Tuesday, February 26, 2019

දානේ ගෙදර ..






අපි නම් දාන දෙද්දී කරන්නේ මෙහෙමයි ...ඔයාට කැමති විදියට කරන්න...කරුණා අක්ක හැම දේටම ඇඟිලි ගහ ගහ කියනවා. හැම ව්‍යංජනයටම හැන්දක් ඕනේ.. ගෙදර තියෙන්නේ හැඳි මෙච්චරයි ..නවීන්ට  කියන්න ..චේතනා  කියනවා බැරිම තැන ..ප්‍රශ්න ඇති කරගන්න එපා ..කරුණා අක්කගේ හිත රිදවන්න එපා .නවීන් කියනවා ..එතකොට මගේ හිත ..මං  තනියම අහනවා...හාමුදුරුවෝ වලදල ඉවර වුණ ගමන්ම කැවිලි , පලතුරුත් රහත් වෙලා ..චේතනා අහක බලා ගන්නවා.... කිරි හට්ටිය ඉවරයි ..අලුතින් එන අයට කන්න කිරි නෑ ..චේතනා ඇතුලින් අලුත් කිරි හට්ටියක් අරගෙන එනවා ..මොකටද නංගි  අර හට්ටියේ තව තියෙනවනේ ...ප්‍රියන්තා අක්කා කියනවා...මැරුණේ නවීන්ගේ වගේම එයාගෙත් අම්මා ..මේ දේවල් මිනිස්සු ගෙදරට අරන් අවේ අම්මා වෙනුවෙන් ...චේතනා ඇහුනේ නැති පාඩුවේ අලුත් කිරි හට්ටිය තියනවා ..ප්‍රියන්තා අක්කාගේ මූණ කොරහක් වගේ... ඔදවූ කරපු මිනිස්සුන්ට මොනව හරි දෙන්න නංගි ..නැත්නම් අපේ අක්කා ඔක්කොම පොඩි ගහගනියි කුමුදිනි අක්කා කියනවා..මොකටද තමුසෙට ඒ පණ්ඩිතකම ..අයි ප්‍රියන්තා අක්කගේ හිත රිද්දුවේ ..දවස් කීයක් ඒ ගැනි මෙතන වැටිලා සුමේ කරාද ..ඕක කරන්න තිබුනේ එයාගෙන් අහලා නේ.. නැත්නන් හිතයි මම දානෙට වියදම් කරන නිසා ඔය මෙහෙ ලොක්ක වෙලා කියල  අපහු ඇඟට එනවා...ඊයේ හවස මම ආව ගමන්ම අපි තේ බොමු නැගී කිව්වා තමයි ..හැබයි හැමෝටම තේ හැදුවේ මම.දානේ කේටරින්..අනිත් කීම හැදුවේ අහල පහල අය ..උදේ තේ බීපු කෝප්පත් හේදුවේ මම ...චේතනා හිතේ වේදනාවත් තරහත් එක්ක එන කඳුළු පාලනය කර ගන්නවා... එතකොට මගේ මහත්තයාගේ ගෙදර කිසිම තීරණයක් ගන්න මට බැරිද? මම කියන කියන දේට ඔලුව නවා ගෙන වැඩ කරන්න ඕන රූකඩයක්ද ..හිත රිදෙන්නේ ඒ ගොල්ලන්ගේ විතරද ..චේතනා තොල් වික ගෙන ඇඩුම් පාලනය කරගෙන හිතනවා...

No comments:

Post a Comment