Friday, September 27, 2013

නුවරට පෙම් කලෙමි ...



මා  පාසල් ගිය කාලයේ මගේ ගම හැර කැමතිම නගරය වූයේ නුවරයි . මගේ මේ සෙන්කඩගල  ප්‍රේමය කෙසේ ඇති වූයේ දැයි මට දැන් මතක නැතත් දළදා මාලිගාව , බෝගම්බර වැව , පේරාදෙණිය සරසවිය වැනි සුන්දර ස්තාන  ම කියවූ පොත් වල  වූ කරුණු මෙයට හේතු වන්නට ඇත. මෙය මගේ පාසල් මිතුරියන්ට රහසක් නොවූ අතර එහි ප්‍රබලතම ආධාරකරුවෝ වූයේ මා මෙන්ම 100% බෙන්තර ගගෙන් එහා අය වූ ඔවුන්ය . මා බෙන්තර ගඟ තරණය කර  මහවැලි ගඟ සමීපයට යැවීමෙන් නොනැවතී මට උඩරට වාසගමක් ලබාදීම සදහාද ඔවුන් දිවි හිමියෙන් උත්සාහ  කලද එකල  මුළු හදින්ම නුවර නගරයට  පෙම් කල මගේ සිතේ නුවර වැසියෙකුට ඉඩක් නොතිබූ නිසා ඔවුන්ගේ උත්සාහය මල් පල නොගැනුණි . අදද  සංචාරයක් හෝ රාජකාරි අවශ්‍යතාවක් මත කඩුගන්නාව  තරණය කරත්ම අමුතුම චමත්කාරයක් සිතේ ජනිත කරවන නුවරට මම තවම පෙම් කරමි.

No comments:

Post a Comment