Saturday, June 28, 2014

ජනතා බලවේගයක සංවේදී සැමරුම...


ග්වන්ග්ජු දකුණු කොරියාවේ එක්තරා නගරයක් ..එහි නගර මධයේ ඇති සුවිශේෂී ස්ථානයක් වන්නේ 1980 මැයි 18 සිදුවූ ජනතා නැගිටීම හා සංහාරය සිහිපත් කරන සුසාන භූමියයි. එකල සිටි  පාලකයෙකුට එරෙහිව වීදි බැසි  ජනතාව අමානුෂික ලෙස ඝාතනය කිරීම සිහි ගන්වනු පිණිස එහිදී අමානුෂික ලෙස ඥාතීන් වෙත ලබා නොදී මිහිදන් කල මෘත දේහ නැවත ගෞරවනීය ලෙස මේ ස්ථානයේ මිහිදන් කර තිබෙනවා . සුසන භූමියට ඇතුළු විගස ඇති සිනමා ශාලාවේ මේ සිද්දිය ගැන සැකසු චිත්‍රපටියක් ප්‍රදර්ශනය කරනවා .  සමරු ශාලාව සාදා  ඇත්තේ එහි ඇතුල්වන අයෙකුට තමා 1980 දී එම ස්ථානයේ සිටි බව සිහි ගැන්වෙන ලෙසටයි . වෙඩි හඩ , විලාප හඬ , හමුදා රථ වල හඬ ඇසෙනවා. ශාලවේ ඒ අවස්ථවේ ගන්නා ලද ජයාරූප මෙන්ම පතොරම්, තුවක්කු , මල සිරුරු එතීමට ගත බැග් , ලේ වැකුණු කොරියානු ජාතික ධජ , ඇටසැකිලි , මෙහි දක්නට ලැබෙනවා . මෙය නරබන අයට  හෝ ඥාතීන්ට තම සිතුවිලි ලියා තැන්පත් කිරීමට හැකියි . තවද සුසන් භූමියේ සංකේතය තුලින් මිය ගිය වුන් ගේ නැවත නැගී සිටීම දක්වනවා . පැමිනේනමන්  කොරියානු කර්මයට සුවඳ කුඩු ගිනි මැලයකට දමා ආචාර කරනවා . එහිදී වදන්ය වන සංගීතය සැබවින් අනුවෙදීයි . යම් ශෝකයක් රට පිලිබඳ හැංගීමක් මේ සිද්දිය ගැන කිසිම හැගීමක්  නැති සම්බන්දයක් නැති අයටත් ඇතිවෙනවා . මේ ඝාතනයට නකත්වය් දුන් අයගේ පදක්කම් අහිමි කර සිර දඬුවම් පසු කාලයේදී ලබදී  තියෙනවා . මේ සිද්දියේ දේශපාලන පසුබිම කොහොම වුනත් මේ ස්ථානය නිර්මණය  කර ඇති ආකාරය , එහි ඉදරිපත් කිරීම් මේ ජනතාව වෙත දක්වන ගෞරවය අති විශිෂ්ටයි . දුක දිනා  ජයගත් කොරියානුවන් තම අතීතය අමතක නොකොට තාක්ෂනය බාවිතයෙන් ඒ අයට ගෞරව  ආකාරය නම් අපූරුයි .

Friday, June 6, 2014

e - තැපැල් ..



මට මතක හැටියට මුලින්ම ඉ -තැපෑල ගැන ඉගෙන ගත්තේ ඉස්කෝලේ යනකාලේ " Infotel  Exhibition " එකට ඇවිත් . ඒ Infotel   පටන්  ගත මුල් කාලයේදී ..O /L  ප්‍රතිපල මත ලංකාවේ ඒ අවුරුද්දේ මුල් 1000 ට මේ ප්‍රදර්ශනයේ සම්මන්ත්‍රණයට එන්න අවස්ථාව ලැබුණා . ( දැන් නම් මේ අවස්ථා ගොඩක් විවෘතයි .) ගාල්ලේ ඉඳලා  අපේ පාසලේ  39 ක්ද කොහෙද  කොළඹ  ඇවිත් දේවී  බාලිකා විද්‍යාලයේ නැවතිලා BMICH තිබුණු මේ  ප්‍රදර්ශනය හා  සම්මන්ත්‍රණය බලපු අපි එකේ එක සසියදී ඉ -තැපෑල ගැන ඉගෙන ගත්තා . කලින්  මේ ගැන අහල තිබුනත් වැඩ ප්‍රයෝගිකව ඉගෙන ගත්තේ එහිදීදියි . ඒ කලේ කිව්වේ ඊ -තැපැල් කියලද කොහෙද .(ඉලෙක්ට්‍රොනික්  තැපැල් /electronic  mail  යන නම කෙටි වෙලා ඉ -තැපැල්  යන සිංහල නම බවිත වුනේ පසු කාලේදී )   මගේ පළමු ඉ -තැපැල් ගිණුම ආරම්භ වුනේ විශ්ව විද්‍යාලේ පළමු වසරේ   මුල් කාලේදී .. අන්තර්ජාලය අති සුඛෝපභෝගී වූ ඒ කාලේදී  ත් අපේ විශ්ව විද්‍යාලේ   ශිෂ්‍ය සංගමය මගින් ක්‍රියාත්මක වුන 24-hours  internet  lounge එකක් තිබුණා . ඒ කලේ හැටියට ජෙෂ්ටයන් සමග බජනය සෞඛ්‍යට හානිකර වුනත් ඒ තැනට   ඒ වෙලාවේ duty  හිටිය  ජෙෂ්ට ශිෂ්‍යයා ගේත් උදව්වෙන් yahoo  ගිණුමක් හදා  ගත්තා. හැබැයි mail  බැලුවේ මාසෙකට වරක් විතර ..(දැන් නම් දවසක් මිල් නොබැලුවොත්  mail  10ක්  වෙනවා) attachment  යැවීම් , forward  කිරීම් සුලභ වුනේ නෑ . කතා කලේ පිට රට ඉන්න යාලුවෙකුට විතරයි . දැන් නම් අල්ලපු මෙසේ කෙනාටත් mail forward  කරනවා . තිබුනේ  එකම ගිණුමක් වුනත් password  අමතක වීම් සුලබයි .  දැන් නම් yahoo , hotmail ,gmail , office mail හැමෝටම තියෙනවා . Mail group , distribution lists ,chat පහසුකම් වගේම දින පොතක් ලෙස බවිත කරන්නත් රැස්වීම් හා විශේෂ උත්සව මතක තබා ගන්නත් ඒ පිළිබඳව මතකයට නගා  ගැනීමට  කෙටි පණිවුඩ යැවීමටත්, auto reply යැවීමටත්  පහසුකම් තියෙනවා විතරක් නෙවෙයි ඒවා සුලබව බාවිතා  කරන්න පාසල් ළමයිත් දන්නවා . රාජකාරි වශයෙන් ඉ -තැපැල් පද්දතියක් පවත්වාගෙන යාමේදේ ඇතිවන පහසුව හා ප්‍රශ්නත්  දන්නවා . තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය රාජ්‍ය අංශයේ ඉ -තැපැල් සඳහා නාමකරනයේ  ක්‍රමවේදයකුත්  සකස් කර බාවිතා  වෙනවා . දැන් UCSC  තියෙන ගොඩනැගිල්ලේ පහල මාලයේදී  පළමු ඉ -තැපැල් ගිණුම හදල යවපු මම ඒ කාලයේදී යැවූ ඉ -තැපැල් ගණන ගන්න කලොත් දහස් ගනනක් වෙයි . ඒ වගේම ගොඩක් අයට ඉ -තැපැල් පහසුකම් ගන්නත් රජකරිදීත් පෞද්ගලිකවත් උදවු වෙන්නත් අවස්ථා ලැබුණා. ඉස්සර නම් අපිට ලියුම ආවා. දැන් නම් සුභ පැතුම් ආරාධනා , බිල්පත් ඔක්කොම එන්නේ ඉ - තැපෑල  හරහා . දැනටත් රාජකාරි මට්ටමේ හැර වෙනත් දෙයක් සාමාන්‍ය තැපෑලෙන් එන්නේ නැති තරම් . e -mail  කවිකරියන්ට ගීතත් ලියවුණා . සමහරවිට සාමාන්‍ය තැපෑල පිලිබඳ අත්දැකීම් ඇති අවසන් පරම්පරාව අපි තරමටම ඉ-තැපෑල අද සුලභ , පහසු,ඉක්මන්  හා ලාබදායි වෙලා .

Wednesday, May 28, 2014

කඳු ..




සමාජ අධ්‍යයනය පාඩමට මධ්‍යම කඳුකරය හා ශේෂ කඳු ගැන ඉගෙන ගත්තේ 8 පන්තියේදී . රාජධානි බොහොමයක් පිහිට තිබුනේ කඳු ආශ්‍රිතව . සෙන්කඩගල රාජධානිය ඉංග්‍රීසින්ට යටත් කර ගන්න  අපහසු වෙන්නත් කදු සහිත භූ විෂමතා ලක්ෂණ හේතු වෙන්න ඇති .  සිතියම් ලකුණු කරද්දී කඳු ලකුණු  කරන්නේ දුඹුරු පාටින් ත්‍රිකෝණකරව. ශ්‍රීපාදය , වැඩහිටි කන්ද  කඳු ප්‍රසිද්ධ ඒවායේ ආගමික වටිනාකම් නිසයි . ලෝකයේ උසම කන්ද එවරස්ට් වුනාට ලංකාවේ උසම කන්ද පිදුරුතලාගල.  ලංකාවේ ගිනි කඳු , හිම කඳු නෑ . එත් කුණු කඳු තියෙනවා . වැලි කඳු තියෙන්නේ කාන්තාර ආශ්‍රිතවයි .

අපේ නිර්මාණ සාහිත්‍යටත් කඳු වස්තු විෂයය  වෙලා තියෙනවා. " හපුතලේ කන්ද දැකලා  බඩ  දනවා " කියල කරත්ත කවියක් තියෙද්දී " කන්දේ ලන්දේ .. කියල  ගැමි සිරියාව මවන්නේ රෝහණ බැද්දගේ ශූරින් . " කන්ද උඩින් " එන අය වගේම " කන්ද කපා  පායන හදත් " අපේ ගීත සාහිතයේ හමු වෙනවා .
 " කන්දේ වීදිය " කෘතියට පදනම් වෙන්නේ සෙන්කඩගල පුරවරයලු( තාම කියවලා  නම් නෑ ). "කන්දක් ගිනි ඇවිලෙන්නේ " කියල කවියකුත් සාහිත්‍ය සම්මාන ලබපු පොතකුත් තියෙනවා . ඇත්ත කන්දක් නොවුනත් සාහිත්‍යයේ නම් "චුම්බන කන්ද" ත් හමු වෙනවා.

කන්ද නාමය ගම්  නගර වලටත් ඇවිත් ඇත්තේ ඒ ආශ්‍රිතව කඳු තිබුණු නිසා වෙන්න ඇති . මහනුවර හදුන්වන "Kandy " කියන ඉංග්‍රීසි වචනය බිදෙන්න ඇත්තෙත් "කන්ද" කියන වචනයෙන් වෙන්න ඇති කියල සමහරු විස්තර කරනවා . " දොළු කන්ද " , " කන්දේ වත්ත ", " පින් කන්ද " , "වැලිකන්ද  " ඒ වගේ නම් කිහිපයක් .

 යම් ද්‍රව්‍යක විශාල සංඛ්‍යාවක  එකතුවටත් සිංහලයා  කන්ද කියනවා . " පොත් කන්ද ", " රෙදි  කන්ද " එහෙම යෙදෙන අවස්ථා කිහිපයක්. " පහන් කන්ද පාමුල අඳුරයි " කියල කියන්නේ ලෝකයටම වැඩ සලසන  එලිය දෙන කෙනාගේ ජීවිතය , ගෙදර ඇතුලත් ප්‍රශ්න හරි දුක් හරි තියෙන කොටයි .   දැන් මම මේ සටහන නැවැත්තුවේ නැත්නම් මම "කෙන්ද කන්ද කරනවා" කියල ඔයාලට හිතෙයි .

Friday, May 16, 2014

අඩ දශකයක් ගෙවී ගිය පසු ...



 පස් වන විජයග්‍රහණයේ සමරුවත් ඇවිල්ලා . දැන් නම් යුද්දේ තිබුණද  කියලත් බොහෝ දෙනෙක්ට අමතක වෙලා . කොළඹ  පාරවල් ගණනාවක් වහලා  තියෙද්දී විකල්ප මාර්ග භාවිතා  කරපු, සමහර ගොඩනැගිලි වලට යන්න කලින්ම වාහන අංක කලින් දෙන්න වුණු , නිතර නිතර check  point  වල නැවතී නැවති ගිය අයට සමරුව නිසා විකල්ප මාර්ගයක් භාවිත කරන්න කිව්වත්, පැය  කිහිපයකට පාරක් වැහුවත්  එකත්  කරදරයක් වෙලා කියල පහුගිය කලේ දැනුනා  . යුද්දයට මගේ ළඟ නෑදෑයෙක් ගිහින් නෑ . සමහර යාලුවෝ හමුදා වල හිටියත් ඒ කලේ  වැඩිය FB  ජනප්‍රිය නැති නිසා ඒ ගැන දන ගත්තෙත් පස්සේ.( ඔවුන්ට ඒ කාලේ FBතිබුනත් එන්න විදියක් තිබෙන්න නැතුවත් ඇති ) ඒත්  සටන් බිමට පුතෙක් යවපු අම්මලාගේ හිතේ ඇතිවෙන ගින්දරම දුවල 3 දෙනෙක් විතරක් හිටියත් ඒ තුන්දෙනාම  කොළඹ   රස්සාවල් කරපු , ජීවත් වෙච්ච ,ඉගෙන ගත්ත අපේ අම්මගේ හිතෙත් ඇවිලෙන්න ඇති . බෝම්බය සුලභ අත්දැකීමක් වුනු ඒ කාලේ  කොහේ හරි බෝම්බයක් පිපිරුණු ගමන් ගපි 3දෙන කතා කරලා අපි හොදින් බව දැන  ගන්නත් ගෙදරට කතා කරලා කියන්නත් පෙළඹුණා . සමහර විට උදේ ගෙදරින් පිට වුනම් හවස ගෙදර එනකම් විස්වාස නැති නිසා සමහර දෙමව්පියෝ වෙන් වෙන්ව ගමන් බිමන් ගියේ. ඒ බෝම්බයකින් එක කෙනෙක් නැති වුනත් දරුවන්ට ආරක්ෂාව දෙන්න  ජීවත් විය යුතු නිසා .  අපේ බාලවිය , පාසල් කාලය , විශ්ව විද්‍යාල සමය, තාරුණ්‍යය  අවුරුදු 30කටත් එහා ගිය යුද්ධයක් එක්කමයි . පිටත පේන  බෑග්  වල පොත් අරන් ගිය අපි , කොළඹින් intercity  bus  එකක නැග්ගම පානදුරට  එනකම් check point  4 ක විතර  බැහැ  බැහැ  කොළොඹ  ඉදන් ගෙදර ගිය අපි , හදුනා  නොගත් ගුවන් යානා කොළඹ අහසේ සැරිසරද්දී කරුවලේ හිටි අපි , කොයිතරම් බර බැග්  එකක් අතේ තිබුනත්  වුනත් බෝම්බයට බයෙන් බස් එකට  නැගී කෙනෙක්ගේ බැග් එක ඉල්ලගන්න අකමැති වන තරමටම තත්වයකට පත්වුණා.  ඒ අත්දැකීම විදලා  තමගේ  තාරුණ්‍යය ,ජීවිතය, අවයව පරිත්‍යාගයෙන් අපෙන් පස්සේ  එන හැම ජාතියකම , ආගමකම පරම්පරාවට  ඉතා සොදුරු  ළමා වියක් යොවුන් වියක් ලබාදුන්  අයට නම්  ඉපදෙන්න ඉන්න පරම්පරාවත් ණය ගැතියි . ඉස්සර අපි කිව්වේ "හදවතින් අපි යුදබිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ "කියලා ...දැන් හදවතින් යුද බිමට යන්න ඕනේ නැතත් ඒ  අඳුරු අතීතය   මතක පරම්පරාවගේ හිතට තට්ටු කරලා බැලුවොත් සාමය උදා  කල  විරුවන් කිසි දිනක තනි කරන්න නම් හිතෙන එකක් නෑ ..

Wednesday, May 14, 2014

වෙසක් කූඩු ..



ඉස්සර අපි වෙසක් කූඩු හදන්න ලෑස්ති වෙන්නේ පෝයට සතියකට කලින් ..ගෙදර උණ  හෝ බට නැති නිසා ඒවා ඇති තැනකින් ගෙන්වාගෙන ටිකින් ටික සමතුරශ්‍රකාර  සැකිලි  අම්ම තාත්ත හෝ සීයා හදද්දී   මමත් නූල්  උදවු කරනවා ...වෙසක් දවසට කලින් දවසේ එහෙම හදපු අටපට්ටමට සව කොළ අලවනවා . පුංචි කලේ මේ රැලි පටි  අලවන්න උදවු වෙන අපි ඉතිරි සව කොළ වලින් කොඩි වැලක් හරි දම්වැලක් හරි හදනවා . වෙසක් කූඩුවක් හැදීම ජ්‍යාමිතික දැනුම , හසුරු කුසලතා හා යහ ආකල්ප සංවර්දනය වන ලොකු ඉගෙනුම් අවස්ථාවක් . ඒ වගේම  නිර්මශීලිත්ව, පිළිවෙල ,ඉතිරි වෙන දේ අපතේ නොයවා ප්‍රයෝජන ගැනීම  වගේ ගොඩක්  දේ  ඒ තුලින් ඉගෙන ගන්න තිබුණා . (ඒ ඒ කාලේ ) පස්සේ පස්සේ අපි වෙසක් කූඩු card board  රවුම් එකතු කරලා සෙලොෆෙන් දල හැදුවා . කොහොම වුනත් මේවා ගෘහ ආශ්‍රිතව වුන  ස්ව නිර්මාණ .  හැම ගෙදරම වගේ හදපු වෙසක් කූඩු තිබුණා . හමාර කූඩු වල සැකිලි අවුරු ගනනාවක් තිබුණා . අපි වෙසක් එකට අලුතින් කොළ අලවල ගත්තා . 
දැන් නම් ගෙවල් වල වෙසක් කූඩු හැදෙනවා අඩුයි . ළමයි වුනත් කඩෙන් ගන්න සැකිල්ලකට  කොළ අලවනවා නැත්නම් පර අයිනේ ඕනේ තරම් හැම විදියෙම වෙසක් කූඩු තියෙනවා . මෙයවේ අය කාලය වෙසක් එකත් එක්කම ඉවරයි . ඊලග වෙසක් එකටත් අලුත් කූඩුවක් ගන්න අපි ඒක ගෙදර එල්ලනවා . දැන් නිර්මානත්මක  වෙසක් කූඩු බලන්න නම් වෙසක් කලාපයකටම යන්න වෙනවා . කාර්යබහුලකම , අමු ද්‍රව්‍ය සපයා ගැනීමේ අපහසුව, පසුවෙන් වෙළද පොලෙන් නිමි වෙසක් කූඩු ගැනීමට හැකිවීම ආදිය  නිසා පුංචි කලේ අපි අසාවෙන් බල හිටි  නිදි මරාගෙන   පාප්ප  ගාගෙන  වෙසක්  කූඩු හදල ගත්ත සොදුරු මතකය අද ළමයින්ට නම් නැති තරම්. 

Thursday, May 8, 2014

It is a matter of time ...........


කාලය යනු සැමට සාධාරණ එකම දෙයයි . ඕනෑම කෙනෙකුගේ දිනකට පැය 24 කි . ගැටලුව ඇත්තේ එය යොදා  ගන්නා  ආකාරයයි .  ගෙවීගිය කාලය නැවත ලබාගත නොහැකි සම්පතකි . පස් මහා බැලුම් වල පළවෙනි  බැලුමද  කාලයයි . යමක් ආරම්භයට සුදුසු කාලය පැමිණිය යුතුය. වැරදි කාලයේදී නිවැරදි දේ කිරීමත් සුදුසු කාලයේදී නිවැරදි දේ නොකිරීමත් පලදායි නොවේ . සමහර කාලවල අගය දැනෙන්නේ එය නිමවූ පසුවය . පාසල් කාලය , විශ්ව විද්‍යාල සමය  එසේ අමාරුවෙන්  ගෙවී ගිය  නමුත් අද  ආපසු හැරී බලද්දී නැවත යාමට සිතෙන අවධීන්ය . සමහර දේ කිරීමට ඉක්මන් වුණා  යයි පසු තැවෙන  අපි  ඒ කාලයේ යම් යම් දේ කිරීමට නොහැකි වීම ගැනද පසුතැවිලි වෙමු . සමහර විට එක දවසක , පැයක , මිනිත්තුවක වෙනස ජීවිතයටම බලපායි . යුද්ධය ඇති කාලයේ පැයක  ප්‍රමාදයකින් හෝ කලින් පැමිණීමෙන් බෝම්බයකින් බේරුණු අය  හමුවී ඇත. මමද දිනක වෙනසකින් එසේ  බෝම්බයකින් ගැලවී ඇත . එසේම  ඉතාමත් සුළු ප්‍රමාදයක් නිසා බෙහෙවින් පසු තැවිල්ලට  පත් වීමට සිදු වූ අවස්ථා එමටය . සමහර දේ කොතරම් උත්සහ කලත් අප වෙත ලග වෙන්නේ නියමිත කාලයේයි සමහරු කියති . සමහර කාලවල ඉතා වැදගත් වූ දේ කාලය ගෙවී යාමත් සමග නොවැදගත් වේ . කාලය  විසදුම් දෙන යතුරු බලා  ඉදින්නේ ගැළුවක් විසදීමට බැරිම වූ විටය .  කාලය බොහෝ තුවාල සුව කරන ඔසුවක්ද වන අවස්ථා තිබේ . ඔරලෝසුව , දින දර්ශනය කාලය ගතවීම ගැනඅපිට හඟවයි . අතීතයෙන් පාඩම් ඉගෙන ගත හොත් වර්තමානය සාර්ථක බව පැරැන්නෝ පැවසූහ . එහෙත් අතීතය වර්තමානයේදී ප්‍රතිනිර්මාණය වන අවස්ථාද ඇත . කාලය රන් හා සමාන වුවත් නපුරු කාලයට මිනිසුන්ට එන ගහට පව් පලදී මිස නිම නොවන බවද කියති .    අපි ඉන්න තිබුනේ ඒ කාලයේ නැත්නම් තව ටිකක් පහු වෙලා උපන්න නම් මොකද ? යනු මෙකල ඇත්තන්ගේ කලේ ඇති වචනයකි . මේ සටහනටද කාලය හරස් වීම නිසා මෙතනින් නවතිමි .

Wednesday, April 30, 2014

මෙහෙත් හරි වැස්ස ..



මේ දවස්වල හැමදාම හැමතැනම වැස්ස ..පොඩි කාලේ  කඩදාසි ඔරු පා  කරන්න වහිනකම්  ඉන්නවා . ඉස්සර වැසි දවස්වල ඉස්කෝලේ යන්න තෙමෙන්න ආසයි . දෙපැත්තෙන්  ලොකු ජනේල  තියෙන පන්ති වලින් හිරිකඩ එනවා එතකොට ඩෙස්ක් පේලි අතර ඉඩ නැති වෙන විදියට එකතු කරලා අපි පන්තිය මැදට ගුලි වෙනවා .  දැන් නම් වහිනකොට එලිය බහින්න එපා වෙනවා . වැස්සත් එක්ක  කණු අවහිර වෙලා පාරවල් යටවීම වාහන තදබදය මෙයට හේතු වෙන්න ඇති . ( නැත්නම් වැඩිහිටියන් විදියට වැස්සේ සෞන්දර්යය දකින්න විදින්න බැරි තරම් අපි busy  හෝ matured වෙලා ඇති .) වැස්ස  පදනම් කරගත් කවි කතා නාට්‍ය  ගීත දෙබස් බොහොමයි.  පුංචි කාලේ  කිව්වේ "Rain  Rain  go  away " කියලා ." එහෙත්  හරි වැස්ස ..මෙහෙත් හරි වැස්ස " දයානන්ද ගුණවර්ධන ශූරින් ගේ නරි බෑනා  නාට්‍යයේ එහෙම දෙබසක් තියෙනවා . "අපි සමුගත් පසු වසින්න"  කියල වැසි වලාකුලෙන් ඉල්ලන කාලෙකින් පෙම්වතිය හමුවන පෙම්වතකු ගේ සංකල්පනාවක් වික්ටර් රත්නායක මහතා ගයනවා .  "මුතුකුඩ ඉහලන මල් වරුසාවේ" අතීත මතක අතර ට යන්නේ රෝහණ වීරසිංහයන් .  තමා හැර  ගිය පෙම්වතා  නැවත පැමිණිම  "අකලට වට  මහ වරුසාවකට"  සමාන කරමින්    ගීයක් ගයනවා . "වැහි දිය මහා බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරද? "කියලා   විශාරද දීපිකා  ප්‍රියදර්ශනී  පීරිස්  අහනවා .   එක  කුඩේ යටින් පෙරදා ගිය දැන් වැස්සේ මුවාවක් හොයන ස්වාමි පුරුෂයාට " මේ වහින්නේ එදා මල් වරුසාවමයි"  කියන්නෙත් ඇයමයි . " වැසි වසී  සුළන්  සැරයි -ඔබ තෙම්යි කියා බයයි"එඩ්වඩ් ජයකොඩි ශූරීන්ගේ ගීයක තිබෙන සංකල්පනාවක් .නොක්කඩුවකට පසුව කාන්තාවකගේ මුහුණ සම කරලා තියෙන්නේ ' මහ වරුසාවට පසුව නැගෙන හඳට ' . වචන හරඹයක පසු මුනිවත රකින කාන්තාවක කියන්නේ " මහ වැස්සක් බිමට හෙලා  නිදහස වූ අහසක් සේ " නිසොල්මනේ ඉන්න එපා කියලා .

වැස්සේ රූගත කල ගීතයක් හින්දි චිත්‍රපටි වල නම් අනිවාර්ය  අංගයක් . වර්ෂා  කියලා  නමුත් තියෙනවා . ඒ නමින් කියන නවකතාව මුලදී පොද වැස්සක් වගේ සෞම්‍ය  නිසා කියවන්න ආස  හිතුණත්  පස්සේ මුරුගසන් වරුසාවක් වගේ ඉවරයක් නැති නිසා කියවන්න තිබුණු ආසාව  නැති වුණා . කොහොම වුනත් වැස්ස එදා වගේම අදත් හෙටත් නිර්මාණකරුවන්ගේ සංකල්පනා වලට වස්තු විෂය වේවි .