Sunday, September 22, 2013

ලොකු වුනාම මං ...


 ලොකු  වුනාම විය යුත්තේ වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවරයෙක් යයි ප්‍රාථමික  පන්ති වලදී අපේ හිතට කාවද්දා තිබූ අදහස් විය . මේ වෘත්තීන් 2 ගැනම අවබෝදයක්  නොතිබූ  අවදියේ මට තිබු ගැටලුව වූයේ එම වෘත්තීන්ගේ නම් ලිවීමයි . සිංහලෙන්   වෛද්‍යවරයෙක් යන්න ලිවීම අපහසු නිසාම සිංහල රචනාවල  "ලොකු  වුනාම මම ඉංජිනේරුවරියක් වෙමි" යි ලිවූ අතර ඉංග්‍රීසි  බසින් "Doctor " යන්න ලිවීම පහසු නිසා Engineer  අතහැර "I  want to be a doctor one day ." යි ලිවීමි . නමුත් පසු කලෙක ස්වයං  තීරණ අයිතිය පිළිබද වැටහීමක් ඇති විට මට අවශ්‍ය වූයේ ගගනගමියෙක් වීමටය. Astronaut  කෙනෙක් තිය Pilot  වත් පන පිටින්   දැක නොතිබූ එකල මේ අදහස මගේ සිතට එන්නට ඇත්තේ විද්‍යා ප්‍රබන්ධ පොත් කියවීමෙන් හෝ එබඳු නාට්‍ය බැලීමෙන් විය යුතුය .මේ අදහස මගේ පවුලේ යට හෝ මිතුරියන්ට හෝ එලි නොකළේ එබඳු  වටිනා අදහස්එකවර  ප්‍රසිද්දියට පත් කිරීමෙන් ඔවුන්ට ඇතිවන කම්පනය වැලක්වීමට මිස ඒ දිනවල ගාල්ලේ සිට කොළඹට වත් වමනය නොදමා ගමන් කිරීමට නොහැකි මගේ  මේ මතු ආශාව  ඔවුන්ගේ සිනහවට භාජනය වන නිසා නොවන බව කිව යුතුය. කෙසේ වෙතත් පසු කලෙක උසස් පෙළ විෂය ධාරාව මගේම කමට්ටට තෝරාගත් මම කිසිවිටෙක බලපොරොත්තු නොවූ වෘත්තීයකට පිවිසිනුමි . මගේ අද තනතුර  නමින් වෘත්තීයක් පවතින බව වත් ලොකු  වුනාම මං විය යුත්තේ  කවුරුන්ද යන්න පිලිබඳ රචනා ලියන අවදියේ දන නොසිටියෙමි

10 comments:

  1. අවසානයේ blog එකක් ලියන්නත් පටන් ගත්තා නේද?. මගේ සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රසාද්

      Delete
  2. අපූරුයි සිතැඟි ලියා මනස නිදහස් කර ගන්නට තැනක් ඇරඹීම පිළීබඳව. රස කතා ඉදිරියට මෙතැනින් කියවන්නට හැකි වේවි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තුසිත

      Delete
  3. vasana akke,mage kathavath e vae ekak

    ReplyDelete
  4. How nice my dear you can develop your own way of writing

    ReplyDelete
  5. (Y) wht a sense of humor. Great writing skill. I <3 2 read ur posts. specially da ones related 2 southlands.

    ReplyDelete
    Replies
    1. Thx. .Many of us have great memories with our scholl times...

      Delete