Wednesday, January 2, 2019
සුදු සහ කළු
සමාජ සම්මතයට අනුව මට කළු සමක් ඇත. මගේ නැගිලා දෙදෙනාම සුදු වුවද මට එය ප්‍රශ්නයක් නොවුනේ මගේ දෙමාපියන් අපිට සමව සැලකීම නිසා වන්නට ඇත. මේ පිළිබඳව මට ඇති මුල්ම මතක මා 7 වසරේදී වූ සිදුවෙමකි. පාසල් සඟරාවක කවරයක් සඳහා ශිෂ්‍යාවන් තෝරන්න පැමිණි අක්කලාගේ තේරීම වූයේ සුදු ළමයින්ය. අම්මලා විවාහ යෝජනා ගෙනෙන සමයේ අනික් පසින් අසන අනිවාර්ය පැනය "සුදුද?" යන්නයි. සති අන්තයේ ගෙදර ආ විට කන්කරච්චලයක් වන මේ යෝජනා වලින් ගැලවීමට මම මෙය එකල අයුදයක්ද කර ගතිමි. සුදු කෙනෙක්නෙ හොයන්නේ ..මන් හරියන්නේ නෑ ...කියමින් excuse එකක් ගෙන විවාහ යෝජනා සැහෙන ගණනකින් ලිස්සා යාමට එකල මට හැකිවිය. මගේ විවාහය මම ම සොයා ගත් කෙනෙක් සමග වූ නිසා ත් සමාජ සම්මතයට අනුව සුදු සමක් ඇති ඔහුටත් මටත් මේ වර්ණබේදවාදය අවුලක් නොවිණි. නමුත් අපේ සමේ පැහැයන්ගේ වෙනස ප්‍රශ්නයක් කරගත් අය ඇත්තෝ දුලබ නොවිණි. මගේ රැකියාවට , විවාහයට , ඉගෙනීමට හෝ සමාජ සම්බන්ධතා වලට සමේ පැහය ප්‍රශ්නයක් නොවුනද අද ඇත්තේ සුදු යනු පැහැපත් යන්නට පර්යාය පදයක් වී ඇත. එමෙනම් ලසන්න නම් ඒ සුදු විය යුතු බවටත් මතයක් ගොදනෙමින් ඇත. රස්සාවට , නැන්දම්මා හමුවීමට මෙන්ම ජීවිතයේ සියලු ප්‍රශ්න විසදන්න fairness creme වලට හැකිය. Injection ගස ගෙන හෝ අස්වබාවික සුදක් ලබා ගන්නට උත්සහ ගන්නන් බෙහෙවි. සමහර වෘත්තීන්ට පෙනුම වැදගත් බැව සැබෑවකි. නමුත් අන්තර්ජාතිකව නම් කළු සමක් ඇති models ලටද ඉල්ලුමක් ඇත. දවස පුර සමේ පැහය ගැන කරදර වන ගැණු දරුවන්ට කියන්නට ඇත්තේ සමේ පැහය කුමක් වේවා ඉන් අහියෝග ජය ගැනීමට ඇති දායකත්වය නොගිනිය හැකි තරම් කුඩා බවය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment