Wednesday, June 29, 2016

සටහන් ..


අපි ඉස්කෝලෙදි ඉහල පන්ති වලදී වැඩි පුරම කලේ සටහන් ලියපු එක.. ගණිතය හා ප්‍රයෝගික විෂයන් වලදී හැර .. සමහර පොත්වල සටහන් නොතිබුනොත්  සමහර දෙමවුපියෝ අහන්නේ ඉගැන්නුවේ නැද්ද කියල..කොහොම වුනත් ඒ සටහන් ලිය ගන්න අපිට අමාර වුනේ නැ ..ප්‍රමාණවත් කාලයක් ලැබුණා...විශ්ව විද්‍යාලේ ගිහින් සටහන් ලියු අන්තිම පරම්පරාව අපි වෙන්න ඇති..ඒ සටහන් ලියාගන්න අමාරුයි ...මම 1st Year Chemistry lecture එකකදී board එක පුරා ඉකමනින් ලියු ඒ සැනින්ම මැකු සටහනක් මකන්න එපා කියල කිව්වම ඒ දේශක තුමා reference එක දුන්න පුස්තකලේදී බලන්න කියලා ..එක විෂයක lectures වල නම් අතරින් පතර  වැඩි පුර තිබුනේ හිස් තැන්  ඒ කථිකාචාර්ය තුමිය මුළු කාලෙම කලේ සටහන කියවන එක නිසා ... Hostel එකේ ඔක්කොම එකතු වෙලත් සටහන් ටික සම්පූර්ණ කරන්න බැරිවුණා වෙලාවල් තිබුණා ..මීට වෙනස් විදියට උගන්නපු අය ගේ lectures හොඳ වුනත් අන්තිමේදී විභාගෙට  පාඩම් කරනකොට දෙයක් නැතිව අවුල් වුණා ...විභාග කාලේදී පුස්තකාලේ notes තියල canteen යන්න එපා..hostel එකේ අක්කල කිව්වා ..ඒවා සමහාරු ගන්නවලු හගනවලු ...රෑ  එළිවෙනකල් මග හැරුණු සටහන් ලියපු වෙලාවල් තිබුණා ...Power point ජනප්‍රිය වුනාම slides වල printout එකම අතට ආවා ...දැන් නම් ගොඩක් අය එක්කෝ රෙචොර්ඩ් කරනවා ..නැත්නම් board එකේ ෆොටෝ ගහනවා ..පරණ පරම්පරාවේ නිසා තවමත් සමහර වෙලාවට හොන්දට් හිතල ලියන්න ඕනේ නම් අතින් ලියන්න හිතෙනවා ..වහින වෙලාවට අපි තෙමුනත් සටහන් නොතෙමි කුඩෙන් ආරක්ෂා කරගෙන..copy , paste නැතුව එක දේ නැවත නැවත ලියමින් ..ෆොන්ට් type හා style හිතේ මිම්මට වෙනස් කර කර ; පාට පෑන් වලින් font colour වෙනස් කල , භෞතිකවම highlighter , eraser හාවිතා කරමින්  සටහන් ලියපු ඒ කාලය හීනයක් ..අලුත් පරම්පරාවට කවද හරි මේ දේවල් ගැන හිතා  ගන්නත් බැරිවෙයි .. කොහොම වුනත් තාක්ෂනයට පින් සිදු වෙන්න සිංහල typing හුරු නැති වුනත් මම මේ සටහන ලියන්නෙත් පරිගනකයෙනමයි

No comments:

Post a Comment