Thursday, September 12, 2013

රසායනික අවි සහ වතුර බාල්දිය ..


 

මේ දවස්වල හැමෝම කතා කරන්නේ සිරියාව සහ රසායනික අවි  ගැනය. අපි උසස් පෙළ පන්තිවල ඉගෙනුම ලබ්ද්දීදීද රසායනික අවි ගැන ලොකු කතා බහක් තිබුණි. ඒ යුද්දය ඉතා දරුණුවට පැවති යුගයකි. ත්‍රසතවාදීන්  දකුණේ පාසල් ඉලක්ක කර රසායනික ප්‍රහාරයක් (විස වායුවක්) එල්ල කිරීමට ඉඩ ඇති බට කට කතා පැතිරුණි. මුලින් කතාව තිබුනේ ගාලු නගරයේ පාසල් අතුරින් මහින්ද, සංගමිත්තා  වැනි බෞද්ධ  පාසල්  වලට වැඩි තර්ජනයක් ඇති බවයි.තවත් කට කතාවකින් කියවුනේ හමුදාවල බොහෝ ඉහල නිලධාරින් ආදී සිසුන් වීම නිසා රිච්මන්ඩ් ,මහින්ද පාසල් ඉලක්ක බවයි. අපේ පාසැල මේ කාණ්ඩ 2ටම අයිති නොවුවත්  භයානකම ආරංචිය අවේ පසුවය.එනම් දකුණේ ජනතාව වර්ධනය අවම කිරීමට බාලිකා පාසල් ඉලක්ක කර විස වායු ප්‍රහාර එල්ල විය හැකි බවත් මුහුදට ආසන්නයේ ඇති අපේ පාසැල පහසු ඉලක්කයක් බවත්ය. අද මෙන් පැයෙන්  පැය පුවත්  නොකියූ ..අන්තර්ජාලය  සුඛෝපභෝගී  මෙන්ම දුර්ලභ වූ එකල උසස් පෙළ රසායන විද්‍යාව  විෂයක් ලෙස උගත් අපි පවා රසායනික අවි ප්‍රහාරයක් කෙසේ විය හැකිද ..එහි භයානක ප්‍රතිපල මොනවාදැයි දෑසින් දැක නොතිබුණිමු. අපිට  උපදෙස් ලැබුනේ පන්ති කාමරය තුල වතුර බාල්දිය  තබා ගැනීමටත්  තෙත ලේන්සුවකින් මුහුණ ආවරණය කර ගනීමත්ත්ය.

උපකාරක  පන්තිද ඉලක්ක විය හැකි බවටද ආරංචි පැතිරිණි.. අපේ පන්තියේ එදවස උන්  ප්‍රවීන යුද විශ්ලේශිකාවන්ගේ මතය නම් මුණසිංහ සර් ගේ හෝ බද්දෙවිතන සර් ගේ පංතියකට විස වායුව අවොත් මැරෙන්නේ එහි සැරට නොව පෑගිලා බවය .

කට කතා වල ඇත්ත නැත්ත කුමක් වුවත් හදිසියේම කාලයක් දින නියමයක් නැතිව පාසල් වසා  තිබුණි . සමහර දිනවල දෙමාපියෝ දරුවන් පාසල් නොයවුහ. අද ලංකාවේ යුද්දය නැත. එනිසා  මග තොටේ , වැඩපොළේ  හා මූණු පොතෙදීද හිතේ හැටියට සිරියාව හා රසායනික අවි ගැන කතා කරන්නට මානසික නිදහස ද ඇත. තවද  වතුර බල්දියකින් රසායනික අවි මෙල්ල කිරීමට නොහැකි බව  Google , Wikipedia  යොදගෙන home work  කරන අද කාලයේ ශිෂ්‍යත්ව පන්තියේ ළමයෙක්  වුවද දනී .

2 comments:

  1. oh my i totally forgotten that incident. Being a Sanghamittian we also advised 2 use a wet handkerchief. How foolish we were. ha ha ha!!!

    ReplyDelete