Thursday, October 3, 2013

සාරිය


 


 
 
 
මා  මුලින්ම සාරියක් ඇන්දේ මට අවුරුදු 17 දී පමණ මගුල් ගෙදරකට යාම සඳහාය . එය අම්මා විසින් ඇන්දවූ අතර මා  කල එකම ක්රියාව  වූයේ ඇය  කියන ලෙස එහාට මෙහාට හැරීම පමණි.  එයට  කලකට පසු campus hostel එකේදී Social එක වෙනුවෙන් එය ඇන්දවුයේ හොස්ටල් එකේ අක්කා කෙනෙකි. Batch photo ගන්නා  විට වනවිට හොස්ටල් එකේ සිටි අක්කලා වූ අපි අතුරින් සාරී  ඇඳීමේ ශිල්පය ප්රගුණ  කර සිටියේ 2කු  බැවින් උදේ 8.00 ගැනීමට නියමිත වූ Batch photo එක සදහා සාරී ඇඳීමේ කාර්යය සඳහා අවදිවූයේ පාන්දර 3ට බැව් නම් තවම මතකය. මම  එකල සාරිය මෙන්ම සාරි අදින රැකියාද අප්‍රිය කලෙමි.

විශ්ව විද්යාලයේ final year results ඒමටත් පෙර ලත් ගුරු පත්වීමට ( මෙය රජයේ පාසලක් නොවේ.) සාරිය ඇඳීම අනිවාර්ය වූ අතර එතන්දීද පිහිටට අවේ අම්මා සහ අම්මාගේ  සාරිය .රැකියාවේ  2වැනි දවසේ interval එකට පෙරම අම්මා අන්ද එවූ සාරිය එහෙන් මෙහෙන් එල්ලෙන්ට විය . එම පාසලේම සේවය කල මා උගත් පාසලේම ඉගෙනගත් දිෂානි අක්කා  මෙහිදී පිහිටට අතර  ඇය  Computer lab එකේදී නැවතත් මට සාරිය ඇන්දවිය . කෙසේ වෙතත් හැමදාම සාරිය ඇඳීමට අනුන් සරණ පැතීම සිදු කල නොහැකි නිසා මා බොහෝ වරක් උත්සාහ දරා  3 වැනි දින සිට තනියම සාරි ඇඳ පාසල් ගියෙමි. බොහෝ කලක් සාරි ඇඳීම නිසා විනාඩි 10න් සාරී ඇඳීමට තරම් කාර්යක්ෂම වී සිටිමි. සාරිය මෙන්ම සාරි   අඳින රැකියාද ප්රිය කල Campus එකේ මගේ රූමි සුරංගි පසු කලෙක සාරි නොඅදින රැකියාවක් තෝරා ගත්තාය . කර්මානුරූපව මට ලැබුනෙම සාරිම ඇඳිය යුතු රැකියාය .

අද නම් මූලික මිනිස් අවශ්යතාවක් වන " ඇඳුම් " යන්න මට දැනෙන්නේ සාරිය යන්නට සමාන පදයක් ලෙසය . කොතරම් තිබුනත් ඇති නොවන හැම මාසයකම අනිවාර්රෙන්ම ගන්නා තරමටම සාරීය දැන් මගේ ජීවිතය සමග බැදී  තිබේ. අද මම සාරිය මෙන්ම සාරි අඳින රැකියාද  ප්රිය කරමි

1 comment:

  1. සාරි අඳින රැකියාවක් ලබන්න කලින් මමත් 5 වතාවක් පමණ සාරිය ඇන්දා. හැබැයි කාගෙහරි උදව්වෙන්. රැකියාවට යද්දි මට සාරිය අඳින්න උදව් වුනේ නංගි. එයා රැකියාවක් නොකළත් තනියම පිළිවෙලට සාරිය අඳින්න වගේම තව කෙනෙකුට අන්දවන්නත් හැකියාව තිබුනා. හැබැයි ඉතින් උදේ පාන්දර අවදි කරවලා උදව් ගනිද්දි ටිකක් ආඩම්බර බලන්නත් සිද්ධ වුනා. උදේ පාන්දර සූදානම් වෙන්න වුනේ ගාල්ලේ ඉඳලා මාතර පිහිටි රුහුණු විශ්ව විද්‍යාලයට යන්න සිදු වුනු නිසා. ඉතින් ඔයා වගේම තුන්වෙනි දවසේ ඉඳලා මමත් තනියම සාරිය ඇඳගන්න පටන්ගත්තා. ටිකක් වෙලා ගියාට ඒක හිතුව තරම් අමාරු වුනේ නැහැ. හරියට පරිගණකයෙන් සිංහල අකුරු යතුරුලියනට කරන්න පුරුදු වුනා වගේමයි. දැන් නම් විනාඩි දහයක් ඇතුලත සාරිය අඳින එක වගේම යතුරු පුවරුව දෙස නොබලා සිංහල අකුරු යතුරු ලියනය කරන එකත් පහසුවෙන් ම කරන්න පුළුවන්.

    ReplyDelete