Monday, December 24, 2018

සින්තටික් සිහින




නාදනු පා තබන සරට
ගිගිරි වැයෙන තිරය ඇරෙන
නියෝන් බුබුළු දහසක් මැද
නිලංකාර දෑස රිදෙයි..

සද සිනා නිසරු තෙපුල්
කවට කතා සැණෙලි විසුල්
සිතුවම් කළ කොපුල් උපුල්
පිටාර යන කඳුළු ගඟයි ....

විද්බරවූ දිවිමන්සල
පරාජිතව හුදකලාව
වල්මත් වී තැවෙන සිතට
සිහින තවම බොහෝ දුරයි...

Wednesday, November 7, 2018

නැටුම්






නැටුම් පිළිබඳව මගේ සියලුම  අත්දැකීම් ශෝචනීයය. 4 වසරේදී කුඩා මිතුරි කණ්ඩායමේ කලගෙඩි නැටුමට මටද අවස්තවක් ලැබිණි. "අහසට පිබිනා ඒ රන් කලෙයා "  කියන  විට  මගේ දෑත පොලොව දෙසටත් " පොළොවට පිබිනා  ඒ රන් කලෙයා " කියන  විට මගේ දෑත අහස  දෙසටත් යොමු වීම නොනැවතී සිදු විය.  මගේ සුවිශේෂී දක්ෂතා නිසා මට individual trainer කෙනෙක් ලෙස අක්කා  කෙනෙක් ලබා දීමටද අපේ නැටුම් ගුරුතුමියට සිදු විය.

පසු කලෙක " Social Dancing " class එකක් පිලිබදව ම සේවය කල පාසලේ දරුවෙකුගේ මවක් දැනුවත් කල අතර මම නැවත නිවසට ඇරලීමේ  වගකීමද ය බර ගත්තාය. කෙසේ වෙතත්  අපේ නිවසට ඉතා ආසන්නව  තිබු class එක මට මග හැරුනේ class එකට එන ඇතැම් අය මෙයට පෙර අඩවූ කස්තිරම් ඇල්ලු අය බව පවසමින් මගේ දෙමාපියන් දැක්වූ  විරෝධයය. සමහරවිට මා  වැනි ආධුනික යෙකු එහි ගොස් ලජ්ජාවට පත්ව්ය් යයි ඔවුන් සිතන්නට ඇත.

ඊළඟ අත්ද්කීම ලැබුනේ විවාහයෙන් පසු මගේ සැමියත් සමග ගිය අවුරුදු වැඩසටහනකදීය.එහිදී අපිට නැටුමක් ඉදිරිපත් කිරීමට සිදු වූ අතර  මගේ සැමියා දුන් උපදෙස වූයේ " මොනවා හරි හිතල කරන්න" යන්නයි. මා  හිතා  අවසන් වන විටම අපිට නැටුමට තිබු කාලයද අවසන් විය. මගේ සැමියා තනියම ඉදිරිපත් කල රංගනය නිසා හෝ සංස්කරණ ශිල්පියාගේ දක්ෂතාවය නිසා හෝ TV  එකේ නැටුම එතරම් අවුලක් නොවීය. කෙසේ වෙතත්  මා  අත පය නොසෙල්වා  මුහුණින් පමණක් හැගීම් ප්‍රකාශ කල නර්තනය පිලිබදව අවබෝදයක් නොමැති නමුත් විවාහයට පෙර  දහ අට වන්නමද නටා  තිබූ කාන්තවක් කීවේ නළුවෙක්ගේ බිරිඳක් අනිවාර්යෙන්ම නැටුම් උගත යුතු බවයි.  මා  පෙර විවිධ නැටුම් නටා  නොතිබීම ගැන මගේ සැමියාගේ ඇත්තේ ප්‍රසාදයක් හෙයින් comments ගැන අවුලක් නැත. කෙසේ වෙතත් නැටු නැටුමක් නැතත් බෙරය ආරක්ෂා කර ගැනීමට ඉදිරියටත් සිතා සිටිමි.

Wednesday, October 24, 2018

Gym යාම

මම කොහොමත් මහතය. විවහෙයෙන් පසු තවත් මහතය. දිනක් අපේ නිවසේ ඇති මගේ ඡයාරුපයක්  දුටු කාන්තාවක් අසවල් නිළිය වගේ යයි කීය . තරමක ස්ථුල ශරීරයකට හිමිකම් කිව්වද ඇය  දක්ෂ , චරිතාංග  නිලියක් වූ නිසා මට කල ගෞරවය සලසා මම "Thank  you " යයි කීමි.

මගේ කිලෝ 70 ගානක් වූ ශරීරයේ බර  දරා  සිටින්නේ  මා  පමණක් නොවන බව මට ලැබෙන ප්‍රතිචාර වලින් පෙනේ. බොහෝ දෙනක් සිතන්නේ ම ඉතා දුක් මහන්සි වී මේ ශරීරය maintain  කරන බවය . Diabetes, pressure  ආදිය  නැතත් මගේ BMI  එක ඇස්  නල්ලලේ රදවන සුළු බව office එකේ සෞඛ්‍ය  කඳවුරට පැමිණි Dr  පැවසු හෙයින්  මා  ශරීර සුවතාව සඳහා උදේ ඇවිදීමට වීමි. මගේ jogging  companion ට සේවා අවශ්‍යතාව මත කෙටි කාලීනව gym  එකකට යාමට සිදුවූ හෙයින් මගේ jogging අඩාල  විය . මා   අකැමති දෙයකට මා පෙලඹවීම බල්ලන්  නාවන්නට  යාමට සමාන හෙයින් මගේ ස්වාමි පුරුෂයා මා gym යැවීමට බලපෑම් නොකලද මට gym බලපෑම් බොහෝය. Model like  figure  ලබාගැනීමට  මට වෘත්තීයමය හේතුවක් නැති බැවිනුත් ඒ ලබා ගත්තද උල් හා උස සපත්තු balance  කිරීම නොහැකි නිසා model  කෙනෙක්  වීම මේ බවයෙදී සිදු නොවේ. ඉතින් තවමත් gym  එකක AC  එකේ හිරවී instructions වලට කරන ව්‍යයම්යට වඩා තනිවම මගේ වේගයෙන් වැව , කුඹුරු,  ජලජ පක්ෂීන් දකිමින් හුලන්  වැදී වැදී ඇවිදීම ප්‍රිය කරමි.

Wednesday, June 29, 2016

සටහන් ..


අපි ඉස්කෝලෙදි ඉහල පන්ති වලදී වැඩි පුරම කලේ සටහන් ලියපු එක.. ගණිතය හා ප්‍රයෝගික විෂයන් වලදී හැර .. සමහර පොත්වල සටහන් නොතිබුනොත්  සමහර දෙමවුපියෝ අහන්නේ ඉගැන්නුවේ නැද්ද කියල..කොහොම වුනත් ඒ සටහන් ලිය ගන්න අපිට අමාර වුනේ නැ ..ප්‍රමාණවත් කාලයක් ලැබුණා...විශ්ව විද්‍යාලේ ගිහින් සටහන් ලියු අන්තිම පරම්පරාව අපි වෙන්න ඇති..ඒ සටහන් ලියාගන්න අමාරුයි ...මම 1st Year Chemistry lecture එකකදී board එක පුරා ඉකමනින් ලියු ඒ සැනින්ම මැකු සටහනක් මකන්න එපා කියල කිව්වම ඒ දේශක තුමා reference එක දුන්න පුස්තකලේදී බලන්න කියලා ..එක විෂයක lectures වල නම් අතරින් පතර  වැඩි පුර තිබුනේ හිස් තැන්  ඒ කථිකාචාර්ය තුමිය මුළු කාලෙම කලේ සටහන කියවන එක නිසා ... Hostel එකේ ඔක්කොම එකතු වෙලත් සටහන් ටික සම්පූර්ණ කරන්න බැරිවුණා වෙලාවල් තිබුණා ..මීට වෙනස් විදියට උගන්නපු අය ගේ lectures හොඳ වුනත් අන්තිමේදී විභාගෙට  පාඩම් කරනකොට දෙයක් නැතිව අවුල් වුණා ...විභාග කාලේදී පුස්තකාලේ notes තියල canteen යන්න එපා..hostel එකේ අක්කල කිව්වා ..ඒවා සමහාරු ගන්නවලු හගනවලු ...රෑ  එළිවෙනකල් මග හැරුණු සටහන් ලියපු වෙලාවල් තිබුණා ...Power point ජනප්‍රිය වුනාම slides වල printout එකම අතට ආවා ...දැන් නම් ගොඩක් අය එක්කෝ රෙචොර්ඩ් කරනවා ..නැත්නම් board එකේ ෆොටෝ ගහනවා ..පරණ පරම්පරාවේ නිසා තවමත් සමහර වෙලාවට හොන්දට් හිතල ලියන්න ඕනේ නම් අතින් ලියන්න හිතෙනවා ..වහින වෙලාවට අපි තෙමුනත් සටහන් නොතෙමි කුඩෙන් ආරක්ෂා කරගෙන..copy , paste නැතුව එක දේ නැවත නැවත ලියමින් ..ෆොන්ට් type හා style හිතේ මිම්මට වෙනස් කර කර ; පාට පෑන් වලින් font colour වෙනස් කල , භෞතිකවම highlighter , eraser හාවිතා කරමින්  සටහන් ලියපු ඒ කාලය හීනයක් ..අලුත් පරම්පරාවට කවද හරි මේ දේවල් ගැන හිතා  ගන්නත් බැරිවෙයි .. කොහොම වුනත් තාක්ෂනයට පින් සිදු වෙන්න සිංහල typing හුරු නැති වුනත් මම මේ සටහන ලියන්නෙත් පරිගනකයෙනමයි

Saturday, January 2, 2016

නොලියවුණු කවිය ...........



චන්දස් සපිරුණු
එළිසමය ගැලපුණු
එනමුත් නොලියවුණු
සිතේ පමණක් රැදවුණු

අරුත් සුන්වූ
සියලු රසහව්  දැනවූ
අනතුරු ලකුණු දැක්වූ
පදවැලකි නිම නොවුණු ...

දෙසැම්බර් 31 සහ ජනවාරි 01..


දෙසැම්බර් 31 ..පරණ අවුරුද්දක අන්තිම දවස...ඉස්සර පොඩි කලේ නම් මේ කාලෙට නිවාඩු... අම්මල ගෙවල් ඇස කරල නව වසර පිලි ගන්න ලස්ය්ති වෙනවා ..අපි නම් අලුත් පාසල් වාරේ ළඟ නිසා එකට පොත් එහෙම ලෑස්ති කර ගනිමිනුයි ඉන්නේ...දැන් අන්ම කාලෙකින් දෙසැම්බර් 31 ජනවාරි 1  දිගට office දවස් .. 31 වෙනිදට පරණ අවුරුද්දේ වැඩ ඉවර කරන්න , accounts  පියවන්න, progress දෙන්න දේවල් ගොඩයි..කලින් ඉවර කරන්න තිබුනත් හැමදාම නොවැලක්විය හැකි දේ මතු වෙන නිසා මෙහෙම වැඩ යෙදෙනවා...1 වෙනිදා මේ සේරම ඉවර කරලා නව වසරක..ප්‍රතිඥාව දීල...ආගම සිහි කරලා , කැවුම් කිරිබත් කාල  වැඩ පටන් ගන්නවා..එදාට දවස හරිම නැවුම්..කවුරුත් තරහ ගන්නෙත් නැහැ ..බනින්න හිතුනත් 1 වෙනිදා නේ කියල එක කරන්නෙත් නැහැ ..උදේට හැමෝම " සුබ අලුත් අවුරුද්දක් වේවා "..කියල කට පුර හිනා වෙලා සුභ පතනවා..එදා උදේට  office එකේ හැමෝම වගේ හම්බවෙනවා.. හැමදාම මෙහම් නම් හොඳයි කියල හිතෙනවා ...
අපේ ජීවිතෙත් දෙසැම්බර් 31 වගේ පරණ දේවල් ඔක්කම ඉවර කරන්න , අලුත් අවුරුද්දට නොගේනන්න අවසථාවක් /deadline එකක් එනව නම් හොඳයි හිතෙනවා..කුහකම්, නපුරුකම්, සතුකම්, සිත් රිදීම් , දුක්බර මතක් වලලා ජනවාරි 1 වගේ අලුත්ම විදියට ජීවිතේ පටන් ගන්නත් ගෙනයන්නත් ඇත්නම්...

Friday, November 13, 2015

නොආ ආකාශ වස්තුව


අපි කවුරුත් ආකාශ වස්තුව එනතෙක් මග බල සිටියෙමු. ධීවර නාවික කටයුතු 11 සිට 1 තෙක් නතර කිරීමටද උපදෙස් දී පණිවුඩ පැමිණිනි. නාසා  මොන මොන දේ කලත් අන්තිමේ artificial අකෂ වස්තුවේ කොටස  ගමන් මග ලෙස අපේ ගම පළාතම තෝර ගත්තේය .(එකෙත් හැටි ..සුනාමි නොදන්වාම අවෙත් එහෙටය.)   තාරකා  විද්‍යාඥයන් , වියතුන් පමණක් නොව ජෝතිෂ්‍ය වියතුන්ද විවිද මත  පළකළහ . ගොඩබිමට වැටුනොත් මොකද වෙන්නේ? මුහුද වැටුනොත් මොකද වෙන්නේ ? නොදැවී  වායුගෝලයට අවොත් මොකද වෙන්නේ ප්‍රශ්න ගොඩකි. මේ දවස්වල දැවෙන ප්‍රශ්නය ආකාශ වස්තුවය . සමහරු වැඩට යාමටද , දරුවන් පාසල් යැවීමටද මැලි වූහ . සමහර රූපවාහිනී සේවා නම් සජීව විකාශ සූදනම්  කරගෙන් දකුණු වෙරළබඩ තම ආයතනයේ ධජ ඔසවා camera  සූදානම් කරන ඉන්නටද ඇත. ආකාශ  වස්තුවේ ලෝහ හෝ වෙනත් නොදැවුණු කොටස් ඉතා වටිනා විය යුතු බව සමාහු මත පල කලහ . අකුණු සන්නායක , වාලම්පුරි , සුදු කැස්බෑවන් , වල්ලපට්ට්  මතු නොව කබර හූනන්ටද මිලක් නියම කල ඇත්තන් මේ කොටස් අවුල මිල කිරීමටද සිහින දකින්නට ඇත . ආකාශ  වස්තුව පුද්ගලික ඉඩමකට වැටුනානම් ඉඩමේ මිල  20 ගුණයක් වත් ඉහල යවා  ගන්නට තිබිණි. වෙරළබඩ නිසා " space debris beach  hotel " හෝ "space  cottage " වැනි නමක් දමා හෝටලය අරබන්නට හෝ එය බලන්නට එන්නට තේ , අහර , සමරු තිලින විකුන්නට මගක් හද ගන්නට තිබිණි.  සති අන්ත පත්තර පිටුවල් තබා තිබු ඉඩ වලට වෙන මොකක් හෝ දමන්නට වෙන්න ඇතිය. කෙසේ වෙතත් ආකාශ වස්තුව ලොවක් රවටා හොරෙන් අළුවී ගියේය .අදෝමැයි ...