Monday, December 24, 2018

සින්තටික් සිහින




නාදනු පා තබන සරට
ගිගිරි වැයෙන තිරය ඇරෙන
නියෝන් බුබුළු දහසක් මැද
නිලංකාර දෑස රිදෙයි..

සද සිනා නිසරු තෙපුල්
කවට කතා සැණෙලි විසුල්
සිතුවම් කළ කොපුල් උපුල්
පිටාර යන කඳුළු ගඟයි ....

විද්බරවූ දිවිමන්සල
පරාජිතව හුදකලාව
වල්මත් වී තැවෙන සිතට
සිහින තවම බොහෝ දුරයි...

No comments:

Post a Comment