Friday, November 13, 2015
නොආ ආකාශ වස්තුව
අපි කවුරුත් ආකාශ වස්තුව එනතෙක් මග බල සිටියෙමු. ධීවර නාවික කටයුතු 11 සිට 1 තෙක් නතර කිරීමටද උපදෙස් දී පණිවුඩ පැමිණිනි. නාසා මොන මොන දේ කලත් අන්තිමේ artificial අකෂ වස්තුවේ කොටස ගමන් මග ලෙස අපේ ගම පළාතම තෝර ගත්තේය .(එකෙත් හැටි ..සුනාමි නොදන්වාම අවෙත් එහෙටය.) තාරකා විද්‍යාඥයන් , වියතුන් පමණක් නොව ජෝතිෂ්‍ය වියතුන්ද විවිද මත පළකළහ . ගොඩබිමට වැටුනොත් මොකද වෙන්නේ? මුහුද වැටුනොත් මොකද වෙන්නේ ? නොදැවී වායුගෝලයට අවොත් මොකද වෙන්නේ ප්‍රශ්න ගොඩකි. මේ දවස්වල දැවෙන ප්‍රශ්නය ආකාශ වස්තුවය . සමහරු වැඩට යාමටද , දරුවන් පාසල් යැවීමටද මැලි වූහ . සමහර රූපවාහිනී සේවා නම් සජීව විකාශ සූදනම් කරගෙන් දකුණු වෙරළබඩ තම ආයතනයේ ධජ ඔසවා camera සූදානම් කරන ඉන්නටද ඇත. ආකාශ වස්තුවේ ලෝහ හෝ වෙනත් නොදැවුණු කොටස් ඉතා වටිනා විය යුතු බව සමාහු මත පල කලහ . අකුණු සන්නායක , වාලම්පුරි , සුදු කැස්බෑවන් , වල්ලපට්ට් මතු නොව කබර හූනන්ටද මිලක් නියම කල ඇත්තන් මේ කොටස් අවුල මිල කිරීමටද සිහින දකින්නට ඇත . ආකාශ වස්තුව පුද්ගලික ඉඩමකට වැටුනානම් ඉඩමේ මිල 20 ගුණයක් වත් ඉහල යවා ගන්නට තිබිණි. වෙරළබඩ නිසා " space debris beach hotel " හෝ "space cottage " වැනි නමක් දමා හෝටලය අරබන්නට හෝ එය බලන්නට එන්නට තේ , අහර , සමරු තිලින විකුන්නට මගක් හද ගන්නට තිබිණි. සති අන්ත පත්තර පිටුවල් තබා තිබු ඉඩ වලට වෙන මොකක් හෝ දමන්නට වෙන්න ඇතිය. කෙසේ වෙතත් ආකාශ වස්තුව ලොවක් රවටා හොරෙන් අළුවී ගියේය .අදෝමැයි ...
Thursday, September 24, 2015
නිලි වැස්සට තෙමීම ...
කත්‍යනා අමරසිංහගේ නිලි වැස්ස කියවුයෙමි . නිලි වැස්ස යන්න මට ආගන්තුක වචනයකි . එහෙත් පොතේ පිටුවන් පිටුව ඉතිහාසික , දේශපාලනමය අරගයක් තුල දිවෙන් රන් මැණිකා නම් සම්මතයට අභියෝග කල කතාව දිව යයි . කත්‍යනා මේ පොත පුද කරන්නේද මානව සංහතිය වර්ණවත් කල අසම්මත ගැහැණුන්ටය . අසම්මතය යනු අයහපත් හෝ පිළිගත නොහැකි දේ ලෙස බොහෝ අය සිතතත් මා එය දකින්නේ සම්මත රාමුවට අභියෝග ලෙසය .ලෝකය වෙනස් කර ඇත්තෙත් , විච්ත්රවත් කර ඇත්තෙත් සම්මතයට අභියෝග කල ගැහැණුය. සර්වජන චන්ද බලය ලබගනීමේදීත් , ලොව ප්‍රථම අගමැතිනිය පත් කර ගැනීමේදීත් ශ්‍රී ලාංකිකයන් සම්මතයෙන් බැහර වුහ . කෙසේ වෙතත් සම්මතයෙන් සමපූර්ණයෙන්ම බැහැර වූ ( වාරියපොළ තරුණිය , මාලඹේ කාන්තාව ) අදද සාකච්චාවට විචිත්‍ර මාතෘකා සපයයි . මොවුන් 100% නිවැරදි හෝ වැරදි යයි කීමට නොහැකි වුවත් මෙම සිදුවීම් අන්තර්ජලයෙද තවමත් පුවත් මවන්නේ ඒ සම්මතයෙන් ඔබ්බට වූ දේ නිසයි. ඉදින් රන් මැණිකා සුදු බණ්ඩාට කම්මුලට නොගැසූවානම් , ආගන්තුකයෙකු ගෙට කැන්දා නොඅවානම් , ඒ තරුණය සමග කන්ද උඩරටට නොපැමිනියානම් , රජුට නොබියව කතා නොකලානම් , ගාලු ලන්දේසි කොටුවට රජුගේ රහස් පණිවුඩය ගෙන යාමට එඩිතර නොවුනානම් , සිංහලේ රජු අමතක කර තම හිතට ඉඩදී ඕලන්ද කපිතාන් හා සෙනෙහින් නොබැදුනා නම් කතව මෙසේ විචිත්‍රවත් වන්නේ නැත . එහෙයින් කත්‍යනා මෙන්ම මමද ඇතිකිරිගල රන් මැණිකා නම්වූ මේ අසම්මත ගැහැණියට ඇලුම් කරමින නිලි වැස්සට තෙමෙමි .
Friday, September 18, 2015
උදුම්බරා පින්ගුත්තරට (නො ) කී කව ...
ඈත නුවරක රකින්නට තම මවුපියන් ඉන්නට ඇති
දීග අතරුනු කඳුළු වියලුනු නැගණි සිහිවන්නට ඇති
කැඩුණු ලනු ඇඳ කුලී ගෙදරක සුසම් රඳවා ගන්නැති
සකල ශිල්පය පනම් අටකට තුලාවට සරි වෙන්නැති
දීග අතරුනු කඳුළු වියලුනු නැගණි සිහිවන්නට ඇති
කැඩුණු ලනු ඇඳ කුලී ගෙදරක සුසම් රඳවා ගන්නැති
සකල ශිල්පය පනම් අටකට තුලාවට සරි වෙන්නැති
දිව බොජුන් සළු පිළි විලවුන් නැතත් මට කම් නැති
රාජ මාළිග , උයන් කෙලි දැසි දසුන් පිරිවර උරුමැති
මියැදී සිහිනය සි මැදුරු කවුළුවෙන් සුළඟට මුසුවෙති
මගේ කඳුලක් සිරි යහන ගැබ රහසේ සැඟවෙන්නැති
ගසේ පාමුල අතුල විසකටු වලට නවතනු බැරිවැති
මුදු වදන් රජ සිරිත් හමුවේ වුවත් අමතක වෙන්නැති
අතැර දා ඔබ ඉතිරි කර ගිය සන්තකය වූ අරුමැති
හදේ ඇමිනුණු එකම කටුවක් සදා තවමත්එහි ඇති
රාජ මාළිග , උයන් කෙලි දැසි දසුන් පිරිවර උරුමැති
මියැදී සිහිනය සි මැදුරු කවුළුවෙන් සුළඟට මුසුවෙති
මගේ කඳුලක් සිරි යහන ගැබ රහසේ සැඟවෙන්නැති
ගසේ පාමුල අතුල විසකටු වලට නවතනු බැරිවැති
මුදු වදන් රජ සිරිත් හමුවේ වුවත් අමතක වෙන්නැති
අතැර දා ඔබ ඉතිරි කර ගිය සන්තකය වූ අරුමැති
හදේ ඇමිනුණු එකම කටුවක් සදා තවමත්එහි ඇති
Thursday, September 17, 2015
අච්චාරු..
අපි පුංචි ඉස්කෝලේ එනකොට යාලුවෝ එක එක පලතුරු වාරෙට අච්චාරු අරන් එනව.. බිලින්, ජම්බු, පේර , ඇඹරැල්ල , වෙරළු ඒ අතරින් ප්‍රදානයි. ඒ දවස්වල 2-3 පන්තියේ ළමයෙකුටත් පලතුරු කපල හෝ තම්බල ලුණු, මිරිස්, ගම්මිරිස් දාල අච්චාරු හදන්න දැනුම තිබුණා . පසු කලෙක ගෙවල් වල මැලේ අච්චාරු සිංහල අච්චාරු හැදුවත් ඒවා පඩි පලතු කඩේ සිට තරු 5 හෝටල් දක්වා ගිහින් කෑවත් පන්තියේ කපු අච්චාරු රස අමතක නෑ .අදත් අමු වෙරළු දැක්කම ඒවා තමබ්බන , ජම්බු අච්චාරු හඳන්න හිතෙනවා. එත් ලඟදි දවසක් මම මේ ඕනෙම අච්චාරු වර්ගයක් විකුණන කඩයක් දැක්ක . ප්ලස්ටික් බජන හරි පොලිතීන් බැග් වල අහරි අච්චාරු දල දෙනවා . රසයි ..එත් ඒ දේවල් ඒ තරම් සුලභ නැති කලේ පන්තියේ තියාගෙන interval එකට කලිනුත් හොරෙන් කපු අච්චාරු රස තාම මතකයි
Saturday, August 1, 2015
අද වගේ දවසක..
කාලෙකට ඉස්සර අද වගේ දවසක තරුණ තරුණියෝ 62 ක් අලුත් පත්වීම් ගත්තා . විභාග 2ක් විතර තිබිල interview එක කල් ගිහින් කොහොම හරි නොහිතුවක වෙලාවක කැඳවීමක් ... පස්සෙන්ද ඉදන්ම මීගොඩ පුහුනුවක්ලු... නවතින්න දේ අරන් අවේ නැති මම අම්මා ගාල්ලේ යවල පස්සෙන්දට තත අතේ මීගොඩට බඩු එවන්න කිව්වා .. ලංකාවේ වටේම අය ..campus වල , ගමේ අඳුරන ය කීපදෙනකුත් හිටිය .....ඔක්කොම අම්පාර වගේ දුෂ්කර සේවා ස්ථාන වලට යවනවා කිව්ව් නිසා මුල් training එකේ සතුට නම් අඩුයි.. placement වලින් පස්සේ මීපේ, SLIDA මාස තුනේ පුහුණුව නම් රසවත්....පස්සේ තව කීප දෙනකම කණ්ඩායමට එකතු වුණා ......
තනතුරු නාමය නම් මුලදී ටිකක් සැර හා බර වැඩියි වගේ..ඒ නිසා විදුහල්පති පත්වීම් ගන්න ගිය අයගෙන් උසස් පෙළ ළමයෙක්ද කියලත් ..පාසල් අධීක්ෂණයට ගිය සහකාර අධ්‍යක්ෂවරයෙක්ගෙන් අලුත් විද්‍යා පීඨ ගුරුවර්යේක්ද කියලත් අහල තිබුන ..අමත්‍යන්ශයේ සහකාර අධ්‍යක්ෂවරුන්ට නම් නම් අලුත් සංවර්ධන සහකාර වරුන් කියලත් පටලාගත් ය හිටිය ...
කොහොම වුනත් වදෙන් පොරෙන් කට්ටිය අද යම් තැනක් ඉන්නව.. ප්‍රධාන ජාතික පාසල් වල විදුහල්පති , උප විදුහල්පති ලෙස පළාත් කලාප , අමාත්‍යංශය , දෙපාර්තමේන්තු වල තැනක් තිය ගත්තු අය colours පෙන්නපු අය ඉන්නවා .. ඉඳ හිට .ප්‍රශ්න, අභියෝග නොතිබුණා නොවෙයි ..එත් එහෙම නොතිබුන නම් මේ ගමන ඒකාකාරියි ..දැන් නම් අපි ටිකක් mature වෙලාලු ...අනේ මන්ද එත් අයෙත් මීගොඩ වගේ chit pass කරන්න ..SLIDA එකේ වගේ නම board එක්ක ගහල ඉස්සරහින් තියාගෙන ඉන්න ...ගිනිබෝල සෙල්ලම කරන්න...( 99% හොස්ටල් එක ගිනි තියපු හනුමන්ත batch එක වීමෙන් බේරුණු) නටන්න , සින්දු කියන්න, චීන අඩි සංදර්ශන තියන්න , face wash එකෙන් bath room හෝදන්න නම් කාලයක් එන එකක් නෑ ,අමාත්‍යංශයේ හිටි නිසා බොහෝ දෙනෙක් එහි එන වෙලාවට හෝ පළාත්, කලාප , පාසල් වලට යාමේදී හමු වුනත් එයින් පසු දැක්කේ වත් නැති අය ඉන්නවා ...සමහරු විදේශ ගතවුණා , සමහරු වෙන සේවා වලට ගියා ..(හොඳ වෙලාවට දන්නා හැටියට වැඩ තහනම් අය නම් නෑ )..ඉතින් හැමෝටම සුභ සංවත්සරයක් ..Happy Anniversary to all my SLEAS batch mates ..and Many more to Come ...
Wednesday, July 29, 2015
ශ්‍රී ලංකාවේ බලකොටු- ලන්දේසී සහ ඉංග්‍රීසි යුගයේ බලකොටු
ලන්දේසීන් විසින් සාදන ලද කොටු පවුරු අතර හම්බන්තොට දිස්ත්‍රිකයේ කටුවන, පුත්තලම් දිස්ත්‍රික්කයේ කල්පිටිය බලකොටුව සහ මාතර තාරකා කොටුව ප්‍රධාන ස්ථානයක් උසුලයි. මින් කල්පිටිය බලකොටුව පසු කලෙක බ්‍රිතානයන් විසින් අත්පත් කරගෙන හමුදා කටයුතු සඳහා යොදා ගන්නා ලදි. කාලයක් අත්හැර තිබූ මෙම බල කොටුව පසුව යුද්ධ සමයේ දී නාවික හමුදා කඳවුරක් ලෙස භාවිතයට ගන්නා ලදි.
නිල්වලා ගඟ අසබඩ ඇති මාතර තාරකා කොටුවට ඒ නම ලැබී ඇත්තේ මුළු හයකින් යුත් තරුවක හැඩයෙන් යුතු සුවිශේෂී සැලැස්ම හේතුවෙනි. මෙය ලන්දේසින් විසින් සාදන ලද අවසාන ප්‍රධාන බල කොටුව වන අතර පසුව ඉංග්‍රීසින් විසින් පරිපාලන කාර්යාලයක් ලෙස භාවිත කරන ලදි.
මුළු දිවයින ම 1815 දී යටත්කර ගත් ඉංග්‍රීසින් පෘතුගීසින් හා ලන්ද්සීන් විසින් සාදන ලද බලකොටු අත්පත් කරගෙන භාවිත කළ මුත් ඉතා විශාල බලකොටු වැඩිපුර තැනවීම සිදු නොකරන ලදි. කෙසේ වෙතත් හම්බන්තොට මර්ටේලෝ කුලුණ මාතලේ මැක්ඩොවාල් බලකොටුව යනාදිය ඉංග්‍රීසින් ගොඩ නංවන ලද බලකොටු වේ. හම්බන්තොට කුලුණ පසුව රජයේ කාර්යාලය සහ කෞතුකාගාරය සඳහා යොදා ගන්නා ලදි .
කන්ද උඩරට රාජ්‍ය සමයේ සටන්වල දී ආරක්ෂාව සඳහා ගොඩ නංවන ලද මෙය ඉංග්‍රීසි හමුදාවේ අණදෙන නිලධාරී,මේජර් ජනරාල් හෝ මැක් ඩොවෙල් නමින් ද නම් කරන ලදි. 1848 මාතලේ කැරැල්ලේදී වීරපුරන් අප්පු ප්‍රමුඛ කැරලිකරුවන් මෙම කොටුපවුර අල්ලා ගන්නා ලද අතර නැවත ඉංග්‍රීසින් විසින් මෙය අත්පත් කරගන්නා ලදි. වර්තමානයේ මෙහි නටඹුන් පමණක් දක්නට ලැබේ. මෙම කොටුව තුළ විරු ස්මාරකයක් සහිතවඉදිකර ඇති අතර මාතලේ සුසාන භූමියක් ලෙස භාවිත කරයි.
ශ්‍රී ලංකාවේ පෙර රජ දවස පමණක් නොව පසු කලෙක යටත් විජිත යුගයේ ද අමරණීය සිහිවටන ලෙස ඉදි කළ මෙම බලකොටු දිවයින පුරා විසිරී ඇති අතර අද ද සංචාරක ආකර්ෂණය දිනා ගනිමින් විරාජමාන ව පවති. මේවා බොහොමයක් පුරාවිද්‍යා දෙපාරතමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල වැනි ආයතන මගින් සංරක්ෂණය කර පවත්වා ගෙන යයි. ශ්‍රී ලංකාවේ ඉතිහාසය මතු පරපුරට රැගෙන යනු වස් මෙම පෞරාණික බලකොටු ආරක්ෂා කරගැනීම සැමගේ වගකීමකි.
ශ්‍රී ලංකාවේ බලකොටු-.පෘතුගීසි යුගයේ බලකොටු
රජ සමයෙන් පසු
ග්‍රී ලංකාව යටත් කරගත් බටහිර ජාතීහු ද දේශීය රජවරුන්ගෙන් සහ තරඟකාරී වීම පිණිස
විදේශීය බටහිර ජාතීන්ගෙන් ආරක්ෂාවීම පිණිස බලකොටු තැනවූහ.පෘතුගීසි යුගයේ බලකොටු මේ අතරින් පෘතුගීසි යුගයේදී කොළඹ කොටුව,ත්‍රිකුණාමල
කොටුව ,අරිප්පු බල කොටුව සහ මුල් ගාලු
කොටුව ඉදිකෙරිණි. කොළඹ කොටුව 1965 දී ලන්දේසීන්
විසින් අත්පත් කර ගන්නා ලදි. මේ වන විට එහි කොටු පවුර විනාශ වී ඇතත් කොළඹ ප්‍රදේශ
නාම අතර කොටුව, පිටකොටුව යනාදිය අදටත් භාවිත වේ .මෙම ප්‍රෙද්ශ අදටද දිවයිනේ ප්‍රධාන
කාර්යාල සහ වෙළඳ ප්‍රෙද්ශ ලෙස ක්‍රියාත්මක වේ .
ත්‍රිකුණාමලයේ
කෝනේෂ්වරම් කෝවිල අසල අද ද දක්නට ඇති බලකොටුව පෘතුග්‍රීසින් විසින් ගොඩ නඟන ලදු ව
පසු ව ලන්දේසීන් විසින් අත්පත්කරගෙන ෆෙඩ්රික් බල කොටුව ලෙස නම් කරන ලද්දකි.
පෘතුගිසින් විසින් ස්ථාපිත කරන ලද මඩකලපුවේ බල කොටුවෙහි වර්තමානයේ මඩකලපු දිස්ත්‍රික්
ලේකම් කාර්යාල පරිශ්‍රය පිහිටා ඇත. මෙම බලකොටු දෙකම වර්තමානයේදී ද කාලතුවක්කු
,කුළුණ අගල් යන ආදිය දක්නට ලැබේ.
මන්නාරම
ආසන්නයේ ඇති අරිප්පු බල කොටුව පසු කලෙක බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ෆෙඩ්රික් නෝර්ත්
විසින් තම නිල නිවස කර ගත් අතර එය වර්තමානයේ ඩොරික් බංගලාව ලෙස හඳුන්වයි. සමුද්‍ර
ඛාදනය නිසා මෙම බල කොටුවේ කොටස් හානි වී ඇති නමුත් වර්තමානයේ ද පුත්තලම-මන්නාරම
මාර්ගයේ දක්නට ලැබේ.පෘතුගීසින් විසින්
ඉදිකරනු ලදුව පසු කලෙක ලන්දේසීන් විසින් අත්කර ගැනීමෙන් පසු හැමන්හිල් ලෙස
නම් කළ බල කොටුව පසුව බන්ධනාගාරයක් ලෙස භාවිත කරන ලදි. 1971 කැරැල්ල අවධියේ ජනතා
විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඇතුළු පිරිසක් මෙම බන්ධනාගාරයේ සිටියේ යැයි ප්‍රකට
ය. මේ වන විට ග්‍රී ලංකා නාවික හමුදා
පාලනය යටතේ මෙහි සංචාරක නිවසක් පවත්වා ගෙන
යන අතර පැරණි බන්ධනාගාර සිර මැදිරි තවමත් දැකිය හැකි ය. යාපනය කොටුව
ග්‍රී ලංකාවේ යුධ සමයේ දී යුධ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වූ අතර එහි
මුදා ගැනිමේ මේහෙයුම් ද ක්‍රියාත්මක විය.
වර්තමානයේ දි ඉතා පෞඪ ලෙසින් දිස්වන ගාලු කොටු
පවුර මුලින් ම ගාලු වරායෙන් ලංකාවට පැමිණි පෘතුග්‍රීසීන් විසින් ඉදිකර පසුව ලන්දේසීන්
විසින් අත්පත් කර වැඩි දියුණු කරවන ලද්දකි. කොරල් සහ කළු ගල්වලින් නිර්මිත මෙයින්
ලන්දේසි පාලන ප්‍රදේශයට ආරක්ෂාව සැලසුණු අතර පසු ව බ්‍රිතානයන් විසින් අත්පත් කර ගැනීමෙන්
අනතුරුව ඔවුන්ගේ පාලන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක විය. මෙය යුනෙස්කෝ ලෝක
උරුමයක් වන අතර ගාලු කොටුව තුළ ඉදිකිරිම් සිදු කළ යුත්තේ ද එහි පෞරාණික භාවයට
හානියක් නොවන සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමතිය සහිතව ය. කලකට පෙර ගාලු
දිස්ත්‍රික්කයේ පරිපාලන කටයුතු මෙහෙය වූ කච්චේරි
ගොඩනැගිල්ල, අධ්‍යාපන දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය කාර්යාල බොහොමයක් කොටුව ප්‍රදේශයේ
පිහිටා තිබිණි
Subscribe to:
Posts (Atom)





