Tuesday, March 24, 2015

සිංහපුරයේ සිංහයා ..



සිංගප්පුරුව ට සිංහ පුර කියාද කියයි.. එහි සන්කෙත්යද Merlion ලෙස හදුන්වන සිංහ හිසක් හා මත්ස්‍ය ඇඟක් ඇති මනංකල්පිත සත්වයය.  ලී ක්වාන් යු - සිංගප්පුරුවේ ප්‍රථම ජනධිපතිගේ අභාවය සිදුවුයේ මෑතකදීය .එයට පෙරද එතුමා මිය ගිය බවට කතාවක් පැතිරිණි. එහෙත් සිංගප්පුරුව අද තිබෙන තැනට ගෙනාවේ මෙතුමාගේ දේශපාලන නායකත්වය නිසායයි කියයි. ලී ක්වාන් යු ලංකාවට එද්දී අපේ රටේ බදු තට්ටු ගොඩනැගිලි එරට තිබුනේ නැත. සිංගප්පුරුවේ ගොඩනැගිලි හදන්නට ලංකාවේ ගොඩනැගිලි වලින් අභාෂය ගත්තලු.මේ කතා ඇත්තද බොරුද දන්නේ නැතත් ලංකාවට සිංගප්පුරුව විශේෂ සැලකිලි දක්වයි . අපේ passport එකෙන් විසා නැතිව යන්නට හැකි රටවල් අතලොස්සෙන් සිංගප්පුරුව ඉදිරියෙන්ම සිටි . සිංගප්පුරු ගුවන් තොට හරහා කිහිප වරක් transist කර ඇති අතර රට ගියේ නම් මැලේසියාවේ සිට ගොඩබිම හරහාය . දියුණුව අතින් ඉදිරියෙන් සිටින එහි විනිමය ඒකකය අපේ ඇරේ මුදලින් රු .100ක් පමණ විය .  රටේ ප්‍රවාහන පදතිය අතිශයෙන් දියුණුය . ගුවන් තොටුපොල වැනි ස්ථාන වලට ලගා  වීමට ගතවන කාලය මාරගයේ තිර වල දිස්වෙයි . එක්  pass එකක් මිලදී ගත විට බසයේ හෝ දුම්රියේ ගමන් කල හැක . එහි code read කිරීම මගියා විසින්ම සිදු කර ගත යුතුය. පස්සට යන්නට කියන්නට, දෙපැත්තට වී මැදින් ඉඩ දෙන්න හෝ ෆූට්බෝර්ඩ්  එකෙන් ඇතුලට යන්න කියන්න කොන්දොස්තවරු නැත . අබ්ධිත මගීටද බසයට පොදු ප්‍රවාහන සේවා වල යාමට පහසුය. උදවු අවශ්‍ය අයෙක් වෙතොත් රියදුරු බසය නවත්ත්ව බැසීමට හෝ නැගීමට උපකාර කරයි. දුම්රියෙදී ඊලඟ නැවතුම එරට බවිත වන භාෂා වන මැලේ , දෙමල , චීන හා ඉංග්‍රීසි බසින් නිවේදනය කරයි.
නගරයේ තැන තැන කුණු  නැත , චුවින්ගම් හපා  තැන තැන ඇලවීම තහනම්ය . ලංකාවේ තැන , තැන කුණු දමන්නොද සින්ගප්පුරුවෙ දී මේ නීති නිකන්ම අනුගමනය කරයි .  සෙන්තොස වැනි විනෝද නගර මෙන්ම විසිතුරු  ගොඩනැගිලි, සත්වෝද්‍යාන , branded ඇදුම් , පාවහන් ඇති සාප්පු බොහෝය. අපේ අතේ ඇති මුදලට නම් මුස්තාපා එක වැනි තොග කඩයකින් සැනසෙන්නට සිදුවේ . කෙසේ වෙතත් අපේ රට දිහා බල හෝ නොබලා   සිංගප්පුරුව  අද දියුණුවේ හිනිපෙත්තට නැගී තිබේ . එම දියුණුවේ පියා  තම ආරම්භ කල ගමනේ සාර්ථකත්වය දැක  සාමකාමීව රටක් හඬවා  මිය ගියේය. අපි තවම සිංගප්පුරුව ක් වන්නට සිහින දකිමු ...

Saturday, March 7, 2015

පත්තරේ විස්තරේ..................




මං පත්තර කියවන්න පටන් ගත්තේ කවදද දන්නේ නැතත් මුල් කාලයේ රන්කැටි කියා පුවත්පතක්ද පසුව සතිපත විජය පත්තරයද ගත් බව මතකය. මිහිරද සමහර විට මිලදී ගනු ලැබීය . සිළුමිණ පත්තරේ නම් මා කියවුයේ 3 පන්තියේ සිටය . අද මෙන් නානාප්‍රකාර ඉරිදා පත්තර සුලභ නොවූ එකල අපේ ගෙදර සෙනසුරාදට ඉරිදා පුවත්පත් වූ සිළුමිණ, ලංකාදීප පුවත්පත් මිලද්දේ ගත අතර ඒවා ඉරිදා හවසට උද ගෙදර සමග මාරු කරගෙන ඔවුන් මිලදී ගත් රිවිරැස හා දිවයින කියවීමු . පසුව අපි ගන්නා පුවත්පත රිවිර, ලක්බිම , මවුබිම, සිළුමිණ , ලංකාදීප ආදී ලෙස වරින් වර වෙනස් විය .මේ වනවිට ටැබ්ලොයිඩ් අතිරේක පැමින්නේටද පටන් ගත නිසා එක එක පුවත්පතේ අතිරේකයට කියන නම වෙන්කර හදුනා ගැනීමටද අපහසු විය .
කාලයක් ලක්මිණ , යුක්තිය , හිරු ආදී විකල්ප පත්තරද ජනප්‍රිය විය . රාවය අවේද විකල්ප පත්තරයක් ලෙස බව මතකයක් තිබේ. 10 ශ්‍රේණියේදී ඉංග්‍රීසි පුවත්පත් කියවන්නට පාසලේදී කියූ නිසා " Sunday Times " එක ගෙන්වා ගතිමු . එත් අපි නම් කියවුයේ "Mirror " අතිරේකය පමණි . A /L කාලයේදී නම් එම අතිරේකයේ " Hello Out There " නොවරදව කියවුයේ අපේ පනත්වල අයගේද රහස් පණිවිඩ එහි සමහර විට සටහන් වූ බැවිනි
.
සරසවිය , සරසි, තිරතරු වැනි සිනමා පත්තර. සිරිකත , තරුණි කාන්තා පත්තර නම් මා කියවුයේ අපේ ගෙදර වැඩට සිටි රානි ගෙනි . මල් පත්තර ලෙස හදුන්වන කුමාරි , යුවති වැනි පත්තර ම මුලින්ම කියවද්දී වයස 10ක් වත් වන්නට නැත . ඒ ද කොහෙන් හෝ රානි ගෙන ආ ඒවාය . තේරුනත් නොතේරුණත් මම ඒ කතා කියවීමි . අපේ පුංචි අම්මගේ නිවසට ගිය විට එහි ඇති චිත්‍ර කතා පත්තර කියවීමෙන් නොනැවතී පුංචි අපේ ගෙදර අ විට එම කතා වල ඉතිරි කොටස් මුලින්ම අහන්නට උනන්දු වීමි .කෙසේ වෙතත් 6-7 පන්තියට එනවිට මගේ රටේ තොටේ තොරතුරු පිලිබඳ සාමාන්‍ය දැනීම මෙන්ම ප්‍රසිද්ධ රහස් , ඕපදූප දන ගැනීමටද මේ සීනි පමණක් නොව දුගද නොසලකා කරවල ඔතා ගෙන එන පත්තරය වුව කියවීමේ පුරුද්ද හේතු විය .
කියවීම පමණක් නොව අපි පත්තර එකතු කළෙමු. වැඩියෙන්ම එකතු කලේ ක්‍රිකට් ක්‍රීඩකයන් පිලිබඳ තොරතුරුය . ඩෙන්සිල් කොබ්බැකඩුව මැතිතුමා ඇතුළු රණවිරුවන්ගේ අභාවය වෙනුවෙන් නිකුත් කල පත්තර අතිරේකයක්ද මතක් වෙනතුරු මා සතුව තිබුණි .පුවත්පත් වල දූවිලි රැදීමෙන් අපි ලෙඩවෙ යයි සිතු අම්මලා අපිට වැඩිපුර පත්තර ගොඩ ගහ ගන්න දුන්නේ නැත . එත් අපේ එඅතු කල පත්ටර වල සුරක්ෂිතාගාරය වුයේ අපේ පරණ මේසයේ ලාච්චුවේය . එහි ලාච්චු 3 වෙන්වූයේ රානිටත්, මටත් , ලොකු නන්ගිටත්ය.
තිත්තපත්තර කියා ගමක් ඇති බව දැනගත්තේ කොළඹට ආ පසුවය. දිනපතා තැපෑලත් සමග කාර්යාලයට ආ කාටදෝ ලිවූ කැලැ පත්තරයක් දකින තෙක් ඒවා ගැන අස මිස දැක නොතිබුනෙමි . දැන් නම් ඒවාද අරුමයක් නොවේ .
දැන් නම් පත්තර කියවන්නේ පුරුද්දට වගෙය . ඊළඟ ඉරිදා එනතෙක් පත්තර සිටීමක් නැත . මෑතකදී නම් එසේ බලා සිටයේ මැලේසියාවේ සිටි වසරක කාලයේදී අන්තර්ජාලයෙන් ලංකවේ පත්තර බැලීමටය . අපි කුඩා කල නම් ඉ පත්තර පමණක් නොව රූපවාහිනී හා ගුණ විදුලි සේවා වල උදැසන පත්තර විස්තර කියවන වැඩසටහන්ද තිබුනේ නැත .එහි අපේ විශ්ව විද්‍යාලයේ දොඅර්ටුව අභියස දී නොමිලේ පුවත් පතාක් දුනි . එය " Star ' හෝ " Sun " වැනි නම්ක ගත එකකි . එත් අපි එය කියවුයේ එහි H 1N 1 පැතිරුණු කාලයේ ලෙඩේ පතිරීමේ දරුණුකම් දන ගැනීමට පමණි . කෙසේ වෙතත් අන්තර්ජාලය නැතිවවැඩුණුඅපේ පරම්පරාවේ google , wikipedia , wiki leaks මතු නොව gossip ලංකා වුයේද පත්තරමය .

Tuesday, February 17, 2015

Exercise .....


මම මහත ගණයට වැටෙන්නියකි . මා පාසල් යන කාලයේ සිටම එසේය. මා කෙට්ටුවට සිටින්නට ඇත්නම් ඒ මා විශ්ව විද්‍යාලයේ සිටි අවුරුදු 3 පමණය .ඒ කන්ටිමාට පින්සිදු වන්නටය. එත් එබදු හපන්කමක් කිරීමට මගේ ඔෆ්සියේ පසුගිය කාලය තුල සිටි කිසිම කැන්ටින් කරුවකුට තබා කොළ කැද ඖශධිය පාන වෙළඳ සැලට වත් හැකිවුයේ නැත . වතාවක් නේවාසිකව සිටියදී නිවස හිමි අක්කාත් නේවාසික නංගි කෙනෙකුත් සමග මම මේ අපේ පොදු සතුරා මෙල්ල කිරීමට gym ගියෙමු . කලෙක එය සාර්ථක වුවද පවුලේ අය කොළඹට පැමිණි පසු පදිංචිය මාරු වීමත් සමග එය දිගටම කරගෙන යාමට නොහැකි විය . මේ අතර මගේ පාසල් කල මිතුරෙකු ඉතා හොදින් මහත මෙන්ම බඩ ද මට්ටු කිරීමට සමත් වී ඇති හැටි මූණු පොතින් දුටිමි . වැඩේ සාර්ථක කර ගැනීමට අත්දැකීම් තුලින්ම උපදෙස් බලාපොරොත්තු වුනිමි . එය එසේ මෙසේ වැඩක් නොවන බවත් ලොකු ඉවසීමක් , කැපවීමක් හා අධිෂ්ටනයක් අවශ්‍ය බවත් පැවසු ඔහු gym රුවන් වැකි කිහිපයක්ද ම වෙත ඉදිරිපත් කරන ලද අතර fitness page එකක්ද නිර්ලෝභීව share කරන ලදී . කෙසේ වෙතත් මට අවශ්‍ය fitness page එකේ මෙන් අයෝමය කාන්තාවක් වීමට නොව margin එකේ තිබෙන BMI එක බර එය තුලට රිංගවා ගැනීමත් ඒ සඳහා moral support එකකුත් බැව් පැවසු විට fitness සඳහා ඉවසීම තිබුනත් අන් මත ඉවසීමට නොහැකි මිත්‍රයා chat එකෙන් බර අඩු නොකළ හැකි බව පවසා ලොකු argument එකක් කෙලවර ඒක පාර්ශ්විකව මා මූණු පොත් මිතුරන්ගෙන්ද කපා දමා ඇත . මිත්‍රත්වය බොහෝ විට පැවතුනේ මූණු පොත හරහාම බැවින් මිතුරා නැත්තටම නැතිවූ බව දැනේ . ඉතින් fitness advice සොයන මගේ මිතුරියනට කීමට ඇත්තේ සමහරවිට එයින් මිතුරත් මුදලත් 2ම නැතිවිය හැකි බවය .කෑමේදී කතාවෙදීද කට control කිරීමට නොහැකි මට model like figure සිහිනයකි . ඉතින් මා මහත් වන බව පවසන office mates ලාට පවසන්නේ කෙට්ටු වීමට කල උත්සයක් අතක් පයක් නොකැඩී යන්තම් කෙලවර වූ වගයි . ඉතින් මගේ මහත මට හොඳා 

Monday, February 16, 2015

Valentine දිනයේ ගුරු උපහාර දැක්වීමු ..........



ඒ අපි පාසලේ ශිෂ්‍ය නායිකා ධූරයට පත්වූ අලුතයි . අපේ අපේ පාසලේ ශිෂ්‍ය නායිකාවන් ගේ දිවුරුමේ අවසානයේ ඇපවෙමි . කැපවෙමි . කියල තියනවා . මේ නිසා සෑහෙන්න අපහසුතාවයට වගේම කට්ට කෑමට සිදුවූ අවස්ථා එමටයි . ඔන්න ඉතින් අපේ කට්ටිය හා හා පුර කියල වැඩ  බාරගෙන වැඩ  අල්ලන්න සූදානම් වුනේ ගුරු උපහාරයක් තියල. මේක ශිෂ්‍ය නායක මණ්ඩලයක් පත් වුනාම තියෙන සම්ප්‍රදායක් . පුංචි සංග්‍රහයක් එක්ක රෝස මලක් සමරු තිළිණයක් ලෙස. plan  කරලා කලද අහම්බයක්කද දන්නේ නැති වුනත් හරියටම මේ දිනය යෙදුනේ පෙබරවාරි 14 දිනක ..අද තරම්ම  වානිජ්‍යකරණය වී නැතත් ඒ කලෙත් මාධ්‍ය වලින් Valentine දිනය ගැන දුන්නු ප්‍රචාර නිසා රෝස මල් වල්ටට් ඉල්ලුම ඉහල ගියා .  කොහොම වුනත් අපේ විද්‍යාලයීය වර්ණ වන රතු පටින්ම රෝස මල් ගුරු මණ්ඩලයේ 160 පමණ වූ සියලු දෙනාටම ගන්න අපේ  අය  නම් සමත් වුණා . (Valentine දිනය සමරන්න හිටපු ගාල්ලේ පෙම්වතුන්ට මල් හිගයක් ඇති වුනද නම් දන්නේ නෑ .) Valentine දවසේ රතු රෝසමල් මේ තරම් ගණනක් කොටුව ඇතුලට town එකේ සිට ප්‍රවාහනය  කිරීම තමයි ලොකුම ප්‍රශ්නය . යුනිෆොර්ම් අන්දලා කොහොම හරි අවුලක් නැතිව මේ ටික ගෙනාවේ තුලානිද කොහෙද මට  මතක හැටියට .. ඒ මගේ වගේම අපි ගොඩක් අය මුලින්ම සමරපු Valentine  දිනය   කොහොම වුනත් අපේ Valentine දිනයේ තියුණු  උත්සවය නම් සර්වප්‍රකාරයෙන් සාර්ථක වුණා . පොඩි  පරහකට තිබුනේ මොනවහරි ත්‍රස්තවාදී ක්‍රියා ප්‍රශ්නයක් නිසා පස්සෙන්ද ඉඳන්  දින නියමයක් නැතිව ලංකවේ ඔක්කොම පසල් වැහුණු එක. කොයි තරම් ඇප වෙමි කැප වෙමි කිව්වත් උපහාර උත්සවය නිසා මට වෙනද පැවරී තිබු රාජකාරියක් එනම් ජාතික ධජය හා පාසල් ධජය පාසලින් පසු කොඩි කණු වලින් ගලවල පාසලේ කාර්යාලේ තියන්න අමතක වුණා .( මතක් වුනෙත් සතියකට විතර පස්සෙද කොහෙද..) කොහොම වුනත් නේවාසිකාගාරයේ හිටපු සොයුරියක් මගේ රාජකාරිය කරලා තිබුන.

Friday, February 6, 2015

මල්!!!

.
මල් පිපෙන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට ..මෙහෙම කිව්වේ මොන්ටිසොරියේදී ...ඒ කාලේ හවසට හැමදාම අපි ආච්චිත් එක්ක හවසට හෙන්දිරික්ක මල් කඩල බුදු හමුදුරුවොන්ට පූජා කළා . දැන් නම් මල් කඩනවා කියන එකට තියෙන්නේ වෙන අර්ථකථන ..හෝඩියේ පන්තියේදී මුලින්ම අදින්න දෙන්නෙත් පෙති 5 මලක්ද කොහෙද ...හත් පෙති මල කියන රුසියන් පරිවර්තන ළමා පොත අපේ කාලයේ නොකියවූ ළමයෙක් නැති තරම් ...ඉස්සර අපේ ගාල්ලේ ගෙදර මිදුලේ දහස්දෙති මල් වවල තිබුණ . පුෂ්පය , කුසුම මලට කියන සමාන වචන කියල සිංහල පාඩමේදී ඉගැන්නවා . "කාන්තාරයේ කුසුම" කියන්නේ Waris Dirie නම් සෝමාලි ජාතික නිරුපිකාව කාන්තාරයේ සිට ඒ තැනට ආ කතාව ."ධවල පුෂ්පය " කියල සිංහල චිත්‍රපටයක්ද කොහෙද තියෙනවා .
උසස් පෙළ උද්භිද විද්‍යා පාඩමේදී නම් මල් කපලම බැලුව . පුෂ්පයේ කොටස විතරක් නොවෙයි පුෂ්ප මංජරී ගැනත් මල් නොපිපෙන "අපුෂ්පක ශාක " ගැනත් ඉගෙන ගත්තා . මල් ගැන ගීත නම් එමටයි. " මල් පිබිදෙන එක ", " මලක සුවද සේ යොවුන් ආදරේ ", "සමනලයා , මල හා ළමයා ..", විතරක් නෙවයි මල්වල නම් වලින්ම ගීත තියෙනවා. " සේපාලිකා මලයි" , " ඕලු පිපිලා ", "රෝස මලක පෙති හැලුනා ", "පින්න මලේ සුද..", "නාමල් පිපිලා ", වගේ අපට හුරු මල් වල නම් වගේම අත්තන ( ඇත්තන මල මං දැකලා බඹර තුඩේ වෙලෙනවා ), දොබ ("දොබ මලින්.."), කඩුපුල් (" කඩුපුල් මලසේ ") , කිඩාරම් මල් (" කිදර්න් මලේ පවා සුවඳ දිග හැරේ .")ගැනත් ගීත තියෙනවා . ලංකවේ දෙකලවත් නැති ඩෑෆඩිල් මල් ගැන දයාන් විතාරණ මහතා ගීතයක් කියද්දී ඇපල් මල ගැන අමරසිරි පීරිස් මහත්තයා ගැයූ ගීතය ආන්දෝලනයකට ලක් වුණා . ඇපල් මල ලස්ස්සන්යි කියල ගීතය ලියපු කැලුම් ශ්‍රීමාල් මහතා කියද්දී ඇපල් මල් ඇත්තටම දෙකල තියෙන අය එක ලස්සන නෑ කිව්වා . එත් ලස්සන සාපේක්ෂයි කියල හිතෙන නිසාත් ගීත රචකෙයුකුට තමගේ පරිකල්පනයට අනුව සිතිවිලි මවන්න පුළුවන් නිසාත් මට නම් එක ප්‍රශ්නයක් වුනේ නෑ . ජපානයේ පිපෙන සකුර මල ගැන නම් ඒ කලේ ඉදන්ම ගීත ලියවිලා තියෙනවා . කාලයක් මල් ගීතම කියන යුගයක් ඇතිවුණා . මන් හිතන්නේ කෙහෙල් මලට ඇර අනිත් හැම මලටම ගීත ලියවුණා . හැබැයි බොහෝ ගීත නිකන්ම ඇහිලා ගිය මිස මතකයේ රැඳුනේ නෑ .මල් විතරක් නෙවයි මලට එන බඹරු, සමනලයන්ද ගීත වලට ප්‍රස්තුත වුන. බඹරු නොඑන කඩදාසි මලුත් තිබුණා . නෙලන්න බැරි නිසාම ලස්සන මල් මෙන්ම ..නෙලාගන්න ඇත ගිග නැතත් පිපෙන්න පතන මල් වගේම දෙපයට පෑගෙන පෙති නැති වනමල් ගැනත් ගීත තිබුණා . ඉතින් කාට අහිමි වුනත් සාදු මල් පිපියන් සැමදා ...

Tuesday, January 27, 2015

පිනොකියෝ ...


පිනොකියෝට කලින් ම කියවුවේ බුරතිනෝ ගේ  කතාය . රත්තරන් යතුර හා බුරතිනෝ ගේ කතා කියවූ වේ  3 වසරේදීය . දිසානායක ගොඩනැගිල්ලේ පහල මාලයේ පන්ති කාමරයකදී මේ පොත මට බලන්නට දුන්නේ කවුදැයි මට මතක නැතත් ඒ දවස්වල අපි ගෙදර ගෙනයන්නට පොත් දෙන්නට තරම් වැඩිහිටි වී නොසිටි නිසා පොත මට දුන්නේ බලා  දෙන්නටය. Scanning and Skimming ඇඟේගේම තිබු නිසාදෝ  12.30 ට පන්තිය අවසන් වීමට පොත කියවා අවසන් විය. ඊට පසු කියවූ පිනොකියෝගේ සිංහල පරිවරතනයේ නම හරියටම මතක නැත . රූකඩ පැංචා වගේ එකක්ය . මගේ ඥාති  සොහොයුරියකගේ පුස්තකාලයක තිබු එයද එක දවසින් එනම් එහි  දානයක්   සඳහා  ගිය විට කියවුයෙමි . පිනොකියෝ නාට්‍ය "fairy tale  theater" එකේ බලා ඇත්තෙමි . ඔරිජිනල් පිනොකියෝ කියවා නැත. නමුත් පිනොකියෝලා  මෙන්ම පිනොකියලියන් ද මූණටම හමුවී ඇත . පිනොකියෝට බොරුවක් කියූ විට නාසය දික්වෙන්නට පැතු සුරගනාවියගේ පැතුම අද තිබුනේ නම් කොණ්ඩය කපන saloon වෙනුවට නාසය trim කරන, layer කරන , colour කරන මෙන්ම re-bond  කරන  සැලූන්ද තිබිය යුතුය .මට හමුවූ සමහර චේතිය රජුන් රැජිනියන් ( චේතිය රජු ගැන දන්නේ නැත්නම් 10- 11 බුද්ධ ධර්මය විෂයය උගන්න කෙනෙක් ගෙන් අසන්න .) ගැන දන්නේ නම් " රාළ  මීගමුවේ - මුවෙක් මැරුවයි සබරගමුවේ " කී කවියා කියනු ඇත්තේ "රාළ දෙවුන්දර තුඩුවේ - නහය තිබුනයි පේදුරු තුඩුවේ " කියා විය යුතුය. එසේ නොවීම නිසා බය වෙන්නට හෝ ලජ්ජා වෙන්නට දෙයක් නැත . ඕන අතකට දිව හරව හරවා බොරු මෙන්ම කේලම්ද කිව හැක.දැන  ගත්තද ඔප්පු කල නොහැක . "මම නම් කවදාවත් බොරුවක් කියල නෑ . ක්වෙටවීමට කේලම් කියල නෑ ." සමහරුන් හිතනු ඇත. ඔබේ නාසයේ තිබෙන අත ඉවතට ගන්න . බොරු කීවට නාසය දික් වන්නට සාප කල සුරංගනාවිය Carlo Collodi නම් ඉතාලියානු ලේකකයාගේ සිතේ මැවී පසුව ලෝකය පුරා රචකයන් customize කල , පරිවර්තනය කල ප්‍රබන්ධයක් පමණි .

Sunday, January 25, 2015

බලය ...


බලයට ඉංග්‍රීසියෙන් කියන්නේ Force කියාය. භෞ තික  විද්‍යාවේ උගත් නිව්ටන් ගේ 2 වන නියමය  අනුව බලය ස්කන්ද්යෙත් ත්වරණයේත් ගුණිතයකි .  කෙසේවෙතත් බලය තාවකාලිකය .  එසේම බලය ලත් විට එය තව තව වැඩි කල ගැනීමට හිතෙන බව පෙනේ ." බලය ඇති විට මොලය නැත .මොලය ඇතිවිට බලය නැතැ"යි  පුවත්පතක පලවී තිබෙනු දුටිමි. බලය ඇති විට පිරිවර බොහෝය . නැති විට ඉන්නේ  හොඳම යහළුවනුත් පවුලේ අයත් පමණි . මේ දේශපාලනයට අදාල දෙයක් නොවේ . ලෝකේ සම තැනම හෝ ආයතනයක  බලවතුන් ළගින්ම සිතින්  අය  බලය නැති විට මාරු වන්නේ පැදුරටත් නොකියය .එවිට ළඟ සිටින්නේ බොහෝ විට බලය ඇතිදා ගණන් නොගත් අවංකවම වැඩ කල හා වැරදි පෙන්වා දුන් අයය. බලය තාවකාලික බව බලවතුන්ට තේරෙන්නේ බලය නැති වූ පසුය. සැමදා බලය නැති බව පසක් කර ගැනීමත් , සම දෙයට අවදාන වන්දිබට්ටයන් ගෙන් ප්‍රවේසම් වීමත් බලවතුන්ට  වෙනු ඇත . නැතිනම් එය වැටහෙන විට ප්‍රමාද වැඩි විය හැක .