට ආගන්තුක වචනයකි . එහෙත් පොතේ පිටුවන් පිටුව ඉතිහාසික , දේශපාලනමය අරගයක් තුල දිවෙන් රන් මැණිකා නම් සම්මතයට අභියෝග කල කතාව දිව යයි . කත්‍යනා මේ පොත පුද කරන්නේද මානව සංහතිය වර්ණවත් කල අසම්මත ගැහැණුන්ටය . අසම්මතය යනු අයහපත් හෝ පිළිගත නොහැකි දේ ලෙස බොහෝ අය සිතතත් මා එය දකින්නේ සම්මත රාමුවට අභියෝග ලෙසය .ලෝකය වෙනස් කර ඇත්තෙත් , විච්ත්රවත් කර ඇත්තෙත් සම්මතයට අභියෝග කල ගැහැණුය. සර්වජන චන්ද බලය ලබගනීමේදීත් , ලොව ප්‍රථම අගමැතිනිය පත් කර ගැනීමේදීත් ශ්‍රී ලාංකිකයන් සම්මතයෙන් බැහර වුහ . කෙසේ වෙතත් සම්මතයෙන් සමපූර්ණයෙන්ම බැහැර වූ ( වාරියපොළ තරුණිය , මාලඹේ කාන්තාව ) අදද සාකච්චාවට විචිත්‍ර මාතෘකා සපයයි . මොවුන් 100% නිවැරදි හෝ වැරදි යයි කීමට නොහැකි වුවත් මෙම සිදුවීම් අන්තර්ජලයෙද තවමත් පුවත් මවන්නේ ඒ සම්මතයෙන් ඔබ්බට වූ දේ නිසයි. ඉදින් රන් මැණිකා සුදු බණ්ඩාට කම්මුලට නොගැසූවානම් , ආගන්තුකයෙකු ගෙට කැන්දා නොඅවානම් , ඒ තරුණය සමග කන්ද උඩරටට නොපැමිනියානම් , රජුට නොබියව කතා නොකලානම් , ගාලු ලන්දේසි කොටුවට රජුගේ රහස් පණිවුඩය ගෙන යාමට එඩිතර නොවුනානම් , සිංහලේ රජු අමතක කර තම හිතට ඉඩදී ඕලන්ද කපිතාන් හා සෙනෙහින් නොබැදුනා නම් කතව මෙසේ විචිත්‍රවත් වන්නේ නැත . එහෙයින් කත්‍යනා මෙන්ම මමද ඇතිකිරිගල රන් මැණිකා නම්වූ මේ අසම්මත ගැහැණියට ඇලුම් කරමින නිලි වැස්සට තෙමෙමි .
Friday, September 18, 2015
උදුම්බරා පින්ගුත්තරට (නො ) කී කව ...
ඈත නුවරක රකින්නට තම මවුපියන් ඉන්නට ඇති
දීග අතරුනු කඳුළු වියලුනු නැගණි සිහිවන්නට ඇති
කැඩුණු ලනු ඇඳ කුලී ගෙදරක සුසම් රඳවා ගන්නැති
සකල ශිල්පය පනම් අටකට තුලාවට සරි වෙන්නැති
දීග අතරුනු කඳුළු වියලුනු නැගණි සිහිවන්නට ඇති
කැඩුණු ලනු ඇඳ කුලී ගෙදරක සුසම් රඳවා ගන්නැති
සකල ශිල්පය පනම් අටකට තුලාවට සරි වෙන්නැති
දිව බොජුන් සළු පිළි විලවුන් නැතත් මට කම් නැති
රාජ මාළිග , උයන් කෙලි දැසි දසුන් පිරිවර උරුමැති
මියැදී සිහිනය සි මැදුරු කවුළුවෙන් සුළඟට මුසුවෙති
මගේ කඳුලක් සිරි යහන ගැබ රහසේ සැඟවෙන්නැති
ගසේ පාමුල අතුල විසකටු වලට නවතනු බැරිවැති
මුදු වදන් රජ සිරිත් හමුවේ වුවත් අමතක වෙන්නැති
අතැර දා ඔබ ඉතිරි කර ගිය සන්තකය වූ අරුමැති
හදේ ඇමිනුණු එකම කටුවක් සදා තවමත්එහි ඇති
රාජ මාළිග , උයන් කෙලි දැසි දසුන් පිරිවර උරුමැති
මියැදී සිහිනය සි මැදුරු කවුළුවෙන් සුළඟට මුසුවෙති
මගේ කඳුලක් සිරි යහන ගැබ රහසේ සැඟවෙන්නැති
ගසේ පාමුල අතුල විසකටු වලට නවතනු බැරිවැති
මුදු වදන් රජ සිරිත් හමුවේ වුවත් අමතක වෙන්නැති
අතැර දා ඔබ ඉතිරි කර ගිය සන්තකය වූ අරුමැති
හදේ ඇමිනුණු එකම කටුවක් සදා තවමත්එහි ඇති
Thursday, September 17, 2015
අච්චාරු..
අපි පුංචි ඉස්කෝලේ එනකොට යාලුවෝ එක එක පලතුරු වාරෙට අච්චාරු අරන් එනව.. බිලින්, ජම්බු, පේර , ඇඹරැල්ල , වෙරළු ඒ අතරින් ප්‍රදානයි. ඒ දවස්වල 2-3 පන්තියේ ළමයෙකුටත් පලතුරු කපල හෝ තම්බල ලුණු, මිරිස්, ගම්මිරිස් දාල අච්චාරු හදන්න දැනුම තිබුණා . පසු කලෙක ගෙවල් වල මැලේ අච්චාරු සිංහල අච්චාරු හැදුවත් ඒවා පඩි පලතු කඩේ සිට තරු 5 හෝටල් දක්වා ගිහින් කෑවත් පන්තියේ කපු අච්චාරු රස අමතක නෑ .අදත් අමු වෙරළු දැක්කම ඒවා තමබ්බන , ජම්බු අච්චාරු හඳන්න හිතෙනවා. එත් ලඟදි දවසක් මම මේ ඕනෙම අච්චාරු වර්ගයක් විකුණන කඩයක් දැක්ක . ප්ලස්ටික් බජන හරි පොලිතීන් බැග් වල අහරි අච්චාරු දල දෙනවා . රසයි ..එත් ඒ දේවල් ඒ තරම් සුලභ නැති කලේ පන්තියේ තියාගෙන interval එකට කලිනුත් හොරෙන් කපු අච්චාරු රස තාම මතකයි
Saturday, August 1, 2015
අද වගේ දවසක..
කාලෙකට ඉස්සර අද වගේ දවසක තරුණ තරුණියෝ 62 ක් අලුත් පත්වීම් ගත්තා . විභාග 2ක් විතර තිබිල interview එක කල් ගිහින් කොහොම හරි නොහිතුවක වෙලාවක කැඳවීමක් ... පස්සෙන්ද ඉදන්ම මීගොඩ පුහුනුවක්ලු... නවතින්න දේ අරන් අවේ නැති මම අම්මා ගාල්ලේ යවල පස්සෙන්දට තත අතේ මීගොඩට බඩු එවන්න කිව්වා .. ලංකාවේ වටේම අය ..campus වල , ගමේ අඳුරන ය කීපදෙනකුත් හිටිය .....ඔක්කොම අම්පාර වගේ දුෂ්කර සේවා ස්ථාන වලට යවනවා කිව්ව් නිසා මුල් training එකේ සතුට නම් අඩුයි.. placement වලින් පස්සේ මීපේ, SLIDA මාස තුනේ පුහුණුව නම් රසවත්....පස්සේ තව කීප දෙනකම කණ්ඩායමට එකතු වුණා ......
තනතුරු නාමය නම් මුලදී ටිකක් සැර හා බර වැඩියි වගේ..ඒ නිසා විදුහල්පති පත්වීම් ගන්න ගිය අයගෙන් උසස් පෙළ ළමයෙක්ද කියලත් ..පාසල් අධීක්ෂණයට ගිය සහකාර අධ්‍යක්ෂවරයෙක්ගෙන් අලුත් විද්‍යා පීඨ ගුරුවර්යේක්ද කියලත් අහල තිබුන ..අමත්‍යන්ශයේ සහකාර අධ්‍යක්ෂවරුන්ට නම් නම් අලුත් සංවර්ධන සහකාර වරුන් කියලත් පටලාගත් ය හිටිය ...
කොහොම වුනත් වදෙන් පොරෙන් කට්ටිය අද යම් තැනක් ඉන්නව.. ප්‍රධාන ජාතික පාසල් වල විදුහල්පති , උප විදුහල්පති ලෙස පළාත් කලාප , අමාත්‍යංශය , දෙපාර්තමේන්තු වල තැනක් තිය ගත්තු අය colours පෙන්නපු අය ඉන්නවා .. ඉඳ හිට .ප්‍රශ්න, අභියෝග නොතිබුණා නොවෙයි ..එත් එහෙම නොතිබුන නම් මේ ගමන ඒකාකාරියි ..දැන් නම් අපි ටිකක් mature වෙලාලු ...අනේ මන්ද එත් අයෙත් මීගොඩ වගේ chit pass කරන්න ..SLIDA එකේ වගේ නම board එක්ක ගහල ඉස්සරහින් තියාගෙන ඉන්න ...ගිනිබෝල සෙල්ලම කරන්න...( 99% හොස්ටල් එක ගිනි තියපු හනුමන්ත batch එක වීමෙන් බේරුණු) නටන්න , සින්දු කියන්න, චීන අඩි සංදර්ශන තියන්න , face wash එකෙන් bath room හෝදන්න නම් කාලයක් එන එකක් නෑ ,අමාත්‍යංශයේ හිටි නිසා බොහෝ දෙනෙක් එහි එන වෙලාවට හෝ පළාත්, කලාප , පාසල් වලට යාමේදී හමු වුනත් එයින් පසු දැක්කේ වත් නැති අය ඉන්නවා ...සමහරු විදේශ ගතවුණා , සමහරු වෙන සේවා වලට ගියා ..(හොඳ වෙලාවට දන්නා හැටියට වැඩ තහනම් අය නම් නෑ )..ඉතින් හැමෝටම සුභ සංවත්සරයක් ..Happy Anniversary to all my SLEAS batch mates ..and Many more to Come ...
Wednesday, July 29, 2015
ශ්‍රී ලංකාවේ බලකොටු- ලන්දේසී සහ ඉංග්‍රීසි යුගයේ බලකොටු
ලන්දේසීන් විසින් සාදන ලද කොටු පවුරු අතර හම්බන්තොට දිස්ත්‍රිකයේ කටුවන, පුත්තලම් දිස්ත්‍රික්කයේ කල්පිටිය බලකොටුව සහ මාතර තාරකා කොටුව ප්‍රධාන ස්ථානයක් උසුලයි. මින් කල්පිටිය බලකොටුව පසු කලෙක බ්‍රිතානයන් විසින් අත්පත් කරගෙන හමුදා කටයුතු සඳහා යොදා ගන්නා ලදි. කාලයක් අත්හැර තිබූ මෙම බල කොටුව පසුව යුද්ධ සමයේ දී නාවික හමුදා කඳවුරක් ලෙස භාවිතයට ගන්නා ලදි.
නිල්වලා ගඟ අසබඩ ඇති මාතර තාරකා කොටුවට ඒ නම ලැබී ඇත්තේ මුළු හයකින් යුත් තරුවක හැඩයෙන් යුතු සුවිශේෂී සැලැස්ම හේතුවෙනි. මෙය ලන්දේසින් විසින් සාදන ලද අවසාන ප්‍රධාන බල කොටුව වන අතර පසුව ඉංග්‍රීසින් විසින් පරිපාලන කාර්යාලයක් ලෙස භාවිත කරන ලදි.
මුළු දිවයින ම 1815 දී යටත්කර ගත් ඉංග්‍රීසින් පෘතුගීසින් හා ලන්ද්සීන් විසින් සාදන ලද බලකොටු අත්පත් කරගෙන භාවිත කළ මුත් ඉතා විශාල බලකොටු වැඩිපුර තැනවීම සිදු නොකරන ලදි. කෙසේ වෙතත් හම්බන්තොට මර්ටේලෝ කුලුණ මාතලේ මැක්ඩොවාල් බලකොටුව යනාදිය ඉංග්‍රීසින් ගොඩ නංවන ලද බලකොටු වේ. හම්බන්තොට කුලුණ පසුව රජයේ කාර්යාලය සහ කෞතුකාගාරය සඳහා යොදා ගන්නා ලදි .
කන්ද උඩරට රාජ්‍ය සමයේ සටන්වල දී ආරක්ෂාව සඳහා ගොඩ නංවන ලද මෙය ඉංග්‍රීසි හමුදාවේ අණදෙන නිලධාරී,මේජර් ජනරාල් හෝ මැක් ඩොවෙල් නමින් ද නම් කරන ලදි. 1848 මාතලේ කැරැල්ලේදී වීරපුරන් අප්පු ප්‍රමුඛ කැරලිකරුවන් මෙම කොටුපවුර අල්ලා ගන්නා ලද අතර නැවත ඉංග්‍රීසින් විසින් මෙය අත්පත් කරගන්නා ලදි. වර්තමානයේ මෙහි නටඹුන් පමණක් දක්නට ලැබේ. මෙම කොටුව තුළ විරු ස්මාරකයක් සහිතවඉදිකර ඇති අතර මාතලේ සුසාන භූමියක් ලෙස භාවිත කරයි.
ශ්‍රී ලංකාවේ පෙර රජ දවස පමණක් නොව පසු කලෙක යටත් විජිත යුගයේ ද අමරණීය සිහිවටන ලෙස ඉදි කළ මෙම බලකොටු දිවයින පුරා විසිරී ඇති අතර අද ද සංචාරක ආකර්ෂණය දිනා ගනිමින් විරාජමාන ව පවති. මේවා බොහොමයක් පුරාවිද්‍යා දෙපාරතමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල වැනි ආයතන මගින් සංරක්ෂණය කර පවත්වා ගෙන යයි. ශ්‍රී ලංකාවේ ඉතිහාසය මතු පරපුරට රැගෙන යනු වස් මෙම පෞරාණික බලකොටු ආරක්ෂා කරගැනීම සැමගේ වගකීමකි.
Subscribe to:
Posts (Atom)

















