Thursday, September 12, 2013
12 B
අපේ පාසලේ උසස් පෙළ (විද්‍යා ) පන්ති පැවැත්වුනේ කලින් වලව්වක් පැවැති භූමියකය. එම භූමිය අදටත් හැදින්වෙන්නේ "වලව්ව" නමිනි .අම්ල භෂ්ම අනුමාපනය කල , ගෙම්බන් කැරපොත්තන් කැපු කුමාරිහාමිලා සිටි ලංකාවේ එකම වලව්වව අපේ "වලව්ව " විය යුතුය . මේ වලව්වට පැමිණි අපි සිටි මුල්ම පන්තිය 12 B විය . මගේ පාසල් ජීවිතය තුල හොදම කාලය ගෙවූවෙත් , ජීවිත කාලය තුල වැඩිම කලක් එකම මතෘකාවාක් ගැන ඉංග්‍රීසි රචනවක් ලියුවේද (Pop's Visit - මේ ගැන දන්නෝ දනිති ) 12 B දීය . අපේ කෙනෙකුට කෙනෙහෙලි කම් කල අයට විරුද්දව යුද්ද ප්‍රකාශ කිරීමටද 12 B අය පසුබට වූයේ නැත . ඒ අනුව 12 B හි උදහසට ලක්වූ අපේ සහෝදර පාසල්වල සිසුන් තම උප්පැන්න සහතිකයේ නමට අමතරව වෙනත් ජීව විද්‍යාත්මක නමක් ලැබීය .12 B සම්මත නාමකරණයට අනුව clematis , Macrobrachium , Clostridium වැනි අය අප සමග tution ආහ .පසු කලෙක 12 B ඇත්තන් කොන්දේසි විරහිත සාම ක්‍රියාවලියට පිවිසි හෙයින් මින් සමහරු මා ඇතුළු ආදී 12 B යන්ගේ හොද මිතුරන් වූහ .13 B පන්තියන්තියට ගියේද මේ 12 B ඇත්තන්ම වුවත්උසස් පෙළ පීඩනය විසින් ඒ සොඳුරු බව තරමක් වෙනස් කරන ලදී . පසු කලෙක 12 B බොහෝ සමාජිකයන් විශ්ව විද්‍යාල හෝ උසස් අධ්‍යාපන වරම් ලබා අද විවිධ රැකියාවල නිරත වෙති . පාසල් කාලෙන් පසු මේ 12 B කණ්ඩායම එක වහලක් යටදී තවම මුණ ගැසී නැත. රාජකාරි හා පුද්ගලික ජීවිතයේ කාර්ය බහුලත්වය , විදේශ ගතවීම ආදිය නිසා කවදාවත් නැවත එකම තැනකදී මුණ ගැසෙන එකකද නැත. එහෙත් නැවත අතීතයේ තැනකට යාමට මට ඉඩක් ලැබුනොත් ම යන්නේ 12 B වෙතය . ඒ එදා 12 B පන්තියේ සිටි සියල්ලෝම එහි සිටියොත් පමණි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment