Friday, January 31, 2020

කොරෝනා සහ protective equipment ....


කොරෝනා භීතිය නිසා mask එකක් ගිනි ගණන් වෙද්දී, sanitize rs  online වත් order කලද out of stock කාලයක අපි  සෞඛ්‍ය සේවකයන් චීන සෞඛ්‍ය සේවයකන් සමග සසදමින් සිටිමු.  වෛද්‍යවරයෙක් , හෙදියක් හෝ වෙනත් මේ සමග ගැටෙන කාර්යමණ්ඩලයේ කෙනෙක් වේවා ඔවුන් ඕපපාතික සත්වයෝ නොවෙති. ඔවුන්ටද අඹු දරුවෝ , දෙමාපියෝ වෙති. බොහෝ වෘත්තීය සමිති වල ලොකු තනතුරු ලාභීන් ගේ  PR සහ media communication තරමක අවුල්ය. බොහෝ සාමාන්‍ය ජනතව ඔවුන් දකින්නේ strike call කල විට ඒ ගැන නිවෙදන දෙන විටය. . ඒ නිසා සාමාන්‍ය ජනතාවටද මොවුන් කියන දේ එතරම්  හොදින් විමසා නොබලයි. මේ තත්ත්වය කෙසේ වෙතත් ඕනම රැකියාවක ඇති අනතුරු වලින් ගැලවීමට ඔවුන්ට protective cloths සහ equipment දිය යුතුය. රෝගය අපි control කළා යයි උදම් ඇනීමට කාලය වැඩිය . Mask එකක් අත්‍යවශ්‍ය නොවන බව පැවසුවත් mask දමා දරුවන් පාසල් යවන දෙමාපියන් තරමටම protective wear ඉල්ලන සෞඛ්‍ය කාර්ය මන්ලඩ ද සාධාරනය. බසයට චීන සංචාරයෙක් නැග්ගොත් බසයෙන් පැන දුවන් මගීන් තරමටම protective wear ඉල්ලා හඩ නගන වෘත්තීය සමිතිද සාධාරණය.  වෘත්තීය සමිති , පුද්ගලයන් , දේශපාලකයන් හෝ  ආචාර ධර්ම ගැන Arrears cover  කිරීමට මේ අවස්ථාව නොවේ. බිම වැතිර පැය 2 ක නින්දක් ලබා රෝගීන් වෙනුවෙන්  වෙහෙසෙන චීන වෛද්‍ය කාර්ය මණ්ඩල යෙන් මෙන්ම  ලොවෙන් හුදකලා වී සිටියදීත් ගී ගයමින් අන්‍යනන් ධෛර්යවත් කරන Wuhan පුරවසිනගෙන්ද අපි සැමටම ඉගෙන ගත හැකි පාඩම් තිබේ. (ජායරූපය අන්තර්ජාලයෙනි.)

No comments:

Post a Comment