Sunday, February 16, 2014

බෝට්ටුව


අපි පුංචි කාලේ  බෝට්ටු හැදුවේ කඩදාසි වලිනි . වැසි  දිනවල ඒවා පා  කිරීම අපේ විනොදාන්ශයයි . ප්‍රථමික පන්තිවල අවුරුදු  ගනනක් අත්වැඩ  විෂයයක් ලෙස හැදෑරුවත් මට තනියම සෑදිය හැකි එකම අත්වැඩ  මේ කඩදාසි බෝට්ටු සැදීමයි. මුහුදේ යන  බෝට්ටු නැරඹීම අපි පුරුදු වුනේ ගෙදරට මුහුද පේන නිසයි . අලුත් මාළු  ලාබෙට ගැනීමට බෝට්ටු ගොඩබිමට එන යාම අපේ පැත්තේ අයගේ සිරිතකි .  ඉස්සර  කාලයේ බෝට්ටු විශේෂයකින් වෙළදාමේ මාලදිවයින් ජාතිකයන් මෙරටට  පැමිණි   දිය හකුරු , බොඩ අලුවා  වැනි කම විකුණු බව පැවසුවේ අපේ ආච්චිය .  3 පන්තියේදී පරිසරය පාඩමට දියේ යන වහනයක් ලෙස බෝට්ටු හදුන්වා දෙන ලදී . 5 පන්තියේදී  ආරම්භක විද්‍යාවට "වාෂ්ප බෝට්ටු " පිළිබද සංකල්පය උගන්වන ලදී . විශ්ව විද්‍යාල භාෂාවෙන් "බෝට්ටු " යනු වඩා ඉහල පාටමාලවකට  එය හදාරන සිසුන් මදි වීම නිසා නෙවත කැදවනු ලැබීමයි. අපේ සමහර බැචාලා බෝට්ටුවෙන් උඩට ගිය අතර සමහරු බලාපොරොත්තු වූ බෝට්ටුව තුන්මුල්ලට ආවේම නැත. අපේ තාත්තා බෝට්ටුවේ යන්න තිබෙන නිසා පාසලින් මඩොල් දූවට යන චාරිකාවකට යන්න ඉඩ නුදුන් අතර විශ්ව විද්‍යාලයේ ඔරු පැදීමේ කණ්ඩායමට යාමටද හරස් විය . පාසල්  කාලයේදීත් ගැහැණු පිරිමි මල් පලතුරු , 123 Bumble Bee  හැර කිසිම ක්‍රීඩාවක් නොකළ මට  විශ්ව විද්‍යාලයේ දී ද ක්‍රීඩා අහිමි වුයේ තාත්තාගේ  විරෝදය නිසාම නොව ඔරු පැදීම සඳහා වූ කෙටි ඇඳුම් ඇඳීමට වූ මැලි බවත් , ඔරු පැදීමෙන්  පාද  වල පේශි අනවශ්‍ය ලෙස වර්දනය වන බවට කවුදෝ බැචියක් කියූ කතාවකට බිය වීමත් නිසාය . යන්තම් පසු කලෙක course mates ල ටිකක්  සමග බෝට්ටුවේ ගියෙත් trip එකේ ඒ කොටස ලොප් කර ගෙදරට කීමෙනි .බෝට්ටු  වෙරල  අයිනේ නැවත තැබීම සුලභ දසුනක් වුවත් මහ  පාරේ බෝට්ටු දැක්කේ සුනාමියට පසුදා  නිවසට ගෑස් ගෙන ඒමට වූ වීර චාරිකාවට තාත්තා  සමග එක්වූ නිසා ගාල්ලේ මිනුවන්ගොඩ හන්දියේදීය . මරාගෙන මැරෙන බෝට්ටුත් ඒවා විනාශ කල ප්‍රහාරක බෝට්ටුටුත් ගැන ඒ දස්වල නිතරම ප්‍රවෘත්ති  වලට කිවේය . දැන් නම් ඇසෙන්නේ අනවසරයෙන් දේශ සීමාවට  ඇතුලත් වූ ඉන්දීය ධීවර බෝට්ටු හෝ අයහපත් කාලගුණ තත්වය නිසා අනතුරට ලක්වූ බෝට්ටු ගැනය . පැපුවා  නිව්ගිනියාවේ සිර කරන බව කොතෙක් නිවේදනය කලත්  බෝට්ටුවෙන්  ඔස්ට්‍රේලියාවට පැනීමට ගොස් මහා මුහුද මැදදී ජීවිතයට නැවතීමේ තිත තැබූ අය  ගැනද කතාවේ . කොළඹ නගරයේ අභ්‍යන්තර ජලාශ  ආශ්‍රිතව  හංස බෝට්ටු දැකිය හැක . වතාවක්  දියවන්නාව  ආශ්‍රිතව ප්‍රදර්ශනයකට  තබා තිබු හෙලිකොප්ටරයක් හැඩයේ බෝට්ටුවක්ද දුටිමි . හබලක් වත් නැතිව නැව්  talk  දැමීම තේරුමක් නැතියැයි  කියවන අයට හැගෙන්නට  හැකි නිසා බෝට්ටු කතාවද මෙතනින්  නවත්වමි.


Thursday, February 6, 2014

Face Book නොතිබුනානම් ....

                                                               

සකර්බර්ග්  Face  Book  නිර්මාණය කලේ ඔහු විශ්ව  විද්‍යාල  ශිෂ්‍යයෙකුව සිටියදී යයි කියති . අපි විශ්ව විද්‍යාලයේ  සිටියදී  Face  Book    එවැන්නක් බිහිවනු ඇතැයිද නොසිතුවෙමු . වසර 10ක්  සපිරෙන Face  Book   ජීවිත කාලයෙන් අඩකටත් වඩා  එනම් වාසල 6ක් පමණ එය හා සබදිව ගත කර ඇත්තෙමු . Facebook  නොතිබුනානම් අපේ කාලයේ ඇත්තන්ගේ ජීවිත මෙයට වැඩ බොහෝ වෙනස් වෙන්නට  තිබුණි . " දෙපා වාරු නැත ඔබ  හැරයන්නට " කියා අඩ  අඩා  සමුගත් පාසලේ නමට group  හදන්නත් ඒ කාලයේ යාලුවෝ උන්නද මලාද  යන්නත් දැන ගැනීමට නොහැකි වන්නට තිබුණි . ඔවුන්ගේ  විවාහ වලට virtual සුබ පතන්නටත් , දරුවන්ගේ  පින්තුර  වලට " how  sweet " හෝ "cute " කියන්නත් නොතිබෙන්නට තිබුණි .  මේ පුංචි රටේ මතු  කවදා  හෝ  බලාපොරොත්තුවෙන් වෙන් වූ සමකාලීනයෝ වෙනත් රටවල පෙරලි කරනු බලා  සතුටු වීමට හෝ status updates  වලට like දැමීමටත් ඉඩ නොලැබෙනු  ඇත . Uniform අදින සමකලීනයකුගේ " Im  Proud  of  U  Bro .." වැනි comment  එකක් දමා අපිටත් රණ විරු යාලුවෝ සිටිතැයි  කියා යුද ජයග්‍රහණයේ   credit  එකට ප්‍රත්‍යක්ෂ ඇසුරින් හෝ ලං  වන්නතටත්  ඉඩක් නොලැබෙන්නට ඉඩ තිබුණි . විශ්ව විද්‍යාලයේ සමකාලීනයන්  නමට ඉදිරියෙන් අකුරු එකතු කර ගනිද්දී ආඩම්බරයෙන් ඒ අපේ යාලුවෙකයි  කියන්නටත් ..හිත  අප්සෙට්ම  වූ විට කගේ හෝ රුවන් වැකියක් , විරහ ගීයක් ," මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා " වැන්නක්  ලියා  like  සිය ගණනක් ගෙන මෙච්චරම මන් ගැන හිතන යාලුවෝ ඉන්නවා නේදැයි සිත සිත හිත හද ගන්නටද ඉඩ නොලැබෙනු ඇත.
ආච්චිලගේ සීයලාගේ  නමින් profile  හදන්නත් , වයස 50 නංගිලාට  25 අය්යලව අමත්නටත් ,  ජීවිතේට දැක නැති  පුතේ කිව වුතු වයසේ අයගෙන් " I  like to  add  U  sweety " වැනි  ගෞරවනීය  වචන ඇති request  නොඑන්නටත් තිබුණි . රුක් රෝපණ දිනයට පලයක් නොසිටවූ  හෝ අවුරුද්දේ වැඩ අල්ලන නැකතටවත්  උදැල්ලක් නොඇල්ලු වුන් ගොවියන් වී සම්මාන ලබා ගන්නා අයුරු නොදකින්නත් ගොවිතැනට කයියට අපිට නිතරම බුලත් බෙදෙන්නත් (game request ) වනු ඇති බව නිසැකය . විදේශීය මිතුරන් පෑනේ මිතුරන් ට හෝ  එම මිතුරු සබදතා ඉඳ හිට mail  එකක් forward  කි රීමට සීමා වන්නට තිබුණි . සියල්ලටම  වඩා  Facebook  නොතිබුනානම්  මේ post  එක ලියවෙන්නේද නැත .

Friday, January 31, 2014

මල්ටිකල්චරල් Penthouse අසල්වැසියෝ .........


මේ සටහන ලියන්න හේතු වුණේ මැලේසියාවේ විශ්ව විද්‍යාල හා ලංකාවේ විශ්ව විද්‍යාල සන්සදනය කරමින් මූණු පොතේ මිතුරියක් ලියූ සටහනක් ...

මා පශ්චාත් උපාධිය හදාරන කළ නැවතී සිටියේ විශ්ව විද්‍යාලයට අයත් Penthouse එකකය .( Penthouse ගැන ඉංග්‍රීසි නවකතා වල කියවා ඇතැත් හැබැහින් දැක්කේ එහිදීය .) පිහිටියේ මැලේසියාවේ Bukit Jalil හි condominium එකක 16 වන මහලේය . (එහිත් ඉහල කොටසේය .) එහි වැසියෝ මල්ටිකල්චරල්ය . සමහර විටෙක නම් මල්ටිකල්චරල් හි "ර " ලොප් වී යයි . ඉහල කොටස අපි ඇතුළු ඉරානය , සෞදි අරාබිය වැනි ආසියාකරයේ බුක්තියට සවි වී තිබුණු අතර පහල කොටස අප්‍රිකා මහාද්වීපයේ කෙන්යාව , ටැන්සානියාව වැනි රටවල ඇත්තෝ වාසය කළහ . මේ අයගේ මව් රටවලට විවිද වෙලාවල ඉර පායන්නක් සේම මෙහිදීද දින චරියාව වෙනස් විය . අප්‍රිකා ඇත්තන්ගේ දවස පටන් ගත්තේ අපි කා , බී , පාඩම් කර , බුකියේ සැරිසරා නිදා ගන්නා වෙලාවටය . එනම් KL ජාත්‍යන්තර වේලාවෙන් පාන්දර 2.30 ට පමණය . ඇඳට වැටුණු ගමන් පහල කොටෙසින් සංගීතයද උස හඩින් න කතා කිරීමද , සරස් බර්ස් ගාමින් කෑම ජාති බැදෙනුද ඇසේ . ආසියාවේ ඇත්තන්ගේ නම් කල සටහන අපේ මෙන්ම නිසා අවුලක් නොවිණි . කෙසේ වෙතත් මේ හැමටම ලංකාවේ සහය අවශ්‍ය විය . අප්‍රිකාව ට අපි වුනේ ගෑස් ලිප ගිනි අවිලීමෙන් වලක්වා ගැනීම , washing machine එකේ ජල කාන්දු වී පහල මාලයට ඇතිවිය හැකි ගංවතුර උවදුරු වලක ගැනීම අදි hardware හැන්ඩ්ස්-ඔන් වැඩටය . මැද පෙරදිග ඇත්තන්ට ලංකාවේ සපොර්ට් එක අවශ්‍ය වූයේ Assignment වැනි academic software ගනයේ වැඩටය . කෙසේ වෙතත් ගෙදර අයට පමණක් නොව වෙනත් රටවල බැචාලටද උදව් කිරීමට මාලි නොවීමු . වැඩියෙන්ම උදවු කලේ ජිනීවා වලදී ලංකාවට සහය පළ කල රටවලටය . මින් වඩාත්ම ප්‍රතිලාබ ලද්දේ lecturer කියන වචනක් පාසා ඉලෙක්ට්‍රොනික් ශබ්ද කෝෂයකින් බැලු චීන ජාතික බැචියන් දෙදෙනාය . ජිනීවා ගැන මෙලෝ හසරක් නොදත් ඒ දෙදෙදනා පැනලා උදවු කරන මේ අරුම පුදුම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා අතිශයින් පැහැදී සිටියහ .
ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන් වසන බෝඩිම් , හොස්ටල් මෙන් නොව මේ මල්ටිකල්චරල් පේන්ට් හවුසිය ෆුල් ෆර්නිෂ් ය . කාමර A .C .ය . වැරදීමකින් යතුරක් කාමරයේ දමා වැසුවොත් එය අර ගැනීමට ගාස්තුවද සුඛෝපභෝගීය . රෑ කාලයේ නිවාඩු දිනක හෝ නම් ගාස්තුව ඩබල්ය . වරක් උදාරා අක්ක මම යන දෙදෙනාටම අමතකවී යතුර කාමරයේ දමා දොර වැසීමු . දොර ඇරීමට එක් අයකු ගෙන් රිංගිට් 20 ගන්නේ රිංගිට් 40ක් චාර්ජ් කෙරිණි . මා කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනිද්දී නේවාසිකාර ගාස්තු ලෙස ගෙවුයේ වසරකට රු .300 පමණය . ඒ අනුව first ඩිග්රියේ අවුරුදු 3ටම හොස්ටල් ෆීස් ලෙස ගෙවූ මුදලට වැඩි මුදලක් මැලේසියාවේ දී penthouse කාමරයේ දොර ඇර ගැනීමට වැය කළෙමු . කවදාවත් යතුර අමතක නොවූ එසේ වුවත් යතුර නැතිව lock නොවූ මුත්තයියා පාර කාන්තා නේවාසිකාගාරයේ A -2 එකෙහි වටිනාකම දැනෙන්නේ එවිටය 

Wednesday, January 29, 2014

ත්‍රිකුණාමලයේ දී.........


ත්‍රිකුණාමලය ගැන සමාජ අධ්‍යයනය පොතේ  නම් ඉගෙන ගත්තේ මුහුදු බොක්කක් සහ ස්වභාවික වාරායක්  විදියටයි .ඉතිහාසය පාඩමේදී සිංහල රජ කලේ තිබුණ  ගෝකන්න වරයා ගැනත්   පෘතුගීසි, ලන්දේසි  සහ ඉංග්‍රීසි බලය පැතිරුණු කොටු පවුර ගැනත් බුද්ධාගම ඉගෙන ගනිද්දී ප්‍රථම බුදුන් දහම් සරණ ගිය තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන්  කේශ දාතු නිදන් කරලා හදපු ගිරිහඩු සෑය  ගැනත් ඉගෙන ගත්තා . එත් ඒ පොතෙන් විතරයි . යන්තම් හය හතර තේරෙන කලේ ඉඳලම යුද්ධයේ අත්දැකීම්  වින්ද අපි පාසලේදී කවදාවත් ත්‍රිකුණාමලයට කවදාවත් අධ්‍යාපන චාරිකාවක් ගිහින් නෑ . ඒ වගේ දෙයක් හිතන එකත් විහිළුවක් වුන ඒ කාලේ  අපි සිතියම් පොතෙන් විතරක් ත්‍රිකුණාමලය දැකලා  සැනසුණා . අදටත් මන් ත්‍රිකුණාමලයට ගිහින් තියෙන්නේ දෙවරයි.  ත්‍රිකුණාමලයේ භූගෝලීය ලක්ෂණ අනුව එක පැත්තකින් මුහුදු වෙරළට මායිම්  වගේම තව පැත්තකින් කුඹුරු , කෘෂිකර්මීය ඉඩම්, වැව්  දකින්න ලැබෙනවා . සිංහල ,දෙමළ , මුස්ලිම් ආදී සෑම  ජන වර්ගයක්ම වාසය කිරීමත් ඒ ඒ ආගම වලට අයත් සිදස්ථාන දක්නට ලැබීමත් සුවිශේශීයි .මං  හිතන්නේ පාසල් වුනත් සිංහල ,දෙමළ , මුස්ලිම් විතරක් නෙමෙයි කතෝලික හා මිෂනාරි පල්ලි ආශ්‍රිත පාසල් පවා තියෙනවා . ඉර බහින හැටි ඉතාමත්ම දැකුම්කළු  ලෙසට මන් දැක්කේ ත්‍රිකුණාමලයේදීමයි . මං  ලෝකේ ගොඩක් රටවල සංචාරය කරලා නැතත් "City  of  Sun  & Sea " කියන ඉතා විශාල වශයෙන් සංචාරකයන්එන ඉන්දුනීසියාවේ බාලි  දූපත් වල දී  දැකපු ඉර බැසීමත් ත්‍රිකුණාමලයේදී දකින ඉර බැසීමට දෙවෙනි වෙනවා කියලයි මට හිතෙන්නේ ..ඒ වගේම ත්‍රිකුණාමලයේ  වරට අපු වෙලාවේදීත් මෑතකදී ගිය විටත් දැනෙන  හුරු  පුරුදු බව ඊට තරමක් සමාන (මුහුද , කොටු පවුරු , එක  ළඟ පිහිටි පන්සල්, පල්ලි , කෝවිල් ) යක් ඇති ගාල්ලේ ඉපදිලා හැදී වැදුණු නිසා වෙන්න ඇති . මැලේසියාවේ මලක්කා නගරයේ සංචාරය කරන විටත් මේ කාටවත් විස්තර කරන්න බැරි හැංගීම හිතට එනවා . නාවික හමුදා කෞතුගාරයේ කාලතුවක්කු පිහිටි කොටසේදීත් මලක්කා නාවික කෞතුගාරයයෙත් යම් සමාන ලක්ෂණ තිබෙනවා .  ආරක්ෂක හමුදාවන්ටත් තමන්ගේ සංස්කෘතීන් ආරක්ෂා කරගෙන හිටි සියලුම ජන වර්ගවල සිවිල් වැසියන්ටත්  ස්තුතිවන්ත  වෙන්න  වසර ගණනාවක යුධයකින් පසුවත් පාසල් කාලේ සිතින් මවා   ගත්  සුන්දර පරිසරයම දකින්නට ලැබෙනවා . ත්‍රිකුණාමලයෙන් 10% විතර දැකල මට හිතට එන දේ  මේ ප්‍රදේශවල දීර්ඝ  කාලයක් අත්දැකීම් ඇති අයගේ සිතිවිලි වලින් වෙනස් වෙන්න පුළුවන් . ඒ කොහොම වුනත් මේ නොඉඳුල් සුන්දරත්වය හැමදාම පවත්වාගන්න නගරවසියනටත් වඩා  සංචාරකයන් හා අමුත්තන් වූ අප අතේ වගකීමක් තියෙනවා  කියලයි මට හිතෙන්නේ ...

නාවික හමුදා කෞතුගාරය,ත්‍රිකුණාමල



නාවික හමුදා කෞතුගාරය,ත්‍රිකුණාමල
නාවික  කෞතුගාරය, මලක්කා 

Friday, January 10, 2014

බයිස්කෝප් ..




අපි කුඩා කාලයේ චිත්‍රපටි නැරබීම බෝ දෙනාගේ විනෝදාංශයක් විය. ඒ කාලයේ ලංකාවේ තිබුනේ රූපවාහිනී චැනල් 2කි. එයිනුත් 1ක් කොලඹට සීමා විය . අපේ ගමට පෙනුණු එකම නාලිකාව වූ රූපවාහිනියේ චිත්‍රපටි පෙන්නුවේ සතියකට එකකි . TV සුලභ නොවූ එකල වෙනත් යද අප නිවසට පැමිණ චිත්‍රපටි බැලුහ . එහෙත් බාලවියේ පසු වූ මට නම් බොහෝ විට චිත්‍රපටය ආරම්භයට පෙරම නින්ද ගිය අවස්ථා බොහෝය . ගාලු නගරයේ එදවස චිත්‍රපටි ශාලා 3ක් තිබිණි . ඒ සරසවි , ප්‍රින්ස්  හා ක්වීන්ස් ලෙසිනි . පසු කලෙක නම් කීපයක් වෙනස් වීමෙන් පසු "ප්‍රින්ස් " නාමය ඉතුරු වුවත් සරසවි ශාලාව නම් අභාවයට ගියේය .  ප්‍රින්ස් එක ලඟම  ප්‍රින්සස් ලෙස නව ශාලාවක් ඉදි විනි . මේවයේ කුඩා කල නැරබු  චිත්‍රපටි  බොහොමයකම අවසානයට පෙර  නින්ද ගිය බැවින් කතාව මතක නැත . රූපවාහිනියේ  වුවත්  චිත්‍රපටි  ප්‍රදර්ශනය දුරලභය . ඒවා පෙන්නුවේ මැතිවරණ ප්‍රතිපල විකාශය සමග හෝ හදිසියේ ඇඳිරි නීතිය යෙදුනු දිනක මිනිසුන් නිවසේ රඳවා ගැනීමේ උපක්‍රමයක් ලෙස පමණි .
අපි teenagers ලා  වෙත්ම හින්දි චිත්‍රපට රූපවාහිනියේ ප්‍රදර්ශනය ඇරබිනි .  බොහෝ විට කළු සුදු  සිංහල චිත්‍රපට පමණක් රූපවාහිනියේ විකාශය වූ නිසා වයිවර්ණ සිහින  මැවු  හින්දි චිතපටි උන්මන්දයක් ඇතිවිය. අවුරුදු 13ක්ම  ඉංග්‍රීසි ඉගෙන ගෙන ඉංග්‍රීසි  කතා කිරීමට නොහැකි වූ ඇත්තෝ පානි (වතුර ) සේ හින්දිය වහරන්නට වූයේ sub  titles සහිත හින්දි චිත්‍රපට නැරබීමෙනි. අපේ විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේ නම් සයන්ස් කාරයො චිත්‍රපට වැනි විසුක   දස්සන නැරබුවේ නැත . එසේ සලරූ රස හව්  විඳි ඉතා දුලභ සයන්කාර  දෑසක්  හිමි වී තිබීම නිසාම මට වෙනත් පීඨ වල film mates ලා  බොහෝ වූහ . හැම චැනලයේම  දිනපතාම ( සති අනත්යේ නම් දිනකට 2ක් ) හින්දි  චිත්‍රපට පෙන්වීමත් සමගම නිතර දකින මධුරිලාගේ , ශාරුක් ලගේ කරමලය සුදු වීම නිසා හින්දි  චිත්‍රපට උන්මාදය ප්‍රතිකාරයකින් තොරවම සුව විය .
ඉන්පසුව බැලුවේ ඉංග්‍රීසි චිත්‍රපටයි . cable  Tv  වල එකම ඉංග්‍රීසි චිත්‍රපටය දිනකට/සතියකට  3-4 වරක් විකාශය වීමෙන් ඒ පිලිබඳ තිබු උනන්දුවද  ලොප් විය .
පශ්චාත් උපාධියට මැලේසියාවේ සිටියදී ඉන්ටනෙට් එකෙන්  කම්මැලි කමට චිත්‍රපට නැරබීම ඇරඹු මට Master  එක අවසන් කරන විට චිත්‍රපටි පිලිබඳ PhD කිරීමට තරම් දැනුම ලබා ගතිමි . එහිදී  Times  Square  හි GSC දී "2012" සහ "Avatar " පමණක් නරබුවෙමි .

අද නම් රූපවාහිනියේ හෝ ඉන්ටනෙට් එකෙන් චිත්‍රපට බලන්නේ නැති තරමය . හොඳයි සිතන  චිත්‍රපටියක්  ආවොත්  ශාලාවක නරබමි . මග හැරුණත්  පසු තැවිල්ලක් නැත . ඒ  ඊළඟ  අවුරුද්දේ ජනවාරි 1දා  හෝ අවුරුදුදා  කුමන හෝ නාලිකාවක  පුංචි තිරයේ ප්‍රථම දිගහැරුම ලෙස එය විකාශය වන බැවිණි .

Tuesday, January 7, 2014

සිහින සහ සතුට ..


අපි නින්දේදී සිහින දකිමු. නින්දෙදීට වඩා අවදියෙන් සිටියදී සිහින දකිමු . ඒ සිහින යථාර්තයක් කර ගැනීමට වෙහෙසෙන්නෙමු . සිහින සැබැ  කර ගැනීමෙන් සතුටු වන්නෙමු . මමද කුඩා කල සිට සිහින  දැකීමි . සමහර සිහින මගේම වූ අතර සමහර දෙමාපියන්ගේ විය . එහෙත් දෙමාපියන්ගේද සිහිනයක් සැබෑ කර ලීමට වෙහෙසීම සතුටක් විය . සමහර සිහින ලෙහෙසියෙන්ම ඉටු විය . සමහර සිහින වෙර  වෑයම්  යොදා ඉටු කර ගතිමි . සමහර සිහින යතාර්තයක්  නොවුනේ උත්සාහය මද කමද , වාසනාව  වීමද වෙනත් හේතුවක්ද නොදනිමි . සමහර සිහින  කාලීනව වෑයම් කලද මොහොතින් බිද වැටිණි .  සමහර සිහින එක රැයින් බිහිවී සැමදාම ජීවිතය සමග බද්ද වූ ඒවා විය . මගේ නොවූ නමුත් සමාජයේ බොහෝ දෙනුකු ගේ වූ සිහිනද ඉටු කර ගැනී මට සමත් වීමි .කෙසේ වෙතත් 100% සිහින සැබෑ  කරගත් අය  විරලය .යම් කාලයකදී සැබෑ  නොවූ සිහිනයක් එසේ වීම ගැන පසු කලකදී සතුටුවීමටද සිදු  වී ඇත .

සිහින ඉටු වීමෙන් ලැබෙන සතුට යම් කලෙකදී දුකට හේතු වන්න සේම සිහින ඉටු  නො වීමෙන් ලැබෙන දුක යම් කලෙකදී සතුටට හේතු බැව්  අත්දැකීමෙන්ම ඉගෙනීමි .  සතුට යනු මුදල් නොවන බවට පාසල් කාලයේදී සපත කල මගේ ඇතැම් මිතුරු මිතුරියෝ වයස අවුරු 30ට ලංවත්ම මුදල් යනු ජීවිතයට අතවශ්‍ය ම සාධකය ලෙස දකිති . කෙසේ වෙතත් තවමත් ජීවිතය යනු මුදල්ම නොවන බව සිතන්නේ මගේ දෙමාපියන්ගේ ජීවිත තුලිනි . ඔවුහු වසර තිස්  ගණනක් රාජ්‍ය සේවයෙන් පසුව  අපහසුවෙන් ගොඩ නග ගත් නිවාස අතහැර  ජීවිතයේ එකම  ආයෝජනය  ලෙස විශ්ව විද්‍යාල උපාධි මට්ටම දක්වා  ගෙනගිය දරුවන් තිදෙනා සමග තමන්ගේ වසර ගණනක සබැදියන් අතහැර වෙසෙති . දරු මුණුපුරන් සමග ඔවුන් තෘප්තියෙන් වෙසෙතියි සිතමි .

ඉටු   නොවූ සමහර සිහින ඉටු කර ගැනීමට වෙහෙසෙමි . සමහර සිහින අත්හැර දම ඇත්තෙමි . සමහර සිහින කවදාවත්ම යථාර්තයක් නොවනු ඇත . එහෙත් තවමත් මම මගේම  සිහින දකිමි . ඒ  සිහින ඉටු වීම  තුලින් සතුට ලැබෙනු ඇතියි සිතන බැවිනි . එබැවින් ඒ සිහින යත්රත්යක් කරගෙන තෘප්තියක් ලැබීමට වෙහෙසෙමි.

Friday, January 3, 2014

පිලිපීනය ...



පිලිපීනය ගැන මුලින්ම දන ගත්තේ රට රටවල උත්සව පොතෙන්...ඊට පස්සේ කුඩා මිතුරියක් වෙලා ඉන්දෙද්දී පිලිපීනයේ brownies ලා  ගැන ඉගෙන ගත්තා . 1988-1989 කාලෙදී අපේ පළාතේ ගොඩක් දෙන අහපු රේඩියෝ චැනල් එක පිලිපීනයේ සිංහල සේවය වූ Veritas ...(ඒ දවස්වල පෞද්ගලික රේඩියෝ චැනල්  නෑ ..රේඩියෝ අහනවට සල්ලි දුන්නෙත් නෑ ..)  ඊට පස්සේ ෆර්ඩිනන්ඩ් මාකෝස්  ගේ බලය බිඳ වැටුනම  ඉමෙල්ඩා මාකෝස්  සතුව තිබු සපත්තු තොගය ගැනත් .ඊට පස්සේ කොරසෝන් අකීනෝගේ ජයග්‍රහණය ගැනත් පත්තරවල විස්තර කළා . 10 වසරේ සමාජ අධ්‍යයනය  පොතේ තිබුනේ ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය තියෙන්නේ පිලිපීනයේ කියලා .. මම මුලින්ම  සංචරකට ගියෙත් පිලිපීනයේ ... එද්දී යද්දී දෙකේම Transits  තිබුන නිසා තනියම යන මේ ගමනට තතාගෙන් දැඩි විරෝදයකුත් office එකේ නිලධාරීන්ගෙන් ලොකු සහයකුත් ලැබුණා ...ගමනට සූදානම් වූ ද ඉදන්ම කරදර ... රු.7500 ක් දීලත් one day service එකෙන් ගන්න ගිය passport  එක ගන්න දවස් 2ක් ගියා ..මගේ address එකේ වෙනසක් නිසා ..මන් office ඉඳල passport  collect කරන්න යද්දී ඒ වෙනස හදන්න හිටපු අය ගිහින් ..වදෙන් පොරෙන් passport  අරන් වීසා  වලට දුන්නම එකේ Gender එක Male කියලා  දාලා ..යන්තම් එකත් හදාගෙන ticket  එක ගන්න ගිය වෙලාවේ ticketing office එක පෙනී පෙනීම වාහනේ break  down වුණා . අසුබ නිමිති බලන කෙනෙකුට නම් මේ බාධා ටික ගමන cancel කරන්න හේතු වුනත් මම කොහොමහරි වදෙන් පොරෙන් පිලිපීනයට ගියා ...ඒ බැංකොක් හරහා highway  තිබුනේ නැති ඒ කලේ මන් කොළඹ ඉඳන් බැංකොක් ගිය විටත් මම ඇරලවන්න අපු අපේ අම්මල කටුනායක ඉදන් ගාල්ලට ගිහින් තිබුනේ නෑ ...පිලිපීනය ගිය ගමන් දැක්කේ වාහනවල steering  wheel එක වමේ බවත් වාහන යන්නේ දකුණෙන් බවත් ...ආසියාතික රටක් වුණාට  වාහන, ආගම , සංස්කෘතිය හෙම එකක්ම බටහිර රටක් වගේ ... ඔසරියක් ඇඳගෙන  හිටපු එකම කාන්තව මම වූ නිසාම ඒ ජාත්‍යන්තර සමන්ත්රණය විවුර්ත කරන්න පැමිණි එවකට පිලිපීන ජන්ධිපතිනිය පිළිගැනීමේ අවස්තාවට එකතු වෙන්නත් මට ලැබුණා ..මෙහිදී මගේ මිතුරිය ඇමෙරිකන් ජාතික තරුණියක් වුණා ..මුල්  shopping  ඇත ඇරියේ ඇමෙරිකන් ඩොලර් ..රුපියල් වලට convert  කිරීමේදී එයට සෑහෙන්න ලාබ  දේ මට ඉතාම සුකොපභෝගී වුන නිසයි....තනියම hotel එකේ Shopping mall එකට යන්නත් එකේ ඇති පොත් හලෙන් හවසට පොත් කියවන්නත් පුරුදු වුනේ ඊට  පස්සේ ...පිලිපීනය ලංකාවට කොතරම් දුරද කියලා  දැනුනේ roaming ගෙන් ගිය රු 1500ම දවස 2න්  ඉවර වුන නිසා ...ඒ දවස්වල skype  account  එකක් තිබුනද මතක නැතත් personnal ලැප්ටොප් එකක් තිබුනේ නැති නිසා ඒ ගෙන  වුනෙත් නෑ ...අද මට තියෙන ලොකුම කනගාටුව මේ සංචරෙයේදී ගත්ත චායාරූප සියල්ලම වගේ මගේ පරණ පරිගණකයේ දෝෂයක් නිසා විනාශ  වීමයි... දැන් මන් මේ රටට ගිය කියල කියන්න තියෙන එකම දේ passport  එකේ seal  එක විතරයි ..