Friday, September 13, 2013

Remixing නල දමයන්ති ...


 
නව පරපුරේ ගායකයෝ remix  කිරීමට ගොස් බැනුම් ඇහුවේ මෑතකදීය. මා ද න්නා හැටියට ලංකාවට remixing මුලින්ම හදුන්වා  දුන්නේ ඒවකට අවූ .15 තරම් වූ  අපේ පන්තියේ  අයය. ඒ පන්තිය 10 G ය. තිබුනේ New Building එකේය .ඒ වන විටත් සිසු අයිතියට පවරා  දශක  එකහමාරක් පමණ වුවත් , ඊට පසු ඉදිවූ තව Buildings 5-6 තිබුනත් මෙය සදාකාලිකව  New Building  විය. අපේ සාහිත්‍ය පොතේ "නල දමයන්ති" පාඩම එවකට ජනප්‍රිය ගීත යොදා Remix  කිරීමේ අදහස කාගේදැයි මට මතක නැතත්  බෝධිනී , ආශිනි , නිලුක්ෂි  ,වාසනා (එනම් මම ) මෙයට  සම්පත් දායකත්වය සපයූ බව මතකය . Open  Source  concept  එක පිලිබඳ  මගේ මුල්ම අත්දැකීම වන්නේද මෙයයි.  මෙහි  contributorsලා  බොහෝ වූ අතර  සමහරු   තම තම ගීත රුචිකත්වය අනුව Customizeද කළහ. ඒ දිනවල Super ස්ටාර්ස්ලා  වූ  රූකාන්ත ගුණතිලක ගේ , නාමල් උඩුගමගේ  ගීත මෙන්ම ජනප්‍රිය ඉංග්‍රීසි  ගීතද  නල දමයන්ති කතාවේ අවස්ථා අනුව යොදා ගන්න ලදී . මේ නාට්‍ය ප්‍රසිද්ධ වේදිකා ගත වූවා නම් එය ලංකාවේ ප්‍රථම remix  අත්දැකීම වන්නට තිබූනද  එය එසේ නොවිණි . ඒ  නිසාමදෝ  මේ remixing crew එක ඊට පසුව remixing වැඩ නොකළ අතර පසු කලෙක වෙනත් වෘත්තීන්  තෝරා  ගත්හ . 

2 comments:

  1. remix කිව්වහම මතක් උනේ මාලිනි බුලත්සිංහලයන් ගේ හිමි නැති පෙමකට ගීතය remix/remake කරලා තිබුන මෙහෙම. :-(
    http://www.youtube.com/watch?v=WLoLuD1PKqQ

    ReplyDelete