Wednesday, October 24, 2018

Gym යාම

මම කොහොමත් මහතය. විවහෙයෙන් පසු තවත් මහතය. දිනක් අපේ නිවසේ ඇති මගේ ඡයාරුපයක්  දුටු කාන්තාවක් අසවල් නිළිය වගේ යයි කීය . තරමක ස්ථුල ශරීරයකට හිමිකම් කිව්වද ඇය  දක්ෂ , චරිතාංග  නිලියක් වූ නිසා මට කල ගෞරවය සලසා මම "Thank  you " යයි කීමි.

මගේ කිලෝ 70 ගානක් වූ ශරීරයේ බර  දරා  සිටින්නේ  මා  පමණක් නොවන බව මට ලැබෙන ප්‍රතිචාර වලින් පෙනේ. බොහෝ දෙනක් සිතන්නේ ම ඉතා දුක් මහන්සි වී මේ ශරීරය maintain  කරන බවය . Diabetes, pressure  ආදිය  නැතත් මගේ BMI  එක ඇස්  නල්ලලේ රදවන සුළු බව office එකේ සෞඛ්‍ය  කඳවුරට පැමිණි Dr  පැවසු හෙයින්  මා  ශරීර සුවතාව සඳහා උදේ ඇවිදීමට වීමි. මගේ jogging  companion ට සේවා අවශ්‍යතාව මත කෙටි කාලීනව gym  එකකට යාමට සිදුවූ හෙයින් මගේ jogging අඩාල  විය . මා   අකැමති දෙයකට මා පෙලඹවීම බල්ලන්  නාවන්නට  යාමට සමාන හෙයින් මගේ ස්වාමි පුරුෂයා මා gym යැවීමට බලපෑම් නොකලද මට gym බලපෑම් බොහෝය. Model like  figure  ලබාගැනීමට  මට වෘත්තීයමය හේතුවක් නැති බැවිනුත් ඒ ලබා ගත්තද උල් හා උස සපත්තු balance  කිරීම නොහැකි නිසා model  කෙනෙක්  වීම මේ බවයෙදී සිදු නොවේ. ඉතින් තවමත් gym  එකක AC  එකේ හිරවී instructions වලට කරන ව්‍යයම්යට වඩා තනිවම මගේ වේගයෙන් වැව , කුඹුරු,  ජලජ පක්ෂීන් දකිමින් හුලන්  වැදී වැදී ඇවිදීම ප්‍රිය කරමි.

No comments:

Post a Comment