Wednesday, April 16, 2014

ගම ගාල්ලේ....




මගේ ගම ගාල්ලේය .  වැඩ බැරි වුනත් ගම ගාල්ලේ කියා කතාවක් ඇත .  යම් කිසිවකට මන් ඉතින් ගාල්ලේ නේ යි කී විට   තරමක් තරහ ගිය මගේ මිතුරෙක් කීවේ  ඔහුට ගමක් නැති බවයි . මව හා පියා වෙනස් ගම වල ඉපිද පියාගේ රැකියාව නිසා වෙනස්ම ප්‍රදේශයක ඉපිද කොළඹ  හැදී වැඩී  රැකියාව නිසා ලංකාවේ හැම තැනම ජීවත් වූ ඔහු කියන්නේ ලංකාවම තමාගේ ගම බවය . මා  දන්නා හැටියට  හැමෝටම ගමක් ඇත . එය උපන් ගම හෝ දිගු කලක් හැදුනු වැඩුණු ප්‍රදේශය විය හැක .  මා  මෙන්ම මගේ පියාද පියාගේ පියාගේ පියාද ගාල්ලේ ඉපදී හැදුනු වැඩුණු  පාරම්පරිකවම  මගේ ගම ගාල්ල  වී ඇත .  මගේ උප්පැන්න සහතිකයේ , හැදුනුම්පතේ මෙන්ම විදේශ ගමන් බලපත්රයේද උපන් ස්ථානය ගාල්ල ලෙසත් ගාල්ලේ මගේ නිවසේ ලිපිනයත් සදහන් වී ඇත . මා  ගාල්ල ජන්ද බල ප්‍රදේශයේ චන්ද දායකයෙකු නිසා ශ්‍රී ලංකා ප්‍රජන්තන්ත්‍රවාදී  ජනරජය ද මගේ ගම ගාල්ල ලෙස සලකයි . ඒ නිසා මම ගාල්ල මගේ ගම ලෙස සැලකීමට නීත්‍යානුකූල බාධාවක්ද නැත .
 මගේ සටහනේ  ගාල්ල ගැන  ලියවෙන්නේ මා  වැඩිපුර දන්නේ ඒ ගැන නිසාය . උදාහරණයක් ලෙස මහින්ද රිච්මන්ඩ් ක්‍රිකට් ගැටුම වෙනුවට රෝයල්  තෝමියන් ක්‍රිකට් ගැටුම ගැන ලියන්න මා  දන්නේ නැත .  මගේ ගමේ පාසල් කාලයේ  තොරතුරු ලිව්වත් ඒවා බේදයකින් තොරව වෙනත් ගම්  වල අයද  සියල්ලෝ රස විඳි බව මා  සමහර ප්‍රතිචාර වලින් දනිමි . ඒ ඔවුන්ගේ පාසල් වල අත්දක්කීම් හා බද්ද  කරගනිමිනි.  මා  ලියු  "take me  home  - country roads " සටහන ගමින් පිටවී ගම ගැන මෙනෙහි කරමින් වෙසෙන සියල්ලන්ම ගැන  සඳහන් කරමින් ලිවීමි . මා  ලියන්නේ මගේ සිතුවිලි නිසා එය ගම පැත්තට බරවීම ස්වාබවිකය .
මා  ජීවත් වී තිබෙන්නේ ගාල්ලේ හා කොළඹ පමණය . ගාල්ලේ ඉපදී හැදී වැඩුණු  මා  දෙපයින් සිට ගත හැකි කෙනෙක් කලේ කොළඹ ගෙන්දගම් පොලවයි .  ගාල්ලේ ඉන්න කාලයේ ගමේ යනවයි අපි අවුරුද්දට ගියේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් මගේ මවගේ මහා ගෙදරටයි .මා  පාසල් කාලයේ සිට ජීවත් වීම අසා  කල නගරය නුවරයි . වඩාම  චමත්කාරයක් ජනිත කල නගරය නම් ත්‍රිකුනමලයයි . නැවත නැවත යාමට ආස හිතෙන්නේ යාපනයේය . දිස්ත්‍රික්ක විසි පහේම මගේ හිතවතුන් දන්නා අදුනන අය  සිටිති .

මාර්ටින් වික්‍රමසිංහ ශූරින් කොග්ගල පදනම කරගෙන් ලියු කතා ලංකාව පුරා  ප්‍රචලිත වූ අතර  මගේ  ප්‍රියතම නව කතා රචිකාවක්  වන සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ බොහෝ නවකතා රත්නපුරය ප්‍රමුඛ සබරගමු පළාත පදනම් වී ඇත . නිර්මාණයක රචිත ප්‍රදේශයේ හතර මායිම් බලනු වෙනුවට නිර්මාණය කියවා  රස විදින්නන්ට  ගාල්ලගැන තොරතුරු මේ සටහනේ අඩංගු වීම   එහි රසයට බාදාවක් නොවුණු ඇති බව මගේ විස්වාසයයි .(photo courtesy - Wikipedia)

Sunday, April 13, 2014

Shopping .....................




අවුරුද්දත් එක්ක ගාල්ලේ මහා වීදියේ වාහන ගමනාගමනයට බාදා  පාර  දිගටම ඇඳුම් ගොඩ ගහලා ... අවුරුද්දට   පෝලිමේ ඉඳලා කොළඹ සාප්පු වලින් ඇඳුම් අරගෙන ගෙදර ආවත්   මන් අවුරුද්ද   දවසට කලින් දවසෙත් රෑ වෙනකම්  අම්මත් එක්ක shopping  යනවා ..අම්මා  එක එක අයට  තෑගි ගන්නවා ..ඒ මන් විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ .......

Sale  ...15% වට්ටම්  තියෙනවලු ..office  එකේ යාලුවෙක් කියනවා ..මන් එතනට ගිහින් පෙට්ටි වල දාල තියෙන සපත්තු ඇද  ඇද  බලනවා ...අවුරුද්දට sale තියෙන බව පාරේ දැන්වීම් ගහලා තියෙන  garment  එකක්  අපි වැඩට යන පාරේ තියෙනවා . වැන්  එකේ ය හෙමෝම හවස ගෙදර එන ගමන් එතනටත් ගොඩ වෙනවා ... මගේ ළඟ තියෙන credit  card  වලට discount  දෙන  shop එකකට ගිහින්   ඇදුම් ගන්නවා ...ටිකක් ගණන් වුනත්  ලොකු ලාබයක් වුන නේද කියල හිත හිත ගෙදර යනවා ........ මාර්තු මාසේ පඩියත්  අවුරුදු නිසා මාසේ මුල ලැබෙන  අප්‍රේල් වැටුපත්  උත්සව අත්තිකරමත් දන්නෙම නැතිව ඉවර වෙනවා ...office  එකේ වැටුප්  දවසට තියෙන පොලෙත්  ලස්සන සාරී  තිබුනම ගන්න හිතෙනවා ..

මස්ජිඩ් ඉන්දියා  දුම්රිය ස්ථානයෙන් බැහැලා  පාර  මාරුවුනම තියෙන සාප්පු ටික ඉන්දියාව ක්වාලාලම්පූර්  වලට ගෙන්වා වගෙයි ..ඉන්දියන් සාරී , විලවුන් , ආලේපන , විසිතුරු මාල  පාර දෙපත්තේම තියෙනව ..මගේ ඇස්  වහන්න මං  උදාරා  අක්කට කියනවා ..එත් යනකොට දෙන්නම බරට බරේ මලු දෙකක් උස්සන් කෝච්චියට නගිනවා ..China  Town  වල බඩු  කියන ගානට වඩා  දෙගුණයක් අඩු කරලා ඉල්ලන්න ...හැබැයි ඒ ගානට අවොත් නොගන ඉන්න එපා ...ඒ අයට තරහ  යනවා විශ්ව විද්‍යාලයේ  මිතුරියක් කියනවා ...හවස් වෙනකොට තවත් ගාන  අඩුයි ඉමේශා  කියනවා ..අපි branded  name  තියෙන  ඒ විදියටම  හදපු බැග් china town  වලින් අරගෙන  එනවා ..අවුරුද්දකින් පස්සේ ලංකාවට එනකොට මැලේසියන්  එයාර්  ලයින් එකෙන් ගහන දඩය ගෙව්වම අතේ රිංගිට් සොච්චමක් ඉතිරි වෙනවා .... " මේ සැරෙත් දඩ නම් sure "convocation  එකට දවස් 2-3ට අවමත්  අපි දෙන්න ගන්න  බඩු  දැකලා   මැලේසියාවේ ඉන්න ශ්‍රී ලාංකික මිතුරෙකු වන  රුවන් කියනවා ..

සිංගප්පූරුවේ orchard  street එකේ LV , Dior  වගේ branded name  තියෙන සාප්පුවලට ගිහින් window  shopping  කරලා Mustapha එකෙන් තොග මිලට තියෙන බඩු  ගන්නවා ..

සරෝජිනී නගර් එකෙන් ලාබෙට සාරී  ගන්න පුළුවන් යාලුවෝ ඉන්දියාවේ යන මට කියනවා ..සම්මන්ත්රණය  සංවිධානය කල අයම  ඒකට එන අයට shopping  යන්න වාහනයක් දෙනවා .. පැයකදී මාගේ මගේ අතේ ඉන්දියන් රුපියල් ඉවර වෙලා සාරී  පිරෙනවා ..dollar මාරු කරන කඩයකින් සල්ලි මාරු කරන් අයෙත් ශෝප්පින්ග් කරනවා .. T  -shirt  එකක් විතරක් ගත්තු මගේ  මාලදිවයින් යෙහෙළිය ඇස්  උඩ  තියල බලනවා ..

මෙහෙන් ගන්න එපා Bali  වල බඩු  ලාබයි ..සුරබයා වල අත්කම් වෙළඳ සැලකින්  තෑගී  භාණ්ඩ  ගනිද්දී ඉන්දුනීසියානු විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙක් කියනවා ... මේවයේ බඩු  quality ද  කියල කියන්න බෑ ..බාලි  දූපත් වල  වෙරළාසන්න සාප්පු වල ඇවිද යද්දී  පලස්තීන සගයෙක් කියනවා ..මන් ඒ කතා අහන්නේ නැතුව තෑගි දෙන්න තියෙන අය  හිත හිත බඩු  ගන්නවා ...ලෝකේ හොඳම shoppers ල ඉන්නේ ලංකාවේ " ඒක දැකල කෙන්යානු මිතුරියක් කියනවා ..අවරුදු නොනගතය එනකම් සාප්පු වල තියෙන පෝලිම් දැක්කම ඒක ඇත්ත කියල හිතෙනවා ..පිටරටක ගිහින් ලංකාවට ආවම  හැමදාම තෑගී  මදිවෙනවා ...ලෝකේ හොඳම shoppers ල  වගේම ලෝකේ තෑගී දෙන්න වැඩියෙන්ම  කැමති අය ඉන්නෙත් ලංකාවේ කියල මට හිතෙනවා

Friday, April 11, 2014

කැවුම්...




අවුරුදු ලං වනවිට කැවුම් වලට ලැබෙන්නේ විශේෂ තැනකි . නිවෙස් වල කැවුම් පිසින්න්ටත් වෙලදපොලේ කැවුම් විකිනීමට තිබීමටත් අමතරව කැවුම් සිංහල හා හින්දු අවුරුද්දේ සංකේතයක් බවට පත්වී ඇත. වෙළද දැන්වීම් වලත් අවුරුදු සංකේත කරන චිත්‍ර හා උත්සව වලත් කැවුම් ඉදිරියෙන්ම සිටී . ම කුඩා කල මගේ ප්‍රියතම රස කැවිලි වර්ගය වුයේ කැවුම් ය . එකල අවුරුදු සමය  මට ප්‍රීතිමත් වීමට හේතු වූ විශේෂ කරුණ වූ යේ  ඔන්චිලි පැදීමට ලැබීමත් කැවුම් කමට ලැබීමත් නිසාය .  කීපයක් තිය අපේ ආච්චි කැවුම් බඳී .  ඒ කැවුම් ඉතා රසවත් වූ අතර නිවසෙන් පිට ලිපක් බැඳ සීරුවෙන් තෙල් හැන්ද හා කූර කරකවමින් කොන්ද කැවුම් සැදීමට ඇ ඉතා දක්ෂය . කූර ලෙස යොදා ගත්තේ පිරිසිදු පොල් ඉරටුවකි . කැවුම්  සාදා  ඒවා තෙල් බේරෙන්න තැබුවේ   එලන ලද කිරි ගොට්ට මතය . දැන් මෙන් plastic  සුලබ නොවූ එකල  කිරි ගොටු සද තිබුනේ වේවැල් පතුරු වලිනි  කේතු හැඩයටය . (ඒ  නිසාම  ගණිතය පාඩමේදී  කේතුවට සැබෑ  ජීවිතයේ උදාහරණ ලෙස කිරි ගොට්ට මතකයට නගා  ගැනීම අපහසු නොවිණි.  දැන් නම් කේතු ආකාර  කිරි ගොටු දුලබය.) සාදන විටම උණු උණු කැවුම්   තෙල් බේරුණු පසු කිරි   ගොට්ටෙන් ගෙන  මට දීම ආච්චිගේ සිරිතය . පසුව කැවුම් සියල්ල නැවුම් මුට්ටියක දම කඩදාසියකින් කට බැඳ   අවුරුදු එන තුරු තබයි .  ආච්චිගේ උකුලේ වාඩිවී  පිටි මිශ්‍රණයෙන් ටිකක්  දම පොඩි කැවුමක් තනියම සැදුව මතකය . සැදීම අමාරු කොන්ඩ කැවුම් හදන හැටි මට ඉගැන්න්වීමට සිත හිටි ආච්චි මා එතරම් ලොකු වන තෙක්  ජීවත් නොවීය . ආච්චිගේ මරණින් පසු අපේ ගෙදර කිසිවෙක් කැවුම් පිස නැත .  මුල් කාලයේදී ආච්චි මතක් වීම එසේ නොකලත් පසුව කාර්යබහුලත්වය , සැදීමේ අසීරුකම ,  වෙළද පොලෙන් කැවුම් මිලදී ගැනීමට හැකිවීම එයට හේතු වන්නට ඇත . වෙළඳ පොලෙන් ගත්තත් කාට  හෝ කියා පිස ගත්තත්  වෙනත් ස්ථානයකඩේ කෑමට  ලැබුනත් ඒ කිසිම  කැවුමක් ආච්චිගේ කැවුම් මෙන් රසවත් නැත . ආච්චි කැවුම් පිසිද්දී ඒ හා බැඳුනු කතාද කීවාය . කුස ජාතකය ගැන මට කියා දුන්නේද එබඳු අවස්ථාවකදීය .  නාට්‍යනුසරයෙන්  දක්වමින්  දෙබස් කියමින් ආච්චි කියන මේ කතා කැවුම් තරම්ම රසවත් විය . මා   තුල යම් නිර්මනශීලිත්වයක් ඇත්නම් එය පෝෂණය වන්නට ඇත්තේද ආච්චිගේ තුරුලේ මේ කතා ඇසීමෙන් විය හැක . කෙසේ වෙතත් ආච්චි  අලුත කැවුම කෑමට  ලැබෙන විට ඒවා ආච්චිගේ කැවුම් තරම් රස නැති බව අපි  සැවොම කීමු. දැනුදු සමහර විට කැවුම් කද්දී ආච්චි සිහිපත් කරන අවස්ථා වේ. කැවුම් කමට මගේ ඇති රුචිය නැතිවී ගියේ ආච්චිගේ මරණයත් සමගය . මා  දැන් කැවුම් කන්නෙම නැති තරම්ය .  කොළඹ නේවාසිකව සිටි කාලයේ මගේ කැවුම් වලට පෙර වූ රුචිය දන්නා අම්මා  කොහෙන් හෝ කැවුම් ලැබුනොත් එක කැවුමක් හෝ ම එනතෙක් සඟවා තබා ගත්තද එය කෑමට  වත් එතරම් ආසාවක් නොවිනි. බදින  විටම උණු උණු කැවුම් කෑමට  ජීවිතයේ ඉදිරියේදී අවස්ථාවක් ලැබෙයිදැයි සැකය . එසේ ලැබුණත්  ආච්චිගේ ඇකයේ සිට රස කතා අහමින් රස විදී කැවුම් නම් මතකයක් පමණය .

Wednesday, March 26, 2014

Big Match එකෙන් පසු .


..
  මාර්තු මාසය Big  Match සමයයි ..Big  Match පාසල් වල සිසුන්ට එය annual  event  එකකි ..අපේ පාසල Big  Match වලට‍  අදාල නොවුනත් එකල මහින්ද -රිච්මන්ඩ් ක්‍රිකට්  ගැටුම අපටද annual  event  එකකි....අපි මේ පිළිබඳව කොතරම් උනන්න්දුද යත් නව ගොඩනැගිල්ලේ කෙලවර වූ 11 පන්තියට අපි ගිය දිනම අපේ මිතුරියක් පැවසුවේ "නියම  පන්තිය ..ශෝක්  එකට සයිකල් පෙරඩ්  එක බලන්න පුළුවන් යනුයි " ( අපේ පැතුම් බොඳ කරමින් සයිකල් පෙරඩ් එකට පෙර  අපේ පන්තිය රිජ් ගොඩනැගිල්ල වෙත මාරු කිරීම වෙනම කතාවකි ) කෙසේ වෙතත්  දෛවෝපගත හෝ සැලසුම් සහගත ලෙස අපේ පාසලේ වාර්ෂික දානය  හා පිරිත මේ දිනවලම යෙදන හෙයින් අපිට big  match  අත්දැකීම් වැඩිපුර ලැබේ . මං   පාසල් යන කලේ නම් ඔය තරගය කවදාවත් කවුරුවත් දිනුවේ නැත. දිනුවේ නැති වුනාට  එහි  අශ්වාදයේ අඩුවක් තිබුනේ නැත . කොටු පවර උඩට වී හෝ නගරයේ සංචාරය කල  පාසල් දෙකෙහි සිසුන්ටද (ගාලු මහජන ක්‍රීඩාංගනයට  වඩා  සමහර විට ප්‍රේක්ෂකයෝ අපේ පාසල  අවට සිටි අවස්ථාද තිබිණි .)  තරගයේ ජය පැරදුම එතරම්  වැදගත් වී තිබුනේයැයි නොසිතමි .  එකල නම් ඔරලෝසු කණුවේ හෝ නගරයේ කොඩි දැමීමේදී සිදුවූ සුළු සිද්දියක් හැර ගැටුමක් දකින්නටම නොවිණි. තිබුනද ඒවා තරගයෙන් පසු කාටවත් මතක තිබුනයිද නොසිතමි . එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "ආදර සටනක් " විය  .මෑත බාගයේදී පිට පිට වසර දෙකක් ම ක්‍රීඩා පිටියට නරබන්නන් කඩ වැදී තිබුණි.  කවුදෝ කියා තිබුනේ ගාලු පෙම්වතුන්  දැන් විවාහ වී ඇති නිසා ආදරය ගිලිහී ගොස් දරුණු සටන් ඇති වූ බවයි . මෙවර විනිසුරු තීරණය අනුව රිච්මන්ඩ් විදුහල ජය ගත්තද ජයග්‍රහණය අභිමුව සිටි ඔවුන්ට වඩාත් ආශ්වාදනීය  ජයකට යාම ප්‍රේක්ෂක බාදා  නිසා අහිමි වූ බැව්  හැඟිණි .  ඒ කෙසේ වුවද big  match  එක දැන් ඉවරය . අයෙත් එන්නේ ලබන වසරේය . එතෙක් face book හා වෙනත් මාධ්‍ය මගින්   සිද්දිය නැවත නැවත හෝද හෝද  මඩේ  දැමමීමත් පහර ගැසීමත් මේ පෙම්වතුන් දෙපලටම හොඳ මදි බව අල්ලපු ගෙදර එකෙක් වන මගේ සිතිවිල්ලයි . කවුදෝ කියූ ලෙස ගාලු පෙම්වතුන් දැන් විවාහ වී වියපත් වී ඇතත් අපි නම් ඉගෙන ගෙන ඇත්තේ දෙන්න දෙමහලන්න්ගේ රණ්ඩු  බත් හැලිය  ඉදෙනකම් විතරක් කියාය ....

Friday, March 14, 2014

තේ ...

තේ ගැන මුලින්ම ඉගෙනගෙන  තියෙන්නේ ලංකාවේ ප්‍රධාන  අපනයන භෝගය ලෙස ..උඩරට , මැදරට , පහතරට කියල තේ වර්ග 3ක් ගැන ඉගැන්නුවා ..තේ වල උද්භිද විද්‍යාත්මක නාමය Camilla  thea කියල ඉගෙන ගත්තේ උසස් පෙළ පන්තියේදී ....ඒ සේරටම කලින් ඉස්කෝලේ යන්නත් කලින් තේ වල හා සුවද  ගැන දන ගෙන හිටියා ..එක එක්කෙනා තේ හදන විදියත් තේ බොන විදියත්  වෙනස් ..කොඉතරම් මෝල්ටඩ් මිල්ක් , චොක්ලට්  පවුඩර් දැම්මත් ඒ මොනවත් නැතුව  අපේ අම්ම හදන තේ එකේ රස ලගින් යන්නවත් මට තේ හදන්න බෑ ..අපේ ආච්චි ඉන්න කලේ තේ හැදුවේ හැන්දෙන් කලත කලත  හරියට තේ කඩේක තේ හදනවා වගේ ..ඒ දවස්වල අපේ ගෙදර උදව්වට හිටි ගැනු  ළමයා  උණු තේ එක  මාරුවෙන් මාරුවට භාජන 2කට වත් කරලා නිවල දෙනවා ...පෙනත් එක්ක තියෙන ඒ තේ බොන්න ඒ දවස්වල මන් හරිම ආසයි ...  මැලේසියාවේදී අපේ විශ්ව විද්‍යාල කැන්ටිමේ ඉන්න චීන ආන්ටි  දිගට ඇදපු තේ එකක් "තේ තරීක් " කියල දෙනවා ..

මගේ මිතුරියක් කිරි දාල  තේ බොන්නෙම නෑ ..ඉන්දියාවේ තේ දෙන්නේ කිරි උණු කරලා දාලයි ..චීනේ  කොරියාවේ green  tea  ජනප්‍රියයි ..චීන අවන්හල් වලදී (මේවා හැම හන්දියකම තියෙන ඒවා නෙවයි ඔරිජිනල් චයිනීස් ) green  tea  කෝප්පය බීල ඉවර වෙන විටම නැවත පුරවනවා ...කසකස්ථානයේ ය බොන්න කැමති ice tea ..

ඉස්සර මන් plain tea  බොන්නේ  නෑ ..සැර  කෑමක්   කාල උණු උණුවේ ඉගුරු දාපු  plain tea එකක් බිව්වම තියෙන රස දැනගත්තේ රස්සාවට ආවම ...campus  හොස්ටල්  ඉන්න කාලේ පාඩම් කරරනකොට බඩගින්න නිවාගන්නත් නිදි මත නැති කරගන්නත් අපි තේ බිව්වා ..දැන්නම් රෑට  බොන්නේ Green Tea ..ඒ ශරීරයේ බර අඩු කර ගන්න ...

ලෝකේ පුරාම ඉස්තරම්ම් තේ ලෙස ලංකවේ තේ ජනප්‍රියයි ..වතාවක් පිටරටකදී මගේ ඊජිප්තු  මිතුරියක් මාව  චීන මිතුරියකට අදුන්ව දුන්නේ "ශී  ඉස්  ෆ්‍රොම්  සිරි  ලංකා ..යු නෝ සිරිලන්කන්  ටී " කියලයි . මුලින්ම විදේශ  රටකට ගිය වෙලාවේ hotel  room  එකේදී පාලුවෙන් වටපිට බලද්දී .මේසයක් උඩ  හොඳට දන්නා කෙනෙක් .." Pure  Sri  Lankan Tea "...ලෝකේ  හිටියත් තේ කොප්ප්යත් එක්ක අපි අපිට සුපුරුදු රස , සුවද , උණුසුම විදින්නේ එහෙමයි ..

ඉස්සර නම් තේ වලට  වැනිලා , ඉගුරු වගේ දේ විතරයි ...එත් දැන් විවිද පලතුරු රසිනුත් තේ එනවා ..විශේෂයෙන්ම දෙහි දාල  හදන ice lemon tea තියෙනවා ..ඒ වගේම සමහර තේ වලට පිච්ච ආදී මල් වේලලත් මුසු කරනවා ..කොහොම වුනත් විඩාපත් දවසක අවසානයේ තේ කෝප්පයකින් ලැබෙන ප්රෝබදමත් බව නම් කියලා  නිම කරන්න බෑ .. මම යනවා තේ එකක් බොන්න ...



Monday, March 10, 2014

MH 370



මැලේසියානු ගුවන් සේවයට අයත් MH 370 ගුවන් යානය  සෙනසුරාදා අතුරුදහන්  වුණා . තවමත් යානයට වූ දෙය ගැන නිසි තොරතුරක් නෑ . විදේශගතවූ  අවස්තාවන්හීදී  වැඩිම වාර  ගණනක් Malaysian  Hospitality (MH ) වින්ද කෙනෙක් විදියටත් වැඩිම කාලයක් ලංකාවෙන් පිට ජීවත් වූ රට ලෙස මැලේසියාවට ඇති කැමැත්තත් නිසා මේ සිද්දිය මගේ සිත  සසල කරන්න ඇති . අපි මැලේසියානු ගුවන් සේවය බොහෝ  බාවිතා  කලේ එය සාපේක්ෂව ලාබදායි  වූ නිසා . Air  Asia  එයට වඩා බෙහෙවින්  ලාබදායි වුනත් ටිකට්පත්  අවලංගු කිරීමට   මිස ගමන් වාරය  වෙනස් කිරීමට නොහැකි වීමත් budget airline  පිලිබඳ  එතරම් විස්වාසයක් හෝ අත්දැකීම් නොමැති වීමත් අපේ තේරීමට හේතු වෙන්න ඇති . බොහෝ විට අපි ලංකාවට මාලේ  හරහා මාලේ ගුවන් තොටුපලේ  නවතා  තිබෙන පැයක  කාලයේදී ශ්‍රී ලංකාව   බලා  යන මගීන්ට එලියට යන්න  දෙන්නේ නෑ . එත් මාලදිවයින් ජාතිකයන් යානය පිරිසිදු  කිරීමේ කටයුතු වල නිරත වෙනවා . පරංගියා  කෝට්ටේ  ගියා වගේ  ලංකාවට  රවුම් පාරකින් එන මේ ගමනේ ක්ගුවන් කාලය දීර්ග වුනත් දූපත් ගොඩකින් සමන්විත මාලදිවයිනට රාත්‍රී කාලයේ ගොඩ බසින  විට දක්නට ලැබෙන දර්ශනය නම් ඉතාමත් අලංකාරයි . රාත්‍රී විදුලි ආලෝකය යටතේ ගුවන් යානයේ සිට මෙය ජායාරූප ගත කිරීමට බොහෝ වරක් ගත්  උත්සහය අසාර්ථක වුණා .  කලෙක ඉන්දුනීසියාවේ සිට මලයාසියාව හරහා ලංකාවට පැමිණීමේදී මේ route  වෙනස් වී කෙලින්ම කොළඹ බලා  ආවා මතකයි .
කොහොම වුනත් ඉතාම දුකින් පවුලේ අයගෙන් වෙන්වී  පැමිණ ඊටත් වඩා දුකින් සහෘදයන් ගෙන් වෙන්වී පැමිණි ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අතුරුදහන වූ ගුවන් යානයේ මගීන්ගේ නෑ  හිත මිතුරන් රැදී සිටිනු දැකීම අතිශය දුක්බරයි.  ආරක්ෂාව අතින් ඉතා ඉහල තැනක  තිබෙන ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ  එක ස්ථානයකින් එහාට  දියර වර ගෙනයන්නත් බෑ . අපි ගෙනයන චූටි වතුර බෝතලෙත් එතනදී බීල ඉවර කරලා flight  එකේ drinks  දෙනකන් තිබහින් ඉන්නවා. ඒ වගේ තැනක අනුන්ගේ passport  එකකින් වෙනත් 2කු  ගුවන් යානයේ යාම සිත ගන්නවත් අසීරුයි .කොහොම වුණත්  මේ අසීරු මොහොතේ එකිනෙකට චෝදනා නොකර ගනිමින් ජාතියක් ලෙස එකට සිටින මලෙසියා නුවන් ගෙන තිබෙන්නේ පහන් හැගීමක් .  සර්ව ආගමික නායකයුනුත් මෙයට එක්  වී සිටියා . කොහොම වු නත් තවමත්  බලා  සිටින්නන්ගේ හදේ  ගිනි නිවාලන සැනසුම් සහගත ආරංචියක්  MH  370 ගැන  ලැබේවායි මාත්  ප්‍රර්ථනා කරනවා.

Wednesday, February 26, 2014

පුංචි පුංචි පැල් ෂා හරිම ලස්සනයි ........






මං 4 වසරේ දී අම්මා මම කුඩා මිතුරි කණ්ඩායමට යොමු කලේ එදිනෙද වැඩ මට තනියම කරගන්න පුහුණුව ලැබෙන්න කියල (ඊට පස්සේ අම්මගෙයි තාත්තගෙයි එදිනෙද වැඩ නම් වැඩි වෙන්න ඇති ) ටික කාලෙකින් wings අරන් මාත් බාලදක්ෂිකා රැලට පියෑබුවා කියමුකෝ . ඊට පස්සේ තමයි Camp යෑම ආවේ ...මුලින්ම ආවේ Kandy Camp එක ..නුවරට කොයිතරම් ආස වුනත් දවස 10ක් විතර වුන ඒකට යන්න ගෙදරින් ඉඩ ලැබුනෙත් නෑ . ඊට පස්සේ ගාල්ලේ තිබුණ camp එකකට අපි ගියා ...වවුලන් ක්ෂීරපායි බව දැන ගෙන හිටියට උන් වැසිකිලි පාවිච්චි කරන බව මේ camp එකේදී ඉගනගත්තදෙයක් ..ඊට පස්සේ Camp එක තිබුනේ බත්තරමුල්ල ශ්‍රී සුභූති විදුහලේ ..(අදත් මට සේවා අවශ්‍යතාවයකට මේ පාසලට ගියාම මතක් වෙන්නේ අපේ ජුබිලි camp එක.) බාලදක්ෂිකා ව්‍යාපාරේ 60-70 වෙනි සංවස්තරය වෙනුවෙන්යි මේක පැවැත්වුනේ ...ඒ අවට පාසල් කීපයකම කඳවුරු තිබුණා ...පළමුවෙනි දවසේ අපි ගමන් වෙහෙස නොබලා කඳවුරු බැන්දා ..රෑ සීතල මොකද කියල බලනකොට වැස්සට අපේ කූඩාරම ඇඟට වැටිලා ...වැස්ස නිදා දවස් දවස් 7න් 4ක් විතර අපේ කූඩාරම වුනේ ශාලාව ...පෙරුම් පුරාගෙන සාර්ථක 5 වෙනි පාරටත් 6වෙනි දවසේ කූඩාරම ගගෙන් නිදා ගන්න ගියාම එදත් ටිකකින් අපි කූඩාරම ඇගේ නිදි ..වටෙම් ගංවතුර නිසා ශාලාවේ corridor එකකට ගියත් එහි පොල්මන්කාර සුනක පෝතකයෝ එක්ක දේශ සීමා අරගලයක පටලෙන්නත් වුණා...ශාලාවේ අපි නිදා ගත්තේ අන්තිමට ... ඒ අපිට දුවලා , පැනලා හරි ඉගෙනීමෙන් හරි record තියන්න බැරි නිසා නිදි මරලා record තියන්න තියර ඇරෙනවා ..තිරය වැහෙනවා සින්දුවේ නව පද මාලාව නිර්මාණය වුනේ මෙතනදී ..( මේ ගැන අපේ record breaking team නිලුක්ෂි , බෝධිනී , ඉනෝකා වගේ අය දන්නවා ..ආශිනි ගේ sleeping bag එක එයා නැතුවත් camp ගිය නිසා එකත් දන්නවා ..) මේ සීමාවේදී අපිට පේද්‍රිස් උද්‍යානයේ රැලියකුත් තිබුණා ..අපි බස් එකේ කුරුණෑගල බලදක්ෂිකවොත් හිටියා ... අද දවසේ පාසල් ශිෂ්‍යාවන්ට මාරක අවි වෙලා තියෙන facebook , ජංගම දුරකථන නොතිබුන නිසා අපි ඒ අයගේ ලිපින ඉල්ලගෙන ගවුමේ pocket එකේ දාගත්ත ..ගවුමත් එක්ක එක මතක වෙලා සේදුන නිසා මිත්‍රත්වයේ ආයුෂ 1 දවසයි ...මගෙන් ලිපිනය ඉල්ලාගත් අනෙක් මිතුරියන්ටත් ඒ ආනිසංසයම වෙන්න ඇති ..මේ රැලියේ තිබුණ අබියෝගිත කුසලානය සඳහා අපි නව cooking methodology එකක් ඉදිරිපත් කලා ..ඒ T -shirt එක noodle පෙරීම සඳහා යොදා ගැනීම ..අලුත් theory එක තුලානි ගේ ..ගාල්ල දිස්ත්රික්කයේ අපිට ලැබුනේ 2nd හරි 3rd place එක .. කොහොම වුනත් අතක් පයක් නොකැඩි දවස් 7 අවසානයේ අපි රජරට රැජිනියෙන් රුහුණු පුරවරේට ආව ...( එත් තව පොඩ්ඩෙන් අපේ කට්ටිය නවතින්නේ කන්ද උඩරට ..ඒ platform වැරදිලා නුවර කෝච්චියට නැගලා ..)