Friday, September 27, 2013

නුවරට පෙම් කලෙමි ...



මා  පාසල් ගිය කාලයේ මගේ ගම හැර කැමතිම නගරය වූයේ නුවරයි . මගේ මේ සෙන්කඩගල  ප්‍රේමය කෙසේ ඇති වූයේ දැයි මට දැන් මතක නැතත් දළදා මාලිගාව , බෝගම්බර වැව , පේරාදෙණිය සරසවිය වැනි සුන්දර ස්තාන  ම කියවූ පොත් වල  වූ කරුණු මෙයට හේතු වන්නට ඇත. මෙය මගේ පාසල් මිතුරියන්ට රහසක් නොවූ අතර එහි ප්‍රබලතම ආධාරකරුවෝ වූයේ මා මෙන්ම 100% බෙන්තර ගගෙන් එහා අය වූ ඔවුන්ය . මා බෙන්තර ගඟ තරණය කර  මහවැලි ගඟ සමීපයට යැවීමෙන් නොනැවතී මට උඩරට වාසගමක් ලබාදීම සදහාද ඔවුන් දිවි හිමියෙන් උත්සාහ  කලද එකල  මුළු හදින්ම නුවර නගරයට  පෙම් කල මගේ සිතේ නුවර වැසියෙකුට ඉඩක් නොතිබූ නිසා ඔවුන්ගේ උත්සාහය මල් පල නොගැනුණි . අදද  සංචාරයක් හෝ රාජකාරි අවශ්‍යතාවක් මත කඩුගන්නාව  තරණය කරත්ම අමුතුම චමත්කාරයක් සිතේ ජනිත කරවන නුවරට මම තවම පෙම් කරමි.

Sunday, September 22, 2013

ලොකු වුනාම මං ...


 ලොකු  වුනාම විය යුත්තේ වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවරයෙක් යයි ප්‍රාථමික  පන්ති වලදී අපේ හිතට කාවද්දා තිබූ අදහස් විය . මේ වෘත්තීන් 2 ගැනම අවබෝදයක්  නොතිබූ  අවදියේ මට තිබු ගැටලුව වූයේ එම වෘත්තීන්ගේ නම් ලිවීමයි . සිංහලෙන්   වෛද්‍යවරයෙක් යන්න ලිවීම අපහසු නිසාම සිංහල රචනාවල  "ලොකු  වුනාම මම ඉංජිනේරුවරියක් වෙමි" යි ලිවූ අතර ඉංග්‍රීසි  බසින් "Doctor " යන්න ලිවීම පහසු නිසා Engineer  අතහැර "I  want to be a doctor one day ." යි ලිවීමි . නමුත් පසු කලෙක ස්වයං  තීරණ අයිතිය පිළිබද වැටහීමක් ඇති විට මට අවශ්‍ය වූයේ ගගනගමියෙක් වීමටය. Astronaut  කෙනෙක් තිය Pilot  වත් පන පිටින්   දැක නොතිබූ එකල මේ අදහස මගේ සිතට එන්නට ඇත්තේ විද්‍යා ප්‍රබන්ධ පොත් කියවීමෙන් හෝ එබඳු නාට්‍ය බැලීමෙන් විය යුතුය .මේ අදහස මගේ පවුලේ යට හෝ මිතුරියන්ට හෝ එලි නොකළේ එබඳු  වටිනා අදහස්එකවර  ප්‍රසිද්දියට පත් කිරීමෙන් ඔවුන්ට ඇතිවන කම්පනය වැලක්වීමට මිස ඒ දිනවල ගාල්ලේ සිට කොළඹට වත් වමනය නොදමා ගමන් කිරීමට නොහැකි මගේ  මේ මතු ආශාව  ඔවුන්ගේ සිනහවට භාජනය වන නිසා නොවන බව කිව යුතුය. කෙසේ වෙතත් පසු කලෙක උසස් පෙළ විෂය ධාරාව මගේම කමට්ටට තෝරාගත් මම කිසිවිටෙක බලපොරොත්තු නොවූ වෘත්තීයකට පිවිසිනුමි . මගේ අද තනතුර  නමින් වෘත්තීයක් පවතින බව වත් ලොකු  වුනාම මං විය යුත්තේ  කවුරුන්ද යන්න පිලිබඳ රචනා ලියන අවදියේ දන නොසිටියෙමි

Sunday, September 15, 2013

මට Comment කරන Mega Stars ලා ...


පාසල් ජීවිතයේ මතකයන් ගෙන මම ලියු posts  වලට මගේ පාසලේ උගත් මිතුරියන් , අක්කලා , නංගිලා  බොහෝ like  Comment  කළ. මට තව තව ලියන්නයි කීහ. මේ බොහෝ අය   එකල අපේ පාසලේ සිටි Super stars ලා වුහ. එයිනුත්  ප්‍රභා  කුමාරි අක්කා ,  ආශිනි, ජයමාලි එවකට සිටි Mega  starsලා  වූහ.  මට blog එකක්   ලියන්නයි නිතර කියන මධුභාෂිනී ප්‍රභා කුමාරි අක්ක 6 වසර සිටියදී මන් හිටියේ 5 වසරේ. ඒ කාලයේ අපි උදේ ශරීර සුවතා  කලේ gymnastic  hall  එකත්  6-4 වසර පන්තිත් අතර තිබුන foyer එකේ .මුළු ප්‍රාථමික අංශයටම පන්සිල් දුන්නේ කුමාරි අක්කා . අපි exercise  කලේ එයා  කරන දිහා බලාගෙන ඒ command  එකට.  කථික  තරග  වලට කුමාරි අක්කට තරගයක් දෙන්න  කෙනෙක් අපේ පාසලේ නෙවයි මුළු දකුණු පළාතේම හිටියේ නැ . ඉස්සර  හැමදාමත් assembly  එකේදී මධුභාෂිනී ප්‍රභා කුමාරි  නම කියැවෙනවා . ඒ කථික  තරගයකින්  ජය අරන්  සහතික දෙන්න .

මගේ posts වලට දිගම comments දාන ආශිනි ඒකනායක  නියමම all rounder  කෙනෙක්.එයා  මගේ යාලුවෙක්  වුනේ අපි 1 වසරේ ඉදෙද්දීමයි. ඒ අපි එක පන්තියේ හිටි නිසා නෙවෙයි. අපි දෙන්නගෙම අම්මල පාසලේ ගුරුවරියන්  නිසා  අපේ පන්ති අවසන් වූ පසු  " ලොකු ඉස්කෝලේ " ඇරිලා අම්මලා  එනකම්  හිටිය නිසයි. ආශිනිත් මමත් prefect board , guiding , junior  Jaycees  වගේ බාහිර වැඩ කලේ එකට. එයා  T .T  ගහද්දී  මම  "Do  you know   team" එකේ හිටියා .  උසස්  පෙළ පන්තියේදී අත  කැපුනොත්  පාඩම් වැඩට  බාදා  වෙයි කියල  නියපොතුවත් නොකපපු  ගෑනු ළමයි ඉදිද්දී  අපේ පාසැල වෙනුවෙන් T .T . ගහලා  තමන්ට හුරු වමත කඩාගෙන නුහුරු දකුණු අතින් notes  ලියුවෙත් මේ ආශිනිමයි . කොයිතරම් බාහිර වැඩ කරත් එය විශ්ව විදයලෙටත් තේරිලා  තමන්ගේ ඉගෙනීම සම්පූර්ණ කරගෙන අද ඉන්නේ ඕස්ට්‍රේලියාවේ.

 මගේ පොස්ට් හැමදාම අගය කරන රසිකා  ජයමාලි වන්නිආරච්චි  නිකන්ම ජයමාලි වන්නිආරච්චි වෙන්නේ අපේ 6 පන්තියේ රසිකලා 3 දෙනෙක් හිටිය නිසයි.ජයමාලි අපේ කාලේ  පාසලේ බටහිර  තූර්ය වාදක කණ්ඩායමේ නායිකාව . මගේ පාසල් ජීවිතය තුල දැකපු නිහතමනීම බටහිර  තූර්ය වාදක කණ්ඩායමේ නායිකාව ඇයයි .  ඒ වගේම බටහිර  තූර්ය වාදක කණ්ඩායම ගැන ඇතැම් අය  තුල තිබූ වැරදි ආකල්ප නැති කරන්නත් අගේ හැසිරීම හේතු වුණා . Band costume  එක  ඇඳලා  mace එක අතට ගත්තම  "Princess  Diana" වගේ smart &  posh  වෙන ඇය  එතනින් එහා කොණ්ඩ කරල්  2 ක්  ගොතා  ගෙන ඉන්න  කොට අහිංසක ගැමි කෙල්ලක් වගේ .. අද  ලංකාවේ වගේ ඒ කාලේ  අපේ ඉස්කෝලේ "Reality  shows " තිබුන නම් මං  කලින් කියපු අංශ  වලින් "Mega stars " ල වෙන්නේ අද මගේ posts වලට comments  දාන මේ අය තමයි

 

Friday, September 13, 2013

Remixing නල දමයන්ති ...


 
නව පරපුරේ ගායකයෝ remix  කිරීමට ගොස් බැනුම් ඇහුවේ මෑතකදීය. මා ද න්නා හැටියට ලංකාවට remixing මුලින්ම හදුන්වා  දුන්නේ ඒවකට අවූ .15 තරම් වූ  අපේ පන්තියේ  අයය. ඒ පන්තිය 10 G ය. තිබුනේ New Building එකේය .ඒ වන විටත් සිසු අයිතියට පවරා  දශක  එකහමාරක් පමණ වුවත් , ඊට පසු ඉදිවූ තව Buildings 5-6 තිබුනත් මෙය සදාකාලිකව  New Building  විය. අපේ සාහිත්‍ය පොතේ "නල දමයන්ති" පාඩම එවකට ජනප්‍රිය ගීත යොදා Remix  කිරීමේ අදහස කාගේදැයි මට මතක නැතත්  බෝධිනී , ආශිනි , නිලුක්ෂි  ,වාසනා (එනම් මම ) මෙයට  සම්පත් දායකත්වය සපයූ බව මතකය . Open  Source  concept  එක පිලිබඳ  මගේ මුල්ම අත්දැකීම වන්නේද මෙයයි.  මෙහි  contributorsලා  බොහෝ වූ අතර  සමහරු   තම තම ගීත රුචිකත්වය අනුව Customizeද කළහ. ඒ දිනවල Super ස්ටාර්ස්ලා  වූ  රූකාන්ත ගුණතිලක ගේ , නාමල් උඩුගමගේ  ගීත මෙන්ම ජනප්‍රිය ඉංග්‍රීසි  ගීතද  නල දමයන්ති කතාවේ අවස්ථා අනුව යොදා ගන්න ලදී . මේ නාට්‍ය ප්‍රසිද්ධ වේදිකා ගත වූවා නම් එය ලංකාවේ ප්‍රථම remix  අත්දැකීම වන්නට තිබූනද  එය එසේ නොවිණි . ඒ  නිසාමදෝ  මේ remixing crew එක ඊට පසුව remixing වැඩ නොකළ අතර පසු කලෙක වෙනත් වෘත්තීන්  තෝරා  ගත්හ . 

Thursday, September 12, 2013

12 B


අපේ පාසලේ උසස් පෙළ (විද්‍යා ) පන්ති පැවැත්වුනේ කලින් වලව්වක් පැවැති භූමියකය. එම භූමිය අදටත් හැදින්වෙන්නේ "වලව්ව" නමිනි .අම්ල භෂ්ම  අනුමාපනය කල , ගෙම්බන්  කැරපොත්තන් කැපු  කුමාරිහාමිලා  සිටි ලංකාවේ එකම වලව්වව  අපේ "වලව්ව " විය යුතුය . මේ වලව්වට  පැමිණි අපි සිටි මුල්ම පන්තිය 12 B  විය . මගේ පාසල් ජීවිතය තුල හොදම කාලය ගෙවූවෙත් , ජීවිත කාලය තුල වැඩිම කලක් එකම  මතෘකාවාක් ගැන ඉංග්‍රීසි රචනවක්  ලියුවේද (Pop's  Visit - මේ ගැන දන්නෝ දනිති ) 12 B  දීය . අපේ කෙනෙකුට කෙනෙහෙලි කම් කල අයට  විරුද්දව යුද්ද ප්‍රකාශ කිරීමටද 12 B අය  පසුබට වූයේ නැත . ඒ අනුව 12 B හි උදහසට ලක්වූ අපේ සහෝදර පාසල්වල සිසුන් තම උප්පැන්න සහතිකයේ නමට අමතරව වෙනත් ජීව විද්‍යාත්මක නමක් ලැබීය .12 B  සම්මත නාමකරණයට අනුව  clematis , Macrobrachium , Clostridium වැනි අය අප සමග tution ආහ .පසු කලෙක 12 B ඇත්තන් කොන්දේසි විරහිත  සාම  ක්‍රියාවලියට  පිවිසි හෙයින් මින් සමහරු මා  ඇතුළු ආදී 12 B  යන්ගේ හොද මිතුරන් වූහ .13 B  පන්තියන්තියට ගියේද මේ 12 B  ඇත්තන්ම වුවත්උසස් පෙළ  පීඩනය විසින් ඒ සොඳුරු බව තරමක් වෙනස් කරන ලදී . පසු කලෙක 12 B  බොහෝ  සමාජිකයන්  විශ්ව විද්‍යාල හෝ උසස් අධ්‍යාපන වරම් ලබා අද විවිධ  රැකියාවල නිරත වෙති . පාසල්  කාලෙන් පසු මේ 12 B කණ්ඩායම එක වහලක් යටදී තවම මුණ ගැසී නැත. රාජකාරි  හා පුද්ගලික ජීවිතයේ කාර්ය බහුලත්වය , විදේශ ගතවීම ආදිය  නිසා කවදාවත් නැවත එකම තැනකදී මුණ ගැසෙන එකකද නැත. එහෙත් නැවත අතීතයේ තැනකට යාමට  මට ඉඩක් ලැබුනොත් ම යන්නේ  12 B  වෙතය . ඒ එදා 12 B  පන්තියේ සිටි සියල්ලෝම එහි සිටියොත් පමණි

පොත් නැව


"Logos Hope " පොත් නැව මෙවරත්පැමිණීම හේතුවෙන් බොහෝ කලකට පසු ලිවීමට සිත් විය. පොත් මෙන්ම නැවුද මගේ බාල කාලයේ හොඳ මිතුරන් විය. මට මතක මුල්ම පොත රුසියානු පරිවර්තනයක් වූ"පින්තූර කතා"ය. අකුරු කියවීමට නොදත් බාලවියේ වූ මාහට එය කියවුයේ අම්මාය. එහෙත් පසු කලෙක එය මට අකුරු නොකියවා පින්තුර බලා කට පාඩමින් කීමට හැකිවිය. මා... තියාම කියවූ මුල්ම පොත " තාර පැටියට බඩගිනිය් " එය අම්මා විසින් ආරක්ෂා කර තවමත් අපේ ගාල්ලේ මහ ගෙදර තිබේ. ඉන් පසු පාසල් පුස්තකාලය තුලින් ද මිතුරියන් අතර හුවමාරුවෙන්ද බොහෝ පොත් කියවීමි. හැමදාමත් අපේ පාසලේ පන්තිවල 50-60 සිසුවියන් සිටි නිසා ගුරුවරයෙක් උගන්වන විටද පසුපස ආසනවල සිටි සමහරු ඩෙස්ක් එක තුලට දමා පොත් කියවූහ . පන්තියේ ඉඩ කඩ අඩු නිසා සමහර ගුරුවරුන්ට පසු පස පේලි වෙත යාමට ඉඩ නොලැබිණි. (සිසුන් 45 සීමාව එදවස තිබුනි දැයි නොදිනිමි.)
බාල කාලයේ වැහි වහින විට අපි කල ලොකුම සෙල්ලම වුයේ කඩදාසි නැව් සදා වැසි දියේ පා කිරීමයි. ගාලු නගරාසන්නයේ වූ කඳු ගැටයක් මත පිහිටි අපේ නිවසට එදවස මුහුද හොදින්ම දිස් විය. එකල නංගී සහ මම මුහුදේ දෙදිසවන් බෙදාගෙන නැව් ගණන් කළෙමු. වැඩියෙන්ම නැව් ගිය දිශාවෙහි හිමිකරු ජයග්රාහකයා විය.
එදා මට නව සාදා දුන් ආච්චි සහ සීයා අද ජීවතුන් අතර නැත .ඉදහිට ගාල්ලේ ගෙදරට ගියවිටද අලුතෙන් ඉදි කළ තට්ටු ගොඩනැගිලි හේතුවෙන් මුහුද පෙන්නේ නැත. එනමුදු තවම මම පොත් මිලදී ගනිමි .. කියවමි. ..

රසායනික අවි සහ වතුර බාල්දිය ..


 

මේ දවස්වල හැමෝම කතා කරන්නේ සිරියාව සහ රසායනික අවි  ගැනය. අපි උසස් පෙළ පන්තිවල ඉගෙනුම ලබ්ද්දීදීද රසායනික අවි ගැන ලොකු කතා බහක් තිබුණි. ඒ යුද්දය ඉතා දරුණුවට පැවති යුගයකි. ත්‍රසතවාදීන්  දකුණේ පාසල් ඉලක්ක කර රසායනික ප්‍රහාරයක් (විස වායුවක්) එල්ල කිරීමට ඉඩ ඇති බට කට කතා පැතිරුණි. මුලින් කතාව තිබුනේ ගාලු නගරයේ පාසල් අතුරින් මහින්ද, සංගමිත්තා  වැනි බෞද්ධ  පාසල්  වලට වැඩි තර්ජනයක් ඇති බවයි.තවත් කට කතාවකින් කියවුනේ හමුදාවල බොහෝ ඉහල නිලධාරින් ආදී සිසුන් වීම නිසා රිච්මන්ඩ් ,මහින්ද පාසල් ඉලක්ක බවයි. අපේ පාසැල මේ කාණ්ඩ 2ටම අයිති නොවුවත්  භයානකම ආරංචිය අවේ පසුවය.එනම් දකුණේ ජනතාව වර්ධනය අවම කිරීමට බාලිකා පාසල් ඉලක්ක කර විස වායු ප්‍රහාර එල්ල විය හැකි බවත් මුහුදට ආසන්නයේ ඇති අපේ පාසැල පහසු ඉලක්කයක් බවත්ය. අද මෙන් පැයෙන්  පැය පුවත්  නොකියූ ..අන්තර්ජාලය  සුඛෝපභෝගී  මෙන්ම දුර්ලභ වූ එකල උසස් පෙළ රසායන විද්‍යාව  විෂයක් ලෙස උගත් අපි පවා රසායනික අවි ප්‍රහාරයක් කෙසේ විය හැකිද ..එහි භයානක ප්‍රතිපල මොනවාදැයි දෑසින් දැක නොතිබුණිමු. අපිට  උපදෙස් ලැබුනේ පන්ති කාමරය තුල වතුර බාල්දිය  තබා ගැනීමටත්  තෙත ලේන්සුවකින් මුහුණ ආවරණය කර ගනීමත්ත්ය.

උපකාරක  පන්තිද ඉලක්ක විය හැකි බවටද ආරංචි පැතිරිණි.. අපේ පන්තියේ එදවස උන්  ප්‍රවීන යුද විශ්ලේශිකාවන්ගේ මතය නම් මුණසිංහ සර් ගේ හෝ බද්දෙවිතන සර් ගේ පංතියකට විස වායුව අවොත් මැරෙන්නේ එහි සැරට නොව පෑගිලා බවය .

කට කතා වල ඇත්ත නැත්ත කුමක් වුවත් හදිසියේම කාලයක් දින නියමයක් නැතිව පාසල් වසා  තිබුණි . සමහර දිනවල දෙමාපියෝ දරුවන් පාසල් නොයවුහ. අද ලංකාවේ යුද්දය නැත. එනිසා  මග තොටේ , වැඩපොළේ  හා මූණු පොතෙදීද හිතේ හැටියට සිරියාව හා රසායනික අවි ගැන කතා කරන්නට මානසික නිදහස ද ඇත. තවද  වතුර බල්දියකින් රසායනික අවි මෙල්ල කිරීමට නොහැකි බව  Google , Wikipedia  යොදගෙන home work  කරන අද කාලයේ ශිෂ්‍යත්ව පන්තියේ ළමයෙක්  වුවද දනී .