Wednesday, January 29, 2014

ත්‍රිකුණාමලයේ දී.........


ත්‍රිකුණාමලය ගැන සමාජ අධ්‍යයනය පොතේ  නම් ඉගෙන ගත්තේ මුහුදු බොක්කක් සහ ස්වභාවික වාරායක්  විදියටයි .ඉතිහාසය පාඩමේදී සිංහල රජ කලේ තිබුණ  ගෝකන්න වරයා ගැනත්   පෘතුගීසි, ලන්දේසි  සහ ඉංග්‍රීසි බලය පැතිරුණු කොටු පවුර ගැනත් බුද්ධාගම ඉගෙන ගනිද්දී ප්‍රථම බුදුන් දහම් සරණ ගිය තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන්  කේශ දාතු නිදන් කරලා හදපු ගිරිහඩු සෑය  ගැනත් ඉගෙන ගත්තා . එත් ඒ පොතෙන් විතරයි . යන්තම් හය හතර තේරෙන කලේ ඉඳලම යුද්ධයේ අත්දැකීම්  වින්ද අපි පාසලේදී කවදාවත් ත්‍රිකුණාමලයට කවදාවත් අධ්‍යාපන චාරිකාවක් ගිහින් නෑ . ඒ වගේ දෙයක් හිතන එකත් විහිළුවක් වුන ඒ කාලේ  අපි සිතියම් පොතෙන් විතරක් ත්‍රිකුණාමලය දැකලා  සැනසුණා . අදටත් මන් ත්‍රිකුණාමලයට ගිහින් තියෙන්නේ දෙවරයි.  ත්‍රිකුණාමලයේ භූගෝලීය ලක්ෂණ අනුව එක පැත්තකින් මුහුදු වෙරළට මායිම්  වගේම තව පැත්තකින් කුඹුරු , කෘෂිකර්මීය ඉඩම්, වැව්  දකින්න ලැබෙනවා . සිංහල ,දෙමළ , මුස්ලිම් ආදී සෑම  ජන වර්ගයක්ම වාසය කිරීමත් ඒ ඒ ආගම වලට අයත් සිදස්ථාන දක්නට ලැබීමත් සුවිශේශීයි .මං  හිතන්නේ පාසල් වුනත් සිංහල ,දෙමළ , මුස්ලිම් විතරක් නෙමෙයි කතෝලික හා මිෂනාරි පල්ලි ආශ්‍රිත පාසල් පවා තියෙනවා . ඉර බහින හැටි ඉතාමත්ම දැකුම්කළු  ලෙසට මන් දැක්කේ ත්‍රිකුණාමලයේදීමයි . මං  ලෝකේ ගොඩක් රටවල සංචාරය කරලා නැතත් "City  of  Sun  & Sea " කියන ඉතා විශාල වශයෙන් සංචාරකයන්එන ඉන්දුනීසියාවේ බාලි  දූපත් වල දී  දැකපු ඉර බැසීමත් ත්‍රිකුණාමලයේදී දකින ඉර බැසීමට දෙවෙනි වෙනවා කියලයි මට හිතෙන්නේ ..ඒ වගේම ත්‍රිකුණාමලයේ  වරට අපු වෙලාවේදීත් මෑතකදී ගිය විටත් දැනෙන  හුරු  පුරුදු බව ඊට තරමක් සමාන (මුහුද , කොටු පවුරු , එක  ළඟ පිහිටි පන්සල්, පල්ලි , කෝවිල් ) යක් ඇති ගාල්ලේ ඉපදිලා හැදී වැදුණු නිසා වෙන්න ඇති . මැලේසියාවේ මලක්කා නගරයේ සංචාරය කරන විටත් මේ කාටවත් විස්තර කරන්න බැරි හැංගීම හිතට එනවා . නාවික හමුදා කෞතුගාරයේ කාලතුවක්කු පිහිටි කොටසේදීත් මලක්කා නාවික කෞතුගාරයයෙත් යම් සමාන ලක්ෂණ තිබෙනවා .  ආරක්ෂක හමුදාවන්ටත් තමන්ගේ සංස්කෘතීන් ආරක්ෂා කරගෙන හිටි සියලුම ජන වර්ගවල සිවිල් වැසියන්ටත්  ස්තුතිවන්ත  වෙන්න  වසර ගණනාවක යුධයකින් පසුවත් පාසල් කාලේ සිතින් මවා   ගත්  සුන්දර පරිසරයම දකින්නට ලැබෙනවා . ත්‍රිකුණාමලයෙන් 10% විතර දැකල මට හිතට එන දේ  මේ ප්‍රදේශවල දීර්ඝ  කාලයක් අත්දැකීම් ඇති අයගේ සිතිවිලි වලින් වෙනස් වෙන්න පුළුවන් . ඒ කොහොම වුනත් මේ නොඉඳුල් සුන්දරත්වය හැමදාම පවත්වාගන්න නගරවසියනටත් වඩා  සංචාරකයන් හා අමුත්තන් වූ අප අතේ වගකීමක් තියෙනවා  කියලයි මට හිතෙන්නේ ...

නාවික හමුදා කෞතුගාරය,ත්‍රිකුණාමල



නාවික හමුදා කෞතුගාරය,ත්‍රිකුණාමල
නාවික  කෞතුගාරය, මලක්කා 

No comments:

Post a Comment