Sunday, September 15, 2013

මට Comment කරන Mega Stars ලා ...


පාසල් ජීවිතයේ මතකයන් ගෙන මම ලියු posts  වලට මගේ පාසලේ උගත් මිතුරියන් , අක්කලා , නංගිලා  බොහෝ like  Comment  කළ. මට තව තව ලියන්නයි කීහ. මේ බොහෝ අය   එකල අපේ පාසලේ සිටි Super stars ලා වුහ. එයිනුත්  ප්‍රභා  කුමාරි අක්කා ,  ආශිනි, ජයමාලි එවකට සිටි Mega  starsලා  වූහ.  මට blog එකක්   ලියන්නයි නිතර කියන මධුභාෂිනී ප්‍රභා කුමාරි අක්ක 6 වසර සිටියදී මන් හිටියේ 5 වසරේ. ඒ කාලයේ අපි උදේ ශරීර සුවතා  කලේ gymnastic  hall  එකත්  6-4 වසර පන්තිත් අතර තිබුන foyer එකේ .මුළු ප්‍රාථමික අංශයටම පන්සිල් දුන්නේ කුමාරි අක්කා . අපි exercise  කලේ එයා  කරන දිහා බලාගෙන ඒ command  එකට.  කථික  තරග  වලට කුමාරි අක්කට තරගයක් දෙන්න  කෙනෙක් අපේ පාසලේ නෙවයි මුළු දකුණු පළාතේම හිටියේ නැ . ඉස්සර  හැමදාමත් assembly  එකේදී මධුභාෂිනී ප්‍රභා කුමාරි  නම කියැවෙනවා . ඒ කථික  තරගයකින්  ජය අරන්  සහතික දෙන්න .

මගේ posts වලට දිගම comments දාන ආශිනි ඒකනායක  නියමම all rounder  කෙනෙක්.එයා  මගේ යාලුවෙක්  වුනේ අපි 1 වසරේ ඉදෙද්දීමයි. ඒ අපි එක පන්තියේ හිටි නිසා නෙවෙයි. අපි දෙන්නගෙම අම්මල පාසලේ ගුරුවරියන්  නිසා  අපේ පන්ති අවසන් වූ පසු  " ලොකු ඉස්කෝලේ " ඇරිලා අම්මලා  එනකම්  හිටිය නිසයි. ආශිනිත් මමත් prefect board , guiding , junior  Jaycees  වගේ බාහිර වැඩ කලේ එකට. එයා  T .T  ගහද්දී  මම  "Do  you know   team" එකේ හිටියා .  උසස්  පෙළ පන්තියේදී අත  කැපුනොත්  පාඩම් වැඩට  බාදා  වෙයි කියල  නියපොතුවත් නොකපපු  ගෑනු ළමයි ඉදිද්දී  අපේ පාසැල වෙනුවෙන් T .T . ගහලා  තමන්ට හුරු වමත කඩාගෙන නුහුරු දකුණු අතින් notes  ලියුවෙත් මේ ආශිනිමයි . කොයිතරම් බාහිර වැඩ කරත් එය විශ්ව විදයලෙටත් තේරිලා  තමන්ගේ ඉගෙනීම සම්පූර්ණ කරගෙන අද ඉන්නේ ඕස්ට්‍රේලියාවේ.

 මගේ පොස්ට් හැමදාම අගය කරන රසිකා  ජයමාලි වන්නිආරච්චි  නිකන්ම ජයමාලි වන්නිආරච්චි වෙන්නේ අපේ 6 පන්තියේ රසිකලා 3 දෙනෙක් හිටිය නිසයි.ජයමාලි අපේ කාලේ  පාසලේ බටහිර  තූර්ය වාදක කණ්ඩායමේ නායිකාව . මගේ පාසල් ජීවිතය තුල දැකපු නිහතමනීම බටහිර  තූර්ය වාදක කණ්ඩායමේ නායිකාව ඇයයි .  ඒ වගේම බටහිර  තූර්ය වාදක කණ්ඩායම ගැන ඇතැම් අය  තුල තිබූ වැරදි ආකල්ප නැති කරන්නත් අගේ හැසිරීම හේතු වුණා . Band costume  එක  ඇඳලා  mace එක අතට ගත්තම  "Princess  Diana" වගේ smart &  posh  වෙන ඇය  එතනින් එහා කොණ්ඩ කරල්  2 ක්  ගොතා  ගෙන ඉන්න  කොට අහිංසක ගැමි කෙල්ලක් වගේ .. අද  ලංකාවේ වගේ ඒ කාලේ  අපේ ඉස්කෝලේ "Reality  shows " තිබුන නම් මං  කලින් කියපු අංශ  වලින් "Mega stars " ල වෙන්නේ අද මගේ posts වලට comments  දාන මේ අය තමයි

 

No comments:

Post a Comment