පිනොකියෝට කලින් ම කියවුවේ බුරතිනෝ ගේ කතාය . රත්තරන් යතුර හා බුරතිනෝ ගේ කතා කියවූ වේ 3 වසරේදීය . දිසානායක ගොඩනැගිල්ලේ පහල මාලයේ පන්ති කාමරයකදී මේ පොත මට බලන්නට දුන්නේ කවුදැයි මට මතක නැතත් ඒ දවස්වල අපි ගෙදර ගෙනයන්නට පොත් දෙන්නට තරම් වැඩිහිටි වී නොසිටි නිසා පොත මට දුන්නේ බලා දෙන්නටය. Scanning and Skimming ඇඟේගේම තිබු නිසාදෝ 12.30 ට පන්තිය අවසන් වීමට පොත කියවා අවසන් විය. ඊට පසු කියවූ පිනොකියෝගේ සිංහල පරිවරතනයේ නම හරියටම මතක නැත . රූකඩ පැංචා වගේ එකක්ය . මගේ ඥාති සොහොයුරියකගේ පුස්තකාලයක තිබු එයද එක දවසින් එනම් එහි දානයක් සඳහා ගිය විට කියවුයෙමි . පිනොකියෝ නාට්‍ය "fairy tale theater" එකේ බලා ඇත්තෙමි . ඔරිජිනල් පිනොකියෝ කියවා නැත. නමුත් පිනොකියෝලා මෙන්ම පිනොකියලියන් ද මූණටම හමුවී ඇත . පිනොකියෝට බොරුවක් කියූ විට නාසය දික්වෙන්නට පැතු සුරගනාවියගේ පැතුම අද තිබුනේ නම් කොණ්ඩය කපන saloon වෙනුවට නාසය trim කරන, layer කරන , colour කරන මෙන්ම re-bond කරන සැලූන්ද තිබිය යුතුය .මට හමුවූ සමහර චේතිය රජුන් රැජිනියන් ( චේතිය රජු ගැන දන්නේ නැත්නම් 10- 11 බුද්ධ ධර්මය විෂයය උගන්න කෙනෙක් ගෙන් අසන්න .) ගැන දන්නේ නම් " රාළ මීගමුවේ - මුවෙක් මැරුවයි සබරගමුවේ " කී කවියා කියනු ඇත්තේ "රාළ දෙවුන්දර තුඩුවේ - නහය තිබුනයි පේදුරු තුඩුවේ " කියා විය යුතුය. එසේ නොවීම නිසා බය වෙන්නට හෝ ලජ්ජා වෙන්නට දෙයක් නැත . ඕන අතකට දිව හරව හරවා බොරු මෙන්ම කේලම්ද කිව හැක.දැන ගත්තද ඔප්පු කල නොහැක . "මම නම් කවදාවත් බොරුවක් කියල නෑ . ක්වෙටවීමට කේලම් කියල නෑ ." සමහරුන් හිතනු ඇත. ඔබේ නාසයේ තිබෙන අත ඉවතට ගන්න . බොරු කීවට නාසය දික් වන්නට සාප කල සුරංගනාවිය Carlo Collodi නම් ඉතාලියානු ලේකකයාගේ සිතේ මැවී පසුව ලෝකය පුරා රචකයන් customize කල , පරිවර්තනය කල ප්‍රබන්ධයක් පමණි .
Tuesday, January 27, 2015
පිනොකියෝ ...
පිනොකියෝට කලින් ම කියවුවේ බුරතිනෝ ගේ කතාය . රත්තරන් යතුර හා බුරතිනෝ ගේ කතා කියවූ වේ 3 වසරේදීය . දිසානායක ගොඩනැගිල්ලේ පහල මාලයේ පන්ති කාමරයකදී මේ පොත මට බලන්නට දුන්නේ කවුදැයි මට මතක නැතත් ඒ දවස්වල අපි ගෙදර ගෙනයන්නට පොත් දෙන්නට තරම් වැඩිහිටි වී නොසිටි නිසා පොත මට දුන්නේ බලා දෙන්නටය. Scanning and Skimming ඇඟේගේම තිබු නිසාදෝ 12.30 ට පන්තිය අවසන් වීමට පොත කියවා අවසන් විය. ඊට පසු කියවූ පිනොකියෝගේ සිංහල පරිවරතනයේ නම හරියටම මතක නැත . රූකඩ පැංචා වගේ එකක්ය . මගේ ඥාති සොහොයුරියකගේ පුස්තකාලයක තිබු එයද එක දවසින් එනම් එහි දානයක් සඳහා ගිය විට කියවුයෙමි . පිනොකියෝ නාට්‍ය "fairy tale theater" එකේ බලා ඇත්තෙමි . ඔරිජිනල් පිනොකියෝ කියවා නැත. නමුත් පිනොකියෝලා මෙන්ම පිනොකියලියන් ද මූණටම හමුවී ඇත . පිනොකියෝට බොරුවක් කියූ විට නාසය දික්වෙන්නට පැතු සුරගනාවියගේ පැතුම අද තිබුනේ නම් කොණ්ඩය කපන saloon වෙනුවට නාසය trim කරන, layer කරන , colour කරන මෙන්ම re-bond කරන සැලූන්ද තිබිය යුතුය .මට හමුවූ සමහර චේතිය රජුන් රැජිනියන් ( චේතිය රජු ගැන දන්නේ නැත්නම් 10- 11 බුද්ධ ධර්මය විෂයය උගන්න කෙනෙක් ගෙන් අසන්න .) ගැන දන්නේ නම් " රාළ මීගමුවේ - මුවෙක් මැරුවයි සබරගමුවේ " කී කවියා කියනු ඇත්තේ "රාළ දෙවුන්දර තුඩුවේ - නහය තිබුනයි පේදුරු තුඩුවේ " කියා විය යුතුය. එසේ නොවීම නිසා බය වෙන්නට හෝ ලජ්ජා වෙන්නට දෙයක් නැත . ඕන අතකට දිව හරව හරවා බොරු මෙන්ම කේලම්ද කිව හැක.දැන ගත්තද ඔප්පු කල නොහැක . "මම නම් කවදාවත් බොරුවක් කියල නෑ . ක්වෙටවීමට කේලම් කියල නෑ ." සමහරුන් හිතනු ඇත. ඔබේ නාසයේ තිබෙන අත ඉවතට ගන්න . බොරු කීවට නාසය දික් වන්නට සාප කල සුරංගනාවිය Carlo Collodi නම් ඉතාලියානු ලේකකයාගේ සිතේ මැවී පසුව ලෝකය පුරා රචකයන් customize කල , පරිවර්තනය කල ප්‍රබන්ධයක් පමණි .
Sunday, January 25, 2015
බලය ...
බලයට ඉංග්‍රීසියෙන් කියන්නේ Force කියාය. භෞ තික විද්‍යාවේ උගත් නිව්ටන් ගේ 2 වන නියමය අනුව බලය ස්කන්ද්යෙත් ත්වරණයේත් ගුණිතයකි . කෙසේවෙතත් බලය තාවකාලිකය . එසේම බලය ලත් විට එය තව තව වැඩි කල ගැනීමට හිතෙන බව පෙනේ ." බලය ඇති විට මොලය නැත .මොලය ඇතිවිට බලය නැතැ"යි පුවත්පතක පලවී තිබෙනු දුටිමි. බලය ඇති විට පිරිවර බොහෝය . නැති විට ඉන්නේ හොඳම යහළුවනුත් පවුලේ අයත් පමණි . මේ දේශපාලනයට අදාල දෙයක් නොවේ . ලෝකේ සම තැනම හෝ ආයතනයක බලවතුන් ළගින්ම සිතින් අය බලය නැති විට මාරු වන්නේ පැදුරටත් නොකියය .එවිට ළඟ සිටින්නේ බොහෝ විට බලය ඇතිදා ගණන් නොගත් අවංකවම වැඩ කල හා වැරදි පෙන්වා දුන් අයය. බලය තාවකාලික බව බලවතුන්ට තේරෙන්නේ බලය නැති වූ පසුය. සැමදා බලය නැති බව පසක් කර ගැනීමත් , සම දෙයට අවදාන වන්දිබට්ටයන් ගෙන් ප්‍රවේසම් වීමත් බලවතුන්ට වෙනු ඇත . නැතිනම් එය වැටහෙන විට ප්‍රමාද වැඩි විය හැක .
Friday, January 16, 2015
ජනාධිපතිවරණයේ උගත් පාඩම් ..
ජන බලය අවි බලය , මුදල් බලය , මැර බලයට වැඩ බලවත්ය .
චන්දදයක බුද්ධිමත් . මඩ ගැසීම්, අල්ලස , පහර ගැසීම් වලට නොරැවටේ.
සියලු ජාතින් එක් නොවී ජනාධිපතිවරයෙක් පත් කල නොහැක .
ජෝතිෂ්‍ය අන්ද විස්වාස කළ නොහැක .
බලය රඳවා ගැනීමට වඩා ඉන් ඉවත්වීමෙන් වැඩ මහජන ගෞරවයට පාත්‍ර විය හැක .
බලය යනු තවකාලික දෙයකි
ඔබට වඩා වැදගත් දෙයක් කර යොමු වීමට නම් නොබියව ඇත හැරිය යුතුය.
රාජ්‍ය සේවකයෙකුට කොන්දේසි විරහිතව ස්වාධීන වීමට හැක .
එවිට ජනතව විසින් ඔහු අගයන අතර සුරකියි.
සමගිය බලය වේ .
මාධ්‍යට කල හැකි දේ බොහෝය .
නමුත් මාධ්‍ය සදාචාරය රැකීම වැදගත්ය .
Tuesday, December 23, 2014
අවිනිශ්චිත තාවයේ දිනය හෙවත් සුනාමිය ..
දිනය 2004-12-26...නත්තලට පසුදා ..නැත්නම් පෝය දිනක්....ඒ වගේම සති අන්තයක් ...බොහෝ පිරිස් පාසල් නිවාඩු කලෙයත් නත්තල් නිසා ලැබෙන විරාමයත් ප්‍රයෝජනයට ගෙන සංචාර වල ..විශේෂයෙන් දකුණු වෙරල තීරයේ ... උදේ 9ය පසුවී සුළු මොහොතයි .. විශාල ශබ්දයක් ..මිනිස්සු සිටි අන්දුමින්ම පාරේ දුවනවා .. වාහන නලා හඬවමින් යනවා..ත්‍රස්තවාදී ප්‍රහාරයක්ද ? මූද ගොඩ ගලනවා කවුදෝ කියනවා ..නිමේෂයකින් වක්වැල්ල පාරෙත් අඩි 2-3ක් උසට මූදු වතුර එනවා .. පර දන්නේ නැති වුනත් මිනිස්සු කන්ද නගාගෙන අපේ ගෙදරට එනවා..වතුර ආ වේගයෙන්ම බැස යනවා .. නැවත මිනිස්සු මූද දෙසට යනවා .. සුළු මොහොතින් පෙරටත් වඩා විශාල දිය දහරක් ගල එනවා.. ඉන්පසු ඔක්කොම නිසලයි.. මන් ගාල්ලේ එන්න අපු මිතුරන් පිරිසක් හරවල යවනවා .. ඔව්න් මගේ කීම විශ්වාස කරන්නෙත් නෑ ..මන් මුළු රටටම් මේ තත්වය ඇති බව දන්නෙත් නෑ ..එත් ඔවුන් ආපසු යනවා ...විදුලිය , ජලය , ස්ථාවර දුරකථන විසන්ධියි ...මිය ගිය ගනන ..අතුරුදහන් වූ ගණන කවුරුවත් දන්නේ නෑ ... සවස අතරු පරවල තියෙන මල සිරුරු ..ප්‍රදාන පාරට ගෙනවිත් දෙන්න කුඩාවූ කරන්න කියලා ගාලු නගර සබාවෙන් නිවේදනය කරමින් යනවා ... බොහෝ මනුෂ්‍යන් විපතට පත් වූ වන්ට පිහිට වෙද්දී .. ඔවුන් කොල්ලකන අවස්ථාත වාර්තා වෙනවා .. මිය ගිය නෑ නොනැ .සියලු දෙන පොදු මිනි වලක් භූමාදානය වෙනවා ..
අයෙත් වතුර එයිද දන්නේ නෑ ..ඒ ගැන හරියට කියන්න කාටවත් බෑ ...මාධ්‍යයෙන් වෙරළාසන්න යට ඉවත් වෙන්න කියනවා ...පර අයිනේ ගෙවල්වට අය යනවා ..කන්ද උඩ අපි කීප දෙනෙල් ඉතිරි වෙනවා ..ජීවිතය පතා අපේ ගෙදරට අපු අයට තේ හදල රෑ වෙද්දී ගෑස් ඉවරයි ..අපි දර ලිපක් හදගෙන යන්තම් දෙයක් කාල ..අවිනිශ්චිත නිදි නැති රැයක් ගත කරනවා .. අපේ නෑ හිත මිතුරන් විපතට පත් වෙළද දන්නේ නෑ ..අපි හොඳින් කියලා අනෙක් යට කියන්න විදියක් නෑ ..ලොකු කුඩා දුප්පත් පෝසත් හැමෝම අසරණයි ..මිනිස්සු රාශියක් එක්ක දුම්රියක් තෙල්වත්තේදී අනතුරට ලක් වෙනවා ..යකඩ යකා වත් කුඩා ගිනි පෙට්ටියක් වගේ විසි කර දමන්න රල පහරට හැකි වෙනවා ..
පස්සෙන්දා උදේ පාරේ බෝට්ටු.. ගෙවල් වලින් පාවී අ දේ ..මල සිරුරු තියෙනවා.. විශාල මහරුවර තුන් බිය ගැන ලියවුන් කවි සිහියට එනවා ...විද්‍යාලෝක විද්‍යාලය ..ලග light කණුවක් උඩ මෝටර් රථයක් ..දවස 2කට පස්සේ නගරයට ගියාම එක කානත්රයක්... දිගම බස් නැවතුම්පොළ තිබුණු තැන තියෙන්නේ නටබුන් සහිත සමතල පිටියක් ..ක්‍රීඩාන්ගන්යේ වැට නෑ ..ඇතුලේ සුන් බුන් ...ඉතිරි වූ light කණු තාප්ප බිත්ති වල නැතිව ය සය දෙන්න ..තොරතුරු දෙන්න කියලා නිවේදන අලවල .. දුහුවිල්ල් , ගද හැම තැනම ..ගොඩනගිලි නැති නිසා ඉර අව්වුව ඉතාම සැරයි .. නගරයේ ඇති බුදු පිළිම හා සිද්ධස්ථාන විතරක් අශ්චර්යවත් ලෙස ඉතිරි වෙලා ..අපි දන්නා අදුනන බොහෝ අය මිය ගිහින් ..නැත්නම් සදහටම් අතුරු දහන් ..අපි බදු ගත්ත කඩ නෑ ..බදු ගන්න ඈත කඩේකට යන්න වෙනවා ..අකුරල පාලම කැඩිලා ගාලු පාරේ වාහන ධාවනය නැවතිලා ගාල්ල කොලම්බෙන් හුදකලා වී වෙන් වෙනවා..මුදල් වල කිසිම වටිනාකමක් නැති වෙනවා ..
ටිකෙන් ටික හම දේම යතා තත්වයට පත් වෙනවා ..ගොඩනැගිලි තිබුනට වඩා හොඳට හැදෙනවා ..මිනිස්සු නවත් තමගේ සුපුරු සටහන වල පදිංචියට යනවා ..රැකියා වලට යනවා ...තෙල්වත්තේදී කෝච්චිය පෙරලුනු තැන මියගිය අයගේ නැ හිතවතුන් ස්මාරකයක් හදනවා ..පසුව භාමියන් බුදු පිළිමයක් එතන ඉදි වෙනවා ..මිය ගිය වුවන් ගැන සිදු වූ දේ ගැන මතකය පමනක් ඉතිරි වෙනවා .. මිනිසුන්ට බොහෝ පාඩම් කියාදුන් ඒ අවිනිශ්චීත බාවයේ දවස එනම් සුනාමිය උදාවී මේ දෙසැම්බර් 26 දට හරියටම වසර දහයයි ......
Friday, December 12, 2014
දිවි දැවී නොදැවීම ....
අද උදේ office යන්න ලෑස්ති වෙද්දීම ආවේ අසුබ ආරංචියක් ..ගුවන් හමුදාවට අයත් යානයක් හෝකන්දර දී කඩා වැටුන කියල කියවුණා . නියමුවන් ඇතුළු 4 දෙනෙක් මිය ගිහින් එක් අයෙක් තුවාල ලබා රෝහල් ගත කරනවා . ඒ පැත්තේ ගෙවල් වල මිනිස්සුන්ටත් කරදර ද දන්නේ නෑ . මට හිතෙනවා . අමුතු පිළිස්සුම් ගදක් අපි ඉන්න ප්‍රදේශය වෙතත් දැනෙද්දී මම office යනවා . දන්නා අදුරනගුවන් නියමුවන්ට කතා කරලා අනතුරට පත් යානයේ ඔවුන් සිටියේ නැති බව තහවුරු කරගන්නවා .
අනතුරට හේතුව කුමක් වුනත් මම පුදගලිකව දන්නේ නැති ගුවන් නියමුවා යානය ජන ශුන්‍ය ප්‍රදේශයකට යොමු කිරීමට උත්සාහ කිරීම තුලින් අධික ජීවිත හානියක් වැළකීම ගැන ප්‍රවෘත්ති බලද්දී හා මූණු පොතේ කියවෙනවා .ගුවන් යානා හැසිරවීමට අදාල තාක්ෂණික පැත්ත ගැන මගේ දැනුම ඍණ අගයක් ගන්නවා . ගුවන් යානයෙන් eject වෙන්න හරි සාමාන්‍ය ජනතාවගේ භාෂාවෙන් කියනවනම් පනින්න හරි ක්‍රමයක් තිබුනද කියන්න මම දන්නේ නෑ .එත් හෝකන්දර කියන්නේ residential area එකක් .. නිවාස තියෙන පැත්තකට යානය කඩා වැටුණා නම් එය මීරියබැද්ද නාය යාමටත් වඩා ඛේදවාචකයක් වෙන්න ඉඩ තිබුණා . පුවත් වෙබ් අඩවි වල වාර්තා වන විදියට ගුවන් නියමුවා විවාහ වී මාස 2ක් වත් නැතිලු . කොහොමවුනත් තමන් දැවෙද්දී අනිකුත් සාමාන්‍ය ජනයා ගැන හිතලා ගත්තු තීරණය අති විශිෂ්ටයි .
මන් මේ සටහන් පෙලේ "තත්පරයකදී ජීවිතය දැවීයාම " ලෙස ෆිල් හියුස් සිද්ධිය ඇසුරෙන් ලියා තියෙනවා. එත් සමහරු දැවීගියත් අනෙක් අයගේ ජීවිත ආලෝකවත් කරනවා . එහෙම අය හැමදාමත් මිනිස් හදවත් තුල නොදැවී ඉතිරි වෙනවා . යුද්ධයකදී වීරයෝ බිහිවෙනවා .සිහිවටන ඉදිවෙනවා . එත් යුද්දයක් නැති විටත් සමහර වීරයෝ ජනතා සිත්වල සිහිවටන තියෙනවා . ඒ විතරක් නෙවයි ගිනි නිවන හමුදාව එනතෙක් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ගිනි ගන්න යානය නිවලා ජීවිත බෙර ගන්න හදපු ප්‍රදේශවාසි බාල , තරුණ , මහලු හැම දෙනාමත් පොත් වල නොලියවුණු වීරයෝ වෙනවා .
මේ පිලිබඳ පළවූ ජායාරූප අතරින් සංවේදීම ජායාරූපය මේ සටහනට එකතු කලා . ජායාරූපයේ අයිතිය දසුන් වානගුරු මහතාගේ ...
Tuesday, December 9, 2014
ක්‍රීඩා ...
මා පාසලේදී බොහෝ බාහිර වැඩ සඳහා සම්බන්ද වී ඇතත් ක්‍රීඩා කර නැත . ප්‍රථමික පන්ති වලින් පසු drill display එකක් සඳහා වත් සහභාගී වී නැත . නෙට් බෝල් , බාස්කට් බෝල් මෙන්ම කවපෙත්ත, යගුලිය විසි කිරීම සඳහාද මා යොදා ගැනීමට එවකට සිටි බොහෝ ක්‍රීඩා භාර ගුරු භවතුන්ටත් ,ක්‍රීඩා නයිකවන්ටත් අවශ්‍ය වුවත් මා නිතරම් උපක්‍රමශීලිව මගහැර ගියෙමි . මා කරන ලද එකම outdoor ක්‍රීඩාව ගස් මාරුවීම හෝ 1 23 Bumble Bee . එහි ජාතික වර්ණ පරිසාදන මටටමටම ලං වීමට හැකි වුයේ අම්ම පාසල නිම වී එන තෙක් වෙනත් ගුරුවරුන්ගේ දරුවන් සමග මේ දිනපතා practice කිරීමෙනි. ඊට අමතරව ගැහැණු පිරිමි මල් පලතුරු නම් ගෘහස්ත ක්‍රීඩාවෙන් නම් ඔලිම්පික් මට්ටමට ලං වේ සිටි කාලයක්ද විය .
කෙසේ වෙතත් මේ අපේ හැකියා සදහටම සඟවා ගිය ඒවා වූ අතර මට ඒවාට සහතික නැත . මගේ පාසල් කාර්ය දර්ෂක යේද ඇත්තේ ක්‍රීඩා සඳහා කෙටි ඉරකි. පාසල් කාලයේ දී නොකළ මේ ක්‍රීඩා විශ්ව විද්‍යාලයේද කිරීමට සිතුවත් හැකි වූ යේ නැත . ඉතින් ලබන ආත්මයේ දී වත් තරග ලෙස ගණන් ගන්න ක්‍රීඩා කරමි .
Friday, December 5, 2014
නොගොස් එන්නට බැරිය ............
අපි ගාල්ලේ සිටියදී නම් සිටියේ මහ ගෙදරය . පාසල් ගියේද එහි සිටිය . නමුත් කොළඹ පැමිණි පසු මම නවතන් දුසිමක පමණ සිටියෙමි . මුලින් පිට කෝට්ටේ මාමලාගේ නිවසේද , පසුව ගංගාරාමය සමීපයේ වූ මුත්තයියා පාර නෙවසිකගරයේද විසුවෙමි . පසුව M .Sc කරන කල පුංචි බොරැල්ලේ නවාතැන් 2 ක විසු මම කොළඹ රැකියාව ලත් පසු කලක් මාලඹේ ද රට ගොස් ආ පසු තල්වතුගොඩ ද විසීමි . අම්මලා කොළඹ පැමිණි පසු ගල්කිස්සේද විසු මන් මෑතකදී පන්නිපිටියට පැමිණියෙමි . කොළඹදී පැපිලියානේ නිරෝෂි ගේ නිවෙසේද හදිසි අවස්ථා වලදී නැවතුනු කාලයක් විය . පුහුණු සඳහා ගිය විට මීපේද , SLIDA හා SLFI ද අඩු වැඩි වශයෙන් නැවතී ඇත්තෙමි . සේවා අවශ්‍යතා මත කොළඹින් පිට යාමේදී බොහෝ නවතන් විය . කාලයක් BUKIT JALEEL හි Vista හීද විසීමි. සමහර පිටරට පුහුණු , සංචාර වලදී හෝටල් කාමර සති ගණන් වාස භූමිය විය . නිතර නැවත මාරු කිරීමට හුරු වූ පසු අසල්වැසි සම්බන්දතා හීන වූ අතර නිවාස ගැනද භෞතික දේ ගැනද ඇල්ම අඩු විය .උපේක්ෂාවද හුරු වීමි . ඉතින් නොගොස් එන්නට බැරිය ..නෑවිත් යන්නට බැරිය ..ජීවිතයේ ඇත්තේ යම් ඊම් පමණි .
Subscribe to:
Posts (Atom)






