Thursday, September 12, 2013

පොත් නැව


"Logos Hope " පොත් නැව මෙවරත්පැමිණීම හේතුවෙන් බොහෝ කලකට පසු ලිවීමට සිත් විය. පොත් මෙන්ම නැවුද මගේ බාල කාලයේ හොඳ මිතුරන් විය. මට මතක මුල්ම පොත රුසියානු පරිවර්තනයක් වූ"පින්තූර කතා"ය. අකුරු කියවීමට නොදත් බාලවියේ වූ මාහට එය කියවුයේ අම්මාය. එහෙත් පසු කලෙක එය මට අකුරු නොකියවා පින්තුර බලා කට පාඩමින් කීමට හැකිවිය. මා... තියාම කියවූ මුල්ම පොත " තාර පැටියට බඩගිනිය් " එය අම්මා විසින් ආරක්ෂා කර තවමත් අපේ ගාල්ලේ මහ ගෙදර තිබේ. ඉන් පසු පාසල් පුස්තකාලය තුලින් ද මිතුරියන් අතර හුවමාරුවෙන්ද බොහෝ පොත් කියවීමි. හැමදාමත් අපේ පාසලේ පන්තිවල 50-60 සිසුවියන් සිටි නිසා ගුරුවරයෙක් උගන්වන විටද පසුපස ආසනවල සිටි සමහරු ඩෙස්ක් එක තුලට දමා පොත් කියවූහ . පන්තියේ ඉඩ කඩ අඩු නිසා සමහර ගුරුවරුන්ට පසු පස පේලි වෙත යාමට ඉඩ නොලැබිණි. (සිසුන් 45 සීමාව එදවස තිබුනි දැයි නොදිනිමි.)
බාල කාලයේ වැහි වහින විට අපි කල ලොකුම සෙල්ලම වුයේ කඩදාසි නැව් සදා වැසි දියේ පා කිරීමයි. ගාලු නගරාසන්නයේ වූ කඳු ගැටයක් මත පිහිටි අපේ නිවසට එදවස මුහුද හොදින්ම දිස් විය. එකල නංගී සහ මම මුහුදේ දෙදිසවන් බෙදාගෙන නැව් ගණන් කළෙමු. වැඩියෙන්ම නැව් ගිය දිශාවෙහි හිමිකරු ජයග්රාහකයා විය.
එදා මට නව සාදා දුන් ආච්චි සහ සීයා අද ජීවතුන් අතර නැත .ඉදහිට ගාල්ලේ ගෙදරට ගියවිටද අලුතෙන් ඉදි කළ තට්ටු ගොඩනැගිලි හේතුවෙන් මුහුද පෙන්නේ නැත. එනමුදු තවම මම පොත් මිලදී ගනිමි .. කියවමි. ..

No comments:

Post a Comment