Wednesday, July 29, 2015

ශ්‍රී ලංකාවේ බලකොටු- ලන්දේසී සහ ඉංග්‍රීසි යුගයේ බලකොටු


 

 

ලන්දේසීන් විසින් සාදන ලද කොටු පවුරු අතර හම්බන්තොට දිස්ත්‍රිකයේ කටුවන, පුත්තලම් දිස්ත්‍රික්කයේ කල්පිටිය බලකොටුව සහ මාතර තාරකා කොටුව ප්‍රධාන ස්ථානයක් උසුලයි. මින් කල්පිටිය බලකොටුව පසු කලෙක බ්‍රිතානයන් විසින් අත්පත් කරගෙන හමුදා කටයුතු සඳහා යොදා ගන්නා ලදි. කාලයක් අත්හැර තිබූ මෙම බල කොටුව පසුව යුද්ධ සමයේ දී නාවික හමුදා කඳවුරක් ලෙස භාවිතයට ගන්නා ලදි.
නිල්වලා ගඟ අසබඩ ඇති මාතර තාරකා කොටුවට ඒ නම ලැබී ඇත්තේ මුළු හයකින් යුත් තරුවක හැඩයෙන් යුතු සුවිශේෂී සැලැස්ම හේතුවෙනි. මෙය ලන්දේසින් විසින් සාදන ලද අවසාන ප්‍රධාන බල කොටුව වන අතර පසුව ඉංග්‍රීසින් විසින් පරිපාලන කාර්යාලයක් ලෙස භාවිත කරන ලදි.

මුළු දිවයින ම 1815 දී යටත්කර ගත් ඉංග්‍රීසින් පෘතුගීසින් හා ලන්ද්සීන් විසින් සාදන ලද බලකොටු අත්පත් කරගෙන භාවිත කළ මුත් ඉතා විශාල බලකොටු වැඩිපුර තැනවීම සිදු නොකරන ලදි. කෙසේ වෙතත් හම්බන්තොට මර්ටේලෝ කුලුණ මාතලේ මැක්ඩොවාල් බලකොටුව යනාදිය ඉංග්‍රීසින් ගොඩ නංවන ලද බලකොටු වේ. හම්බන්තොට කුලුණ පසුව රජයේ කාර්යාලය සහ කෞතුකාගාරය සඳහා යොදා ගන්නා ලදි .

කන්ද උඩරට රාජ්‍ය සමයේ සටන්වල දී ආරක්ෂාව සඳහා ගොඩ නංවන ලද මෙය ඉංග්‍රීසි හමුදාවේ අණදෙන නිලධාරී,මේජර් ජනරාල් හෝ මැක් ඩොවෙල් නමින් ද නම් කරන ලදි. 1848 මාතලේ කැරැල්ලේදී වීරපුරන් අප්පු ප්‍රමුඛ කැරලිකරුවන් මෙම කොටුපවුර අල්ලා ගන්නා ලද අතර නැවත ඉංග්‍රීසින් විසින් මෙය අත්පත් කරගන්නා ලදි. වර්තමානයේ මෙහි නටඹුන් පමණක් දක්නට ලැබේ. මෙම කොටුව තුළ විරු ස්මාරකයක් සහිතවඉදිකර ඇති අතර මාතලේ සුසාන භූමියක් ලෙස භාවිත කරයි.

ශ්‍රී ලංකාවේ පෙර රජ දවස පමණක් නොව පසු කලෙක යටත් විජිත යුගයේ ද අමරණීය සිහිවටන ලෙස ඉදි කළ මෙම බලකොටු දිවයින පුරා විසිරී ඇති අතර අද ද සංචාරක ආකර්ෂණය දිනා ගනිමින් විරාජමාන ව පවති. මේවා බොහොමයක් පුරාවිද්‍යා දෙපාරතමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල වැනි ආයතන මගින් සංරක්ෂණය කර පවත්වා ගෙන යයි. ශ්‍රී ලංකාවේ ඉතිහාසය මතු පරපුරට රැගෙන යනු වස් මෙම පෞරාණික බලකොටු ආරක්ෂා කරගැනීම සැමගේ වගකීමකි.

 

ශ්‍රී ලංකාවේ බලකොටු-.පෘතුගීසි යුගයේ බලකොටු


 


 

රජ සමයෙන් පසු ග්‍රී ලංකාව යටත් කරගත් බටහිර ජාතීහු ද දේශීය රජවරුන්ගෙන් සහ තරඟකාරී වීම පිණිස විදේශීය බටහිර ජාතීන්ගෙන් ආරක්ෂාවීම පිණිස බලකොටු තැනවූහ.පෘතුගීසි යුගයේ බලකොටු  මේ අතරින් පෘතුගීසි යුගයේදී කොළඹ කොටුව,ත්‍රිකුණාමල කොටුව  ,අරිප්පු බල කොටුව සහ මුල් ගාලු කොටුව ඉදිකෙරිණි. කොළඹ කොටුව 1965 දී ලන්දේසීන් විසින් අත්පත් කර ගන්නා ලදි. මේ වන විට එහි කොටු පවුර විනාශ වී ඇතත් කොළඹ ප්‍රදේශ නාම අතර කොටුව, පිටකොටුව යනාදිය අදටත් භාවිත වේ .මෙම ප්‍රෙද්ශ අදටද දිවයිනේ ප්‍රධාන කාර්යාල සහ වෙළඳ ප්‍රෙද්ශ ලෙස ක්‍රියාත්මක වේ .

ත්‍රිකුණාමලයේ කෝනේෂ්වරම් කෝවිල අසල අද ද දක්නට ඇති බලකොටුව පෘතුග්‍රීසින් විසින් ගොඩ නඟන ලදු ව පසු ව ලන්දේසීන් විසින් අත්පත්කරගෙන ෆෙඩ්රික් බල කොටුව ලෙස නම් කරන ලද්දකි. පෘතුගිසින් විසින් ස්ථාපිත කරන ලද මඩකලපුවේ බල කොටුවෙහි වර්තමානයේ මඩකලපු දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය පිහිටා ඇත. මෙම බලකොටු දෙකම වර්තමානයේදී ද කාලතුවක්කු ,කුළුණ අගල් යන ආදිය දක්නට ලැබේ.
 

මන්නාරම ආසන්නයේ ඇති අරිප්පු බල කොටුව පසු කලෙක බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ෆෙඩ්රික් නෝර්ත් විසින් තම නිල නිවස කර ගත් අතර එය වර්තමානයේ ඩොරික් බංගලාව ලෙස හඳුන්වයි. සමුද්‍ර ඛාදනය නිසා මෙම බල කොටුවේ කොටස් හානි වී ඇති නමුත් වර්තමානයේ ද පුත්තලම-මන්නාරම මාර්ගයේ දක්නට ලැබේ.පෘතුගීසින් විසින්  ඉදිකරනු ලදුව පසු කලෙක ලන්දේසීන් විසින් අත්කර ගැනීමෙන් පසු හැමන්හිල් ලෙස නම් කළ බල කොටුව පසුව බන්ධනාගාරයක් ලෙස භාවිත කරන ලදි. 1971 කැරැල්ල අවධියේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඇතුළු පිරිසක් මෙම බන්ධනාගාරයේ සිටියේ යැයි ප්‍රකට ය. මේ වන විට  ග්‍රී ලංකා නාවික හමුදා පාලනය යටතේ මෙහි සංචාරක නිවසක්  පවත්වා ගෙන යන අතර පැරණි බන්ධනාගාර සිර මැදිරි තවමත් දැකිය හැකි ය.  යාපනය කොටුව  ග්‍රී ලංකාවේ යුධ සමයේ දී යුධ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වූ අතර එහි මුදා ගැනිමේ මේහෙයුම් ද ක්‍රියාත්මක විය.
වර්තමානයේ දි ඉතා පෞඪ ලෙසින් දිස්වන ගාලු කොටු පවුර මුලින් ම ගාලු වරායෙන් ලංකාවට පැමිණි පෘතුග්‍රීසීන් විසින් ඉදිකර පසුව ලන්දේසීන් විසින් අත්පත් කර වැඩි දියුණු කරවන ලද්දකි. කොරල් සහ කළු ගල්වලින් නිර්මිත මෙයින් ලන්දේසි පාලන ප්‍රදේශයට ආරක්ෂාව සැලසුණු අතර  පසු ව බ්‍රිතානයන් විසින් අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ පාලන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක විය. මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් වන අතර ගාලු කොටුව තුළ ඉදිකිරිම් සිදු කළ යුත්තේ ද එහි පෞරාණික භාවයට හානියක් නොවන සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමතිය සහිතව ය. කලකට පෙර ගාලු දිස්ත්‍රික්කයේ පරිපාලන  කටයුතු මෙහෙය වූ කච්චේරි ගොඩනැගිල්ල, අධ්‍යාපන දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය කාර්යාල බොහොමයක් කොටුව ප්‍රදේශයේ පිහිටා තිබිණි

ශ්‍රී ලංකවේ බලකොටු- පැරණි රාජධානිවල බලකොටු


 

ග්‍රී ලංකාවේ බලකොටු පිළිබඳ ඉතිහාසය පෙර රජ දරුවන්ගේ සමයට දිව යයි. බොහෝ බලකොටු; රාජධානි සඳහා ආරක්ෂක මෙහෙයක් ඉටු කර ඇත. සතුරු බලමුළුවල පැමිණීම කපොලු තුළින් ඈත සිට නිරීක්ෂණය කර පහර දිය හැකි වීම, දිය අගල් වැනි උපක්‍රම යොදා තිබීම නිසා  පහසුවෙන් ප්‍රවිශ්ඨ වීමට නොහැකි වීම ආදී කරුණු හේතුවෙන් රාජ්‍යයේ ආරක්ෂාව සැලසුණි .

 

අනුරාධපුර යුගයේ විජිතපුර බලකොටුව පිළිබඳ මහාවංශය, දීප වංශය, ථූප වංශය සහ රාජාවලිය යන ග්‍රන්ථවල සඳහන් වේ. එළාර රජු විසින් මෙම බලකොටුව ශක්තිමත් කර පවත්වාගෙන ගිය අතර  දුටුගැමුණු රජු විජිතපුර සටනින් මෙම බලකොටුව  ජය ගැනීමෙන් ම දුටුගැමුණු රජුට අනුරාධපුර රාජ්‍යය අත්පත් කරගැනීමට ඉඩ සැලසුණු බැව් සඳහන් ය.

සීගිරිය අනුරාධපුර යුගයේ ම තවත් බලකොටුවක් ලෙස සැලකේ. ධාතුසේන රජුගේ පුත් වූ කාශ්‍යප කුමරු රජවීමෙන් පසු තම රාජ්‍යය සීගිරිය වෙත ගෙන ගියේ පීතෘ ඝාතනයට පළිගැනීමක් ලෙස සටනට පැමිණිය හැකි මුගලන් කුමරුගෙන් ආරක්ෂා වීම සඳහාය.  දිය අගල්, පොකුණු ආදි ජල කර්මාන්ත, ගලින් කළ සිංහ පාද සහ සීගිරි බිතු සිතුවම් හේතුවෙන් අදටත් ලොව අටවැනි පුදුමය ලෙස දනන් මවිත කරවන සීගිරිය එදා හෙළ දරුවන්ගේ දස්කම් විස්කම් ලෙවට හඬඟා පවසයි.එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන,විද්‍යා හා සංස්කෘතික සංවිධානයේ (යුනේස්කෝ) ලෝක උරුමයක් ලෙස ද මෙය නම් කර ආරක්ෂාව සලසා ඇත.

සෙංකඩගල රාජධානි යුගයේ දී බලන කපොල්ලෙහි  බල කොටුවක් තිබූ බැව් සඳහන් අතර සීතාවක බලකොටුවේ නටඹුන් අද ද අවිස්සාවේල්ල-පනාවල මාර්ගයේ දැකිය හැකි ය.

Saturday, July 4, 2015

ජුලි 4..



ජුලි 4. අද මගේ උපන් දිනය .මගේ phone  එක බැටරි බැහැල උදේ off  වෙලා. මගේ සමහර යාලුවෝ අම්මගේ phone  එකටත් කතා කරලා සුබ පතල තිබුන. ෆොනේ එක ඕනේ කරද්දී msg  5-6ක්. FB  එද්දිදීත් විශ් කරපු අය ගොඩක් හිටිය. මගේ යාලුවෝ ගොඩක් රටවල පදිංචි නිසාත් , ගොඩක් රටවල මට යාලුවෝ ඉන්න නිසාත් මට අද දවස උද වෙන්න කලිනුත් සුබ පැතුම් ලැබුණා . වෙලාවේ වෙනස නිසා  පසුදාට පහන් වන තුරුත් ඒවා තිබුණා . මගේ වලල් එකේ තිබුණු  සුබ පැතුම් එකසිය විසි ගනනටමයි, මගේ ෆොටෝ  එකට විශ් කරපු හැමෝටමයි , private msg  දාපු හැමෝටමයි reply කලා .  මගේ phone එකට කතා කල යාලුවෝ , සමහර නිලදාරීන් මගේ උපන් දිනය දන්නේ කොහොමද? එකට ව්සුබ පතන්න වෙලාවක් වෙන් කර ගත්තද කියල හිත ගන්නවත් බෑ . FB  එකට පසුව ලොග් වුනු ය තව දවස් 3-4ක් සුබ පැතුම් එවනවා . ලෝකය පුංචි වෙලා. සම්බන්දතා පවත්වාගෙන යන්න පහසු වෙලා . ඉතින්  හැමෝටම ස්තුතියි .  cake  ඉල්ලපු අයටයි මේ.. හැබැයි ඉටිපන්දම් ගණන ගණන් කරන්න තහනම් ..

Friday, June 12, 2015

සෙනෙහසේ කතාවක් ..




 .


ඇය  ගැන මා  මීට පෙරද ලිය ඇත. Necto බෝතලයක් තුලින් මැලේසියාවේ විශ්ව විද්යාල කැන්ටිමක  ඇරඹි අප මිතු දම අප ලංකවට පැමිණි පසුත් ඇය විවාහ වී ඩුබායි ගිය පසුත් නොබිදී පැවතිනිලකුණු කිහිපයකින් ලංකාවේ සරසවි  වූ ඇය පිටරට සරසවිකට ගියේ දැනුම් පිපාසය නිසා මිස දෙමාපියන්ට විසි කිරීමට මුදල් තිබු නිසා නොවේ . දෙමාපියන්ට සහනයක් වීමට  අර්ධ කාලීනව විශ්ව විද්යාල පුස්තකාලයේද සේවය කලායදයාබර සොහොයුරියක් වූ ඇය  නිතරම තම නැඟී සහ මල්ලි ගේ අධ්යාපනය ගෙන වෙහෙසුනාය .  රසිඳි  ඇගේ කුලුදුල් දියණියයි . දරු ප්රසූතියට මාස කීපයකට පෙර ලංකාවට ඒමට බලාපොරොත්තුවෙන් සිටියදී ඇති වූ හදිසි රෝගී තත්වය මත රසිඳි  තම මවු කුස හැර බොහෝ වේලසනිනින් මෙලොවට  මට සිදුවූවාය . ඇය  ගේ ජීවිතය රැකීමට  ඩුබායි හි පෞද්ගලික රෝහලක ගත කල යුතු කාලය සඳහා අවශ් මුදල් සෙවීමට  ඉමේෂා  හා ඇගේ  ස්වාමි පුරුෂයා සමීර නොගත් වෙහෙසක් නැත . ඔවුන්ගේ කතාව දෙස් විදෙස් පුවත්පත් වලින් නොනැවතී , face book  අන්තර්ජාලය හරහා ලෝක ප්රසිද්ද විය . ලඟින් සිටි මිතුරියක් වුවද අගේ තොරතුරු දැන  ගන්නේ  face book හරහා පමණි .  මේ කතාව දැනගත් විට අගේ මව ඇමතු විට දුරකතනය හරහා ගලා   තමා  අවැසි මොහාතේ එනම් ටහම දියණිය මවක් වූ මොහොතේ තම අසනීප තත්ත්ව මත ඇය  ළඟ රැඳීමට නොහැකි වූ මවකගේ වේදනාව අස තව දුරටත්  වෙහෙසට පත් කරනු නොමන බව හැගීමෙනිඉමේෂා  සිය සැමියා සමග ඩුබායි ගියේ යස ඉසුරු පත නොව ජීවිතයට සවිමත්  ගැනීමට බව මම හොදාකාරවම දනිමි.( මා එලෙස  කියන්නේ සම හරක් ඔවුන්ගේ කඳුළු දෙස බලා  දැමු කෲර  comments  හේතුවෙනි .) කෙසේවුවත් ඉමේෂා නංගි දුක තුලින් වුවත් ඔබට සතුටු විය හැකි කරුණු රාශියක් ඇත . ඔබ නිතරම් පවසන් ඔබේ පිය මෙන්ම දරුවන් වෙනුවෙන් කැපවූ ඔබට ආදරය කරන ස්වාමි පුරුෂයෙකු ඔබට ලැබී ඇත . ඔබේ මව මෙන්ම ඔබත් ඉතා දයාබර මවකි . ඉපදී දවස ගණනකින් ඔබේ දියණිය ලොව පුර සැමගේ අදරයට ලක් වූවාය . ඉතින් අගේ වර්තමා තත්වය හෝ රෝහල් බිල පිලිබඳ මගේ දැනුම අල්පයකෙසේ වුවත් තුනුරුවන් සරණින් රසිඳි දුව නිරෝගීව ඔබ ඇකයට  පැමිණෙනු ඇතඇයට  ආදරය කරන නැන්දලා මාමලා  ඔබගේ බර පැනට  උර දෙනු ඇත .ඉතින්  දිනෙක ඔබේ දියණිය වැඩිහිටි වූ විට ඇයට  මේ සටහන පෙන්වන්න . ඔබ  සෙනෙහසේ    කැපවීමේ සහ දිරියේ කතාව සහ ඉපදුනද සිටම ලොවක් ඇය  දෙස ආදරයෙන් හා ආශීර්වාදයෙන් බලා  සිටි බව  ඇය  දැනගනු ඇත.


Monday, May 25, 2015

Spot test


විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යාව හා උද්භිද විද්‍යාව හදාරන්නට Spot test  කියා වර්ගයක් ප්‍රයෝගික පරීක්ෂණයේදී ලැබේ . එහිදී සීමිත කාලයක් තුල දක්වා ඇති නිදර්ශකයක්  ගැනීම හෝ ඒ පිලිබඳ අස ඇති ප්‍රශ්න  වලට පිළිතුරු ලිවීමට සිදුවේ. කාලය අවසන් වූ පසු සෙනුවක් නද කිරීම මගින් අනිත් spot එක වෙත යාමට යොමු කෙරේ .සමහර demonstrator අක්කල නම් microscope එක සෑම සිසුවාගෙන් සිසුවටම  adjust  කරන්නේ slide එකේ ඇති දේ රහසේ කීමෙන් පසුවය . එසේ විදේශාධාර නොලැබුනත් practical හොඳට කලොත් නම් Spot test ගොඩයාම sure ය.එත් එක්   practical දිනකට ඉවර කෙරීමට නොහැකි තරම් නිදර්ශක ඇති නිසා අපි බොහෝ විට පුළු පුළුවන් දේ ඇඳ ගෙන අනික හොස්ටල් එකේ seniors ලගේ පොත් වලින් copy  කළෙමු . සමහර slides මේ කාලය තුලදී බිඳී යාම නිසා අපි නොදකින ලද slides ද ඇඳ ගෙන ඇති විට පුදුම වූ සමහර කතිකචාහ්ය වරු මේවා දැක්කේ කොහෙදිදැයි අසති . කෙසෙස් වෙතත රූප සටහන් ඇඳීමේ  දුර්වල මා A 4 කොළ නාස්ති කරමින් හා venus  පන්සල් වලට පින් දෙමින් මේ ව්‍යායාමය නිම කරන්නේ practical දින මධ්‍යයම රාත්‍රියේය . අවසානයේ මේ සටහන් එකතු කර පොත bind කිරීමට open canteen  එකේ හෝ Cba එකේ පෙළ ගැසෙන්නේ submission  එකට කලින්දය . කෙසේ වෙතත් වදෙන් පොරෙන් හෝ කවුරුත් මේ practical ටෙස්ට් වලින් ගොඩ ගිය බව නම් මතකය. (Photo-http://ebytes.shorecrest.org/)

Saturday, May 16, 2015

සුදු , කළු,අළු සහ වර්ණ ..


සුදු චරිත සහ කළු චරිත සිටින්නේ හින්දි සිනමා පටවල සහ ඉන්දියානු මාලා නාට්‍යවලය . පාරේ සිටි ගැහුණු ළමයි ගෙදර කැඳවා ගෙන ගොස් කිසිම තොරතුරක් නො විමසා සහෝදරිය හෝ දුව තතුරුරේ තබගන්නන්ද , තම සොහොයුරාට අකුල් හෙලීමට මුළු කාලය කැප කරන සොහොයුරියන්ද ඒවායේ සිංග නැත . සමහර පොත් වලද මේ තත්ත්ව ඇතත්  බොහෝ කළු චරිත වල සුදු තැන්ද , සුදු චරිත වල කළු  පැල්ලම්ද  මතු කරන පොත් බෙහෙවි .බොහෝ දෙනෙක්  මතුපිටින් කිරි සුදු යයි දකින අයගේ හදවත කළුම කළු යයි අත්දැකීමෙන්ම දනිමි. තම කළු යයි ප්‍රසිද්දියේ කියන්නෝ සුසුදු හදවත් ඇත්තෝ වීමටද ඉඩ ඇත . මෙය සමහරු ජීවිත කාලය තුලම තේරුම් නොගනියි. සමහරු තේරුනත් නොතේරුන සේ සිටිති .හැමෝම ආදර්ශයට ගන්න යයි උදාහරණ ලෙස දක්වන අයගේ ඇතුලාන්තය ඉරිසියාව , කැපී පෙනීමේ උවමනාව  මෙන්ම කපා  දැමීමේ වුමනාවද  පිරි ඇති බව දන්නේ ලඟින්ම ආශ්‍රය කරන්නෝ හෝ කැපී ගිය ඇත්තෝ පමණි . කෙසේ වෙතත් සමාජය තවමත් පොත් දකින්නේ කවරය තුලිනි . චාම් ඇඳුම , අඩු හෝ සිහින් කතාබහ තුලට වැටෙන ලකුණු ටිකක් කැපී පේන්නට අදින්නන්න්ට , ශබ්ද නගා  කතා කර සිනසෙන්නනට නොලැබේ . බොහෝ දෙනෙක් කරදරේ වැටහුණු විට ඉදිරිය එන්නේද , කතා කරන්නේද ඔවුන් එදා නොසලකා හරි කළු චරිත පමණකි තේරුම් ගන්නා විට ප්‍රමාද වැඩිය . මට හිතෙන විට ලෝකය colour blind ය. පෙන්නේ සුදු කළුචිත්‍රපටයක් සේය . මිනිසුන් වර්ණවත්ය . colour blind බහුතරයකට වර්ණ හදුනා ගත නොහැක . ඒ නිසා ඔවුන් ලෝකය දකින්නේ තමගේ දෘෂ්ටියෙනි . ඒ නිසා වර්ණ දැක ගැනීමේ භාග්‍ය නැත . වර්ණ දකින්නන්ට colour blind අයට එය විස්ටර කිරීමට අපහසු එය අන්දයට ඇතුගේ සැටි කීම හා සමාන නිසාය .